Tuesday, May 21, 2019

සෝභිත හිමිගේ අාත්මයේ සහ අාතූරයාගේ කාර්යය භාරය සමාජ අධිකරනයේ විනිශ්චයට..!

සෝභිත හිමිගේ අාත්මයේ සහ අාතූරයාගේ කාර්යය භාරය සමාජ අධිකරනයේ විනිශ්චයට..!
අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ සම්බන්ධයෙන් යම් යම් අන්තගාමීන් අතර පවතින දුර්මත.. අපවත් භාවයට පත් උවද තම නොනිමි අරමුන ජයගන්වනා තුරු නිවනටවත් නොපිවිස වසර 05 ක් පුරා අාත්මීයව විශ්වයේ සැරිසරමින් අවතාරයක්ව සිදු කර අැති අනුශාසනා උන්වහන්සේගේ පහත බ්ලොග් අඩවියට පිවිස කියවා බලා සැක දුරු කර ගනිත්වා.
උන්වහන්සේ තම ජීවිත පරිත්යාගයෙන් යුතුව රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් අැප කැපව සිටියේ සියළු සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලිමේ නොනිමි සිහිනය වෙනුවෙන් පමනි.
============================================
සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලිමේ තමන් වහන්සේගේ ඒ උදාරතර පැතුම, අපේක්ෂාව, සිහිනය සම්පූර්න කර ගැනීමට පෙර (සසරින් නාෙව තාවකාලිකව) භෞතික වශයෙන් (ජීවිතයෙන්) සමුගන්නට යෙදුනු කරුනු කාරනා සහිතව ගෙවී ගොස් අැති වසර 5 කට අාසන්න කාලයක් පුරා සෝභිත හිමියන්ගේ (සෝභිතාවතාරයේ) විශ්වීය අාගමනයේ සංෂිප්තයක් දිග හැර ලන්නට හේතු පාදක වූයේ අනපේක්ෂිත ලෙස මෙන්ම ඉතාමත් අවාසනාවන්ත ලෙස රටේ සමස්ථ ජනතාව අන්ත අසරන කරලන්නට සමස්ව අැති වර්තමාන අරාජික දේශපාලනික සන්දර්භයක් තුලය.

නමුත් තමන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව ගතව අැති මෙම සමස්ථ කාල පරාසය තුල උන්වහන්සේ හට මෙවන් කතිකාවතක් ගෙන හැර දක්වන්නට පාදව අැති පසුතලය තම අාත්මය පවා හඬවන්නට තරම් කුරිරුව අැති බවත් අාවේගශීලී කරවන්නට සමත්ව අැති බවත් කිය යුතුව අැත.

කෙසේ වෙතත් ඉතා දිගු කථාවක් උවත් කෙටි විග්රහයෙකින් සමාලෝචනයක් සිදු කරන්නේ නම්.. රටේ සාමාන්යය පුරවැසියෙකු ලෙස ජීවිත කාලය පුරාවටම ඉතා අවංකව ජීවත් වූ මා උන්වහන්සේගේ දර්ශනයට මෙන්ම එඩිතර අවංක බවට දැඩි සේ කැමැත්තක් අාදරයක් ගෞරවයක් දැක්වූ නිසා අපවත් වීමේ සිට අාදාහනය දක්වාම ඒ මත්තේ වැටී දුකට ශෝකයට පත්ව සිටි රටේ සාමාන්යය මනුශ්යයෙක්මි. නමුත් මා කිසි දිනකත් උන් වහන්සේගේ ශ්රී දේහය රූප මාධ්යයක් මගින් හැර ජීවතුන් අතර සිටියදී දෙනෙතින් දැක නොතිබුනු අයෙක්මි.

