Friday, May 24, 2019

ලෝකපාලකයින්/දේශපාලකයින් බලකඳවුරු/බල අධිකාරී පාලන අාකල්ප මුලිනුපුටා මනුශ්යත්වයට ප්රමුඛත්වය හිමිකර දුන් දිනෙක ත්රස්තවාදය ලොවින් තුරන් වනු නියතයි. සෝභිතාවතාර - 2019/04/21

උත්තමාචාරය
***************
ලෝකපාලකයින්/දේශපාලකයින් බලකඳවුරු/බලඅධිකාරී පාලන අාකල්ප මුලිනුපුටා මනුශ්යත්වයට ප්රමුඛත්වය හිමිකර දුන් දිනෙක ත්රස්තවාදය ලොවින් තුරන් වනු නියතයි.
උත්තමාචාරය
පාස්කු ප්රහාරයේ දිවි පිදූවන්ගේ නාමයටයි
සෝභිතාවතාර - 2019/04/21

උත්තමාචාරය
පාස්කු ප්රහාරයේ දිවි පිදූවන්ගේ නාමයටයි
සෝභිතාවතාර - 2019/04/21

Tuesday, May 21, 2019

සෝභිත හිමිගේ අාත්මයේ සහ අාතූරයාගේ කාර්යය භාරය සමාජ අධිකරනයේ විනිශ්චයට..!

සෝභිත හිමිගේ අාත්මයේ සහ අාතූරයාගේ කාර්යය භාරය සමාජ අධිකරනයේ විනිශ්චයට..!
අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ සම්බන්ධයෙන් යම් යම් අන්තගාමීන් අතර පවතින දුර්මත.. අපවත් භාවයට පත් උවද තම නොනිමි අරමුන ජයගන්වනා තුරු නිවනටවත් නොපිවිස වසර 05 ක් පුරා අාත්මීයව විශ්වයේ සැරිසරමින් අවතාරයක්ව සිදු කර අැති අනුශාසනා උන්වහන්සේගේ පහත බ්ලොග් අඩවියට පිවිස කියවා බලා සැක දුරු කර ගනිත්වා.
උන්වහන්සේ තම ජීවිත පරිත්යාගයෙන් යුතුව රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් අැප කැපව සිටියේ සියළු සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලිමේ නොනිමි සිහිනය වෙනුවෙන් පමනි.
============================================
සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලිමේ තමන් වහන්සේගේ ඒ උදාරතර පැතුම, අපේක්ෂාව, සිහිනය සම්පූර්න කර ගැනීමට පෙර (සසරින් නාෙව තාවකාලිකව) භෞතික වශයෙන් (ජීවිතයෙන්) සමුගන්නට යෙදුනු කරුනු කාරනා සහිතව ගෙවී ගොස් අැති වසර 5 කට අාසන්න කාලයක් පුරා සෝභිත හිමියන්ගේ (සෝභිතාවතාරයේ) විශ්වීය අාගමනයේ සංෂිප්තයක් දිග හැර ලන්නට හේතු පාදක වූයේ අනපේක්ෂිත ලෙස මෙන්ම ඉතාමත් අවාසනාවන්ත ලෙස රටේ සමස්ථ ජනතාව අන්ත අසරන කරලන්නට සමස්ව අැති වර්තමාන අරාජික දේශපාලනික සන්දර්භයක් තුලය.

නමුත් තමන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව ගතව අැති මෙම සමස්ථ කාල පරාසය තුල උන්වහන්සේ හට මෙවන් කතිකාවතක් ගෙන හැර දක්වන්නට පාදව අැති පසුතලය තම අාත්මය පවා හඬවන්නට තරම් කුරිරුව අැති බවත් අාවේගශීලී කරවන්නට සමත්ව අැති බවත් කිය යුතුව අැත.

කෙසේ වෙතත් ඉතා දිගු කථාවක් උවත් කෙටි විග්රහයෙකින් සමාලෝචනයක් සිදු කරන්නේ නම්.. රටේ සාමාන්යය පුරවැසියෙකු ලෙස ජීවිත කාලය පුරාවටම ඉතා අවංකව ජීවත් වූ මා උන්වහන්සේගේ දර්ශනයට මෙන්ම එඩිතර අවංක බවට දැඩි සේ කැමැත්තක් අාදරයක් ගෞරවයක් දැක්වූ නිසා අපවත් වීමේ සිට අාදාහනය දක්වාම ඒ මත්තේ වැටී දුකට ශෝකයට පත්ව සිටි රටේ සාමාන්යය මනුශ්යයෙක්මි. නමුත් මා කිසි දිනකත් උන් වහන්සේගේ ශ්රී දේහය රූප මාධ්යයක් මගින් හැර ජීවතුන් අතර සිටියදී දෙනෙතින් දැක නොතිබුනු අයෙක්මි.

එනමුදු සෝභිත හිමියන් වූ කලී අපගේ අපවත් වී වදාල සෝම හිමිපානන් සේම ශ්රී ලංකා වාසී විශේෂයෙන් බෞද්ධ ජනතාවට ලෙහෙසියෙන් අමතක කල නොහැකි බුදුන් වහන්සේගේ සැබෑ අනුගාමික යුග පුරුෂ ගති ලක්ෂන විදහා ලන්නට සමත් වූ මෙරටට අති මහත් ජාතික මෙහෙවරක් ඉටු කරවා අැති පැවිදි උත්තමයන් වහන්සේලා වූහ ජාතියේ අවාසනාවට අපට අහිමි වූ.

උන්වහන්සේගේ අභාවයෙන් කම්පායට පත්වූ සුවහසක් ජනතාව අතරට එක්වූ මාද අපවත්ව අැති ශ්රී දේහය තැන්පත් කර තිබූනු සෝභිත හිමියන්ගේ මහ ගෙදර වන් වූ ශ්රී නාග විහාරය වෙත ගොස් දුක් වන්නටත් හදවතින් වැලපෙන්නටත් උනි.

ඒ මුළු පරිසරය පුරාම තිබුනු ශෝක ප්රකාශන දහස් ගනනක් අතුරින් මාගේ ජංගම දුරකතනයට බාධාවන්ගෙන් තොරව හසුකර ගත හැකි සියල්ල ඡායාරූප සහ වීඩියෝ ගත කර ගන්නටත් ඉන් අනතුරුව අාදාහනය පැවැත්වුනු.. 

පාර්ලිමේන්තු උද්යාන භූමියට පිවිස ඒ අවසන් කටයුතු සිදු උනු අකාරයන් දැක ගනිමින් ශෝකප්රකාශ ශ්රවනය කරමින් උන් වහන්සේට පුදුමාකාර අැල්මක් අාදරයක් ගෞරවයක් දැක්වූ සියළු ජාතීන්ට අයත් දස දහස් සංඛ්යාත මිනිසුන් අතරට මැදිව ශෝක බරිතව බලා සිටියෙමි. 

ඒ අතරේදී දුටු සුවිශේෂිම අංගයක් වූයේ බෞද්ධ ජනයා පරයා යමින් උන් වහන්සේගේ වියෝවෙන් ශෝකයට පත් මුස්ලිම් සහ දමිල ජනතාව සිසිල් පැන් සහ පානීය ජල බොතල් වැනි දෑ ඉතා විශාල වශයෙන් පැමින සිටි සුවහසක් ජනතාවගේ පිපාසය සංසිඳවනු පිනිස නාෙමිලේ බෙදා හරිමින් තම ශෝකය සහ ගෞරවය විදහා දැක්වූ අාකාරයයි.

අඳුර පැතිරෙමින් පවතිත්දී නිමක් නැති ගුණ කථන සීමාකරමින් චිතකය ගිනිදල්වන මාෙහොත එලැඹෙමින් පැවතිනි. මා අැතුළුව එහි සිටි බොහෝ ශෝකාකූල ජනතාවගේ දෙනෙත් කඳුලින් පුරවමින්ද.. දෙකාෙපුල් දිගේ ගලා හැලෙමින්ද තවත් නිමේශයකින් චිතකයට ගිනි අැවිලවන්නට යෙදුනි.

