Saturday, March 18, 2017

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නොමැති බව පවසන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක් බවද පෙන්වා දුන්නේය.

‘විශේෂ අධිකරණයකට විදේශ විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ නෑ‘: ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක් දෙනවාට ටීඑන්ඒ විරුද්ධ වෙයි...


දිනසේන රතුගමගේ (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.18, ප.ව.9.00)
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නොමැති බව පවසන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක් බවද පෙන්වා දුන්නේය.

සියල්ල දැනගන්න පිවිසෙන්න... http://www.lankaenews.com/news/5469/si
========================================================

ඉහත පුවත සම්බන්ධයෙන් සෝභිතාවතාර මතය...
===============================================
දීර්ඝ අභිමානව‍ත් ඉතිහාසයක් අැතැයි පුරසාරම් දොඩනා මහා කළු සිංහලයින් සහ ඒ නායකයින් මානව දයාව, සංහිදියාව අගයනවානම් කිසිදු ජාති භේදයකින් තොරව මෙරට වාසය කරනා කිනම් හා්ෙ ජාතියකට කිසියම් හෝ අසාධාරනයක් සිදුව අැත්නම් ඒ පිලිබදව සුදුසු නීතිමය සහ/හෝ රීතිමය ක්රියාමාර්ග ගැනීම මග නොහැර කල්නොමරා පොරොන්දු ප්රකාර කටයුතු සිදුකිරීම තම වගකීමක් බව සිහියේ පිහිටුවා ගත යුතු බව වත්මන් යහ - පාලකයින් හට සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනයෙන් දන්වා සිටිනා වගයි.

ඉතිහාසය පුරා බලයේ සිටි බොහෝ සිංහල පාලකයින් සිංහලයාටම සිදුකරඅැති අසාධාරනකම් අකටයුතුකම් හමුවේ අන්ජාතීන් හට කෙතරම් වූ අසාධාරනයක් සිදුකර අැත්දැයි යන්න සිතා ගැනීම ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීම මානව හිතවාදී අවිහිංසක අපේක්ෂාවක් කාෙට ගත් අපවත්වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අනුගාමික සබුද්ධික දේදුනු ප්රජාවට සිතා ගැනීම එතරම් අපහසු නැත.

සෝභිතාවතාර
2017/03/18

සෝභිතාවතාර මාධ්යය නිවේදනයයි

අගමැතිගෙන් ඉල්ලීමක්...

තවම සාකච්ඡා මට්ටමේ තිබෙන නව ව්‍යවස්ථාව ගැන සාවද්‍ය මත වලට පැමිණ රට බෙදනවා යි කියන්න එපා: රටේ ප්‍රශ්න විසඳීමට සංධිස්ථානයකට පැමිණ සිටින මොහොතේ සහාය දෙන්න.! අගමැති මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි

මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන් ජීවිත පූජාවෙන් කළ මෙහෙවර නිසා අද අපට මාධ්‍ය නිදහසක් තිබෙනවා.

  (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.17, ප.ව.11.30)  

සියල්ල දැනගැනීමට පිවිසෙන්න...
http://www.lankaenews.com/news/5466/si
===================================================================
 ඉහත අගමැති ප්රකාශය හා සබැඳි සෝභිතාවතාර මාධ්යය නිවේදනයයි

ජාති, අාගම්, කුලමල සියලු භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි අාශාවෙන්ද.. ජීවිත පරිත්යාගයෙන්ද.. අැප කැපව ක්රියාකොට 2015 දේදුනු විප්ලවයට අභීතව නායකත්වය දෙමින් යමපාලනය පෙරලා සුන්නත්දූලි කොට රටතුල අසික්කිත රාජ්යය පාලනයක් ගෙනගිය ඒකාධිපති පිල්ලියට යලි කිසිදා නොනැගිටින්නට යස පාඩමක් උගන්වමින් සදහටම පලවා හරිමින් යහපාලන සමාජයක් බිහිකරලීමේ රුවන් දොරටු සබුද්ධික දේදුනු ප්රජාව අැතුළු සමස්ත රට වැසියන් හට විවර කර දී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල ඒ පොරොන්දුව අතපසු සහ/හෝ අමතක නොකරන ලෙස සියළු නායකකාරකාදීන් වෙත සෝභිත මාහිමිපානන්ගේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා විසින් සෝභිතාවතාරයේ අනුදැනුම සහ අනුමැතිය තුල අවධාරනය කර සිටිනා වගයි.