එනමුදු සෝභිත හිමියන් වූ කලී අපගේ අපවත් වී වදාල සෝම හිමිපානන් සේම ශ්රී ලංකා වාසී විශේෂයෙන් බෞද්ධ ජනතාවට ලෙහෙසියෙන් අමතක කල නොහැකි බුදුන් වහන්සේගේ සැබෑ අනුගාමික යුග පුරුෂ ගති ලක්ෂන විදහා ලන්නට සමත් වූ මෙරටට අති මහත් ජාතික මෙහෙවරක් ඉටු කරවා අැති පැවිදි උත්තමයන් වහන්සේලා වූහ ජාතියේ අවාසනාවට අපට අහිමි වූ.

උන්වහන්සේගේ අභාවයෙන් කම්පායට පත්වූ සුවහසක් ජනතාව අතරට එක්වූ මාද අපවත්ව අැති ශ්රී දේහය තැන්පත් කර තිබූනු සෝභිත හිමියන්ගේ මහ ගෙදර වන් වූ ශ්රී නාග විහාරය වෙත ගොස් දුක් වන්නටත් හදවතින් වැලපෙන්නටත් උනි.

ඒ මුළු පරිසරය පුරාම තිබුනු ශෝක ප්රකාශන දහස් ගනනක් අතුරින් මාගේ ජංගම දුරකතනයට බාධාවන්ගෙන් තොරව හසුකර ගත හැකි සියල්ල ඡායාරූප සහ වීඩියෝ ගත කර ගන්නටත් ඉන් අනතුරුව අාදාහනය පැවැත්වුනු.. 

පාර්ලිමේන්තු උද්යාන භූමියට පිවිස ඒ අවසන් කටයුතු සිදු උනු අකාරයන් දැක ගනිමින් ශෝකප්රකාශ ශ්රවනය කරමින් උන් වහන්සේට පුදුමාකාර අැල්මක් අාදරයක් ගෞරවයක් දැක්වූ සියළු ජාතීන්ට අයත් දස දහස් සංඛ්යාත මිනිසුන් අතරට මැදිව ශෝක බරිතව බලා සිටියෙමි. 

ඒ අතරේදී දුටු සුවිශේෂිම අංගයක් වූයේ බෞද්ධ ජනයා පරයා යමින් උන් වහන්සේගේ වියෝවෙන් ශෝකයට පත් මුස්ලිම් සහ දමිල ජනතාව සිසිල් පැන් සහ පානීය ජල බොතල් වැනි දෑ ඉතා විශාල වශයෙන් පැමින සිටි සුවහසක් ජනතාවගේ පිපාසය සංසිඳවනු පිනිස නාෙමිලේ බෙදා හරිමින් තම ශෝකය සහ ගෞරවය විදහා දැක්වූ අාකාරයයි.

අඳුර පැතිරෙමින් පවතිත්දී නිමක් නැති ගුණ කථන සීමාකරමින් චිතකය ගිනිදල්වන මාෙහොත එලැඹෙමින් පැවතිනි. මා අැතුළුව එහි සිටි බොහෝ ශෝකාකූල ජනතාවගේ දෙනෙත් කඳුලින් පුරවමින්ද.. දෙකාෙපුල් දිගේ ගලා හැලෙමින්ද තවත් නිමේශයකින් චිතකයට ගිනි අැවිලවන්නට යෙදුනි.

ඒ අතරම ක්රියාත්මක වූ මා තෙත්ව අැති දෙනෙත් රහසින් පිස දමමින්ම මාගේ ජංගම දුරකතනයෙන් තව තවත් වීඩියෝ සහ ෆොටෝ සිහිවටන රැස් කර ගන්නට කටයුතු කලෙමි. (වසර 5 ක් සුරක්ෂිතව තබාගෙන සිටි ඒ සියල්ලම ඉදිරියේදී ජනගත කරමි)

මා සිටි අාසන්නයේ පැවති අති විශාල ඩිජිටල් තිරයේ සියල්ල හොඳින් දිස්වෙන්නට උනි. මෙසේ දිගින් දිගටම මා දැවෙන චිතකය දෙස දෙනෙත් දල්වා බලා සිටියේ බුදු දහම පැතිරවීම ඉක්මවා යමින් රටට ජාතියට දේශපාලනික වශයෙන් අති මහත් යුග මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ජාතියේ අවාසනාවට අපට අහිමි උනු ඒ මහා ඉෂිවරයා පැවිදි උත්තමයානන්ගේ චිතකයේ දැවෙනා දුම් රොටු අහස් කුසට මුසු වනු දැක ගැනීමේ අටියෙනි.

