Thursday, January 5, 2017

වෝක්ස්වැගන් (volkswagen) - SRI LANKA - 2015/08/13, දිනයවත් දෝෂ සහගත වන්න දෙන්න එපා...



කුහකත්වය නිසා සෑම කල්හිම සියල්ලක්ම හරහට දකින්නට හුරු පුරුදුව සිටිනා මෙරටේ අඳබාල ප්රතිපක්ෂ සහ එකී ප්රජාව රට වලපල්ලට යාම යනු තමන්ගේත් තම මතු පරපුරේත් අනාගතය අඳුරට පත් වීමක් බව තේරුම් ගත නොහැකි වීම රටෙිත් රටේ සුවහසක් සබුද්ධික ජනතාවගේත් අවාසනාවකි.

පණ්ඩුල පත්මනාත් සහෝදරයාගේ පහත ලිපිනයේ සඳහන් (Face Book) ෆේස්බුක් ලිපිය වෙනුවෙන් සටහනක් තබන්නේ නම්....

ඔබ හදවතින්ම නිර්පාක්ෂිකයෙක් ලෙසද.. හෘද සාක්ෂියට එකඟවද.. මෙවන් අැගයීම් හෝ විවේචන සිදුකරන්නේ නම්....
ඔබ සිතනා ධනාත්මක චින්තනයත් ඔබ පතනා අප රටේ අනාගතයත් අගය කරමි. එසේ නොසිතනා ඉහත සියල්ලන්ට ඔබ වැනි අය පරමාදර්ශී වෙයි.

නමුත් මෙහිදී සබුද්ධික ප්රජාවට ගැටළුවක් පැන නගින්නේ ඔබ කී යථාර්තය සම්බන්ධයෙන් නොව. ඔබ මහතීර් මොහොමඩ් හා සමාන කරනා වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා රටේ වේගවත් සංවර්ධනය වෙනුවෙන් හෝ ජනතාවට සහනශීලී මිලකට වාහනයක් අත්පත් කරදෙන්නට හෝ මැතිවරනයටත් පෙර සිටම ඡන්ද පාෙරොන්දුවක් ලෙස ඒ බව දේශපාලන වේදිකාවේ ප්රකාශ කරමින් මුත් වෝක්ස්වැගන් (volkswagen) යන නාමය භාවිතා කලේ මොන කෙන්ගෙඩියකටද යන්නයි.  මේ නිසා අවස්ථාවාදීන් හට තවත් අවස්ථාවක් උදා වී අැත.

සත්යය වශයෙන්ම එවන් සුවිශේෂී අායතනයක් අපගේ වන් රටකට පැමිනියහොත් එය මහත් ගෞරවයකි.

විශේෂයෙන් පිලිගත් ප්රතාපවත් නායකයෙකු කල නොහැකි දේ හෝ තහවුරු කර නාෙගත් දේ දේශපාලනික වශයෙන් වුවත් භාවිතා කිරීම රටක සබුද්ධික ප්රජාව අනුමත නොකරයි. ඒ බැව් දේශපාලකයින් නාෙදන්නේ සබුද්ධික ජනතා බහුතරයකගේ එකම දුර්වල කම වන තම මතය සමාජ ගත නොකර නිහඬ තීරන ගැනීම නිසාය. නමුත් සෑම කල්හිම රටක් යහ මගට පිවිස අැත්තේද ඒ තීරක ජනතාවගේ නිහඩ තීරනයෙන් මිස පාරවල්වල බුදියාගත් අය හෝ පාර්ලිමේන්තුවේ රැය ලැග්ග උන් නිසාවත් නොවන්නේය. එම නිසා තමන්ගේ සම්ප්රප්ඵලාප වලට රැවටී පසු පස එන අවස්ථාවාදී ගොබ්බයින්ගෙන් දේශපාලකයෙකු හට කිසිදා සෙතක් සැලසෙන්නේ නැති බව අවධාරනය කර ගත යුතුය. එසේම එවන් දේශපාලකයින් පසුපස යන නූගතුන් හටද කිසිදා සෙතක් සැලසෙන්නේද නැත.

ඒ කෙසේ වෙතත් වසර සිය ගනනක පෞඩ ඉතිහාසයක් හෙබි ජර්මනියේ වෝක්ස්වැගන් වාහනයක් අැත්තෙකුට එකල අැන්ජිම සිසිල් කිරීමට ජලයවත් අවශ්යය උනේ නැත. එය අැන්ජිම වාහනයේ පසුපස පිහිටි ඔටෝ එයාකූල් තාක්ෂනයකි. එමෙන්ම ජර්මන් තාක්ෂනය හෙබි වාහනයක් අැත්තෙකුට ජීවිතයටම එකම එක වාහනයක් සෑහුනි. දශක ගනනාවක් ඉපැරනි වෝක්ස්වැගන් කාර් වෑන් අදටත් අප රටේ පාරවල්වල යස අගේට දිවෙනු දක්නට ලැබේ.

