Thursday, December 29, 2016

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද...!

එකම නිර්භීත නායකයා ප්‍රභාකරන්..! රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් කියයි.


(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.28, ප.ව.11.00) යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28 දා) සවස කිළිනොච්චියේදී පවසා තිබේ.

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිණියගේ පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....

===============================================================
නිර්භීත එකම නායකයා ප්රභාකරන් පමනක් නොමවූවත්... ප්රභාකරන් යනු අති විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාර නිර්ලෝභීවද, නිර්භයවද ප්රකාශ කර සිටිමින් අවධාරනය කර සිටිනු ලබන්නේ...

සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද යන්නයි.

තත්ත්වය එසේනම් සියළු ජාතීන් මෙම තත්ත්වය මනාව වටහා ගත යුතුය. ප්රථමයෙන් පාලකයින් හට පුටු මාරු කරමින්ද, පක්ෂ පාට මාරු කරමින්ද සෑම යුගයෙකහිදීම සියළු ජාතීන්ගෙන් යුත් දුක් විඳිනා සමස්ථ ජනතාවක්ම රවටමින් තව දුරටත් ඉදිරියට යාමට ඉඩ නාෙතබන බවට අධිෂ්ඨාන කර ගත යුතුය.

ඉන් අනතුරුව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ අවසන් අධියර වූ 2020 මැතිවරනය ඉලක්ක කොට ගත් මෙහෙයුම සඳහා රට වටකරගත් පවුරක් සේ සියළු ජාතීන් එක්සේසත්ව සියල්ලෝම අනෙකා දැනුවත් කරලීමේ සංග්රාමය දියත් කොට ලාංකේය දේශපාලගන කරලිය උඩුයටිකුරු කරනා මීලඟ සැඟවුනු පොදු අපේක්ෂකයා එලිදක්වනා තුරු මෙහෙයුම තීරනාත්මක මංසන්ධිය කරා රැගෙන යායුතුය.

එවිට ගතානුගතික හනමිටි අදහස්වලින් පෙරදැරිව පාට පක්ෂ පාට පාට කණ්නාඩි දමාගෙන ලාංකේය දේශපාලකයින්ගේ බඩජාරී පොරාන්දුවලට රැවටී සෑම කල්හිම අනාගත පරපුරේ සිහින බාෙඳ කල අක්ඥාණවන්ත වැඩිහිටියන් අභිබවා ගාෙස් සිටිනා වත්මන් නවක පරපුර නිසි තීරනය ගෙන නව්ය වූ කුළුදුල් දේශපාලන සංස්කෘතියක් අපගේ මේ උතුම් මව් බිම තුල ජනිත කරවනු නියතය.

එදිනට විජයකලා මහේස්වරන් මැතිනියට සිතෙනා දෙය සෝභිතාවතාරට සිතා ගත හැකිය.......!

සෝභිතාවතාර
2016/12/29

No comments:

Post a Comment