Friday, May 17, 2019

අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2019 මැයි 18 දින අමාමහ වෙසඟේ උතුම් පනිවිඩය සමස්ථ ශ්රී ලාංකේය ජනතාවටයි. විජයග්රාහී නියත ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය.. එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම. සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානයි.

අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2019 මැයි 18 දින අමාමහ වෙසඟේ උතුම් පනිවිඩය සමස්ථ ශ්රී ලාංකේය ජනතාවටයි.

විජයග්රාහී නියත ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය..

එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම.

සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානයි.

=========================================

අාණ්ඩු බිහි කරන අාණ්ඩු ගෙදර යවන ජනතාවාදී බලය එකම කඳවුරකට ගාල් වී එකම අරමුනක් වෙනුවෙන් එකට සිටගත් කල ඊට තරඟයක් කොයින්ද..! ඒ සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයේ සිටිනා කිසිවෙකුටත් තර්කයක් විසංවාදයක් පැවතිය හැකිද..!

එම නිසා මෙවර මෙම සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා විප්ලවීය ජනතා ජයග්රහනයේ ප්රතිඵලය ලක්ෂ සියය ඉක්මවා යන අද්විතීය විජයග්රහනයක් වන බව සහතිකය.

එමෙන්ම ඉන් අනතුරුව පවත්වනු ලබනා නව අාණ්ඩුකරන ව්යවස්ථාවට අනුමැතිය සඳහා වන ජනමත විචාරන ජයග්රහනය සියයට 95% ක ප්රතිශතයක් ඉක්මවන බවද ශපත කරමි.

ඉන් මතු මේ රටේ කිසි දිනක පාට පක්ෂ දේශපාලන න්යාය පත්ර නැත. පවතින්නේ අති බහුතරයක් වන රටට ජාතියට අාදරය කරනා ශ්රී ලාංකිකයින්ගේ කඳවුර සහ රටට ජාතියට අාදරයක් නොමැති දේශද්රෝහීන් සීමිත පිරිසකගේ කඳවුර පමනි.

තම අාණ්ඩුවක් බලයට පැමිනෙනා තුරු රටට ජාතියට වැඩක් නොකරනා රට වලපල්ලට යවනා යල් පැන අැති පාට පක්ෂ ගෝත්රිකවාදී ශාපකාරී දේශපාලන සංස්කෘතිය නිමා වේ.

රට ජාතිය ඉතා කෙටි කාලයක් තුල සස්රීක වී ස්වයංපෝෂනය වී ලෝකයට ණය නැති රටට බර නැති කාටත් එකසේ සතුටින් සමාදානයෙන් විසිය හැකි ස්වර්නමය යුගයක් උදාවේ.

එනිසා සියළු ජනතාවගේ සැක දුරු කරගනු අරබයා මෙම ජයග්රාහී ඡන්ද පදනම සකස් වන අාකාරය සෝභිත මාහිමිපානෝ මෙසේ විශ්ලේෂනය කරයි.

උන් වහන්සේගේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ ජයග්රහනය වෙනුවෙන් අැප කැප වූ 62 ලක්ෂයක් ඡන්ද පදනම ගත් කල ඉන් අන්තවාදී මෙන්ම ගෝත්රික ගති සෝභාවන් අැති බුද්ධියෙන් තර්කයෙන් යුතුව විමසා නොබලා තම පරමාධිපත්යය බලය පිලිබඳ නිසි වැටහීමක් තක්සේරුවක් නොමැති රටේ තීරනාත්මක බැබෑරුම් කාරනාවන්හිදී හැඟීම් වලින් සහ පාරම්පරික හන මිටි අාකල්පයන්ගෙන් යුතුව තීන්දු තීරන ගන්නා සීමිත අතලොස්සක් හැරුනු කොට වර්තමාන ඡන්ද දායකයා මේ වන විට දේශපාලනික විඥ්ඥාණයෙන් ඉහල තලයක පසුවන බව මෑත ඉතිහාසය බොහෝ සාක්ෂි දරයි.