ඒ අතරම ක්රියාත්මක වූ මා තෙත්ව අැති දෙනෙත් රහසින් පිස දමමින්ම මාගේ ජංගම දුරකතනයෙන් තව තවත් වීඩියෝ සහ ෆොටෝ සිහිවටන රැස් කර ගන්නට කටයුතු කලෙමි. (වසර 5 ක් සුරක්ෂිතව තබාගෙන සිටි ඒ සියල්ලම ඉදිරියේදී ජනගත කරමි)

මා සිටි අාසන්නයේ පැවති අති විශාල ඩිජිටල් තිරයේ සියල්ල හොඳින් දිස්වෙන්නට උනි. මෙසේ දිගින් දිගටම මා දැවෙන චිතකය දෙස දෙනෙත් දල්වා බලා සිටියේ බුදු දහම පැතිරවීම ඉක්මවා යමින් රටට ජාතියට දේශපාලනික වශයෙන් අති මහත් යුග මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ජාතියේ අවාසනාවට අපට අහිමි උනු ඒ මහා ඉෂිවරයා පැවිදි උත්තමයානන්ගේ චිතකයේ දැවෙනා දුම් රොටු අහස් කුසට මුසු වනු දැක ගැනීමේ අටියෙනි.

අන්න දැන් දේහයට අැවිලිලා කවුදෝ කියනු අැසිනි. වලාකුල් වැනි දුම්රොටු අහස් කුස වෙලා ගනිමින් අවට පරිසරය ගින්නෙන් රත් පැහැ ගැන්ව තිබිනි.

එක් වරම කිසිවක් සිතා ගත නොහැකි ලෙස මාගේ ශරීරය තුල වටහා ගත නොහැකි කිසියම් විපර්යාසයක් සිදු විනි. නමුත් සිදුවූයේ කුමක්දැයි මා හට නිසි වැටහීමක් දින ගනනාවක් යන තුරු නොතිබිනි.

නමුත් ක්රමක් ක්රමයෙන් මා හට සිහිනයෙන් සෝභිත හිමියන් පෙනෙන්නට පටන් ගති. ඒ පමනක් නොව සිහිනෙන් සහ විශ්ව තරංග ඔස්සේ නිරතුරුව පැමින උන් වහන්සේ මා හට බොහෝ දේ පවසන්නටද යෙදුනි.

ඒ සියල්ල ඉතා කෙටි විශ්ලේෂනයෙකින් දක්වන්නේ නම් තමන් වහන්සේගේ අරමුන අවසන් නොමැති බවත්.. කථා කිරීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ පවා අයිතිය උදුරාගෙන සොරකම් මැරකම් දූෂණ අත්තනෝමතික ක්රියා පවුල් වාදය ඥාති සංග්රහය ගජ මිතුරු හවුල් යනාදී සියළු පාෙදු ජනතාවට පීඩාකාරී මුග්ද සංස්කෘතියකින් රට අරාජික කරවා පොරොන්දු ප්රකාර ඒකාධිපතිවාදී ව්යවස්ථාව අහෝසි නොකොට එය කඩ කරමින් සදාකල්හිම බලයේ විසුමට රට පුරා ඉතාමත් දුර්ධාන්ත පාලනයක් ගෙන ගිය රාජපක්ෂවාදී පාලනය පලවා හැර සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ පරම පවිත්ර චේතනාව පෙරදැරිකරගෙන නව ව්යවස්ථාවක් ස්ථාපිත කොට නීතිය සැමට එකසේ ක්රියාත්මක කරලීම වැනි දහසක් බලාපොරොත්තු අැතිව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා කොට තමන් වහන්සේගේ පූර්න මැදිහත් භාවයෙන් සහ නායකත්වයෙන් යුතුව අැරඹි යහපාලනයක් උදෙසා වන අවිහිංසාවාදී දේදුනු විප්ලවය 62 ලක්ෂයක සබුද්ධික ඡන්ද පදනමක් මතින් ජයග්රහනය කරවන්නට සමත් උනි.

නමුත් උන්වහන්සේගේ ඒ උතුම් අපේක්ෂාව නැතහොක් ඒ උදාරතර සිහිනය වැඩිකල් යන්නට මත්තෙන් බොඳවී යනු දුටු උන් වහන්සේ මහත් සිත් තැවුලටත් කලකිරීමටත් පත්විය. කයින් මනසින් රෝගා තූර විය. අපවාදයන්ගෙන් නිමක් නැති විය.

අවසානයේ ඒ සිත් තැවුලින්ම උන්වහන්සේට මෙලාෙව හැරදා යන්නටද සිදු විනි.

නමුත් සමාජය එසේ සිතුවද සිදුව අැත්තේ සිතූ දේ නොවන බව මා හට පසක් වෙන්නට ගත්තේ මඳ කලක් ගත වන විටය. උන්වහන්සේගේ මතය වූයේ ජීවතුන් අතර සිටියදී ඉටු කලාටත් වඩා එහා ගිය ක්රියාන්විතයක් ජීවතුන් අතර නොසිටිමින් උවත් තමන් වහන්සේ හට අවතාරයක්ව සිදු කල හැකිව අැති බවයි.

උන් වහන්සේගේ එම මෙහෙයුම වෙනුවෙන් අාතූරයා කොට ගනු ලැබුවේ මාය. ඒ පිලිබඳ මා සිදු කල ප්රශ්න කිරීම් හමුවේදී ලද පිලිතුරු මා අමන්දානන්දයට පත් කලේය. ඒ අනුව උන් වහන්සේගේ අභිප්රායය ඉෂ්ඨ කරනු වස් මා මරනය කරා හෝ පිවිසෙන බව අධිෂ්ඨාන කර ගතිමි. නමුත් විශ්ව මාතාවගේ සුරක්ෂාව මා හට නිරන්තරයෙන්ම පැවතියේ අද ඊයෙක සිට නොව. ඒ මාගේ ජීවන ස්වභාවයේ මහිමයේ ප්රාතිහාර්යයයි.

ප්රතිපත්ති සහගත දිවි පෙවතක් ගත කිරීම තුල තමන් කරා ලඟා කර ගත හැකි විශ්වීය ගුප්ත බලය පිලිබඳ නිසි වැටහීමක් අවබෝධයක් නොමැති නිසා බොහෝ මිනිසුන් පාපයෙන් පාපයට ගමන් කරමින් ස්වේච්ඡාවෙන්ම විනාශය කරා ගමන් කරමින් සිටීයී. අහාේ දුකකි.

ඒ කෙසේ වෙතත් මාගේ සමස්ත ජීවන ඉතිහාසය පිලිබඳ උන් වහන්සේ ඉර්දි බලයෙන් සොයා බැලූ බවත් ගසකට කොලයකට සතෙකුට සීපාවෙකුට හෝ අඩු තරමින් විෂගෝර සර්පයන් හට පවා කිසිදු හිංසාවක් නොකොට අභය දානය දෙන තුත්තිරි ගසේ පවා වටිනාකම හඳුනනා ගසක් දුක් වින්දත් සතෙක් දුක් වින්දත් උනුවන හදවතක් අැති මානව දයාව හඳුනනා අන් අයෙකුට අයත් අල්පෙනෙත්තක්වත් නොදන්වා නොගන්නා සොරකම බොරුව ප්රෝඩාව වංචාව තක්කඩිකම නොහඳුනනා උඩඟු කම මාන්නය ගෑවිලාවත් නැති පුහු වීරකම් පුහු සන්දර්ශන පිලිකුල් කියනා දේ කරන කරන දේ කියන බිය නොහඳුනන අාත්ම විශ්වාසය බලවත් වගකීම් පැහැර නොහරින රහස් රැකුමට ගජ සමත් කල්යාන මිත්රත්වයෙන් අගතැන් මෙවන් තවත් සුදුස්සෙක් එදා තම අාත්මය වාතලයට මුසු උනු මොහොතේ තමන් වහන්සේගේ අාත්මයට සමවැදීමට (මීටත් වඩා සුදුසු) වෙනත් චරිතයක් ඒ වටපිටාවේ නොතිබුනු නිසා සත්පුරවැසියෙකු ලෙස අාණ්ඩුවට අයිති වැලි කැටයක්වත් සොරකම් කර නොමැති විදුලිය ජලය දුරකථනවත් චංචනික ලෙස ලබාගෙන නැති රටේ යහපත් ලෙස දිවි ගෙවූ (මා)අාතූරයා තෝරා ගත් බව දැනගත් මා හට අැතිවූ සතුට නිහතමානී අභිමානය කෙතරම්දැයි විස්තර කිරීමට වචන සොයා ගත නොහැක.