අන්න දැන් දේහයට අැවිලිලා කවුදෝ කියනු අැසිනි. වලාකුල් වැනි දුම්රොටු අහස් කුස වෙලා ගනිමින් අවට පරිසරය ගින්නෙන් රත් පැහැ ගැන්ව තිබිනි.

එක් වරම කිසිවක් සිතා ගත නොහැකි ලෙස මාගේ ශරීරය තුල වටහා ගත නොහැකි කිසියම් විපර්යාසයක් සිදු විනි. නමුත් සිදුවූයේ කුමක්දැයි මා හට නිසි වැටහීමක් දින ගනනාවක් යන තුරු නොතිබිනි.

නමුත් ක්රමක් ක්රමයෙන් මා හට සිහිනයෙන් සෝභිත හිමියන් පෙනෙන්නට පටන් ගති. ඒ පමනක් නොව සිහිනෙන් සහ විශ්ව තරංග ඔස්සේ නිරතුරුව පැමින උන් වහන්සේ මා හට බොහෝ දේ පවසන්නටද යෙදුනි.

ඒ සියල්ල ඉතා කෙටි විශ්ලේෂනයෙකින් දක්වන්නේ නම් තමන් වහන්සේගේ අරමුන අවසන් නොමැති බවත්.. කථා කිරීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ පවා අයිතිය උදුරාගෙන සොරකම් මැරකම් දූෂණ අත්තනෝමතික ක්රියා පවුල් වාදය ඥාති සංග්රහය ගජ මිතුරු හවුල් යනාදී සියළු පාෙදු ජනතාවට පීඩාකාරී මුග්ද සංස්කෘතියකින් රට අරාජික කරවා පොරොන්දු ප්රකාර ඒකාධිපතිවාදී ව්යවස්ථාව අහෝසි නොකොට එය කඩ කරමින් සදාකල්හිම බලයේ විසුමට රට පුරා ඉතාමත් දුර්ධාන්ත පාලනයක් ගෙන ගිය රාජපක්ෂවාදී පාලනය පලවා හැර සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ පරම පවිත්ර චේතනාව පෙරදැරිකරගෙන නව ව්යවස්ථාවක් ස්ථාපිත කොට නීතිය සැමට එකසේ ක්රියාත්මක කරලීම වැනි දහසක් බලාපොරොත්තු අැතිව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා කොට තමන් වහන්සේගේ පූර්න මැදිහත් භාවයෙන් සහ නායකත්වයෙන් යුතුව අැරඹි යහපාලනයක් උදෙසා වන අවිහිංසාවාදී දේදුනු විප්ලවය 62 ලක්ෂයක සබුද්ධික ඡන්ද පදනමක් මතින් ජයග්රහනය කරවන්නට සමත් උනි.

නමුත් උන්වහන්සේගේ ඒ උතුම් අපේක්ෂාව නැතහොක් ඒ උදාරතර සිහිනය වැඩිකල් යන්නට මත්තෙන් බොඳවී යනු දුටු උන් වහන්සේ මහත් සිත් තැවුලටත් කලකිරීමටත් පත්විය. කයින් මනසින් රෝගා තූර විය. අපවාදයන්ගෙන් නිමක් නැති විය.

අවසානයේ ඒ සිත් තැවුලින්ම උන්වහන්සේට මෙලාෙව හැරදා යන්නටද සිදු විනි.

නමුත් සමාජය එසේ සිතුවද සිදුව අැත්තේ සිතූ දේ නොවන බව මා හට පසක් වෙන්නට ගත්තේ මඳ කලක් ගත වන විටය. උන්වහන්සේගේ මතය වූයේ ජීවතුන් අතර සිටියදී ඉටු කලාටත් වඩා එහා ගිය ක්රියාන්විතයක් ජීවතුන් අතර නොසිටිමින් උවත් තමන් වහන්සේ හට අවතාරයක්ව සිදු කල හැකිව අැති බවයි.