ඊට හොඳම නිදසුන වන්නේ පසුගිය පලාත් පාලන මැතිවරන ප්රතිඵලයයි. එම ප්රතිඵලය ඉතා ඉහල අගයක් ගත්තද.. එමගින් කිසිසේත් රාජපක්ෂවාදී පොහොට්ටු ජයග්රහනයක් හෝ පාලනයක් සැබවින්ම තීරක ජනතාව අපේක්ෂා කලානම් මේ වන විට රටේ පැවතිය යුත්තේ පොහොට්ටු අාණ්ඩුවකි. නමුත් එය එසේ නොවූයේ විශ්වාස භංග පරාජයන් නිසා යැයි සිතනවානම් එය දේශපාලනික අඳබාලයින්ගේ ලාමක සිතිවිල්ලක් පමනි.

ඒ අවස්ථාවේදී ජනතාවට අවශ්යව තිබුනේ පැවති ඒ කථා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහසවත් නොතිබුනු දුර්දාන්ත ඒකාධිපතිවාදී රාජපක්ෂ නිකාබයේ යම පාලනය කිසිසේත් යලි බල ගැන්වීම නොව, සෝභිත මාහිමිපානන්ගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ ප්රධාන සටන් පාඨය වූ යහපාලනය ස්ථාපිත කරනු වෙනුවට තම පුද්ගලික න්යාය පත්රයන් සහ මහ බැංකු බැදුම්කර කොල්ලය වැනි එදා පැවති සොරකම් දූෂන ක්රියා බලයට පැමිනි යහපාලකයින් කියා ගත් උන්ද සිදුකරගෙන ගිය අත්තනෝමතික පාලනයට පාඩමක් ඉගැන්වීම පමනි.

නොඑසේව එකී ප්රතිඵලය ගෙන දුන් ජනතාවට නව පොහොට්ටු අාණ්ඩුවක් අවශ්යය කලානම් ඒ ජන බලය පාරට බැස එකා පිට එකා වැටී හෝ පාලන බලයක් ලබා ගැනීමේ හැකියාව නොතිබුනා නොවේ.

කොයි කවුරුත් එම කාරනය ඉතා හොඳින් තේරුම් බේරුම් කර ගත යුතුය.

කෙසේ වෙතත් වර්තමානය වන විට ඒ සබුද්ධික තීරක දේදුනු ප්රජාවට අවශ්යය කරනුයේ පාට හෝ පක්ෂ හෝ ගජ මිතුරු, සන්ධාන, තරාතිරම්, බල ගැන්වීම නොවේ. සෝභිත හිමියන් පෙන්වා දුන් තම ඒ උතුම් අරමුන ජය ගෙන බල ගැන්වීම පමනි. ඒ උදෙසා ඒ ප්රජාවගේ කැපවීම කිසිලෙසකින්වත් අන්තවාදීව හෝ ගෝත්රික වාදීව හෝ පුද්ගලික වාසි ප්රයෝජන තකා හෝ ගනිකා වෘත්තියේ නොයොදවනු ලබයි.
========================================================================
මෙම කොටස පමනක් පසුව සිදු කල එකතු කිරීමකි...
එනම් ගෙදර යාමට ඉතාමත් අාසන්නව සිටිනා 225 වැනියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කරනා අාකාරයට මෙය ජාත්යන්තර කොන්ත්රාත්තුවක් බව කියයි. නමුත් මෙම අාත්මීය මෙහෙයුම සෝභිත හිමියන්ගේ දර්ශනය පෙරදැරිකර ගත් (අපි වෙනුවෙන් අපි) රටේ සමස්ත පුරවැසියන්ගේ ශුද්ධ වූ කොන්ත්රාත්තුවක් බවත් කරුණාකර ඊට නින්දා කොට ජන හදවත් තුල ඔබ වෙනුවෙන් ඉතිරිව පවතිනා අල්ප හෝ ගෞරවය කෙලෙසා නොගන්නා ලෙසත්, (මල පැන සිටිනා) මහජනතාවගේ උදහසට පාත්ර නොවනා ලෙසත් ඉතා කාරුණිකව අයැද සිටිමු. (රටේම සත්පුරවැසියෝ) 
========================================================================
2015 ජනවාරි 08 දේදුනු විප්ලවය ජයගත් යහපාලනවාදී සබුද්ධික තීරක ප්රජාව 2020 අවසන් මෙහෙයුම උදෙසා සියළුම සමාජ මාධ්යය ජාල කාෙතෙක් අවහිර කලද වැලකුම කිසිසේක් කල නොහැකි ටෙලිපති තරංග ඔස්සේ ක්රියාන්විතයෙහි යෙදෙමින් විශ්වයේ සැරිසරනා සෝභිතාවතාරය හා සබැඳිව මේ වන විටත් සටන් පෙරමුන වෙත ස්ථාන ගතව සිටිමින් පොදු අරමුන ජය ගත හැකි ක්රමෝපායන ඔස්සේ මංමාවත් වෙනස් කරමින් සහ උපාය මාර්ග වෙනස් කරමින් කාලෝචිත ලෙස ඉදිරියට අැදෙමින් ඉලක්කය විජයග්රහනය කරා ලඟා කරවමින් පවතියී.