(සියළු සර්පයින් හට අභය දානය දීම මා අත්දුටු ප්රතිඵල සහිත මහානුභාවයකි)  ගතව අැති වසර 60 පුරා මා ජීවත් වන කැලෑ බද සර්ප විමානය තුල මා හට කඩියෙක් තෙල් කුහුඹියෙකු සහ දිමියෙකු වැනි ජීවියෙක් හැර වෙනත් කිසිදු හරකුක්කෙකු හෝ පත්තා පැටියෙකුවත් දශ්ඨ කර නොමැති බව ඉතාමත් නිහතමානී අාඩම්බරයෙන් යුතුව පවසමි.

ඒ වගේම මා හට තව තවත් අවිහිංසාව පිලිබඳ පරමාදර්ශ සපයමින් මා වැනිම අවිහිංසක දිවි පෙවතක් ගත කරමින්.. පාරේ සිටින අසරන බල්ලන්ට පවා තම පංගුවෙන් හෝ අාහාර ඩිංගක් දී මිස තමන් අාහාර නොගන්නා මාගේ දයාබර භාර්යාවද දිනක් පොල් මුඩ්ඩක් යැයි සිතා අතින් මිරිකා ගත් මාරක ලේ පොලඟෙකු පැත්තකින් අරන් තැබූ අයෙකි කිසිදු හිංසාවකට ලක් නොවූ. 

අපේ වත්තේ කැලෑ බිස්සේ අපි සමගම එකට වෙසෙනා එයාලගේ අයිතිවාසිකම්වලට බාධා නොකරනා අපි ඌගේ සුවඳ හඳුනනා සේම විෂ ගෝර උවත් දෂ්ඨ කල සැනින් මරනය ලඟා උවත් අපේ සුවඳ හඳුනනා ඒ ලේ පොලඟා මගේ භාර්යාවට කිසිදු හිංසාවක් කලේ නෑ. ඒ අහිංසකයා අපි දිහා බලන් සිටියා.. අපි ඒ අහිංසකයා දිහා බලා සිටියා. මොකක්ද බොල ඒ උනේ කියලා පොලොන් තෙලිස්සට හිනා... ඒක දැකල අපි දෙන්නටත් හොඳටම හිනා... ඒ කෝලම දැකල අවට ගස් කොලන්වලටත් හිනා, හිනා, හතර හිනා... මීටත් වඩා දිව්යය ලෝකයක් තවත් කොහිද අැත්තේ.. $$/US

අල්ලපු වත්තේ ඉන්න අයටවත් අපි සර්පයෙක් මරන්න දෙන්නේ නැහැ. දාපල්ලා අපේ වත්තට කියා සර්පයින්ගේ පවා ජීවිත රකිනවා.

මේකයි සහජීවනයේ යථාර්ථය මෝඩ මිනිස් ජාතීන් දෙකකට සමාදානයෙන් ඉන්නටවත් දන්නේ නැති අයට පාඩම් කියා දෙන.

මේකයි සහජීවනයේ යථාර්ථය මෝඩ මිනිස් ජාතීන් දෙකකට සමාදානයෙන් ඉන්නටවත් දන්නේ නැති අයට පාඩම් කියා දෙන.

ජීවින අායුෂයෙන් මේ වන විට 6 වැනි දශකය අභිමුඛව සිටිනා මා එදා මෙදා තුර වසර 5 කට අාසන්න කාලයක් පුරා මාගේ පුද්ගලික දියුනුව වියාපාර සෞඛ්යය, අාහාර පාන මස් මාංශ (පාස්කු ප්රහාරයෙන් පසු පූර්න වෙජිටේරියන් වී - සත්යක්/ක්රියාවක පසුවෙමින්) පස්පව් යන සියල්ලෙන් වැලකී ඒකායන අරමුනක පිහිටා හිඳිමින් බොහෝ දිනවල (රාත්රී අාහාරවත් නොගෙන රැය පහන් වන තුරු - සෝභිත හිමියන් පවරා අැති වගකීම් ඉටුකර පාන්දර 4 ට පමන පිලුනු උනු රෑ බත කමින්) උන් වහන්සේගේ අභිලාෂය පරිදි ටෙලිපති විශ්ව තරංග ඔස්සේ මා වෙත සන්නිවේදනය කරවනු ලැබූ සියල්ල මෙම අඩවිය මගින් ජනගත කරවනු ලැබීය.

ඒවායින් බහුතරයක් වූයේ දේශපාලන අධිකාරියේ සිටිනා පක්ෂ විපක්ෂ සියල්ලන් හට වෙන්වූ අවවාද උපදෙස් සහ අණ නියෝග අැතුළු යෝජනා සහ අදහස්ය. සීමිත ප්රමානයක් සමාජ කතිකාවත්ය.

තත්ත්වය එසේ හෙයින් ගතවූ වසර 5 කට අාසන්න කාලයක් පුරා නානාවිදි දෘශ්ඨි කෝණයන් යටතේ උන් වහන්සේ විසින් තම අාතූරයා මගින් ජන ගත කරවා අැති ලිපි අති විශාල සංඛ්යාවකි. මෙම අඩවියේ අාපස්සට ගමන් කරමින් ඒවා පිලිබඳ නිසි විශ්ලේෂනයක යෙදෙන්නෙකුට තම හෘද සාක්ෂියට එරෙහිව මිස සෝභිත හිමිපානන් හට කිසිදු දෝෂ දර්ශනයක්, අපවාදයක් එල්ල කිරීම හෝ උන් වහන්සේ පිට වරද පැටවීමක් කෙසේවත්ම සිදු කල නොහැකි වේ.

බුද්ධියෙන් නොව හැඟීම්වලට වහල් වී තීන්දු තීරන ගන්නා දේශපාලනික වශයෙන් දැක්මක් නිර්මානශීලීත්වයක් රැඩිකල් බවක් නොමැති ලද බොළඳ සුළු තරයකගෙන් උන් වහන්සේට අැති ප්රබලම චෝදනාව වී අැත්තේ මේ වන විටත් රාජපක්ෂ වරු බලයේ සිටියානම් මීට වඩා හොඳය යන්නය.

නමුත් උන් වහන්සේ කුමන චෝදනාවකට හිස නැමුවත් මෙම චෝදනාව නම් එකහෙලා ප්රතික්ෂේප කරයි. මන්ද යත් මෙම රජයේ කුමන වැරදි පැවතියද ජනතාවට ලැබී අැති කථා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහස.. රටේ ඉහලම පලවෙනි පුරවැසියා සේනාධිනායකයා රටේ විධායක ජනාධිපතිවරයාට යමෙකුට සිතෙනා ඕනෑම පහත් අාකාරයකට බැන අඬ ගැසීමට (නොහොඹි) උවත් ලැබී අැති නිදහස අගය නොකලොත් අකෘතක්ඥ කමකි. මහින්ද, ගෝඨා, බැසිල්, නාමල් හෝ අඩු තරමින් වට්ටක්කයාට හෝ කිසියම් විරෝධතාවක්, විවේචනයක් එදා සිදු කලා නම් මේ වන විටත් අදාල පුද්ගලයා සිටින්නේ කොහිදැයි අත්ව අැති ඉරනම කිමෙක්දැයි විග්රහ කල යුතු නැත.

ඒවා වත්මන් සමාජයේ බොහෝ දෙනා දන්නා ප්රසිද්ධ රහස්ය. එමෙන්ම වාසිය වෙනුවෙන් පැතිගාමී අන්තගාමීන් සියල්ලන්ගේ හෘද සාක්ෂිය ඉතා හොඳින් දන්නා මුත් පවතිනා වහල් සහ ගෝත්රිකවාදී මානසිකත්වය නිසා සහ විශේෂයෙන් පැතිගාමී කුහකත්වය නිසා ගිලගෙන සිටියී.

එම නිසා කවුරු කූමක් කෙසේ කීවද උන් වහන්සේගේ පරමාර්ථය සහ අධිෂ්ඨානය වන්නේ ජීවතුන් අතර සිටියද නොසිටියද තම අභිප්රායය ඉෂ්ඨ කිරීමය. එය යතාර්ථයක් කරනා තුරු තමන් වහන්සේ නිවන් මගට වත් නොපිවිසෙන බව අවධාරනය කරයි. 