සිදුවනා සහ සිදුකරනා සියළු කටයුතු කාරනා සම්බන්ධයෙන් උන්වහන්සේ විශ්වයේ වැඩ වසමින් අවශ්යය මාධ්යය තොරතුරු සහ අදහස් උපදෙස් අාතූරයා වෙත ලබා දෙමින් දැඩි අවධානයෙන් පසුවන බවත් ජීවත්ව සිටි තමන් වහස්සේට වඩා අපවත් වූ තමන් වහන්සේ දැන් පෙරටත් වඩා සිය දහස් ගුණයකින් බලවත් බවත්... නමුත් එය පරීක්ෂා කිරීමට කිසිවකු විසින් හෝ උත්සාහ නාෙකාෙට ගත යුතු බවත්.. පොරොන්දු ප්රකාර අවිහිංසාවාදීව දිනාදුන් ඒ නිහඬ විප්ලවය සාර්ථකව ජයටැඹ කරා රැගෙන යන ලෙසත්... කිසියම් හෝ අාකාරයෙක වංචනිකත්වයෙන් හෝ හෘද සාක්ෂියට විරුද්ධව හෝ කටයුතු නොකරනා ලෙසත්... යම් ලෙසකින් එසේ සිදුකලහොත් එහි ප්රතිඵල වත්මන් පාලකයින් හට හිටපු පාලකයාට හා සමානවම යහපත් නොවනු අැති බවත් අවසන් වශයෙන් අවධාරනය කාෙට සපත කරන්නෙමි.

එමෙන්ම ඉතාමත් විනාශකාරී ලෙස අාගම්භේද සහ ජාතිභේද අැතිවන අාකාරයේ අසත්යය පුවත් මවමින් අන්තර්ජාලය පුරා තම ගැත්තන් යොදවමින් තිරය පිටුපස හිඳිමින් රටට වින කරනා පරාජිත නඩයට අවධාරනයෙන් පවසා සිටිනුයේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ අන්තර්ජාලය තුලින්ම සත්යය අසත්යය තෝරා බේරාගෙන නූතන සමාජයේ සබුද්ධික තරුණ ප්රජාව අවබෝධ කොට ගනිමින් තම වැඩිහිටි පරපුරද දැනුවත් කොට නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිත ජනතාවාදී නව ව්යවස්ථාව සම්මත කරගන්නා ජනමත විචාරනයේදී ඔවුන්ගේ ඒ උත්සාහයන් සියල්ලම පරාජය කර මේ රට ඉතාමත් උසස් තලයකට ඔසවා තැබීමට කටයුතු සිදු වන බවද සෝභිතාවතාරයේ නියත අනාවැකියකි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ඒහිමියන්ගේ නිර්දේශය මත ජනගත කරනා වගයි.
2017/03/18
http://sobithawathara.blogspot.com/

Tuesday, March 14, 2017

අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත්... බව ඒකාන්තයි - සෝභිතාවතාර