උන් වහන්සේගේ එම මෙහෙයුම වෙනුවෙන් අාතූරයා කොට ගනු ලැබුවේ මාය. ඒ පිලිබඳ මා සිදු කල ප්රශ්න කිරීම් හමුවේදී ලද පිලිතුරු මා අමන්දානන්දයට පත් කලේය. ඒ අනුව උන් වහන්සේගේ අභිප්රායය ඉෂ්ඨ කරනු වස් මා මරනය කරා හෝ පිවිසෙන බව අධිෂ්ඨාන කර ගතිමි. නමුත් විශ්ව මාතාවගේ සුරක්ෂාව මා හට නිරන්තරයෙන්ම පැවතියේ අද ඊයෙක සිට නොව. ඒ මාගේ ජීවන ස්වභාවයේ මහිමයේ ප්රාතිහාර්යයයි.

ප්රතිපත්ති සහගත දිවි පෙවතක් ගත කිරීම තුල තමන් කරා ලඟා කර ගත හැකි විශ්වීය ගුප්ත බලය පිලිබඳ නිසි වැටහීමක් අවබෝධයක් නොමැති නිසා බොහෝ මිනිසුන් පාපයෙන් පාපයට ගමන් කරමින් ස්වේච්ඡාවෙන්ම විනාශය කරා ගමන් කරමින් සිටීයී. අහාේ දුකකි.

ඒ කෙසේ වෙතත් මාගේ සමස්ත ජීවන ඉතිහාසය පිලිබඳ උන් වහන්සේ ඉර්දි බලයෙන් සොයා බැලූ බවත් ගසකට කොලයකට සතෙකුට සීපාවෙකුට හෝ අඩු තරමින් විෂගෝර සර්පයන් හට පවා කිසිදු හිංසාවක් නොකොට අභය දානය දෙන තුත්තිරි ගසේ පවා වටිනාකම හඳුනනා ගසක් දුක් වින්දත් සතෙක් දුක් වින්දත් උනුවන හදවතක් අැති මානව දයාව හඳුනනා අන් අයෙකුට අයත් අල්පෙනෙත්තක්වත් නොදන්වා නොගන්නා සොරකම බොරුව ප්රෝඩාව වංචාව තක්කඩිකම නොහඳුනනා උඩඟු කම මාන්නය ගෑවිලාවත් නැති පුහු වීරකම් පුහු සන්දර්ශන පිලිකුල් කියනා දේ කරන කරන දේ කියන බිය නොහඳුනන අාත්ම විශ්වාසය බලවත් වගකීම් පැහැර නොහරින රහස් රැකුමට ගජ සමත් කල්යාන මිත්රත්වයෙන් අගතැන් මෙවන් තවත් සුදුස්සෙක් එදා තම අාත්මය වාතලයට මුසු උනු මොහොතේ තමන් වහන්සේගේ අාත්මයට සමවැදීමට (මීටත් වඩා සුදුසු) වෙනත් චරිතයක් ඒ වටපිටාවේ නොතිබුනු නිසා සත්පුරවැසියෙකු ලෙස අාණ්ඩුවට අයිති වැලි කැටයක්වත් සොරකම් කර නොමැති විදුලිය ජලය දුරකථනවත් චංචනික ලෙස ලබාගෙන නැති රටේ යහපත් ලෙස දිවි ගෙවූ (මා)අාතූරයා තෝරා ගත් බව දැනගත් මා හට අැතිවූ සතුට නිහතමානී අභිමානය කෙතරම්දැයි විස්තර කිරීමට වචන සොයා ගත නොහැක.