එහෙයින් රටේ ජනතාව මෙම තත්ත්වය වහ වහා අවබෝධ කොටගෙන පාලකයින් නිසි මගට ගැනීම හෝ සියල්ලෝම (225) පලක් නොමැති තක්කඩියන් යැයි වැටහේ නම් සහ අඩුම තරමින් ජනතාවගේ අාරක්ෂාව හමුවේදී හෝ පරාර්ථකාමී අදහසක් වත් නොමැති නම් සහ ජනතාව බිල්ලට දී හෝ තමන්ගේ බලය තර කර ගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක නිරත වන්නේ නම් මෙම පාපතරයින් 225 ම අතුගා දමා නවමු බලවේගයක් බිහි කර ගැනීම වෙනුවෙන් රටේම ජනතාව එකම කඳවුරකට ගොනු වී 2020 අවසන් මෙහෙයුම දියත් කරනට සැරසෙන ලෙස උන්වහන්සේ සමස්ථ ජනතාවට අනුශාසනය කර සිටියී.

ඒ උදෙසා සුදුසු මීලඟ පොදු අපේක්ෂකයා යැයි උන් වහන්සේ මීට කාලයකට පෙර නම් සඳහන් කල බොහෝ පුද්ගල නාම වත්මන් පරිසරය යටතේ බැහැර කිරීමට සිදුව අැති බවද සැලකුව මනාය. 

ඒ වෙනුවෙන් 225 ටම සහ ඔවුන්ගේ බලල් අත් සියල්ලන් හට අභියෝගයක් ල්ල කල හැකි සුදුසු පාෙදු අපේක්ෂකයා සාමාන්යය ජනතාව අතරින් තෝරා සොයා ගැනීමේ මත වාදයන් රට තුලින් මතු වෙමින් පවතී.

කෙසේ වෙතත් වර්තමානයේ රටේ උද්ගතව අැති තත්ත්වය යටතේ පෙනී යන්නේ මෙම පාට පක්ෂ ගොත්රිකවාදී දේශපාලන සංස්කෘතිය යටතේ රට සහ ජනතාවගේ ජීවන තත්ත්වයන් සහ මතු පරපුරේ අනාගතය ඒකාලෝක කිරීම තව දුරටත් බලා සිටීම යනු මිරිඟුවක් බවය.

එම නිසා වර්තමානයේ විශේෂයෙන් පසුගිය අප්රේල් 21 වැනි පාස්කු ඉරිදා දින සිදුවූ ම්ලේච්ඡ ත්රස්ත ප්හාරයෙන් පසු රට තුල මතුවෙමින් පවතිනා 225 ම වැඩක් නැහැ යන ජන මතය හමුවේ නවමු දේශපාලන පරිසරයක් නිර්මානය කිරීමේ ප්රබල අවශ්යයතාවයක් මතුව පවතී.

අවසාන වශයෙන් එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම යන තේමාව යටතේ.. එකී පොදු අරමුන විජයග්රහනය කරවීම උදෙසා තමන් වහන්සේගේ පූර්න දායකත්වය සහ මැදිහත් බව හමුවේ මීට පෙර වෙසක් දින පනිවිඩයේ සඳහන් කල අාකාරයට ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය වෙනුවෙන්..

සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානය.
2019 මැයි 22 දින අළුයම 00.20 ට ජනගත කල වගයි.


Friday, May 17, 2019

අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2019 මැයි 18 දින අමාමහ වෙසඟේ උතුම් පනිවිඩය සමස්ථ ශ්රී ලාංකේය ජනතාවටයි. විජයග්රාහී නියත ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය.. එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම. සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානයි.

අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2019 මැයි 18 දින අමාමහ වෙසඟේ උතුම් පනිවිඩය සමස්ථ ශ්රී ලාංකේය ජනතාවටයි.

විජයග්රාහී නියත ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය..

එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම.

සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානයි.

=========================================

අාණ්ඩු බිහි කරන අාණ්ඩු ගෙදර යවන ජනතාවාදී බලය එකම කඳවුරකට ගාල් වී එකම අරමුනක් වෙනුවෙන් එකට සිටගත් කල ඊට තරඟයක් කොයින්ද..! ඒ සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයේ සිටිනා කිසිවෙකුටත් තර්කයක් විසංවාදයක් පැවතිය හැකිද..!

එම නිසා මෙවර මෙම සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා විප්ලවීය ජනතා ජයග්රහනයේ ප්රතිඵලය ලක්ෂ සියය ඉක්මවා යන අද්විතීය විජයග්රහනයක් වන බව සහතිකය.

එමෙන්ම ඉන් අනතුරුව පවත්වනු ලබනා නව අාණ්ඩුකරන ව්යවස්ථාවට අනුමැතිය සඳහා වන ජනමත විචාරන ජයග්රහනය සියයට 95% ක ප්රතිශතයක් ඉක්මවන බවද ශපත කරමි.

ඉන් මතු මේ රටේ කිසි දිනක පාට පක්ෂ දේශපාලන න්යාය පත්ර නැත. පවතින්නේ අති බහුතරයක් වන රටට ජාතියට අාදරය කරනා ශ්රී ලාංකිකයින්ගේ කඳවුර සහ රටට ජාතියට අාදරයක් නොමැති දේශද්රෝහීන් සීමිත පිරිසකගේ කඳවුර පමනි.

තම අාණ්ඩුවක් බලයට පැමිනෙනා තුරු රටට ජාතියට වැඩක් නොකරනා රට වලපල්ලට යවනා යල් පැන අැති පාට පක්ෂ ගෝත්රිකවාදී ශාපකාරී දේශපාලන සංස්කෘතිය නිමා වේ.

රට ජාතිය ඉතා කෙටි කාලයක් තුල සස්රීක වී ස්වයංපෝෂනය වී ලෝකයට ණය නැති රටට බර නැති කාටත් එකසේ සතුටින් සමාදානයෙන් විසිය හැකි ස්වර්නමය යුගයක් උදාවේ.

එනිසා සියළු ජනතාවගේ සැක දුරු කරගනු අරබයා මෙම ජයග්රාහී ඡන්ද පදනම සකස් වන අාකාරය සෝභිත මාහිමිපානෝ මෙසේ විශ්ලේෂනය කරයි.

උන් වහන්සේගේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ ජයග්රහනය වෙනුවෙන් අැප කැප වූ 62 ලක්ෂයක් ඡන්ද පදනම ගත් කල ඉන් අන්තවාදී මෙන්ම ගෝත්රික ගති සෝභාවන් අැති බුද්ධියෙන් තර්කයෙන් යුතුව විමසා නොබලා තම පරමාධිපත්යය බලය පිලිබඳ නිසි වැටහීමක් තක්සේරුවක් නොමැති රටේ තීරනාත්මක බැබෑරුම් කාරනාවන්හිදී හැඟීම් වලින් සහ පාරම්පරික හන මිටි අාකල්පයන්ගෙන් යුතුව තීන්දු තීරන ගන්නා සීමිත අතලොස්සක් හැරුනු කොට වර්තමාන ඡන්ද දායකයා මේ වන විට දේශපාලනික විඥ්ඥාණයෙන් ඉහල තලයක පසුවන බව මෑත ඉතිහාසය බොහෝ සාක්ෂි දරයි.

ඊට හොඳම නිදසුන වන්නේ පසුගිය පලාත් පාලන මැතිවරන ප්රතිඵලයයි. එම ප්රතිඵලය ඉතා ඉහල අගයක් ගත්තද.. එමගින් කිසිසේත් රාජපක්ෂවාදී පොහොට්ටු ජයග්රහනයක් හෝ පාලනයක් සැබවින්ම තීරක ජනතාව අපේක්ෂා කලානම් මේ වන විට රටේ පැවතිය යුත්තේ පොහොට්ටු අාණ්ඩුවකි. නමුත් එය එසේ නොවූයේ විශ්වාස භංග පරාජයන් නිසා යැයි සිතනවානම් එය දේශපාලනික අඳබාලයින්ගේ ලාමක සිතිවිල්ලක් පමනි.

