Monday, May 14, 2018

සුද්දෝ අැතුලට ගත්තහම ලංකාවේ සාමාන්යය ජනතාවට දොරවල් වැසෙනා නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය. (ETU)

සුද්දෝ අැතුලට ගත්තහම ලංකාවේ සාමාන්යය ජනතාවට දොරවල් වැසෙනා නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය.
 (ETU) 

සෝභිතාවතාර මාධ්යය ඒකකය වෙත රටේ සමාන්යය ජනතාවගෙන් ලැබෙනා තොරතුරු අනුව 2018 මැයි 13 වැනි දින කාෙළඹ නවලෝක රෝහලින් ලාංකික ජනතාවට සිදුවුනු අසාධාරනයක් පිලිබඳව රටේ සියළුම ජනතාව දැනුවත් කරනු සඳහා සෝභිත හිමියන්ගේ මාධ්යය අඩවියේ පලකරන්නට යෙදුනි.

සුහද රග්බි තර දෙකක් සඳහා බ්‍රිතාන්යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ක්රීඩා කණ්ඩායමක ක්රීඩකයින් දෙදෙනෙකු කිසියම් අසාධ්යය තත්ත්වයකට පත්ව ඊයේ දින කොළඹ නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය (ETU) වෙත ගෙන එනු ලැබ අැත.

එම අවස්ථාවේදී හදිසි ප්රථිකාර ඒකකයේ සිටි සියළුම දොස්තරවරු සහ සහාය කාර්යය මණ්ඩල සියල්ලෝම එම අාසාධිත ක්රීඩකයින් දෙදෙනා වෙනුවෙන් අනෙක් සියළු හදිසි කටයුතු පසෙකලා උත්සුක වී අැත.

විදෙස් රටක සිට අප රටට පැමිනි අමුත්තන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අගය කල යුතු කාරනයක් බව කිව යුතු මුත්....

අති නවීන අති සුපිරි තත්ත්වයකට වර්තමානය වන විට පත්ව අැති නවලෝක රෝහල එම තත්ත්වයට ඔසවා තැබීමේ ගෞරවය හිමිවිය යුත්තේ ලාංකික ජනතාවට කාලයක් පුරා සිදුකරනා ලද අැප උපස්ථාන නිසා උපයා ගත් ධනය නිසා බව ඒ රෝහල් පාලන අධිකාරිය අමතක නොකල යුතු සුවිශේෂී කාරනයකි.

සාමාන්යය ජනතාවට ගොඩවිය නොහැකි පුද්ගලික රෝහල් සංස්කෘතියක් පැවති වසර ගනනාවක ඉතිහාසය තුල කොළඹ බිහි කල පුද්ගලික රෝහලක් වූ නවලෝකය වර්තමානය වන විට තමන් හා සමාන තවත් තරඟකාරී සුපිරි රාේහල් සමූහයක් තමන් හට අභියෝගයක්ව පවතිනා බවත් අමතක නොකල යුතුය.

ඉහත සිදුවීම නිසා රෝහලේ සුපුරුදු සාමාජික රෝගීන් හට ඊයේ රෝහලේ හදිසි ප්රථිකාර ඒකකයේ (ETU) දොරවල් වැසී අැත. හදිසි ප්රථිකාර සඳහා දුර බැහැර සිට තම නවලොව කරා පැමිනි අසාධ්යය රෝගීන් යොමු කොට අැත්තේ (OPD) අංශය වෙතය.

සුද්දෝ දෙන්නෙක් නිසා සුපුරුදු ලංකික සාමාජික රෝගීන් හට කුඩම්මාගේ සැලකිලි ලැබී අැත. ඒ උනාට බිලේ නම් අඩුවක් නෑලු.

රෝහල් කාර්යය මණ්ඩල නම් පවසන්නේ මෙවන් මැසිවිල්ලකි. පාලන අධිකාරිය තමන් හට අැවැසි තරම් කාර්යය සාධකයින් ලබා නොදී අඩු සේවක සංඛ්යාවකින් පාලන කටයුතු කරවමින් තමන්ලාගේ ශ්රමයද සූරා කන බවත්... ඒ නිසා විශේෂයෙන් නේවාසික රෝගීන්ගෙන් ලක්ෂ ගනනින් මුදල් අයකර ගත්තත් ඔවුන් හට නොයෙක් අාකාරයේ අඩුපාඩුකම් තම රෝහල මගින් සිදුවන බවය. ඊට හේතුව පවතිනා අඩුපාඩුකම් පිලිබඳ සොයා බැලීමට සහ ඊට පිලියම් යෙදීමට කිසිදු උවමනාවක් පාලන අධිකාරියට නොමැති කමලු. 

පාලන අධිකාරියේ එකම අභිලාශය වී අැත්තේ තම රෝහල ජාත්යන්තර තලයේ පවතිනා අතිසුපිරි තත්ත්වයට පත් කරවීමේ අාත්මාර්ථකාමී සිතුවිල්ල පමනක් මිස... තමන්ව ඒ තත්ත්වයට ඔසවා තබනා රෝගීන් සහ කාර්යය මණ්ඩල වෙත යුතුකම් සහ වගකීම් ඉටු නොකිරීම නොම වී අැති සේම එය තමන්ගේ අවසානයද විය හැකි බව නවලෝක රෝහල් පාලන අධිකාරිය මෙම පනිවිඩයෙන් පසුව තමන්ගේ අනාගත පැවැත්ම ගැන සිතා අවධාරනය කර ගත යුතුව අැත.

සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව වෙනුවෙන්