ඉතින් එවැනි ඉතිහාසයක් හෙබි අභිමානවත් වෙළඳ නාමයක් භාවිතා වීමේදි ඒ පිලිබඳ තතු දත් ඉපැරනි ජනතාව තුල සහනශීලී මිලකට තම රටේදීම නිෂ්පාදිත නවතාලයේ වෝක්ස්වැගන් වාහනයක් පිලිබඳ සිහින මවා පසුව එය අපැහිදිලි කාරනයක් කිරීම ගැලපෙන්නේ මහතීර් මොහොමඩ් හා සමාන කල රනිල් වික්රමසිංහ වැනි ප්රතාපවත් ජන නායකයෙකුට නොව... රු.2500/= කින් මාසේම කන්නට හැකි යැයි පැවසූ බන්ධුල ගුණවර්ධන වැනි දහස් සංඛ්යාත සිසු දරුවන් හට අාර්ථික විද්යාව ඉගැන්වූ විද්වතෙකු දේශපාලනයට පිවිසි පසු මව් රටින් තමන් ලැබූ නිදහස් අධ්යාපනයේ ගෞරවය සහ කෘත ගුණද ණය ගැති බවද අමතක කොට ප්රතිශක්තිය හීන බොහෝ දෙනෙකුට අාසාධනය වනා ඉහත කී කුහකත්වය නමැති බෙහෙත් නොමැති රෝගය වැළඳී කුණුවෙනා මව් රටට ශාපයක් වූ පාපතරයින් හටය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ වෝක්ස්වැගන් (volkswagen) අායතනයේ හට ගත් තාක්ෂනික වැරැද්දක් නිසා ලෝකය පුරා විසිරුවා හරිනු ලැබූ වාහන ලක්ෂ ගනනාවක් යලි කැඳවූ බවට අන්තර්ජාලය තුලින් වාර්තා විනි.

එම නිසා දෝෂය නිරාකරනය කර ගන්නා තුරු වෝක්ස්වැගන් (volkswagen) අායතනය තම නිෂ්පාදන කටුයුතු වෙනත් රටක් තුල සිදු නොකරන්නට තීරනය කලා හෝ එකී දෝෂය සමනය කරනා තුරු හාපුරා කියා තම රට තුල දෝෂ සහගත වාහන නිෂ්පාදන වීමෙන් සිදුවිය හැකි අවධානම කලින් දුටු අගමැති තුමා දුරදක්නා නුවනින් කටයුතු කර අැතැයි ධනාත්මකව සිතන්නට සිතා ගනිමු..

නොඑසේනම් අවස්ථාවාදීන් රජය හෑල්ලු කිරීමට අවස්ථාවක් කර ගත් මෙම පලහිලව්වේ අායතනික ක්රමවේදය සරලව විග්රහ කරලීම ප්රක්ඥාගෝචර වේ.

උන්න හැටියට මලා මදැයි!
සෝභිතාවතාර
2017/01/06
==========================================














Tuesday, January 3, 2017

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..! සම්බන්ධයෙන් පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනාවක් - සෝභිතාවතාරගෙන්

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..!


(ලංකා ඊ නිව්ස් -20­­­­17.ජන.04, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.0.25) 
... සම්බන්ධයෙන් පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනාවක්
========================================================================
ගොබ්බ දේශපාලන විඥාණයකින් කටයුතු කිරීම නිසා සබුද්ධික දේදුනු ජනතාව විසින් නෙරපා හරිනු ලැබූ පැවති යමපාලන රජයේ හිටපු අඳගොළුබිහිරි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සොහොයුරා ගෝඨාබය බලය යනු තමාගේ බලය යැයි සිතා එම බලය තමන් වෙත අාරෝපනය කරගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට ගෝස් තම සෙහොයුරාගේ දේශපාලන දිවියම අරාජික කල අමනෝක්ඥ ගෝඨාබයලාගේ බැසිල්ලාගේ සහ මර්වින්ලාගේ සහ කටු ලෙවකෑ විමල් ඇතුලු අනිකුත් පසුපෙල පිසාචයින්ගේ මෙවන් අත්තනෝමතික ක්රියා බෙහෙවින් පැවති රජයේ විනාශයට බලපාන්නට හේතුපාදක විනි.