ඒ අවස්ථාවේදී ජනතාවට අවශ්යව තිබුනේ පැවති ඒ කථා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහසවත් නොතිබුනු දුර්දාන්ත ඒකාධිපතිවාදී රාජපක්ෂ නිකාබයේ යම පාලනය කිසිසේත් යලි බල ගැන්වීම නොව, සෝභිත මාහිමිපානන්ගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ ප්රධාන සටන් පාඨය වූ යහපාලනය ස්ථාපිත කරනු වෙනුවට තම පුද්ගලික න්යාය පත්රයන් සහ මහ බැංකු බැදුම්කර කොල්ලය වැනි එදා පැවති සොරකම් දූෂන ක්රියා බලයට පැමිනි යහපාලකයින් කියා ගත් උන්ද සිදුකරගෙන ගිය අත්තනෝමතික පාලනයට පාඩමක් ඉගැන්වීම පමනි.

නොඑසේව එකී ප්රතිඵලය ගෙන දුන් ජනතාවට නව පොහොට්ටු අාණ්ඩුවක් අවශ්යය කලානම් ඒ ජන බලය පාරට බැස එකා පිට එකා වැටී හෝ පාලන බලයක් ලබා ගැනීමේ හැකියාව නොතිබුනා නොවේ.

කොයි කවුරුත් එම කාරනය ඉතා හොඳින් තේරුම් බේරුම් කර ගත යුතුය.

කෙසේ වෙතත් වර්තමානය වන විට ඒ සබුද්ධික තීරක දේදුනු ප්රජාවට අවශ්යය කරනුයේ පාට හෝ පක්ෂ හෝ ගජ මිතුරු, සන්ධාන, තරාතිරම්, බල ගැන්වීම නොවේ. සෝභිත හිමියන් පෙන්වා දුන් තම ඒ උතුම් අරමුන ජය ගෙන බල ගැන්වීම පමනි. ඒ උදෙසා ඒ ප්රජාවගේ කැපවීම කිසිලෙසකින්වත් අන්තවාදීව හෝ ගෝත්රික වාදීව හෝ පුද්ගලික වාසි ප්රයෝජන තකා හෝ ගනිකා වෘත්තියේ නොයොදවනු ලබයි.
========================================================================
මෙම කොටස පමනක් පසුව සිදු කල එකතු කිරීමකි...
එනම් ගෙදර යාමට ඉතාමත් අාසන්නව සිටිනා 225 වැනියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කරනා අාකාරයට මෙය ජාත්යන්තර කොන්ත්රාත්තුවක් බව කියයි. නමුත් මෙම අාත්මීය මෙහෙයුම සෝභිත හිමියන්ගේ දර්ශනය පෙරදැරිකර ගත් (අපි වෙනුවෙන් අපි) රටේ සමස්ත පුරවැසියන්ගේ ශුද්ධ වූ කොන්ත්රාත්තුවක් බවත් කරුණාකර ඊට නින්දා කොට ජන හදවත් තුල ඔබ වෙනුවෙන් ඉතිරිව පවතිනා අල්ප හෝ ගෞරවය කෙලෙසා නොගන්නා ලෙසත්, (මල පැන සිටිනා) මහජනතාවගේ උදහසට පාත්ර නොවනා ලෙසත් ඉතා කාරුණිකව අයැද සිටිමු. (රටේම සත්පුරවැසියෝ) 
========================================================================
2015 ජනවාරි 08 දේදුනු විප්ලවය ජයගත් යහපාලනවාදී සබුද්ධික තීරක ප්රජාව 2020 අවසන් මෙහෙයුම උදෙසා සියළුම සමාජ මාධ්යය ජාල කාෙතෙක් අවහිර කලද වැලකුම කිසිසේක් කල නොහැකි ටෙලිපති තරංග ඔස්සේ ක්රියාන්විතයෙහි යෙදෙමින් විශ්වයේ සැරිසරනා සෝභිතාවතාරය හා සබැඳිව මේ වන විටත් සටන් පෙරමුන වෙත ස්ථාන ගතව සිටිමින් පොදු අරමුන ජය ගත හැකි ක්රමෝපායන ඔස්සේ මංමාවත් වෙනස් කරමින් සහ උපාය මාර්ග වෙනස් කරමින් කාලෝචිත ලෙස ඉදිරියට අැදෙමින් ඉලක්කය විජයග්රහනය කරා ලඟා කරවමින් පවතියී.

ඒ වගේම මේ වන විට එකී 60 ලක්ෂයකට අධික ඡන්ද පදනම දෙගුණයකට අාසන්න වන ලෙස බල ගැන්වී පවතිනා සමීකරනයද සෝභිත හිමියන් මෙසේ පැහැදිලි කරයි.

ලක්ෂ 20 ට අධික නවක ඡන්ද සහ මෙතාක් කල් පවතිනා දේශපාලනික ක්රම පිලිබඳව කලකිරීම නිසා අප්රකාශිතව සිටි ඡන්ද බහුතරයක් මෙවර තමන් වෙනුවෙන් සැකසෙනා කිසිදු දේශපාලනික පාට පක්ෂයක් සහ ඒ පාපතරයින් නොමැති මෙම නව ජනතාවාදී ජනතාවගේ බලවේගයට තම ඡන්දය නියත ලෙස භාවිතා කිරීම.

ඒ වාගේම තවත් ලක්ෂ ගනනක සුවිශේෂී නියත ඡන්ද පදනමක් වන්නේ සෝභිත මාහිපානන් හා සබැඳිව අාදරයෙන් සහ සෙනෙහසින් උන් වහන්සේ වටා එක්රොක්ව උන් වහන්සේ කෙරෙහි අති මහත් විශ්වාසය තබා කටුයුතු කල සබුද්ධික දමිල මුස්ලිම් හින්දු මැලේ බර්ගර් සහෝදර සියළු ජාතීන්ගේ සියළු පක්ෂ තුල සිරගතව පීඩිතව පවතිනා ශක්තිමත් පරමාධිපත්යය බලයයි.

එමෙන්ම සෝභිතාවතාරයේ මීලඟ ඉලක්කය වන්නේ සියළු විරුද්ධ පක්ෂයන් තුල පවතිනා ලක්ෂ 60 ට පමන අාසන්න ඡන්ද ගොඩේ පවතිනා සබුද්ධික වූ පාවෙනා තීරක ජන්ද පදනමයි.

වර්තමානය වන විට රටේ නන් දෙසින් පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනා 225 ම ඉතාමත් පිලිකුල් සහගත ලෙස ප්රතික්ෂේප වී සිටිනා මොහොතක... එමෙන්ම කාට ඡන්දය පාවිච්චි කලත්.. දරදිය අැද්දත්.. මුළු රටම අනාරක්ෂිතව පැවති පසුගිය සෝචනීය සිදුවීම් මාලාව ඔස්සේ අාපසු හැරී බැලීමක් කිරීමේදී තමන්ගේත් තම දුවා දරුවන්ගේත් ජීවිත අාරක්ෂාව හමුවේ සියළුම පාලකයින් ක්රියා කල අවස්ථාවාදී අාකල්පය නිසා රටේ මුළු මහත් ජනතාවට දේශපාලන අධිකාරියේ සිටිනා 225 ම ඉතාමත් පිලිකුල් සහගත වී අැත.

එය යලි කිසිදා මේ රටේ ඡන්ද දායකයාගේ හදවත් තුලින් මකා දැමිය නොහැකි අසරන බවේ සංඛේතයේ කලු පැල්ලමකි.

පසුගියදා ජීවිත බිලිදුන් සිය ගනනක් බැතිමතුන් සහ ලමා ලපටීන් අැතුළු අවිහිංසක ජනතාවගේ මරනයේ ශාපය පාරාවලල්ලක් වී ජනතාව අනාරක්ෂිත කොට පුද්ගලික වාසි තකා සහ මුස්ලිම් ඡන්ද අහිමි වෙතැයි යන බියෙන් නිහඬව සිටි පව්කාර සියළු දේශපාලකයින් කරාම අාපසු පැමින අැත. ඉන් ගැලවීමට කිසිදු ඉඩක් මෙම පව්කාරයින් 225 ට මින් මතු මේ රටේ නොමැති බව මේ වන විටත් තහවුරු වී හමාරය.