ඒ වගේම මේ වන විට එකී 60 ලක්ෂයකට අධික ඡන්ද පදනම දෙගුණයකට අාසන්න වන ලෙස බල ගැන්වී පවතිනා සමීකරනයද සෝභිත හිමියන් මෙසේ පැහැදිලි කරයි.

ලක්ෂ 20 ට අධික නවක ඡන්ද සහ මෙතාක් කල් පවතිනා දේශපාලනික ක්රම පිලිබඳව කලකිරීම නිසා අප්රකාශිතව සිටි ඡන්ද බහුතරයක් මෙවර තමන් වෙනුවෙන් සැකසෙනා කිසිදු දේශපාලනික පාට පක්ෂයක් සහ ඒ පාපතරයින් නොමැති මෙම නව ජනතාවාදී ජනතාවගේ බලවේගයට තම ඡන්දය නියත ලෙස භාවිතා කිරීම.

ඒ වාගේම තවත් ලක්ෂ ගනනක සුවිශේෂී නියත ඡන්ද පදනමක් වන්නේ සෝභිත මාහිපානන් හා සබැඳිව අාදරයෙන් සහ සෙනෙහසින් උන් වහන්සේ වටා එක්රොක්ව උන් වහන්සේ කෙරෙහි අති මහත් විශ්වාසය තබා කටුයුතු කල සබුද්ධික දමිල මුස්ලිම් හින්දු මැලේ බර්ගර් සහෝදර සියළු ජාතීන්ගේ සියළු පක්ෂ තුල සිරගතව පීඩිතව පවතිනා ශක්තිමත් පරමාධිපත්යය බලයයි.

එමෙන්ම සෝභිතාවතාරයේ මීලඟ ඉලක්කය වන්නේ සියළු විරුද්ධ පක්ෂයන් තුල පවතිනා ලක්ෂ 60 ට පමන අාසන්න ඡන්ද ගොඩේ පවතිනා සබුද්ධික වූ පාවෙනා තීරක ජන්ද පදනමයි.

වර්තමානය වන විට රටේ නන් දෙසින් පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනා 225 ම ඉතාමත් පිලිකුල් සහගත ලෙස ප්රතික්ෂේප වී සිටිනා මොහොතක... එමෙන්ම කාට ඡන්දය පාවිච්චි කලත්.. දරදිය අැද්දත්.. මුළු රටම අනාරක්ෂිතව පැවති පසුගිය සෝචනීය සිදුවීම් මාලාව ඔස්සේ අාපසු හැරී බැලීමක් කිරීමේදී තමන්ගේත් තම දුවා දරුවන්ගේත් ජීවිත අාරක්ෂාව හමුවේ සියළුම පාලකයින් ක්රියා කල අවස්ථාවාදී අාකල්පය නිසා රටේ මුළු මහත් ජනතාවට දේශපාලන අධිකාරියේ සිටිනා 225 ම ඉතාමත් පිලිකුල් සහගත වී අැත.

එය යලි කිසිදා මේ රටේ ඡන්ද දායකයාගේ හදවත් තුලින් මකා දැමිය නොහැකි අසරන බවේ සංඛේතයේ කලු පැල්ලමකි.

පසුගියදා ජීවිත බිලිදුන් සිය ගනනක් බැතිමතුන් සහ ලමා ලපටීන් අැතුළු අවිහිංසක ජනතාවගේ මරනයේ ශාපය පාරාවලල්ලක් වී ජනතාව අනාරක්ෂිත කොට පුද්ගලික වාසි තකා සහ මුස්ලිම් ඡන්ද අහිමි වෙතැයි යන බියෙන් නිහඬව සිටි පව්කාර සියළු දේශපාලකයින් කරාම අාපසු පැමින අැත. ඉන් ගැලවීමට කිසිදු ඉඩක් මෙම පව්කාරයින් 225 ට මින් මතු මේ රටේ නොමැති බව මේ වන විටත් තහවුරු වී හමාරය.