ජනතාව ගෙදර යැවූ, ජනමතයක් නැති පිරිසක් රටේ අනාගතය තීන්දු කරනා ලෝකයේ තිබෙන එකම රට ලංකාවද? ජනපති, අගමැති, ජනමතයට හිස නමනු..!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව.3.25) 
අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් තොරව දෙගොල්ලන්ම එකතුවී මීළඟ මැතිවරණයක් එනතුරු මැතිවරණ ගැන කතා කිරීම පවා නවතා රට පාලනය කරන ලෙසයි. ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද එයමය. උන්වහන්සේගේ දස වැදෑරුම් ක්‍රියාවලිය තුල ප්‍රධානම මාතෘකාව උනේ මේ විධායක ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිසම් ක්‍රියාවට නංවා රජයේ සියලු තනතුරුවලට ඊට සුදුසු පුද්ගලයන් පමණක් පත් කිරීමයි.  නව ව්‍යවස්ථාවක් ගෙන  ඒම උන්වහන්සේගේ මීළඟ බලාපොරොත්තුව වුවද මෙය ඉහත කී කරුණු තුන ඉටු කිරීමෙන් පසුව කරනු දැකීම උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව විය. මන්ද උන්වහන්සේ හොඳටම දැනගන හිටිය මේ දෙක පටලවා ගතහොත් මේ කිසිම දෙයක් කිරීමට නොහැකි බව. උන්වහන්සේ රටේ නායකයන් හමුවෙමින් පොදු අපේක්ෂකයකු සෙවීමේ කාර්යයේදීත්  හමුවන හැම නායකයෙක් ගෙන්ම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදු කලයුතු බවයි. අද මේ සිදුවෙමින් පවතින දේවල් දෙස බලන විට උන්වහන්ස්ගේ ඉසිවර නුවනින් දුටු සියල්ල සත්‍ය බවත්, අද සිටින කිසිම නායකයෙකුට මෙවන් දැක්මක් හෝ මේ සඳහා අවංකවම කරනු ලබන උත්සාහයක් දකින්නට නැත. අපි යම් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා යයි සිතමු. එහිදී අපිට නිශ්චිත කාලසීමාවක් තුල ලඟා  කරගත හැකි ඉලක්ක පමණක් ඉලක්ක කරගන එම දී ඇති කාලසීමාව තුල එය සාර්ථක ලෙස නිම කිරීමට නම් අපට අතර මගදී හමුවන තවත් ඉලක්ක සහ අරමුණු ද ඊට එකතු කරගතහොත් අපට එම කාලය තුල අප අර ඉහත කී ඉලක්ක වෙත ලඟා විය හැකිද? මේ සත්‍යය තේරුම් ගත්  සෝභිත හිමි තම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී මේ සියලු කරුණු සලකා බලා ඉතා බුද්ධිමත් ලෙස එය කළමනාකරණය කොට රටේ නායකයන් දැනුවත් කොට එම කටයුත්ත කිරීමට සුදුසු පුද්ගලයන් පත්කොට ඉල්ලා සිටියේ පලමුවෙන්ම මේ මුලික කරුණු තුන ඉටු කොට ඊළඟ සතරවන කරුණ වෙනම ගෙන මුළු බරම ඊට යොදවා ඊළඟ අවස්ථාවේ අනෙකුත් සියලු දේත් ඇතුලත්වන ( ඉතිරි යෝජනා 07) නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කොට එය ජයග්‍රහණය කරවීමට නිසි වැඩපිළිවෙලක් , රටම දැනුවත් කිරීමක් සමග වෙනම යායුතු බවයි. උන්වහසේ එදා කී පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ වා නම් අද අපට සියලුදෙනාම එකතුකරගන මේ නව ව්‍යවස්ථාව යථාර්තයක් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් උදා කරගත හැකිව තිබුණි. නමුත් දැන් සියල්ල එකම බාස්කට්ටුවක් තුල දමාගන හත් පොලේ ගා ගැනීමක්  සිදුවී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මේ රටේ අපි බුද්ධිමත් යයි කියා සිතා පත්කරනු ලබන නායකයන්ගේ සැබෑ ස්වරූපය හෙවත් දේශපාලනය යනු බලය සඳහාම පමණකි යන්න යථාර්තයක් බවට පත්ව ඇති බව නොවේද?