නමුත් ජනාධිපතිවරයාට පමනක් ප්රමාධ වී හෝ මෙම ශාපයෙන් අත්මිදීමිදිය හැකි අවසන් අවස්ථාව පමනක් ඉතිරිව තිබේ. ඒ වූ කලී සෝභිත මාහිමියන්ගේ නිසල දේහය අභියස ශපත කල පොරොන්දු ඉටු කිරීම කෙතරම් දුරට ඉෂ්ඨ සිද්ධ කලාද නොකලාද කරන්නට දෙපාර්ශවයේම සිටි පාදඩයින් ඉඩකඩ ලබා දුන්නාද නැද්ද යන්න නොව අවසන් මොහොතේ එලඹීමට නියමිත නුදුරු තීරනාත්මක ජනාධිපතිවරනය ඉතාමත් සාමකාමී අදුෂිත පාරදුෂ්යය භාවයෙන් යුතුව පවත්වා සෝභිත හිමියන්ගේ පරමාර්ථය අභිමතාර්ථය සිහිනය ජය ගැනුමට අවශ්යය වාතාවරනය සකස් කර දීම වේ. යම් ලෙසකින් ඒ අවසන් යුතුකම සහ වගකීමවත් ඉටු කර දීමට අපොහොසත් උවහොත් සෝභිත හිමියන්ගේ විශ්ව අාවාසයේ අැබිත්තයාගේ තනතුරට මාරු කර හරිනා බවට අනතුරු හැඟවීම් අැති බව සිහිපත් කර දිය යුතුය.

එ් වගේම මෙවර කිසිවෙකුත් සිහිනෙකින්වත් අපේක්ෂා නොකරනා සුවිශේෂී ඡන්ද ප්රතිශතයක්ද මෙම ජනතාවාදී නව අාණ්ඩුකරන මෙහෙයුම වෙනුවෙන් හිමිවනු අැත. ඒ වූ කලී අන් කිසිවක් නොව පවතිනා සියළු දේශපාලනික ප්රවාහයන්ගේ භාර්යාවන් දරුවන් සහ ඒ.. ඒ.. අදාල පවුල්වල සියළු ඥාතීන් තම පියා පුතා බෑනා මස්සිනා අයියා අක්කා මල්ලී නංගී මිතුරා මිතුරිය හට අයත් පාරම්පරික දේශපාලනය අත්හැර රහසින් මෙම ජනතා බලවේගයට පක්ෂව තම වටිනා ඡන්දය භාවිතාවෙහි යෙදවීමයි.

ඒ වෙන අන් කිසිදු හේතුවක් නිසා නොව තම තමන්ගේ අාදරනීය දුවා දරුවන්ගේ සහ ඉනික්බිතිද තම තමන්ගේ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක්.. සුරක්ෂිත අනාගතයක්.. යන්න ඒ සියල්ලන්ගේ ඒකායන ප්රාර්ථනය නිසාය.

රටේ සියළු මාපියන් හට කිනම් දේශපාලනික න්යාය පත්රයන් පැවතියද ඒ සියල්ල තම දුවා දරුවන්ගේ සුරක්ෂිත භාවය සහ අනාගතය හමුවේ දේශපාලනික අාකල්පයන් යනු අළුයම ඉවත ලන (කුණු) කෙල පිඩක් පමනි.

ඒ අරමුන ජයගෙන දී සියළු වැඩිහිටියන් හට සැනසිල්ලේ මියෑදෙන්නට නම් තවත් ප්රමාද නොවී රට ජාතිය ගොඩ ගත යුතු අවසන් හෝරාව අත් නොහල යුතු ඒ වගකීම උදා වී අැත. ඒ වෙනුවෙන් ලැබී අැති තීරනාත්මක කඩඉම අත් හැරීම හෝ  මොහොතක් ප්රමාද වීම මුළු ජාතියමත් මුළු රටමත් අති භයානක ඉරනමක් කරා ලඟා වීමක් බව දැන් මුළු මහත් ජනතාවටම ප්රත්යක්ෂ වී හමාරය.

ඒ නිසා බුදුන් පය ගැසූ මේ මහා ශ්රී ලක් පොලව මත බල ගැන්වෙනා සෝභිත හිමිපානන්ගේ සියළු සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ 2020 නොවරදිනා අවසන් මෙහෙයුම දැන් කිසිවෙකුටත් අාපසු හරවන්නට සොභා දහම් මාතාව කිසිදු හිඩැසක් තබා නොමැති බව තහවුරුය. සුපැහැදිලිය.

ඒ වගේම ඡන්දය පාවිච්චි කරනා අවසන් මොහොතේදී අනපේක්ෂිත ලෙස විශේෂයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ සහ (*උගත් බුද්ධිමත් මෛත්රී වික්රමසිංහ මැතිනියගේ ඡන්දය නම් මෙම කඳවුරට බව ෂුවර් අැන්ඩ් ෂොට්) මෙන්ම ෆයිල් වග්ගය නිසා තම පක්ෂය තුල සිරවී කොටුවී සිටිනා හෘද සාක්ෂියක් අැති යම් යම් මැති අැමති මන්ත්රීන්ගේ ඡන්ද පවා අපගේ කඳවුරේ ඡන්ද සලකුණ ඉදිරියෙන් සටහන් වීමද (වයිමාටවත්) වැලැක්විය නොහැකි වනු අැත.
-------------------------------------------
අවසන් වශයෙන් පවතිනා දේශපාලන අධිකාරියේහි සිටිනා පක්ෂ විපක්ෂ සියළුම මැතිඅැමති මන්ත්රීලා හට අනුකම්පා කොට වදාරා පහත කොන්දේසි යටතේ මෙම මහා ජනතා බලවේගයට ඒකරාශී වීමේ ඉඩ ප්රශස්ථාව පාර්ලිමේන්තුව විසිරුවා හැර ජනාධිපතිවරනය ප්රකාශයට පත්කර පැය 72 ක් ගත වන තුරු වලංගුව පවතී.

(01) සියළු නිල තලවලින් සහ පක්ෂ දේශපාලනයෙන් බැහැර වී සාමාන්යය නිර්පාක්ෂික පුරවැසියකු ලෙස පැමිනිය යුතු වීම.

(02) පවතිනා දූෂණ චෝදනා නඩුහබ අැත්නම් ඒවායින් වරද කරු වන තෙක් ඔහු නිවැරදි කරුවෙක් ලෙස සලකයි. නමුත් යම් හෝ දිනෙක වරද කරුවෙක් උවහොත් සාමාජිකත්වය අහෝසි වෙයි.

(03) ස්ත්රී දූෂකයෙක්, මත් ජාවාරම් කරුවෙක්, දේශද්රාේහී චුදිතයෙක්ව සිටීම. නඩු හබ අැතත් නැතත් සමාජ කතිකාවට භාජනය වූ චෝදනා හෝ අැත්නම් අයදුම ප්රතික්ෂේප වේ.

(04) දෙබිඩි පිලිවෙතක් අනුගමනය නොකල යුතු වීම.

(05) නිල තල තනතුරු තානාන්තර කාටත් පොදු සම්මුඛ පරීක්ෂනයෙකින් පරිභාහිරව අපේක්ෂා නොකිරීම. ඊට බලපෑම් අැති නොකල යුතු වීම.
-----------------------------------------

මෙවන් වූ උත්තරීතර පසුබිමක් යටතේ මතු බිහිවනා පාරදුශ්යය භාවයෙන් යුත් තුන් කුළුඳුල් (එක රටක්, (සැමටම පොදු) එක නීතියක්, නොයිඳුල් නව නායකත්වයෙකින් යුත් කුළුඳුල් නව අාණ්ඩු ක්රමයක්) සහිත 100% ක් ජනතාවාදී නියත ජනතා ජයග්රහනය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනා මෙන්ම ලෝක දේශපාලනයට පරමාදර්ශ සපයනා ලෝක තලයේ පවතිනා දේශපාලනික දර්ශනයන් අාපසු හැරවීමට ලක්කරනා සුවිශේෂී ප්රාතිහාර්යයක් වනු නියතය.
සෝභිතාවතාර විශ්වයේ සිට තම අරමුන උදෙසා කැපවී..
2019/05/18 වෙසක් පුන් පාෙහෝ දින

අපි පෙල ගැසෙමු. රට ගොඩ ගනිමු... / සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට සූදානම් වෙන්න.. / සෝභිතාවතාර විශ්වයේ සිට. - 2019/05/18 - අලුයම

 අපි පෙල ගැසෙමු. රට ගොඩ ගනිමු 
 සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට  සූදානම් වෙන්න.. 

රටේ පූර්ණ බලය හිමි සමස්ත ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පාවිච්චි කොට රට සහ ජනතාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව වෙත යවා ඇති 225 ම තම තමන් පමණක් ආරක්ෂා වී තමන් බලයට පත් කළ ජනතාව සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත කළේය.