කෙසේ වෙතත් මෙම දුක් ගැනවිල්ලේ සඳහන් පරිදි ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් ඉදිකිරීම වෙනුවෙන් හෝ වෙනත් අත්යාවශ්යයතාවයක් වෙනුවෙන් හෝ නිසි ක්රමවේදයකින් සහ සාධාරනයකින් තොරව ගෝඨා,බැසිල්,මර්වින්  තියරි භාවිතයෙන් ක්රියා කිරීම රජයකට තරම් නොවනු අැත.

ඒ නිසාම අරක්කු බාේතලයටයි,බත්ගොට්ටයි,මොනරකොලයටයි රැවටී වහල් වී රට විනාශයට ගෙන යන තක්කඩියන් හට බලය ලබා දෙන නූගත් අවස්ථාවාදී ගාෙබ්බ ජනතාව පරයා සියල්ල දකිමින්ද.. සියල්ල විඳවා ගනිමින්ද.. මුත් රට වෙනුවෙන්ද... තම මතු පරපුර වෙනුවෙන්ද... තම පරමාදිපත්යය බලය පාවිච්චි කිරීමේ තීරනාත්මක මොහොත උදාවන තුරු නිහඬව කල්මැරූ සබුද්ධික දේදුනු ප්රජාව කිසිදා පැරදවිය නොහැකි යැයි ඉතාමත් අධි තක්සේරුවක සිටි යමපාලකයින් සියල්ලෝම කසල ගොඩට අැද දමමින් මින් මතු මෙරටේ බිහිවනා සියළු රජයන්ටත් යස පූර්වාදර්ශයක් ලබා දෙන්නට යෙදුනි.

එනිසා පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනා කරන්නට යෙදෙනුයේ පසුගිය කුරිරු සමයේ සිදුව අැති මෙවන් වූ අත්තනෝමතික ක්රියා සියල්ලක්ම විමසා බලා (මාධ්යය ඔස්සේ හෝ ප්රචාරනයක් ලබා දී මෙවන් අකටයුතු කම්වලට භාජනය වූවන් හට) සාධාරනයක් ඉටු කර දෙන ලෙසටය.

සෝභිතාවතාර
2017/01/04
=====================================
විශේෂයෙන් සැලකිය යුතුයි
==================
මෙවන් අවස්ථාවකදී හෝ එකී විප්ලවය වෙනුවෙන් සබුද්ධික ජනතාව නිරවධ්යය කඳවුර කරා ගාල් කරලීමට තම ජීවිත පරදුවට තබා කටයුතු කල ඊනිව්ස් සමස්තයම සිහිපත් කරලීමටද අමතක නාෙකල යුතුව අැත.

දේදුනු විප්ලවයේ 2020 මීලඟ දිගුව වෙනුවෙන් අප සැමට ඊනිව්ස් හා එකතුව සිදුකිරීමට තවත් කාර්යය භාරයක් ඉතිරිව අැත.

ඉන් පසුව ඔවුන්ගේද (ඊනිව්ස් කතුවරයා ඇතුලු සමස්තයේම) මානව හිමිකම් යාවත්කාලීන කරලීමකට ලක්කොට අනිකුත් සාමාන්යය ජනතාව සේ ජීවිත අවධානමකින් තොරව සැපෙන් සතුටින් වාසය කරලීමේ සැනසිල්ල උදා කර දිය යුතුය.

Sunday, January 1, 2017

2017 අළුත් අවුරුදු කොලොප්පම, හික්.... උපදින අාත්මයක් අාත්මයක් පාසා නොබිඳෙන තර්කයකින් ජනතාද්රෝහී, දේශද්රෝහී, බඩගෝස්තරවාදී ප්රසන්නට පිලිතුරු සෝභිතාවතාරගෙන්....

2017 අළුත් අවුරුදු කොලොප්පම, හික්....
උපදින අාත්මයක් අාත්මයක් පාසා නොබිඳෙන තර්කයකින් ජනතාද්රෝහී, දේශද්රෝහී, බඩගෝස්තරවාදී ප්රසන්නට පිලිතුරු සෝභිතාවතාරගෙන්....

ස්වභාවික මරනයකින් නොව අතිභයානක ම්ලේඡ්ච මරනයකින් ජීවිතයේ අවසානය උරුම කොටගෙන මිනී පෙටිටියක් හෝ නැතිව අඩි හයක් පොලව යට වැලලෙන්නට කැමැත්කත් අාශාවක් අැති වුනු සැනින් තම අඹු දරුවන්ගේ ජීවිත අාරක්ෂාවද පසෙකලා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා තමන් පසුපස අාප්ප වට්ටියක්ද රැගෙන සංසාරගතව පසුපස හඹාඑන වෛරක්කාරී මහින්දව හෙට වුවත් අගමැති කරවනු නියතයි. සිම්පල් සයිමන් කේස් ඉන් දිස්....

