Monday, May 13, 2019

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්** අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්**
අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...
================================================================
උසස් මනසක් අැති මානවයෙක්ව ඉපිද සත්යය සහ යතාර්ථය සොයා ගොස් ඉහලම බුද්ධියෙන් අග තැන් පත් අප මහා තිලෝ ගුරු සම්මා සම්බුදු පියානන්ගේ දර්ශනයේ මනුසත් අපට පිලිගත හැකි තර්කයෙකින්ද, බුද්ධියට ගෝචර වන පසුබිමකින්ද, දේශනා කර අැති *කාලාම සූත්රයේ* කියැවෙන පාලි පාඨයෙකින් සහ එහි සිංහල අර්ථයෙන් තර්කානුකූල වූ සබුද්ධිමත් මුස්ලිම් සහෝදරත්වයට මානුශිය යෝජනාවක් ගැලපෙයිනම් පිලිගැනීමට..
 සෝභිතාවතාරයෙන් විශ්වයේ සිට...
*****************************************************

මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිඨක සම්පදානේන, මා තක්ක හේතු, මා නාය හේතු, මා බබ්බ රෑපකාය, මා දිට්ඨි විජ්ජා නක්ඛත්තියා, මා සුමනා ගරෝතිතීයී,
(පාලී පාඨය)
------------------------------------------------------------------------------------
මා කියූ පමනින්වත්, පරම්පරාවෙන් පැවත එන පමනින්වත්, සූත්ර විනය අභිධර්ම යන පිඨක ග්රන්ථවල සඳහන් වූ පමනින්වත් මෙය නිවැරදි යැයි පිලි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද, බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළි‍ගන්න.
(සිංහල අර්ථය)
===========================================
බුදුරජානන් වහන්සේත්, ක්රිස්තුස් වහන්සේත්, දැක අැති මිනිසුන් එකල සිටියහ. නමුත් මෙම අන්තවාදී අාකල්ප දරනා අය ප්රකාශ කරනා දෙවියන් දුටු කෙනෙක් එදත් නැත.. අදටත් නැත.

බුදුන් සහ යේසූස් වැනි ශාස්තෘවරුන් තම තමන්ගේ ඔද තෙද බල මහිමයන් සහ ඒවායෙහි අාදීනවයන් මිනිසුන් හට ඔප්පු කර පෙන්වා අැත. ඒ නිසා තමන් නොදුටු දෙයක් නොපෙනෙන දෙයක් පිලිගත නොහැකි කිසිවක් තම ශාස්තෘවරුන් යැයි හැඳින්වෙන්නන් දේශනා කල පලියට බාර නොගත යුතුය. උසස් මනසක් අැති මනුසත් භවයක් ලබා අැති ඕනෑම අයෙකු ඉහත පරිදි තර්කානුකූලව විමසා බලා තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක් පිලිගැනීමට ලක් කල හැක.

මිනිසුන් දැක අැති බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තමන්ට
ගැලපෙන පරිද්දෙන් බෞද්ධ සැදැහැවතුන් සහ බුද්ධිමත් සියළු ජනයා භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි. ක්රිස්තුස් වහන්සේ දේශනා කල ධර්මයද තමන්ට ගැලපෙන පරිද්දෙන් ඒ අනුගාමික ප්රජාව භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි.

නමුත් බුද්ධියෙන් තොරව අන්තවාදී මත දරනා සැවොම කිසිවකුත් දැක නැති දෙවියකු පවසනා දේ සත්යය යැයි පිලිගත හැකිදැයි පවතිනා සාමාන්යය දැනීමෙන් හෝ කල්පනා කර බැලිය යුතුය. ඒ සඳහා ඉතා වටිනා තෝතැන්නක් වර්තමානයේ රට තුල අැස් ඉදිරිපිට දැක ගන්නට අැත. තමන්ගේ අන්තවාදී අාකල්ප ජය ගෙන අැත්දැයි. මරාගෙන මැරුනු තම සහෝදර සටන් කාමීන් අපේක්ෂා කල මෝක්ෂය ඔවුන් ලබා ගත්තාද. ඒ පිලිබඳ සාධක සාක්ෂි පවතීද.. සුර දූතියන් පිරිවරාගෙන සැපට සිටිනා බවට දෙව්ලොව සිට පනිවිඩයක් වත් එවා තිබේද..!

...නැත. කිසිවක් නැත. හිස් අරමුනක් වෙනුවෙන් දිවි පුදා ලැබී අැති කිසිවක් නැත. නමුත් හිමිව අැති කණගාටුදායක තත්ත්වයට නැතහොත් විපාකයට මුහුන දෙන්නට සිදුව අැත්තේ මෙම හිතුවක්කාර ත්රස්ත දූපුතුන් හැදූ වැඩූ අසරන මාපියන්ටය. ඔවුන් හට රටේ විසුමට බැරි අසල් වැසි අන්යය සහෝදර ජාතිකයාගේ මුහුන බලන්නට බැරි තත්ත්වයකට පත්කර අැත. හදා වඩා ලොකු මහත් කල ශාපය මාපියන් හට උරුම කර සදා දුකට පත් කර අැත.