මෙහි වඩාත්ම හාස්‍ය ජනක කරුණ වන්නේ එදා 2015 ජනවාරි 08 දින මේ රටේ සමස්ත ජනතාවගේ එකම ඉල්ලීම වූ විධායක ක්‍රමය අහෝසි කොට මනාප ක්‍රමයද අහෝසි කොට යුක්තිය, සාධාරණත්වය ඉටුවන රටක් සඳහා අවශ්‍ය කරන මුලික පසුබිම වසරක් වැනි කෙටි කලක් තුල ඇති කොට දෙපිරිසම එකට වාඩිවී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් කොට රටම එකතුවී හදන නව ව්‍යවස්ථාවකට මුල පුරන ලෙසයි. නමුත් රටේම අවාසනාවකට මේ කිසිවකට ඇහුම්කන් නොදී කරන ලද ඔල මොට්ටල කම් නිසා අද සිදුවෙමින් පවතින්නේ එදා  රටේම ජනතාව ප්‍රතික්ෂේප කරපු,  ජනතාව ගෙදර යවපු පිරිසෙන් කොටසක් රජය සමග එකතුවීත් තවත් පිරිසක් වෙනම කල්ලියක් ලෙස සැදීත්  ජනතාව නොමග යවමින් ඔවුන් නැවත ඉතාම ඛේදනීය ලෙස රටම අන්තවාදී , ජාතිවාදී තැනකට තල්ලු  කිරීමේ මහා පාප කර්මයට දායක වීමයි.එදා රටේම ජනතාව දුන් ජනමතය යනු ඉහත කී කරනු කිසිදු කොන්දේසියකින් තොරව හැකි ඉක්මනින් ඉටු කිරීමයි. එහෙත් ජනාධිපති වරණයේදී ජනතාව දුන් වරම අනුව පත් වූ ජනාධිපති එම ජනතා අභිලාශය ඉටු කිරීමට අතවශ්‍ය වූ මේ ජනවාරි 08 ජනමතය පාර්ලිමේන්තුව තුලද නියෝජනය කරවීමට තිබු ස්වර්ණමය අවස්ථාව පැහැර හැරීම නිසා අද ජනමතයේ විකෘතියක් බලවත් වී ඇත. මෙයට හොඳම නිදසුන රජයේ පාර්ශවය නියෝජනය කරමින් මාධ්‍යය වෙත අදහස් දක්වන මේ විකෘති බලකාමී පිරිසයි. රටේ තීන්දු ගතයුත්තේ රටේ එම මොහොතේ රටේ මිනිසුන්ගේ ජනමතය අනුව පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතා නියෝජිතයන් මිස ජනතාව ප්‍රතික්ෂේප කොට ගෙදර යැවූ පිරිසක් නොවේ. ලෝකයේ මෙලෙස ජනතාව ගෙදරයවපු ජනමතයක් නියෝජනය නොවන පිරිසක් රටේ අනාගතය තීරණය කරනු ලබන තීරනාත්මක අවස්ථාවක එම මතයට මුලුමනින් පිටුපා විපක්ෂයේ මතය නියෝජනය කරමින් තීන්දු තීරණ ගන්න ලෝකයේ තිබෙන එකම රට ලංකාව විය යුතුයි. මේ කිසිවකුට මෙලෙස රටේ ජනතාවගේ මතයට විරුද්ධ වීමට  කිසිම අයිතියක් නැත. එලෙස ඔවුන්ට ජනමතයට විරුද්ධ මතයක් රජය තුල ස්‌ථාපිත කිරීමට ඉඩ දී නිහඩ පිළිවෙතක සිටීමට එම මතය අනුව පත්කළ නායකයන්ටද කිසිම අයිතියක් නැත. වීරුද්ධ පක්ෂය එම මතය නියෝජනය කිරීම සහ ජනතාව උසි ගැන්වීම ගැන අප පුදුම නොවෙමු. එහෙත් ජනමතයක් නැති පිරිසක් රටක තීන්දු තීරණ ගැනීම සහ ජනමතයට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව කටයුතු කිරීමට හැකි නීත්‍යානුකුල ක්‍රමවේදයක් තිබුණි නම් ඔවුන්ට එරෙහිව නඩු දැමීමට පවා හැක. මොකද මෙය රටේ මිනිසුන්ගේ මානව හිමිකම්  වලට එරෙහිව යාමකි. අපි රටේ නායකයන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ එදා 2015 ජනවාරි 08 ජනමතයට පිටුපා කටයතු කිරීම වහාම නවතා එම පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් කැප වෙන ලෙසයි.
 