සෝභිතාවතාර
2017/01/01
============================================================



සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]

January 1, 2017 at 10:02 pm | lanka C news | ලංකා සී නිවුස්

සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන්නට බහුතරය නැතිව කල නොහැකි බවට පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව අගමැති ලෙස කටයුතු කල දි.මු. ජයරත්න මහතා කණෙන් අල්ලා එලියට දමා ආසන 48ක් සහිතව සිටි රනිල් වික‍්‍රමසිංහ මසතා අගමැති කල ආකාරයටම අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කණෙන් අල්ලා එලියට දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල හැකි යයි ඔහු සදහන් කරයි.
ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමේ සැබී උවමනාවක් ජනාධිපතිවරයා ඇත්තේ නම් මෙම ක‍්‍රියාමාගර්ය පහසුවෙන් ගත හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

අරමුනද එකමය. සටනද එකමය. විප්ලවයද එකමය. දිසාවද එකමය. ඉලක්කයද එකමය. එසේනම් සියළු ජාතිකයින් සියළු භේද දුරලා එකාවන්ව පෙල ගැසී අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විල්ලවයේ අවසන් අදියර වෙත රට වටකර 2020 මෙහෙයුම වෙනුවෙන් රොක්වන්නට දැන් සිටම සංවිධානය වෙමු. සියළු දේශප්රේමීන් හට කරනා සුහද අාරාධනයයි. ඔබ සැමට සුභ නව වසරක් වේවා. සෝභිතාවතාර - 2017/01/01

මෙම ලිපිය පල කල ඊනිව්ස් වෙබ් අඩවිය වෙත සහ මෙම ලියුම්කරු  චාමර ලක්ෂාන් සොයුරාට උපහාර පිනිසද සෝභිතාවතාර අඩවියේ ප්රේක්ෂක දේදුනු විප්ලවවාදීන්ගේ වැඩිමනත් දැනගැනීම පිනිසද පල කරන්නට යෙදුනු වගයි....
==========================

අද මහා යෝධයන් හෙට අඟුටුමිට්ටන් වනු ඇත: ඊළඟ රැල්ල, හොරුන්ට මෙන්ම හොරු ආරක්ෂා කළවුන්ට එරෙහිව ද නැඟෙනු ඇත: යහපාලන වසර 2 ගැන හැරී බැලීමක්......

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.31, ප.ව‍‍‍‍‍‍‍‍‍.5.00)
අන්ත දූෂිත ඒකාධිපති පාලනයකට තිත තබමින් මේ රටේ, ජනතාව ස්වෙච්ඡාවෙන් බලමුළුගැන්ව මහපොළොවේ ඇත්තක් බවට පත්කළ “ජනවාරි අට නිහඬ විප්ලවය” ලබන සතියේදී තම දෙවන වසර සම්පූර්ණ  කරනු ලබයි. එම කඩඉම් සම්පූර්ණය “යහපාලන රජයේ” පසුගිය ක්‍රියාකාරිත්වය දෙස අතීතාවර්ජනයක් කිරීමේ, අවස්ථාව අපට ලබා දෙයි. ........................
.......................
චාමර ලක්ෂාන්ගේ ඉහත සටහන බලන්න පිවිසෙන්න..
යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!
සුභ නව වසරක් වේවා. 2017/01/01
යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!
==================================
මෙහෙයුමද එකමය. සටනද එකමය. විප්ලවයද එකමය. දිසාවද එකමය. ඉලක්කයද එකමය. එසේනම් සියළු ජාතිකයින් සියළු භේද දුරලා එකාවන්ව පෙල ගැසී අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විල්ලවයේ අවසන් අදියර වෙත රට වටකර 2020 දී රොක්වන්න දැන් සිටම සංවිධානය වෙමු. 
සියළු දේශප්රේමීන් හට කරනා සුහද අාරාධනයයි.
ඔබ සැමට සුභ නව වසරක් වේවා.

සෝභිතාවතාර
2017/01/01
===========
http://www.lankaenews.com/news/5060/si
http://www.lankaenews.com
http://sobithawathara.blogspot.com

යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..! සුභ නව වසරක් වේවා.

යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!

සුභ නව වසරක් වේවා.


සෝභිතාවතාර enews හා ඒකාබද්ධව....
2017/01/01


Thursday, December 29, 2016

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද...!

එකම නිර්භීත නායකයා ප්‍රභාකරන්..! රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් කියයි.


