Friday, May 17, 2019

අපි පෙල ගැසෙමු. රට ගොඩ ගනිමු... / සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට සූදානම් වෙන්න.. / සෝභිතාවතාර විශ්වයේ සිට. - 2019/05/18 - අලුයම

 අපි පෙල ගැසෙමු. රට ගොඩ ගනිමු 
 සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට  සූදානම් වෙන්න.. 

රටේ පූර්ණ බලය හිමි සමස්ත ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පාවිච්චි කොට රට සහ ජනතාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව වෙත යවා ඇති 225 ම තම තමන් පමණක් ආරක්ෂා වී තමන් බලයට පත් කළ ජනතාව සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත කළේය.

ඉතින් මෙවැනි පිරිසක් තව දුරටත් මේ රටට අවශ්‍ය නැත.

එහෙයින් මෑතදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් මෙම අනිසි බලය ගලවා නැවත ජනතාව වෙත ලබා ගත යුතුය. රටටම මෙය පෙන්වා දී පසුගියදා ජීවිත වලින් වන්දි ගෙවූ සියලු සෑම දෙනාගේ ඒ මරණයන් හට වටිනාකමක් ඇති වනු පිණිස මතු අනාගතයේ දී මෙම රටත් ජනතාවත් ආරක්ෂා වනු පිණිස එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව නායකත්වයක් යටතේ ජනතාව විසින් ආණ්ඩු කරනා පාලන ක්‍රමයක් බිහි කළ යුතුය.

ඒ අරමුණ ජය ගැනුම උදෙසා නිසි පොදු අපේක්ෂකයා ඉදිරිපත් වන තුරු ලක්ෂ සියයකට අධික විජයග්‍රාහී ඡන්ද පදනමක් ඇතිව සෝභිතාවතාර විශ්වයේ සැරි සරයි.

සෝභිත හිමියන්ගේ දෙවන අවසන් විප්ලවයට සූදානම් වෙන්න.. 

සෝභිතාවතාර විශ්වයේ සිට. 
2019/05/18 - අලුයම

No comments:

Post a Comment