අවසන් වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැන් අකර්මන්‍ය වී ඇති බවට අදහස් දක්වන සහ එයට ජනතා බලයක් තව දුරටත් නැති බව සිතා කටයතු කරන නායකයන් වෙත ඉතාම කරුණාවෙන් දන්වා  සිටින්නේ අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත් බවයි. උන්වහන්සේ දිවි පුදා රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටි, උන්වහන්සේ අපේක්ෂා කළ,  උන්වහසේ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පරිදි රටේ නායක දෙපළ කටයුතු නොකළහොත් උන්වහසේ මීළඟ සංග්‍රාමය ආරම්භ කරන දිනය වැඩි ඈතක නොවන බවයි. එය කරන්නේ කෙසේද? කියා ඔබ සිතන්නේ නම් එදා මේ රටේ සියලු විපක්ෂ නායකයන් ප්‍රකාශ කලේ  පවතින විධායක ක්‍රමය යටතේ වසර විස්සක්  විපක්ෂයේ සිටියදීත්  මේ ක්‍රමය පවතින තාක කල් පසුගිය පාලනය පෙරලා දැමීම මිත්‍යාවක් බවයි. එහෙත් එවන් අසාධ්‍ය රෝගීන් පිරිසක් බවට පත්ව සිටි විපක්ෂයට පණ දුන් සෝභිත හිමි එය කල හැකි බව ඔප්පු කොට පෙන්වීය. එදත් උන්වහන්සේ සමීපයේම සිටි ඉතා කුඩා එහෙත් දැනුමින්, ක්‍රියාවෙන්, බුද්ධියෙන් මෙන්ම අවංකව කැපවීමෙන් කිසිදු වරප්‍රසාදයක් තනතුරක් නොතකා තම ශ්‍රමය, ධනය, කාලය සියල්ල කැප කල පිරිස අද තවමත් සිටින්නේ උන්වහන්සේ සමගයි. එදත් ඇතැම් දිනවල අප හමුවන විට රැස්වීමකදී පවා  විශාල පිරිසක් නොසිටියද ඔවුන් ගේ අදහස සහ ඔවුන් සමාජ ගතකල මතය මහා බලවේගයක් බවට පත්ව රටම අවදි කොට එදා එම වෙනස කල පරිදීම අවශ්‍ය නම් අදත් කල හැක.
එහෙත් අපි තවදුරටත් ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ පිළිබඳව දක්වන උනන්දුව සහ කැපවීම මෙන්ම දරන යම් යම් උත්සාහයන් නිසාම තව දුරටත් ඔවුන්ට අවස්ථාව ලබා දී ඉල්ලා සිටින්නේ ජනමතයක් නැති පිරිසකගේ බලයට යට නොවී ජනතාව සමග සිටගෙන කෙලින් තීන්දු තීරණ ගෙන ඔවුන් පැතූ සාධාරණ සමාජය බිහිකිරීමට දායක වෙන ලෙසයි.

මීට 
ප්‍රධාන ලේකම් 


සිසිර ජයමහ

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 
176, නාවල පාර, නුගේගොඩ
දුර: 0719684325 / 0112890922
---------------------------
by     (2017-03-15 01:25:15)