(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.28, ප.ව.11.00) යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28 දා) සවස කිළිනොච්චියේදී පවසා තිබේ.

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිණියගේ පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....

===============================================================
නිර්භීත එකම නායකයා ප්රභාකරන් පමනක් නොමවූවත්... ප්රභාකරන් යනු අති විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාර නිර්ලෝභීවද, නිර්භයවද ප්රකාශ කර සිටිමින් අවධාරනය කර සිටිනු ලබන්නේ...

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද යන්නයි.

තත්ත්වය එසේනම් සියළු ජාතීන් මෙම තත්ත්වය මනාව වටහා ගත යුතුය. ප්රථමයෙන් පාලකයින් හට පුටු මාරු කරමින්ද, පක්ෂ පාට මාරු කරමින්ද සෑම යුගයෙකහිදීම සියළු ජාතීන්ගෙන් යුත් දුක් විඳිනා සමස්ථ ජනතාවක්ම රවටමින් තව දුරටත් ඉදිරියට යාමට ඉඩ නාෙතබන බවට අධිෂ්ඨාන කර ගත යුතුය.

ඉන් අනතුරුව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ අවසන් අධියර වූ 2020 මැතිවරනය ඉලක්ක කොට ගත් මෙහෙයුම සඳහා රට වටකරගත් පවුරක් සේ සියළු ජාතීන් එක්සේසත්ව සියල්ලෝම අනෙකා දැනුවත් කරලීමේ සංග්රාමය දියත් කොට ලාංකේය දේශපාලගන කරලිය උඩුයටිකුරු කරනා මීලඟ සැඟවුනු පොදු අපේක්ෂකයා එලිදක්වනා තුරු මෙහෙයුම තීරනාත්මක මංසන්ධිය කරා රැගෙන යායුතුය.

එවිට ගතානුගතික හනමිටි අදහස්වලින් පෙරදැරිව පාට පක්ෂ පාට පාට කණ්නාඩි දමාගෙන ලාංකේය දේශපාලකයින්ගේ බඩජාරී පොරාන්දුවලට රැවටී සෑම කල්හිම අනාගත පරපුරේ සිහින බාෙඳ කල අක්ඥාණවන්ත වැඩිහිටියන් අභිබවා ගාෙස් සිටිනා වත්මන් නවක පරපුර නිසි තීරනය ගෙන නව්ය වූ කුළුදුල් දේශපාලන සංස්කෘතියක් අපගේ මේ උතුම් මව් බිම තුල ජනිත කරවනු නියතය.

එදිනට විජයකලා මහේස්වරන් මැතිනියට සිතෙනා දෙය සෝභිතාවතාරට සිතා ගත හැකිය.......!

සෝභිතාවතාර
2016/12/29

Tuesday, December 27, 2016

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ


(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.26, ප.ව‍‍‍‍‍‍‍‍.11.30) තමා හෝ සිය සමීපතමයෙකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතැයි අසන්නට ලැබීම ඕනෑම පුද්ගලයෙකුට අතිශයින්ම දරා ගත නොහැකි පුවතකි.  එවන් විටෙක ඇති වන වික්ෂිප්තභාවය තුළ කළ යුතු, නොකළ යුතු දෙය කුමක්දැයි සිහි එළවා ගැනීමට කවර සමාජ ආර්ථික මට්ටමක සිටින අයෙකුට වුවද අසීරු කටයුත්තකි.  එවැනි මොහොතක පිහිටට එන ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් හෙට (දෙසැම්බර් 27 වන අඟහරුවාදා) සිට ඇරඹෙනු ඇත.  පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසය.
හෙට පෙ.ව 11.45 මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව ඇරබිමේ  සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත .කථානායක කරු ජයසුරිය මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ පිලිකා  සරණ සංගමයේ ප්‍රධානීහු මෙන්ම පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුදෙදෙනා  මෙම අවස්ථාවට විශේෂයෙන් එක්වෙනු ඇත'
වැඩසටහන් 03කින් යුත් ව්‍යපෘතියක  පලමු අදියර ලෙස ‘පිලිකා සරණ ඇමතුම් සේවය’ දියත් වන අතර කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිලිකා අවධානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂනාගාර සේවයද, පිලිකා රෝගය වැළැඳුනු  දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට  කටයුතු  යොදා තිබේ. 
හෙට ඇරඹෙන පිළිකා සරණ උපකාරක ක්‍ෂනික ඇමතුම් සේවාවේ දුරකථන අංකය මතක තබා ගන්න 

දුර: 011 2 363 211  

---------------------------
by     (2016-12-27 01:32:42)