(සියළු සර්පයින් හට අභය දානය දීම මා අත්දුටු ප්රතිඵල සහිත මහානුභාවයකි)  ගතව අැති වසර 60 පුරා මා ජීවත් වන කැලෑ බද සර්ප විමානය තුල මා හට කඩියෙක් තෙල් කුහුඹියෙකු සහ දිමියෙකු වැනි ජීවියෙක් හැර වෙනත් කිසිදු හරකුක්කෙකු හෝ පත්තා පැටියෙකුවත් දශ්ඨ කර නොමැති බව ඉතාමත් නිහතමානී අාඩම්බරයෙන් යුතුව පවසමි.

ඒ වගේම මා හට තව තවත් අවිහිංසාව පිලිබඳ පරමාදර්ශ සපයමින් මා වැනිම අවිහිංසක දිවි පෙවතක් ගත කරමින්.. පාරේ සිටින අසරන බල්ලන්ට පවා තම පංගුවෙන් හෝ අාහාර ඩිංගක් දී මිස තමන් අාහාර නොගන්නා මාගේ දයාබර භාර්යාවද දිනක් පොල් මුඩ්ඩක් යැයි සිතා අතින් මිරිකා ගත් මාරක ලේ පොලඟෙකු පැත්තකින් අරන් තැබූ අයෙකි කිසිදු හිංසාවකට ලක් නොවූ. 

අපේ වත්තේ කැලෑ බිස්සේ අපි සමගම එකට වෙසෙනා එයාලගේ අයිතිවාසිකම්වලට බාධා නොකරනා අපි ඌගේ සුවඳ හඳුනනා සේම විෂ ගෝර උවත් දෂ්ඨ කල සැනින් මරනය ලඟා උවත් අපේ සුවඳ හඳුනනා ඒ ලේ පොලඟා මගේ භාර්යාවට කිසිදු හිංසාවක් කලේ නෑ. ඒ අහිංසකයා අපි දිහා බලන් සිටියා.. අපි ඒ අහිංසකයා දිහා බලා සිටියා. මොකක්ද බොල ඒ උනේ කියලා පොලොන් තෙලිස්සට හිනා... ඒක දැකල අපි දෙන්නටත් හොඳටම හිනා... ඒ කෝලම දැකල අවට ගස් කොලන්වලටත් හිනා, හිනා, හතර හිනා... මීටත් වඩා දිව්යය ලෝකයක් තවත් කොහිද අැත්තේ.. $$/US

අල්ලපු වත්තේ ඉන්න අයටවත් අපි සර්පයෙක් මරන්න දෙන්නේ නැහැ. දාපල්ලා අපේ වත්තට කියා සර්පයින්ගේ පවා ජීවිත රකිනවා.

මේකයි සහජීවනයේ යථාර්ථය මෝඩ මිනිස් ජාතීන් දෙකකට සමාදානයෙන් ඉන්නටවත් දන්නේ නැති අයට පාඩම් කියා දෙන.

මේකයි සහජීවනයේ යථාර්ථය මෝඩ මිනිස් ජාතීන් දෙකකට සමාදානයෙන් ඉන්නටවත් දන්නේ නැති අයට පාඩම් කියා දෙන.

ජීවින අායුෂයෙන් මේ වන විට 6 වැනි දශකය අභිමුඛව සිටිනා මා එදා මෙදා තුර වසර 5 කට අාසන්න කාලයක් පුරා මාගේ පුද්ගලික දියුනුව වියාපාර සෞඛ්යය, අාහාර පාන මස් මාංශ (පාස්කු ප්රහාරයෙන් පසු පූර්න වෙජිටේරියන් වී - සත්යක්/ක්රියාවක පසුවෙමින්) පස්පව් යන සියල්ලෙන් වැලකී ඒකායන අරමුනක පිහිටා හිඳිමින් බොහෝ දිනවල (රාත්රී අාහාරවත් නොගෙන රැය පහන් වන තුරු - සෝභිත හිමියන් පවරා අැති වගකීම් ඉටුකර පාන්දර 4 ට පමන පිලුනු උනු රෑ බත කමින්) උන් වහන්සේගේ අභිලාෂය පරිදි ටෙලිපති විශ්ව තරංග ඔස්සේ මා වෙත සන්නිවේදනය කරවනු ලැබූ සියල්ල මෙම අඩවිය මගින් ජනගත කරවනු ලැබීය.