නමුත් ජනාධිපතිවරයාට පමනක් ප්රමාධ වී හෝ මෙම ශාපයෙන් අත්මිදීමිදිය හැකි අවසන් අවස්ථාව පමනක් ඉතිරිව තිබේ. ඒ වූ කලී සෝභිත මාහිමියන්ගේ නිසල දේහය අභියස ශපත කල පොරොන්දු ඉටු කිරීම කෙතරම් දුරට ඉෂ්ඨ සිද්ධ කලාද නොකලාද කරන්නට දෙපාර්ශවයේම සිටි පාදඩයින් ඉඩකඩ ලබා දුන්නාද නැද්ද යන්න නොව අවසන් මොහොතේ එලඹීමට නියමිත නුදුරු තීරනාත්මක ජනාධිපතිවරනය ඉතාමත් සාමකාමී අදුෂිත පාරදුෂ්යය භාවයෙන් යුතුව පවත්වා සෝභිත හිමියන්ගේ පරමාර්ථය අභිමතාර්ථය සිහිනය ජය ගැනුමට අවශ්යය වාතාවරනය සකස් කර දීම වේ. යම් ලෙසකින් ඒ අවසන් යුතුකම සහ වගකීමවත් ඉටු කර දීමට අපොහොසත් උවහොත් සෝභිත හිමියන්ගේ විශ්ව අාවාසයේ අැබිත්තයාගේ තනතුරට මාරු කර හරිනා බවට අනතුරු හැඟවීම් අැති බව සිහිපත් කර දිය යුතුය.

එ් වගේම මෙවර කිසිවෙකුත් සිහිනෙකින්වත් අපේක්ෂා නොකරනා සුවිශේෂී ඡන්ද ප්රතිශතයක්ද මෙම ජනතාවාදී නව අාණ්ඩුකරන මෙහෙයුම වෙනුවෙන් හිමිවනු අැත. ඒ වූ කලී අන් කිසිවක් නොව පවතිනා සියළු දේශපාලනික ප්රවාහයන්ගේ භාර්යාවන් දරුවන් සහ ඒ.. ඒ.. අදාල පවුල්වල සියළු ඥාතීන් තම පියා පුතා බෑනා මස්සිනා අයියා අක්කා මල්ලී නංගී මිතුරා මිතුරිය හට අයත් පාරම්පරික දේශපාලනය අත්හැර රහසින් මෙම ජනතා බලවේගයට පක්ෂව තම වටිනා ඡන්දය භාවිතාවෙහි යෙදවීමයි.

ඒ වෙන අන් කිසිදු හේතුවක් නිසා නොව තම තමන්ගේ අාදරනීය දුවා දරුවන්ගේ සහ ඉනික්බිතිද තම තමන්ගේ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක්.. සුරක්ෂිත අනාගතයක්.. යන්න ඒ සියල්ලන්ගේ ඒකායන ප්රාර්ථනය නිසාය.

රටේ සියළු මාපියන් හට කිනම් දේශපාලනික න්යාය පත්රයන් පැවතියද ඒ සියල්ල තම දුවා දරුවන්ගේ සුරක්ෂිත භාවය සහ අනාගතය හමුවේ දේශපාලනික අාකල්පයන් යනු අළුයම ඉවත ලන (කුණු) කෙල පිඩක් පමනි.

ඒ අරමුන ජයගෙන දී සියළු වැඩිහිටියන් හට සැනසිල්ලේ මියෑදෙන්නට නම් තවත් ප්රමාද නොවී රට ජාතිය ගොඩ ගත යුතු අවසන් හෝරාව අත් නොහල යුතු ඒ වගකීම උදා වී අැත. ඒ වෙනුවෙන් ලැබී අැති තීරනාත්මක කඩඉම අත් හැරීම හෝ  මොහොතක් ප්රමාද වීම මුළු ජාතියමත් මුළු රටමත් අති භයානක ඉරනමක් කරා ලඟා වීමක් බව දැන් මුළු මහත් ජනතාවටම ප්රත්යක්ෂ වී හමාරය.

