Wednesday, May 15, 2019

ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු. / සෝභිතාවතාර - 2019/05/15



ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු.



මුහුනු අාවරනය සම්බන්ධයෙන් ගැසට් කර නීති ගත කර අැත්තේ පුද්ගල අනන්යයතාවය තහවුරු විය යුතු කොන්දේසි වේ. ඒ නිසා දැන් අපේ FB මල්ලිලා නීතිය නමන්න උත්සාහ කරල සමාජ මාධ්යය ගිනි තියන්නේ නැතිව නීතිය කාටත් එකසේ පොදු නිසා ඊට ගරු කොට පවතිනා ගැටළුව නිරාකරනය වන තුරු හෝ මින් මතු අදාල කොන්දේසිවලට පටහැනි හෙල්මට් භාවිතයද අත්හිටුවන්නේ නම් එය අාරක්ෂක අංශ සහ පොලිසියට කරනා මහඟු උපකාරයකි.



https://www.gossiplankanews.com/2019/05/bburka-ban-gassette.html
සෝභිතාවතාර - 2019/05/15




Monday, May 13, 2019

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්** අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...

**දෙව්ලොව යන්නට උඹ උඹවම මරපන්**
අන්තවාදී දුර්භික්ෂය, මාරාන්තික දේව වාක්යයේ... අභියෝගයට ලොව පහල වූ ශ්රේෂ්ඨකම බුද්ධිමතාගේ දර්ශනයෙන් පිලියම්...
================================================================
උසස් මනසක් අැති මානවයෙක්ව ඉපිද සත්යය සහ යතාර්ථය සොයා ගොස් ඉහලම බුද්ධියෙන් අග තැන් පත් අප මහා තිලෝ ගුරු සම්මා සම්බුදු පියානන්ගේ දර්ශනයේ මනුසත් අපට පිලිගත හැකි තර්කයෙකින්ද, බුද්ධියට ගෝචර වන පසුබිමකින්ද, දේශනා කර අැති *කාලාම සූත්රයේ* කියැවෙන පාලි පාඨයෙකින් සහ එහි සිංහල අර්ථයෙන් තර්කානුකූල වූ සබුද්ධිමත් මුස්ලිම් සහෝදරත්වයට මානුශිය යෝජනාවක් ගැලපෙයිනම් පිලිගැනීමට..
 සෝභිතාවතාරයෙන් විශ්වයේ සිට...
*****************************************************

මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිඨක සම්පදානේන, මා තක්ක හේතු, මා නාය හේතු, මා බබ්බ රෑපකාය, මා දිට්ඨි විජ්ජා නක්ඛත්තියා, මා සුමනා ගරෝතිතීයී,
(පාලී පාඨය)
------------------------------------------------------------------------------------
මා කියූ පමනින්වත්, පරම්පරාවෙන් පැවත එන පමනින්වත්, සූත්ර විනය අභිධර්ම යන පිඨක ග්රන්ථවල සඳහන් වූ පමනින්වත් මෙය නිවැරදි යැයි පිලි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද, බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළි‍ගන්න.
(සිංහල අර්ථය)
===========================================
බුදුරජානන් වහන්සේත්, ක්රිස්තුස් වහන්සේත්, දැක අැති මිනිසුන් එකල සිටියහ. නමුත් මෙම අන්තවාදී අාකල්ප දරනා අය ප්රකාශ කරනා දෙවියන් දුටු කෙනෙක් එදත් නැත.. අදටත් නැත.

බුදුන් සහ යේසූස් වැනි ශාස්තෘවරුන් තම තමන්ගේ ඔද තෙද බල මහිමයන් සහ ඒවායෙහි අාදීනවයන් මිනිසුන් හට ඔප්පු කර පෙන්වා අැත. ඒ නිසා තමන් නොදුටු දෙයක් නොපෙනෙන දෙයක් පිලිගත නොහැකි කිසිවක් තම ශාස්තෘවරුන් යැයි හැඳින්වෙන්නන් දේශනා කල පලියට බාර නොගත යුතුය. උසස් මනසක් අැති මනුසත් භවයක් ලබා අැති ඕනෑම අයෙකු ඉහත පරිදි තර්කානුකූලව විමසා බලා තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක් පිලිගැනීමට ලක් කල හැක.

මිනිසුන් දැක අැති බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තමන්ට
ගැලපෙන පරිද්දෙන් බෞද්ධ සැදැහැවතුන් සහ බුද්ධිමත් සියළු ජනයා භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි. ක්රිස්තුස් වහන්සේ දේශනා කල ධර්මයද තමන්ට ගැලපෙන පරිද්දෙන් ඒ අනුගාමික ප්රජාව භාවිතාවෙහි යොදවයි. විශ්වාස කරයි.

නමුත් බුද්ධියෙන් තොරව අන්තවාදී මත දරනා සැවොම කිසිවකුත් දැක නැති දෙවියකු පවසනා දේ සත්යය යැයි පිලිගත හැකිදැයි පවතිනා සාමාන්යය දැනීමෙන් හෝ කල්පනා කර බැලිය යුතුය. ඒ සඳහා ඉතා වටිනා තෝතැන්නක් වර්තමානයේ රට තුල අැස් ඉදිරිපිට දැක ගන්නට අැත. තමන්ගේ අන්තවාදී අාකල්ප ජය ගෙන අැත්දැයි. මරාගෙන මැරුනු තම සහෝදර සටන් කාමීන් අපේක්ෂා කල මෝක්ෂය ඔවුන් ලබා ගත්තාද. ඒ පිලිබඳ සාධක සාක්ෂි පවතීද.. සුර දූතියන් පිරිවරාගෙන සැපට සිටිනා බවට දෙව්ලොව සිට පනිවිඩයක් වත් එවා තිබේද..!