මෙම පනිවිඩය අෑත ගම් දනව්වල සිට රටේ සතර දික්බාගය පුරා සිටිනා දුප්පත් පොහොසත් මුස්ලිම් ජනී ජනයා අතරට ව්යාප්ත කල යුතුය. තමුන් නොමැරී අන් අයට මරාගෙන මැරෙන්නට උගන්වනා අන්තවාදීන්ගෙන් තම දරුවන් මුදවා ගන්නට සාර්ථක වැඩ පිලිවෙලක් සකස් විය යුතුය. ඒ නූගත් දුප්පත් මෙන්ම තම අාගම කෙරෙහි අන්ධ භක්තියෙන් යුතුව කටයුතු කරනා ඉහල සමාජයේ උගත් පොහොසත් මුස්ලිම් වරුන්ද සොයා අන්තවාදීන් හට තම දරුවන් ග්රහනය කර ගත නොහැකි වන ලෙස කිසියම් සුභ සාධන මෙන්ම දැනුවත් කිරීමේ සහ පුනරුත්තාපන වැඩ පිලිවෙලක් අැති කිරීමට රජය හා බද්ධව වැඩ පිලිවෙලක් අාරම්භ කිරීමට මුස්ලිම් සමාජයේ ඉහල ස්තරයන් ප්රමුඛ්ත්වය ගෙන කටයුතු කල යුතුය.

විශේෂයෙන් මෙය අන්තවාදී අාකල්පයන්ගෙන් තාෙර උගත් බුද්ධිමත් විචක්ෂන ශීලී වූ තර්කානුල අදහස් අැති හදවතින් නොව බුද්ධියෙන් තීන්දු තීරන ගත හැකි මුස්ලිම් අාගමික නායකකාරකාදීන් සතු අත් නොහල හැකි තීරනාත්මක යුග මෙහෙවරකි. ඒ උතුම් අරමුන උදෙසා දිවි දීම අල්ලා සතුටු කිරීම ලෙස සලකන්න. නොඑසේනම් තර්කානුකූලව සිතා මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම උතුම් කොට සලකා අැප කැප විය යුතුය. නිකම්ම නිකම් නිකමෙකුව මියෑදෙනවාට වඩා මිනිසාගේ යහපත උදෙසා හැකි යමක් ඉටු කර මියෑදීමෙහි වටිනාකමක් අැති බව සිතට ගත යුතුය.

ඒ ඌ කලී තම අාදරවන්තයින් හටද මරාගෙන මැරෙනා බෝම්බ පිටේ බැඳ කුසේ සිටිනා දරුවාගේ සිට අැකයේ සිටිනා දරුවාට පවා මරනය ගෙනවිත් දී ඒ අාදරවන්තයින් අතහැර ඔවුන් ගැන බිඳකුදු නොසලකා දෙව්ලාෙව ගොස් සුර සැප විඳීමට සිතීම තරම් අාත්මාර්තකාමීත්වයේ අගතැන් පත්වන අාකාරයේ පහත් සිතුවිල්ලක් නොවිය යුතුය.

තමන් හට අයිති නැති අන් අයගේ ජීවිත හා සූදු ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නැත. භාර්යාවක්ව යම් සැමියෙකු හා දීගතලා සපැමිනෙන්නේ මරනය ලඟා කර ගන්නට අැති කැමැත්තක් නිසා නොව. ඒ වගේම එම භාර්යාව තම සැමියාට දාව තම කුස තුල දස මසක් දුක් විඳ පෝෂනය කර දරුවකු බිහි කරනුයේද සහජාත කල පියානන්ගේ බෝම්බයකට බිලි දෙන්නටද නොව.

එවැන්නකට සහජාත කල පියාට හෝ වැදූ මවටවත් අවසර නැත්තේ ඒ ජීවිතයේ සැබෑ අයිතිකරුවාගෙන් ඒ පිලිබඳ විමසුමක් සිදු නොකර මෙලාෙවට බිහි කර අැති නිසාය. එනිසා පලමු වරද සිදු කර අැති දෙමාපියන් හට කිසිසේත්ම ඉහත කී දෙවනි වරද සිදු කිරීමට අවසරයක්ද නොමැත.