ඒ නිසා බුදුන් පය ගැසූ මේ මහා ශ්රී ලක් පොලව මත බල ගැන්වෙනා සෝභිත හිමිපානන්ගේ සියළු සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ 2020 නොවරදිනා අවසන් මෙහෙයුම දැන් කිසිවෙකුටත් අාපසු හරවන්නට සොභා දහම් මාතාව කිසිදු හිඩැසක් තබා නොමැති බව තහවුරුය. සුපැහැදිලිය.

ඒ වගේම ඡන්දය පාවිච්චි කරනා අවසන් මොහොතේදී අනපේක්ෂිත ලෙස විශේෂයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ සහ (*උගත් බුද්ධිමත් මෛත්රී වික්රමසිංහ මැතිනියගේ ඡන්දය නම් මෙම කඳවුරට බව ෂුවර් අැන්ඩ් ෂොට්) මෙන්ම ෆයිල් වග්ගය නිසා තම පක්ෂය තුල සිරවී කොටුවී සිටිනා හෘද සාක්ෂියක් අැති යම් යම් මැති අැමති මන්ත්රීන්ගේ ඡන්ද පවා අපගේ කඳවුරේ ඡන්ද සලකුණ ඉදිරියෙන් සටහන් වීමද (වයිමාටවත්) වැලැක්විය නොහැකි වනු අැත.
-------------------------------------------
අවසන් වශයෙන් පවතිනා දේශපාලන අධිකාරියේහි සිටිනා පක්ෂ විපක්ෂ සියළුම මැතිඅැමති මන්ත්රීලා හට අනුකම්පා කොට වදාරා පහත කොන්දේසි යටතේ මෙම මහා ජනතා බලවේගයට ඒකරාශී වීමේ ඉඩ ප්රශස්ථාව පාර්ලිමේන්තුව විසිරුවා හැර ජනාධිපතිවරනය ප්රකාශයට පත්කර පැය 72 ක් ගත වන තුරු වලංගුව පවතී.

(01) සියළු නිල තලවලින් සහ පක්ෂ දේශපාලනයෙන් බැහැර වී සාමාන්යය නිර්පාක්ෂික පුරවැසියකු ලෙස පැමිනිය යුතු වීම.

(02) පවතිනා දූෂණ චෝදනා නඩුහබ අැත්නම් ඒවායින් වරද කරු වන තෙක් ඔහු නිවැරදි කරුවෙක් ලෙස සලකයි. නමුත් යම් හෝ දිනෙක වරද කරුවෙක් උවහොත් සාමාජිකත්වය අහෝසි වෙයි.

(03) ස්ත්රී දූෂකයෙක්, මත් ජාවාරම් කරුවෙක්, දේශද්රාේහී චුදිතයෙක්ව සිටීම. නඩු හබ අැතත් නැතත් සමාජ කතිකාවට භාජනය වූ චෝදනා හෝ අැත්නම් අයදුම ප්රතික්ෂේප වේ.

(04) දෙබිඩි පිලිවෙතක් අනුගමනය නොකල යුතු වීම.

(05) නිල තල තනතුරු තානාන්තර කාටත් පොදු සම්මුඛ පරීක්ෂනයෙකින් පරිභාහිරව අපේක්ෂා නොකිරීම. ඊට බලපෑම් අැති නොකල යුතු වීම.
-----------------------------------------

මෙවන් වූ උත්තරීතර පසුබිමක් යටතේ මතු බිහිවනා පාරදුශ්යය භාවයෙන් යුත් තුන් කුළුඳුල් (එක රටක්, (සැමටම පොදු) එක නීතියක්, නොයිඳුල් නව නායකත්වයෙකින් යුත් කුළුඳුල් නව අාණ්ඩු ක්රමයක්) සහිත 100% ක් ජනතාවාදී නියත ජනතා ජයග්රහනය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනා මෙන්ම ලෝක දේශපාලනයට පරමාදර්ශ සපයනා ලෝක තලයේ පවතිනා දේශපාලනික දර්ශනයන් අාපසු හැරවීමට ලක්කරනා සුවිශේෂී ප්රාතිහාර්යයක් වනු නියතය.
සෝභිතාවතාර විශ්වයේ සිට තම අරමුන උදෙසා කැපවී..
2019/05/18 වෙසක් පුන් පාෙහෝ දින

No comments:

Post a Comment