Friday, September 27, 2019

මගේ මේ ව්‍යායාමය රට සහ මතු පරපුර වෙනුවෙන් මිස පෞද්ගලිකව මා වෙනුවෙන් නොවේ. මාගේ අවශ්‍යතාවය වැදගත් කමක් නොමැති නම් මේ මොහොතේ සිට වුවද ඉන් ඉවත් වීමට මම කිසිදු අකමැත්තක් නොමැත. මගේ මේ කැපවීමෙන් වෙඩි පහරක් හෝ පිහි පාරක් හැර වෙන අන් කිසිවක් මා අපේක්ෂා නොකරයි. මට රකින්නට වෙන අන් කිසිවක් නොමැත. මවුබිමට ඇති ණය ගෙවනු හැර... සෝභිත ආතුරයා සත් පුරවැසියා. 2019/09/27 *************


මගේ මේ ව්‍යායාමය රට සහ මතු පරපුර වෙනුවෙන් මිස පෞද්ගලිකව මා වෙනුවෙන් නොවේ.

මාගේ අවශ්‍යතාවය වැදගත් කමක් නොමැති නම් මේ මොහොතේ සිට වුවද ඉන් ඉවත් වීමට මම කිසිදු අකමැත්තක් නොමැත.

මගේ මේ කැපවීමෙන් වෙඩි පහරක් හෝ පිහි පාරක් හැර වෙන අන් කිසිවක් මා අපේක්ෂා නොකරයි.

මට රකින්නට වෙන අන් කිසිවක් නොමැත. මවුබිමට ඇති ණය ගෙවනු හැර...

සෝභිත ආතුරයා සත් පුරවැසියා.
2019/09/27
*************


Tuesday, September 24, 2019

ලක්වැසි සියලු ඡන්දදායක ජනතාවනි.. මේ අහන්න, හොඳින් තේරුම් ගන්න. සෝභිතාවතාර. 2019/09/24


 ලක්වැසි සියලු ඡන්දදායක ජනතාවනි.. මේ අහන්න, හොඳින් තේරුම් ගන්න
පාට පක්ෂ විදියට අපිව බෙදන්න පුළුවන් හැම විදියකටම බෙදලා සියලු ජනතාව අතර විරසක කම් ඇති කරලා රටේ ධනය ප්‍රකෝටි ගණනින් කාබාසිනියා කරල අවුරුදු 5 න් 5 ට ඡන්ද තියලා මේ රට විනාශ කරපු කාලකන්නි, මූසල, හන මිටි දේශපාලන ක්‍රමය තව දුරටත් ඉදිරියට අරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ මින් මතුවට අපි.
දශක හතක් පුරාම මේ ක්‍රමයේ ඇති අසාර්ථකත්වය ඔප්පුවෙලා ඉවරයි. ඒකෙ තවදුරටත් පැලැස්තර දාන්ඩවත්, අත්හදා බලන්නවත් දෙයක් අපට ඉතිරි වෙලා නෑ.
ඒ නිසා නවමු ලෝකෙට ගැලපෙන මතු පරපුර සහ රටේ හද ගැස්මට උචිත විද්‍යාත්මක ආණ්ඩුකරණ ක්‍රමවේදයක් බිහි කරලීමේ කාලයේ උදාවී ඇත.


ඒ වෙනුවෙන් ඔබ සැම කළ යුතුව ඇත්තේ...
************************************************************
සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කරලීමේ නියමුවානෝ අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ අවතාරය *(සෝභිතාවතාරය)* ජීවමාන ආතුරයා සත් පුරවැසියා විසින් ඔයාලා අතරම ජීවත් වෙමින් පවත්වාගෙන යනු ලබන පහත ඇති අඩවියට පිවිසිලා සියලු විස්තර දැන ගන්න හොඳින් අධ්‍යනය කරන්න....

ගතවූ දශක හතක් පුරාවට මේ කරුමයෙන් අපිව ගලවා ගන්නට මේ කිසිවකුටවත් උවමනාවක් හෝ හැකියාවක් නොතිබුණු බව පැහැදිලි වී අවසානයි.

එම නිසා අප හට දැන් කළ යුතුව ඇති එකම මග වන්නේ....

සමස්ත මහජන ඒකරාශීත්වය තුළ රටේ ඡන්දදායක පුරවැසියන් ලෙස අපට පමණයි එය කළ හැකි වන්නේ. ඒ නිසා මෙවර අපි හරියටම ඉලක්කයට නාභිගත වෙලා හයෙන් පහක (6/5) ජයක් ලබමු. අපිව බෙදලා විරසකකම් ඇති කරපු මේ මරි මෝඩ මූසල අරාජික යල් පැන ගිය හණ මිටි දේශපාලනය ක්‍රමය අහෝසි කරමු.

උදා වී ඇති මේ යලි කිසිදා නොලැබෙනා තීරණාත්මක මොහොත ප්‍රයෝජනයට ගෙන "අපි වෙනුවෙන් අපිම" ඒකරාශි වෙලා මේ කරුමයෙන් අපේ මතු පරපුර බේරා ගැනීමයි.

දිවි දෙවැනි කොට කෙසේ හෝ අප ඒ යුග මෙහෙවර නියත ලෙසම ඉටු කරමු.

අපේ පරමාධිකාරි බලය, අයිතිය *(වරම)* අපේ  අතට ගෙන අපි කිසිවකුගේ විශ්වාසය කිසිදා බිඳ නොමැති අපේ ආධ්‍යාත්මික නායකයින් සන්තකයෙහි තබා සුදුසුකම් ලත් උගත් විද්වත් වැඩදායක භාරකාර මණ්ඩලයක් මගින් රාජ්‍ය පාලනය ගෙන යන වැඩ දායක ආණ්ඩුකරණයක් බිහි කරමු.

මතු පරපුර වෙනුවෙන් අපගේ වගවීම අත් නොහරිමු.

ස්තුතියි.
සෝභිත හිමියන්ගේ ආත්මය අරක් ගත් ජීවමාන ආතුරයා සත් පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/09/24

*******************************************************
*පිවිසෙන්න අඩවියට අවසන් මෙහෙයුමට කඳවුරු බඳින්න ...
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya