Friday, January 13, 2017

ලොතරැයි පාරිභෝගිකයාට කිසිදු පලයක් නාෙමැති ලංකාවේ (සුවිප් ටිකැට්) ගැන ජනපතිට යෝජනාවක් - සෝභිතාවතාරගෙන්


=================================================================

පසුගියදා ලොතරැයි අලෙවි කරුවන්ගේ විරේධය මත රජය මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30
දක්වා ඉහළ දැමීම


මේ වනවිට අහිතකර ඵල විපාක ඇති කර තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි. නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වෙනස නිසා ලොතරැයි පත්අලෙවිය පෙර පැවතියාට වඩා 40%කින් පහළ බැස ඇතැයිද මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ කියයි.
===============================

ලොතරැයි පාරිභෝගිකයාට කිසිදු පලයක් නාෙමැති ලංකාවේ (සුවිප් ටිකැට්) ගැන ජනපතිට යෝජනාවක් - සෝභිතාවතාරගෙන් 
තේරෙන්නේ නැද්ද මිස්ටර් හිටන් ක්ලීන් රටේ අාගමට දහමට අනුව ලැජ්ජ බය අැතිව ජීවත් වන අවිහිංසක මිනිසුන්ට අරුන් වගේ ලැජ්ජ බය හිරිකිතයක් නැතිව හොරකම් කරන්න පුළුවන්ද...!
===============================

ඕනෑම භාණ්ඩයක් හෝ ද්රව්යයක් මිල වැඩි වූ වහාම එහි පැවති ඉල්ලුම අඩු වීමත්... පසුව මිනිසුන් ඒ මිලට හුරු පුරුදු වන විට පෙර පැවති තත්ත්වයට ඉල්ලුම ඉහල යාමත් වෙළඳ පලක ස්වභාවයයි. 

එමෙන්ම වැඩි වූ මිලට සාපේක්ෂව වෙලෙන්දාගේ ලාභ ප්රථිශතයද ඉහලට යන බැවින් නිෂ්පාදකයාගේත් අතර මැදි සියළු වෙළඳ ප්රජාවගේ ලාබය ඉහල යාමද සාමාන්යය ස්වභාවයක් නිසා පවතිනා ගැටළු තාවකාලික වේ.

නමුත් සෝභිතාවතාර රජයට අවධාරනය කරන්නට කල්පනා කරන්නේ එවන් තාවකාලික වූ නොවටිනා කරුනක් පිලිබඳව නොව. එදා මෙදා තුර ලොතරැයි පාරිභෝගිකයා හට සිදුව අැති ඉමහත් අසාධාරනය පිලිබඳවය.

රටක පවතිනා රජයකට එහි වාසය කරනා සියළු ජනතාව වෙනුවෙන් සුබසාධන සහ අනෙකුත් සියළු කටයුතු වෙනුවෙන් බදු අාධායම්වලින් සහ ලොතරැයි අලෙවිය වැනි ක්රමෝපායයන් මගින් මහත් වූ සුවිශාල අාධායමක් උපයා ගත යුතු බව හෝ නොවිය යුතුය පිලිබඳ වාදයක් විවාදයක් මෙහි කිසිසෙත් අඩංගු නැත.

නමුත් ගැටළුවක් වී අැත්තේ ඒ කිසිවක්ම නොව. ලොතරැයි අලෙවියට සහ එමගින් ලබනා අාධායම සහ මහා ධනස්කන්දයක් වූ ශුද්ධ ලාබයට සරිලනා අනුපාතයකින් යුතු සාධාරන දිනුම් වාසනා හිමිවීමක් ලොතරැයි පාරිභාේගිකයා හට නොලැබීමයි.

පාසල් දරුවන් හට ගණිත විෂය උගන්වනා ගණිත ගුරුවරුන්ගේ සමීකරනයට අනුවනම් කිසිදාකත් කිසිවෙකුටත් වටිනා කියනා ත්යාග මුදලක්නම් ලංකාවේ ලොතරැයි පතකින් දිනුමක් අැදෙනු බාෙරුය. බැරිවෙලා හෝ කෙදිනක හෝ අැදුනත් ඒ මිලියනයකට එකකි.

ප්රායෝගිකව සමීක්ෂනයක් වෙලඳ පොල තුල සිදු කලත් දැක ගත හැකි තත්ත්වයෙහි ලොකු වෙනසක් නැත.

නමුත් අපගේ වන් දුප්පත් රටක අාණ්ඩුවට ලාෙතරැයි මගින් ලැබෙනා මහා ධනස්කන්දයට සාපේක්ෂිත ලෙස අතේ මිටේ තැන්පත් ධනයක් නොමැති ජනතාවට ලොතරැයි දිනුමකින්වත් පොඩි පොහොසතෙකු වන්නටවත් සාධාරන අවස්ථාවක් සලසා තැබිය යුතු වන්නේ රටේ ජනාධිපතිලා අගමැතිලා අැමතිලා මන්ත්රීලා පලාබබාලා සහ උන්ගේ කටුලෙවකනා බත්බැලයින් සේ කිසිදු බියක් සැකක් හිරිකිතයක් නොමැති ලෙස ජනතාවට සොරකම් කල නාෙහැකි නිසා සහ බහුතරයක් ඒ පාපතර ක්රියාවට වඩා අාගම දහමට බිය නිසාය.

රු 20/- සැනසිලි නම් හෝගාල නමුත් අඩුම තරමින් රු.ලක්ෂයක් අැදුනු මිනිහෙක් බෙහෙතකටවත් නෑ හාෙයා ගන්නට. සූදුවක් විදියට ලොතරැයි කෙලියෙහි යෙදෙන්නන් දහස් සහ ලක්ෂ ගනනින් මුදල් යාෙදවා දිනුම් ලබා ගන්නා තවත් කුමක්දෝ ගනිත ක්රමයක් අැති බව පැවසේ.

නමුත් සාකඡ්චාවට බඳුන් ගත කරන්නේ ඒ කිසිවක් නොව සාධාරන දිනුම් අවස්ථා ප්රමානයක් දුප්පත් ලොතරැයි පාරිභෝගිකයින් හටද උදා කරදී සැමතින්ම අපෙක්ෂා භංගත්වයට පත්ව සිටිනා දුප්පත් ජනතාවට (විලිස් ජීප් කටුවක් තිබුන රාජපත්ෂලා වගේ හෝ බයිසිකල් කටුවක් පමනක් තිබුනු පාවාදුන්වංලශලා වගේ) සොරකම් නොකොට හදිසි ධන ලාභයක් ලැබුමට ලාෙතරැයි මගින් හෝ කිසියම් උපේක්ෂා සහගත භාවයක් රට තුල නිර්මානය කර දෙන ලෙසය.

සෝභිතාවතාර
2017/01/14

No comments:

Post a Comment