වටිනා මිනිසත් බවක් ලැබ මිහිබට ඉපදුනු අයෙකු හට ලැබී අැති ජීවිතය තුල ලඟා කර ගත හැකි භෞතික සහ අාධ්යාත්මික සැප සම්පත් අවබෝධ කර දිය යුතුය. තමන් නොදන්නා, තමන්ට මතක නැති, මීට පෙර මෙසේ මරාගෙන මැරුනු මලවුන්ගේ අාරන්චියක්වත් නැති, නොදත්.. නොදුටු.. සැපතකට වඩා අතට, ගතට, සිතට, දැනෙන සැප සම්පත් වල පවතිනා ප්රායෝගිකත්වය සහ තර්කානු කූල බව වටහා දිය යුතුය.

තමන්ට නොපෙනෙන සහ දුටු වෙනත් අයෙකුද නොමැති සුර දූතියන් හට වඩා තම නිවසේ සිටින්නා වූද.. තම ඥාතීන් අතර සිටින්නා වූද.. හිත මිතුරන් අතර සිටිනා සිටින්නා වූද.. සුර දූතියන්ගෙන් ලැබිය හැකි අාදරය දයාව කරුනාව සැපත මෙනෙහි කර දෙන්න. ඊටත් වඩා වටිනා සුර දූතියන් තව්තිසාවෙහිත් නොමැති බව තර්කානූකූල බුද්ධි ගෝචරයකි.

එනිසා නිවැරදි නොවන අඳුරු මාවතකට යොමුව අැති ඒ අන්තවාදීන් මුදා ගත යුතුය. ඒ සහා ඒ ජාතින් හට දැනෙනා භාෂාවකින් අාගම් වාදයන්ගෙන් බැහැර කරවූ මානවවාදයෙන් පොහොසත් කරවූ වටිනා වැඩ සටහන් නිමවා දෘශයය මාධ්යය ඔස්සේ මුස්ලිම් ජන සමාජයේ පහලම ස්තරය දක්වා රැගෙන යාමට සෑම නිවසකම අැති රූපවාහිනියේ දෘශ්යමාන වන්නට අාගමික සහ දේශපාලනික මුස්ලිම් නායක කාරකාදීන්ගේ පූර්න දායකත්වයෙන් සහ අැප කැප වීමෙන් තම නූගත් ජන සමාජය බේරා ගැනීමට කටයුතු සිදුවිය යුතුය. ඒ පිනෙන් අල්ලා දෙවියන් සතුටු කරවීමක් මුස්ලිම් භක්තිකයින් හට අපේක්ෂා කල හැක.

තර්කයට වැටහෙන බුද්ධියට ගෝචර වන උතුම් මිනිසත් කාර්යයන් කෙරෙහි යොමු කරවීමේ මහා වැඩ පිලිවෙලක් අප රට තුලින් අාරම්භ කොට දෙවනුව එය ගෝලීය වශයෙන් ව්යාප්ත කරලීමට එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මානවවාදී ක්රියාන්විතයක් ලෙසින් ජාති අාගම් භේදවලින් තොරව උසස් මනසක් අැති මානවයින්ගේ ධනාත්මක මැදිහත් භාවයෙන් වහ වහා අැති කල යුතුය.

ඒ වගේම උසස් යැයි සම්මත මානවයින් අතර සැඟව සිටිමින් මුත් මානව දයාවක් නොමැතිව තම පටු අරමුනු වෙනුවෙන් අන්තවාදය පෝෂනය කරනා ධනවාදී රටවල් සහ/හෝ ඒ අතර සිටිනා පරපුටු නරපනුවන් හඳුනාගෙන ප්රසිද්ධියට පත්කොට වන් ජාතීන් මානවවාදී රටවල් අතරින් හුදෙකලා කරලීමේ දිර්ඝ කාලීන වැඩ පිලිවෙතටද පිඹුරු පත් සැකසීමේ කාලය උදාවී අැති බවත් මේ සමගම අවධාරනය කර සිටිය යුතුය.

උසස් මනසක් අැතිව උපන් මනුසතුන් ලෙස මේ වෙනුවෙන් සබුද්ධිමත් මුස්ලිම් ජන සමාජය ගනු ලබනා පිලිගත හැකි මානවවාදී වන ධනාත්මක සමාරම්භයන් හට අනිකුත් සියළු සහෝදර ජාතීන්ගෙන් කොන්දේසි විරහිතව සහයෝගය හිමි විය යුතුය.




මෙම වැඩ පිලිවෙල ගෝලීය වශයෙන් ව්යාප්ත කොට වසර ගනනාවක් ඉකුත් වන විට අන්තවාදී අාකල්ප අැති පුද්ගලයින් රින අගයක් කරා ගෙන යාමේ තත්ත්වයට බල ගැන්විය යුතුය.

එය කල හැකිය. නැතහොත් බලහත්කාරයෙන් හෝ කල යුතුමය. මනුසත් බව යයි.

සෝභිතාවතාර විශ්වයේ සිට..
2019/05/14
============================





මීටත් වඩා සුර පුරයක් දෙව්ලොවවත් තිබිය හැකිද..?

No comments:

Post a Comment