ඒවායින් බහුතරයක් වූයේ දේශපාලන අධිකාරියේ සිටිනා පක්ෂ විපක්ෂ සියල්ලන් හට වෙන්වූ අවවාද උපදෙස් සහ අණ නියෝග අැතුළු යෝජනා සහ අදහස්ය. සීමිත ප්රමානයක් සමාජ කතිකාවත්ය.

තත්ත්වය එසේ හෙයින් ගතවූ වසර 5 කට අාසන්න කාලයක් පුරා නානාවිදි දෘශ්ඨි කෝණයන් යටතේ උන් වහන්සේ විසින් තම අාතූරයා මගින් ජන ගත කරවා අැති ලිපි අති විශාල සංඛ්යාවකි. මෙම අඩවියේ අාපස්සට ගමන් කරමින් ඒවා පිලිබඳ නිසි විශ්ලේෂනයක යෙදෙන්නෙකුට තම හෘද සාක්ෂියට එරෙහිව මිස සෝභිත හිමිපානන් හට කිසිදු දෝෂ දර්ශනයක්, අපවාදයක් එල්ල කිරීම හෝ උන් වහන්සේ පිට වරද පැටවීමක් කෙසේවත්ම සිදු කල නොහැකි වේ.

බුද්ධියෙන් නොව හැඟීම්වලට වහල් වී තීන්දු තීරන ගන්නා දේශපාලනික වශයෙන් දැක්මක් නිර්මානශීලීත්වයක් රැඩිකල් බවක් නොමැති ලද බොළඳ සුළු තරයකගෙන් උන් වහන්සේට අැති ප්රබලම චෝදනාව වී අැත්තේ මේ වන විටත් රාජපක්ෂ වරු බලයේ සිටියානම් මීට වඩා හොඳය යන්නය.

නමුත් උන් වහන්සේ කුමන චෝදනාවකට හිස නැමුවත් මෙම චෝදනාව නම් එකහෙලා ප්රතික්ෂේප කරයි. මන්ද යත් මෙම රජයේ කුමන වැරදි පැවතියද ජනතාවට ලැබී අැති කථා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහස.. රටේ ඉහලම පලවෙනි පුරවැසියා සේනාධිනායකයා රටේ විධායක ජනාධිපතිවරයාට යමෙකුට සිතෙනා ඕනෑම පහත් අාකාරයකට බැන අඬ ගැසීමට (නොහොඹි) උවත් ලැබී අැති නිදහස අගය නොකලොත් අකෘතක්ඥ කමකි. මහින්ද, ගෝඨා, බැසිල්, නාමල් හෝ අඩු තරමින් වට්ටක්කයාට හෝ කිසියම් විරෝධතාවක්, විවේචනයක් එදා සිදු කලා නම් මේ වන විටත් අදාල පුද්ගලයා සිටින්නේ කොහිදැයි අත්ව අැති ඉරනම කිමෙක්දැයි විග්රහ කල යුතු නැත.

ඒවා වත්මන් සමාජයේ බොහෝ දෙනා දන්නා ප්රසිද්ධ රහස්ය. එමෙන්ම වාසිය වෙනුවෙන් පැතිගාමී අන්තගාමීන් සියල්ලන්ගේ හෘද සාක්ෂිය ඉතා හොඳින් දන්නා මුත් පවතිනා වහල් සහ ගෝත්රිකවාදී මානසිකත්වය නිසා සහ විශේෂයෙන් පැතිගාමී කුහකත්වය නිසා ගිලගෙන සිටියී.

එම නිසා කවුරු කූමක් කෙසේ කීවද උන් වහන්සේගේ පරමාර්ථය සහ අධිෂ්ඨානය වන්නේ ජීවතුන් අතර සිටියද නොසිටියද තම අභිප්රායය ඉෂ්ඨ කිරීමය. එය යතාර්ථයක් කරනා තුරු තමන් වහන්සේ නිවන් මගට වත් නොපිවිසෙන බව අවධාරනය කරයි. 