ඉතින් මෙවැනි පිරිසක් තව දුරටත් මේ රටට අවශ්‍ය නැත.

එහෙයින් මෑතදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් මෙම අනිසි බලය ගලවා නැවත ජනතාව වෙත ලබා ගත යුතුය. රටටම මෙය පෙන්වා දී පසුගියදා ජීවිත වලින් වන්දි ගෙවූ සියලු සෑම දෙනාගේ ඒ මරණයන් හට වටිනාකමක් ඇති වනු පිණිස මතු අනාගතයේ දී මෙම රටත් ජනතාවත් ආරක්ෂා වනු පිණිස එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව නායකත්වයක් යටතේ ජනතාව විසින් ආණ්ඩු කරනා පාලන ක්‍රමයක් බිහි කළ යුතුය.

ඒ අරමුණ ජය ගැනුම උදෙසා නිසි පොදු අපේක්ෂකයා ඉදිරිපත් වන තුරු ලක්ෂ සියයකට අධික විජයග්‍රාහී ඡන්ද පදනමක් ඇතිව සෝභිතාවතාර විශ්වයේ සැරි සරයි.

සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට සූදානම් වෙන්න.. 

සෝභිතාවතාර විශ්වයේ සිට. 
2019/05/18 - අලුයම

Wednesday, May 15, 2019

ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු. / සෝභිතාවතාර - 2019/05/15



ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු.



මුහුනු අාවරනය සම්බන්ධයෙන් ගැසට් කර නීති ගත කර අැත්තේ පුද්ගල අනන්යයතාවය තහවුරු විය යුතු කොන්දේසි වේ. ඒ නිසා දැන් අපේ FB මල්ලිලා නීතිය නමන්න උත්සාහ කරල සමාජ මාධ්යය ගිනි තියන්නේ නැතිව නීතිය කාටත් එකසේ පොදු නිසා ඊට ගරු කොට පවතිනා ගැටළුව නිරාකරනය වන තුරු හෝ මින් මතු අදාල කොන්දේසිවලට පටහැනි හෙල්මට් භාවිතයද අත්හිටුවන්නේ නම් එය අාරක්ෂක අංශ සහ පොලිසියට කරනා මහඟු උපකාරයකි.



https://www.gossiplankanews.com/2019/05/bburka-ban-gassette.html
සෝභිතාවතාර - 2019/05/15




Monday, May 13, 2019

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්** අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්**
අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...
================================================================
උසස් මනසක් අැති මානවයෙක්ව ඉපිද සත්යය සහ යතාර්ථය සොයා ගොස් ඉහලම බුද්ධියෙන් අග තැන් පත් අප මහා තිලෝ ගුරු සම්මා සම්බුදු පියානන්ගේ දර්ශනයේ මනුසත් අපට පිලිගත හැකි තර්කයෙකින්ද, බුද්ධියට ගෝචර වන පසුබිමකින්ද, දේශනා කර අැති *කාලාම සූත්රයේ* කියැවෙන පාලි පාඨයෙකින් සහ එහි සිංහල අර්ථයෙන් තර්කානුකූල වූ සබුද්ධිමත් මුස්ලිම් සහෝදරත්වයට මානුශිය යෝජනාවක් ගැලපෙයිනම් පිලිගැනීමට..
 සෝභිතාවතාරයෙන් විශ්වයේ සිට...
*****************************************************

මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිඨක සම්පදානේන, මා තක්ක හේතු, මා නාය හේතු, මා බබ්බ රෑපකාය, මා දිට්ඨි විජ්ජා නක්ඛත්තියා, මා සුමනා ගරෝතිතීයී,
(පාලී පාඨය)
------------------------------------------------------------------------------------
මා කියූ පමනින්වත්, පරම්පරාවෙන් පැවත එන පමනින්වත්, සූත්ර විනය අභිධර්ම යන පිඨක ග්රන්ථවල සඳහන් වූ පමනින්වත් මෙය නිවැරදි යැයි පිලි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද, බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළි‍ගන්න.
(සිංහල අර්ථය)
===========================================
බුදුරජානන් වහන්සේත්, ක්රිස්තුස් වහන්සේත්, දැක අැති මිනිසුන් එකල සිටියහ. නමුත් මෙම අන්තවාදී අාකල්ප දරනා අය ප්රකාශ කරනා දෙවියන් දුටු කෙනෙක් එදත් නැත.. අදටත් නැත.

බුදුන් සහ යේසූස් වැනි ශාස්තෘවරුන් තම තමන්ගේ ඔද තෙද බල මහිමයන් සහ ඒවායෙහි අාදීනවයන් මිනිසුන් හට ඔප්පු කර පෙන්වා අැත. ඒ නිසා තමන් නොදුටු දෙයක් නොපෙනෙන දෙයක් පිලිගත නොහැකි කිසිවක් තම ශාස්තෘවරුන් යැයි හැඳින්වෙන්නන් දේශනා කල පලියට බාර නොගත යුතුය. උසස් මනසක් අැති මනුසත් භවයක් ලබා අැති ඕනෑම අයෙකු ඉහත පරිදි තර්කානුකූලව විමසා බලා තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක් පිලිගැනීමට ලක් කල හැක.

මිනිසුන් දැක අැති බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තමන්ට
ගැලපෙන පරිද්දෙන් බෞද්ධ සැදැහැවතුන් සහ බුද්ධිමත් සියළු ජනයා භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි. ක්රිස්තුස් වහන්සේ දේශනා කල ධර්මයද තමන්ට ගැලපෙන පරිද්දෙන් ඒ අනුගාමික ප්රජාව භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි.

නමුත් බුද්ධියෙන් තොරව අන්තවාදී මත දරනා සැවොම කිසිවකුත් දැක නැති දෙවියකු පවසනා දේ සත්යය යැයි පිලිගත හැකිදැයි පවතිනා සාමාන්යය දැනීමෙන් හෝ කල්පනා කර බැලිය යුතුය. ඒ සඳහා ඉතා වටිනා තෝතැන්නක් වර්තමානයේ රට තුල අැස් ඉදිරිපිට දැක ගන්නට අැත. තමන්ගේ අන්තවාදී අාකල්ප ජය ගෙන අැත්දැයි. මරාගෙන මැරුනු තම සහෝදර සටන් කාමීන් අපේක්ෂා කල මෝක්ෂය ඔවුන් ලබා ගත්තාද. ඒ පිලිබඳ සාධක සාක්ෂි පවතීද.. සුර දූතියන් පිරිවරාගෙන සැපට සිටිනා බවට දෙව්ලොව සිට පනිවිඩයක් වත් එවා තිබේද..!

...නැත. කිසිවක් නැත. හිස් අරමුනක් වෙනුවෙන් දිවි පුදා ලැබී අැති කිසිවක් නැත. නමුත් හිමිව අැති කණගාටුදායක තත්ත්වයට නැතහොත් විපාකයට මුහුන දෙන්නට සිදුව අැත්තේ මෙම හිතුවක්කාර ත්රස්ත දූපුතුන් හැදූ වැඩූ අසරන මාපියන්ටය. ඔවුන් හට රටේ විසුමට බැරි අසල් වැසි අන්යය සහෝදර ජාතිකයාගේ මුහුන බලන්නට බැරි තත්ත්වයකට පත්කර අැත. හදා වඩා ලොකු මහත් කල ශාපය මාපියන් හට උරුම කර සදා දුකට පත් කර අැත.

මෙම පනිවිඩය අෑත ගම් දනව්වල සිට රටේ සතර දික්බාගය පුරා සිටිනා දුප්පත් පොහොසත් මුස්ලිම් ජනී ජනයා අතරට ව්යාප්ත කල යුතුය. තමුන් නොමැරී අන් අයට මරාගෙන මැරෙන්නට උගන්වනා අන්තවාදීන්ගෙන් තම දරුවන් මුදවා ගන්නට සාර්ථක වැඩ පිලිවෙලක් සකස් විය යුතුය. ඒ නූගත් දුප්පත් මෙන්ම තම අාගම කෙරෙහි අන්ධ භක්තියෙන් යුතුව කටයුතු කරනා ඉහල සමාජයේ උගත් පොහොසත් මුස්ලිම් වරුන්ද සොයා අන්තවාදීන් හට තම දරුවන් ග්රහනය කර ගත නොහැකි වන ලෙස කිසියම් සුභ සාධන මෙන්ම දැනුවත් කිරීමේ සහ පුනරුත්තාපන වැඩ පිලිවෙලක් අැති කිරීමට රජය හා බද්ධව වැඩ පිලිවෙලක් අාරම්භ කිරීමට මුස්ලිම් සමාජයේ ඉහල ස්තරයන් ප්රමුඛ්ත්වය ගෙන කටයුතු කල යුතුය.

