Tuesday, December 27, 2016

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ

අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ


(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.26, ප.ව‍‍‍‍‍‍‍‍.11.30) තමා හෝ සිය සමීපතමයෙකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතැයි අසන්නට ලැබීම ඕනෑම පුද්ගලයෙකුට අතිශයින්ම දරා ගත නොහැකි පුවතකි.  එවන් විටෙක ඇති වන වික්ෂිප්තභාවය තුළ කළ යුතු, නොකළ යුතු දෙය කුමක්දැයි සිහි එළවා ගැනීමට කවර සමාජ ආර්ථික මට්ටමක සිටින අයෙකුට වුවද අසීරු කටයුත්තකි.  එවැනි මොහොතක පිහිටට එන ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් හෙට (දෙසැම්බර් 27 වන අඟහරුවාදා) සිට ඇරඹෙනු ඇත.  පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසය.
හෙට පෙ.ව 11.45 මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව ඇරබිමේ  සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත .කථානායක කරු ජයසුරිය මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ පිලිකා  සරණ සංගමයේ ප්‍රධානීහු මෙන්ම පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුදෙදෙනා  මෙම අවස්ථාවට විශේෂයෙන් එක්වෙනු ඇත'
වැඩසටහන් 03කින් යුත් ව්‍යපෘතියක  පලමු අදියර ලෙස ‘පිලිකා සරණ ඇමතුම් සේවය’ දියත් වන අතර කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිලිකා අවධානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂනාගාර සේවයද, පිලිකා රෝගය වැළැඳුනු  දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට  කටයුතු  යොදා තිබේ. 
හෙට ඇරඹෙන පිළිකා සරණ උපකාරක ක්‍ෂනික ඇමතුම් සේවාවේ දුරකථන අංකය මතක තබා ගන්න 

දුර: 011 2 363 211  

---------------------------
by     (2016-12-27 01:32:42)



No comments:

Post a Comment