එහෙයින් රටේ ජනතාව මෙම තත්ත්වය වහ වහා අවබෝධ කොටගෙන පාලකයින් නිසි මගට ගැනීම හෝ සියල්ලෝම (225) පලක් නොමැති තක්කඩියන් යැයි වැටහේ නම් සහ අඩුම තරමින් ජනතාවගේ අාරක්ෂාව හමුවේදී හෝ පරාර්ථකාමී අදහසක් වත් නොමැති නම් සහ ජනතාව බිල්ලට දී හෝ තමන්ගේ බලය තර කර ගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක නිරත වන්නේ නම් මෙම පාපතරයින් 225 ම අතුගා දමා නවමු බලවේගයක් බිහි කර ගැනීම වෙනුවෙන් රටේම ජනතාව එකම කඳවුරකට ගොනු වී 2020 අවසන් මෙහෙයුම දියත් කරනට සැරසෙන ලෙස උන්වහන්සේ සමස්ථ ජනතාවට අනුශාසනය කර සිටියී.

ඒ උදෙසා සුදුසු මීලඟ පොදු අපේක්ෂකයා යැයි උන් වහන්සේ මීට කාලයකට පෙර නම් සඳහන් කල බොහෝ පුද්ගල නාම වත්මන් පරිසරය යටතේ බැහැර කිරීමට සිදුව අැති බවද සැලකුව මනාය. 

ඒ වෙනුවෙන් 225 ටම සහ ඔවුන්ගේ බලල් අත් සියල්ලන් හට අභියෝගයක් ල්ල කල හැකි සුදුසු පාෙදු අපේක්ෂකයා සාමාන්යය ජනතාව අතරින් තෝරා සොයා ගැනීමේ මත වාදයන් රට තුලින් මතු වෙමින් පවතී.

කෙසේ වෙතත් වර්තමානයේ රටේ උද්ගතව අැති තත්ත්වය යටතේ පෙනී යන්නේ මෙම පාට පක්ෂ ගොත්රිකවාදී දේශපාලන සංස්කෘතිය යටතේ රට සහ ජනතාවගේ ජීවන තත්ත්වයන් සහ මතු පරපුරේ අනාගතය ඒකාලෝක කිරීම තව දුරටත් බලා සිටීම යනු මිරිඟුවක් බවය.

එම නිසා වර්තමානයේ විශේෂයෙන් පසුගිය අප්රේල් 21 වැනි පාස්කු ඉරිදා දින සිදුවූ ම්ලේච්ඡ ත්රස්ත ප්හාරයෙන් පසු රට තුල මතුවෙමින් පවතිනා 225 ම වැඩක් නැහැ යන ජන මතය හමුවේ නවමු දේශපාලන පරිසරයක් නිර්මානය කිරීමේ ප්රබල අවශ්යයතාවයක් මතුව පවතී.

අවසාන වශයෙන් එක රටක්, එක නීතියක්, නොයිඳුල් නව ජනතාවාදී නායකත්වයක් සමගින් නව අාණ්ඩුකරනයක් කරා පෙරටම යන තේමාව යටතේ.. එකී පොදු අරමුන විජයග්රහනය කරවීම උදෙසා තමන් වහන්සේගේ පූර්න දායකත්වය සහ මැදිහත් බව හමුවේ මීට පෙර වෙසක් දින පනිවිඩයේ සඳහන් කල අාකාරයට ඡන්ද ලක්ෂ 100 ය ඉක්මවන පදනමක් සමගින් සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා දේදුනු විප්ලවයේදී තරඟයට පිවිසෙන්නටත් පෙර නිතරඟයෙන්ම ජයගෙන අැති තරඟයක් නොමැති (No Game Victory) විජයග්රහනය වෙනුවෙන්..

සෝභිතාවතාර විශ්වයේ සිට සැලසුම් සකසා අවසානය.
2019 මැයි 22 දින අළුයම 00.20 ට ජනගත කල වගයි.


No comments:

Post a Comment