විශේෂයෙන් මෙය අන්තවාදී අාකල්පයන්ගෙන් තාෙර උගත් බුද්ධිමත් විචක්ෂන ශීලී වූ තර්කානුල අදහස් අැති හදවතින් නොව බුද්ධියෙන් තීන්දු තීරන ගත හැකි මුස්ලිම් අාගමික නායකකාරකාදීන් සතු අත් නොහල හැකි තීරනාත්මක යුග මෙහෙවරකි. ඒ උතුම් අරමුන උදෙසා දිවි දීම අල්ලා සතුටු කිරීම ලෙස සලකන්න. නොඑසේනම් තර්කානුකූලව සිතා මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම උතුම් කොට සලකා අැප කැප විය යුතුය. නිකම්ම නිකම් නිකමෙකුව මියෑදෙනවාට වඩා මිනිසාගේ යහපත උදෙසා හැකි යමක් ඉටු කර මියෑදීමෙහි වටිනාකමක් අැති බව සිතට ගත යුතුය.

ඒ ඌ කලී තම අාදරවන්තයින් හටද මරාගෙන මැරෙනා බෝම්බ පිටේ බැඳ කුසේ සිටිනා දරුවාගේ සිට අැකයේ සිටිනා දරුවාට පවා මරනය ගෙනවිත් දී ඒ අාදරවන්තයින් අතහැර ඔවුන් ගැන බිඳකුදු නොසලකා දෙව්ලාෙව ගොස් සුර සැප විඳීමට සිතීම තරම් අාත්මාර්තකාමීත්වයේ අගතැන් පත්වන අාකාරයේ පහත් සිතුවිල්ලක් නොවිය යුතුය.

තමන් හට අයිති නැති අන් අයගේ ජීවිත හා සූදු ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නැත. භාර්යාවක්ව යම් සැමියෙකු හා දීගතලා සපැමිනෙන්නේ මරනය ලඟා කර ගන්නට අැති කැමැත්තක් නිසා නොව. ඒ වගේම එම භාර්යාව තම සැමියාට දාව තම කුස තුල දස මසක් දුක් විඳ පෝෂනය කර දරුවකු බිහි කරනුයේද සහජාත කල පියානන්ගේ බෝම්බයකට බිලි දෙන්නටද නොව.

එවැන්නකට සහජාත කල පියාට හෝ වැදූ මවටවත් අවසර නැත්තේ ඒ ජීවිතයේ සැබෑ අයිතිකරුවාගෙන් ඒ පිලිබඳ විමසුමක් සිදු නොකර මෙලාෙවට බිහි කර අැති නිසාය. එනිසා පලමු වරද සිදු කර අැති දෙමාපියන් හට කිසිසේත්ම ඉහත කී දෙවනි වරද සිදු කිරීමට අවසරයක්ද නොමැත.

වටිනා මිනිසත් බවක් ලැබ මිහිබට ඉපදුනු අයෙකු හට ලැබී අැති ජීවිතය තුල ලඟා කර ගත හැකි භෞතික සහ අාධ්යාත්මික සැප සම්පත් අවබෝධ කර දිය යුතුය. තමන් නොදන්නා, තමන්ට මතක නැති, මීට පෙර මෙසේ මරාගෙන මැරුනු මලවුන්ගේ අාරන්චියක්වත් නැති, නොදත්.. නොදුටු.. සැපතකට වඩා අතට, ගතට, සිතට, දැනෙන සැප සම්පත් වල පවතිනා ප්රායෝගිකත්වය සහ තර්කානු කූල බව වටහා දිය යුතුය.

තමන්ට නොපෙනෙන සහ දුටු වෙනත් අයෙකුද නොමැති සුර දූතියන් හට වඩා තම නිවසේ සිටින්නා වූද.. තම ඥාතීන් අතර සිටින්නා වූද.. හිත මිතුරන් අතර සිටිනා සිටින්නා වූද.. සුර දූතියන්ගෙන් ලැබිය හැකි අාදරය දයාව කරුනාව සැපත මෙනෙහි කර දෙන්න. ඊටත් වඩා වටිනා සුර දූතියන් තව්තිසාවෙහිත් නොමැති බව තර්කානූකූල බුද්ධි ගෝචරයකි.

එනිසා නිවැරදි නොවන අඳුරු මාවතකට යොමුව අැති ඒ අන්තවාදීන් මුදා ගත යුතුය. ඒ සහා ඒ ජාතින් හට දැනෙනා භාෂාවකින් අාගම් වාදයන්ගෙන් බැහැර කරවූ මානවවාදයෙන් පොහොසත් කරවූ වටිනා වැඩ සටහන් නිමවා දෘශයය මාධ්යය ඔස්සේ මුස්ලිම් ජන සමාජයේ පහලම ස්තරය දක්වා රැගෙන යාමට සෑම නිවසකම අැති රූපවාහිනියේ දෘශ්යමාන වන්නට අාගමික සහ දේශපාලනික මුස්ලිම් නායක කාරකාදීන්ගේ පූර්න දායකත්වයෙන් සහ අැප කැප වීමෙන් තම නූගත් ජන සමාජය බේරා ගැනීමට කටයුතු සිදුවිය යුතුය. ඒ පිනෙන් අල්ලා දෙවියන් සතුටු කරවීමක් මුස්ලිම් භක්තිකයින් හට අපේක්ෂා කල හැක.

තර්කයට වැටහෙන බුද්ධියට ගෝචර වන උතුම් මිනිසත් කාර්යයන් කෙරෙහි යොමු කරවීමේ මහා වැඩ පිලිවෙලක් අප රට තුලින් අාරම්භ කොට දෙවනුව එය ගෝලීය වශයෙන් ව්යාප්ත කරලීමට එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මානවවාදී ක්රියාන්විතයක් ලෙසින් ජාති අාගම් භේදවලින් තොරව උසස් මනසක් අැති මානවයින්ගේ ධනාත්මක මැදිහත් භාවයෙන් වහ වහා අැති කල යුතුය.

ඒ වගේම උසස් යැයි සම්මත මානවයින් අතර සැඟව සිටිමින් මුත් මානව දයාවක් නොමැතිව තම පටු අරමුනු වෙනුවෙන් අන්තවාදය පෝෂනය කරනා ධනවාදී රටවල් සහ/හෝ ඒ අතර සිටිනා පරපුටු නරපනුවන් හඳුනාගෙන ප්රසිද්ධියට පත්කොට වන් ජාතීන් මානවවාදී රටවල් අතරින් හුදෙකලා කරලීමේ දිර්ඝ කාලීන වැඩ පිලිවෙතටද පිඹුරු පත් සැකසීමේ කාලය උදාවී අැති බවත් මේ සමගම අවධාරනය කර සිටිය යුතුය.

උසස් මනසක් අැතිව උපන් මනුසතුන් ලෙස මේ වෙනුවෙන් සබුද්ධිමත් මුස්ලිම් ජන සමාජය ගනු ලබනා පිලිගත හැකි මානවවාදී වන ධනාත්මක සමාරම්භයන් හට අනිකුත් සියළු සහෝදර ජාතීන්ගෙන් කොන්දේසි විරහිතව සහයෝගය හිමි විය යුතුය.




මෙම වැඩ පිලිවෙල ගෝලීය වශයෙන් ව්යාප්ත කොට වසර ගනනාවක් ඉකුත් වන විට අන්තවාදී අාකල්ප අැති පුද්ගලයින් රින අගයක් කරා ගෙන යාමේ තත්ත්වයට බල ගැන්විය යුතුය.

එය කල හැකිය. නැතහොත් බලහත්කාරයෙන් හෝ කල යුතුමය. මනුසත් බව යයි.

සෝභිතාවතාර විශ්වයේ සිට..
2019/05/14
============================





මීටත් වඩා සුර පුරයක් දෙව්ලොවවත් තිබිය හැකිද..?