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව‍‍.4.00) අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමතය ගොඩ නැගීමේ මංගල රැස්වීම අද (2017 මාර්තු 15) සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
එහි කැඳවුම් කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, කේ. ඩබ් ජනරංජන, සමන් රත්නප්‍රිය, අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි වික්‍රමසිංහ, බ්‍රිටෝ ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරති.
1994 සිට බලයට පත් වූ සියලු ජනාධිපති වරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇත. චන්ද්‍රිකා මැතිණිය බලයට පත් අවස්ථා දෙකේදීත්, මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් අවස්ථා දෙකේදීත් හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාත්, තමා බලයට  2015 දීත් මේ ප්‍රතිඥාව රට ඉදිරියේ තබා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම රටේ බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ස්වකීය ලබාදී ඇති බව පැහැදිලිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැතැයි කියා ඡන්දය ඉල්ලූ එකම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජය කිරීමෙන් එය වඩාත් හොඳින් පැහැදිලිය.
1931 ඩොනමෝර් ව්‍යවස්ථාව, 1947 සෝල්බරී ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව යන කිසිවක් සඳහා රටේ ජනතාවගේ අදහස් විමසා නැත.  1972 සහ 1978 ව්‍යවස්ථා සම්මත කර ගන්නා ලද්දේ දෙමළ ජනතාවගේ බලවත් විරෝධය මධ්‍යයේ බව අමතක නොකළ යුතුවා මෙන්ම එයම තිස් වසරක යුද්දයටද හේතු කාරණා වූ බවද අමතක නොකළ යුතුය. 
අද සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් හා අනුමැතියෙන් යුතුව, රටට වඩාත් ගැලපෙන සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව උදාවී තිබේ. “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” ඒ වෙනුවෙන් අද සිට රට පුරා රැස්වීම් තබමින් ක්‍රියාත්මක වනු ඇත.
(මෙහි දැක්වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කරන ලද පෝස්ටරයකි.) 
---------------------------
by     (2017-03-14 22:35:00)




Sunday, March 12, 2017

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්ත නංගි මල්ලිට පොඩි අනුශාසනාවක්...

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්තේ බුදුන්ගේ දර්ශනයට නිගාදෙන දේ කරන්නට හෝ කියන්නට නොවිය යුතුය.

බුදුන් බුද්ධත්වයට පෙරුම් පුරද්දී නයින්ට ප්රතිකාර පවා සිදු කර අැති අවස්ථා ඔබ අසා නැත්ද...?


ඒ නිසා වෛරී සිතුවිලි බැහැර කොට මෛරිය වඩා සිදුකල සත්කාර්යයන් වෙනුවෙන් සතුටු වනවා හැර කිසිදා පසුතැවිලි නොවන්න. පසුතැවිල්ලෙන් සිදු වන්නේ තමාටම අයහපත ලඟාවීම පමනි.
https://www.facebook.com/photo.php?fbid=592541177612391&set=a.141125786087268.1073741826.100005695415258&type=3&permPage=1

ඒ වගේම යමක් දෙන විට ඒ වෙනුවෙන් නැවත කිසිවක් අපේක්ෂා නොකොට දෙන්න. ඒ කෙසේද යත් දකුණතින් දෙන දේ වමතට නාෙදැනෙන්න දෙන්න හුරුපුරුදු වන්න.

එවිට ඔබට අාපසු යමක් ලැබෙන්නේ අපේක්ෂිත පුද්ගලයාගෙන් නොව විශ්වයෙනි.

එය ධන හෝ රින වශයෙන් අපි කොයි කවුරුන් විසින් හෝ සිදු කරනා හොඳ හෝ නරක ක්රියාවන්ට සාපේක්ෂව නියත වශයෙන්ම සිදුවේ. ඒ පිලිබඳව පැහැදිලි උදාහරනයක් මගින් සපයන්නේ නම් බුදුන් වැදෑරූ පරිදි තමන් අත් නොහැර නිරන්තරයෙන්ම තමන් පසුපස පැමනෙන තම සෙවනැල්ල සේ යහපත් ක්රියා වෙනුවෙන් යහපතද... අයහපත් ක්රියා වෙනුවෙන් අයහපතද... ස්ථිරවම උරුම වේ 

ස්වභාව (ධර්මයේ) නියත යථාර්තය එයයි.

සෝභිතාවතාර
2017/03/12 - අද පොහොය දා පනිවිඩයයි.
http://sobithawathara.blogspot.com/