...නැත. කිසිවක් නැත. හිස් අරමුනක් වෙනුවෙන් දිවි පුදා ලැබී අැති කිසිවක් නැත. නමුත් හිමිව අැති කණගාටුදායක තත්ත්වයට නැතහොත් විපාකයට මුහුන දෙන්නට සිදුව අැත්තේ මෙම හිතුවක්කාර ත්රස්ත දූපුතුන් හැදූ වැඩූ අසරන මාපියන්ටය. ඔවුන් හට රටේ විසුමට බැරි අසල් වැසි අන්යය සහෝදර ජාතිකයාගේ මුහුන බලන්නට බැරි තත්ත්වයකට පත්කර අැත. හදා වඩා ලොකු මහත් කල ශාපය මාපියන් හට උරුම කර සදා දුකට පත් කර අැත.

මෙම පනිවිඩය අෑත ගම් දනව්වල සිට රටේ සතර දික්බාගය පුරා සිටිනා දුප්පත් පොහොසත් මුස්ලිම් ජනී ජනයා අතරට ව්යාප්ත කල යුතුය. තමුන් නොමැරී අන් අයට මරාගෙන මැරෙන්නට උගන්වනා අන්තවාදීන්ගෙන් තම දරුවන් මුදවා ගන්නට සාර්ථක වැඩ පිලිවෙලක් සකස් විය යුතුය. ඒ නූගත් දුප්පත් මෙන්ම තම අාගම කෙරෙහි අන්ධ භක්තියෙන් යුතුව කටයුතු කරනා ඉහල සමාජයේ උගත් පොහොසත් මුස්ලිම් වරුන්ද සොයා අන්තවාදීන් හට තම දරුවන් ග්රහනය කර ගත නොහැකි වන ලෙස කිසියම් සුභ සාධන මෙන්ම දැනුවත් කිරීමේ සහ පුනරුත්තාපන වැඩ පිලිවෙලක් අැති කිරීමට රජය හා බද්ධව වැඩ පිලිවෙලක් අාරම්භ කිරීමට මුස්ලිම් සමාජයේ ඉහල ස්තරයන් ප්රමුඛ්ත්වය ගෙන කටයුතු කල යුතුය.

විශේෂයෙන් මෙය අන්තවාදී අාකල්පයන්ගෙන් තාෙර උගත් බුද්ධිමත් විචක්ෂන ශීලී වූ තර්කානුල අදහස් අැති හදවතින් නොව බුද්ධියෙන් තීන්දු තීරන ගත හැකි මුස්ලිම් අාගමික නායකකාරකාදීන් සතු අත් නොහල හැකි තීරනාත්මක යුග මෙහෙවරකි. ඒ උතුම් අරමුන උදෙසා දිවි දීම අල්ලා සතුටු කිරීම ලෙස සලකන්න. නොඑසේනම් තර්කානුකූලව සිතා මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම උතුම් කොට සලකා අැප කැප විය යුතුය. නිකම්ම නිකම් නිකමෙකුව මියෑදෙනවාට වඩා මිනිසාගේ යහපත උදෙසා හැකි යමක් ඉටු කර මියෑදීමෙහි වටිනාකමක් අැති බව සිතට ගත යුතුය.

ඒ ඌ කලී තම අාදරවන්තයින් හටද මරාගෙන මැරෙනා බෝම්බ පිටේ බැඳ කුසේ සිටිනා දරුවාගේ සිට අැකයේ සිටිනා දරුවාට පවා මරනය ගෙනවිත් දී ඒ අාදරවන්තයින් අතහැර ඔවුන් ගැන බිඳකුදු නොසලකා දෙව්ලාෙව ගොස් සුර සැප විඳීමට සිතීම තරම් අාත්මාර්තකාමීත්වයේ අගතැන් පත්වන අාකාරයේ පහත් සිතුවිල්ලක් නොවිය යුතුය.

තමන් හට අයිති නැති අන් අයගේ ජීවිත හා සූදු ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නැත. භාර්යාවක්ව යම් සැමියෙකු හා දීගතලා සපැමිනෙන්නේ මරනය ලඟා කර ගන්නට අැති කැමැත්තක් නිසා නොව. ඒ වගේම එම භාර්යාව තම සැමියාට දාව තම කුස තුල දස මසක් දුක් විඳ පෝෂනය කර දරුවකු බිහි කරනුයේද සහජාත කල පියානන්ගේ බෝම්බයකට බිලි දෙන්නටද නොව.

එවැන්නකට සහජාත කල පියාට හෝ වැදූ මවටවත් අවසර නැත්තේ ඒ ජීවිතයේ සැබෑ අයිතිකරුවාගෙන් ඒ පිලිබඳ විමසුමක් සිදු නොකර මෙලාෙවට බිහි කර අැති නිසාය. එනිසා පලමු වරද සිදු කර අැති දෙමාපියන් හට කිසිසේත්ම ඉහත කී දෙවනි වරද සිදු කිරීමට අවසරයක්ද නොමැත.

වටිනා මිනිසත් බවක් ලැබ මිහිබට ඉපදුනු අයෙකු හට ලැබී අැති ජීවිතය තුල ලඟා කර ගත හැකි භෞතික සහ අාධ්යාත්මික සැප සම්පත් අවබෝධ කර දිය යුතුය. තමන් නොදන්නා, තමන්ට මතක නැති, මීට පෙර මෙසේ මරාගෙන මැරුනු මලවුන්ගේ අාරන්චියක්වත් නැති, නොදත්.. නොදුටු.. සැපතකට වඩා අතට, ගතට, සිතට, දැනෙන සැප සම්පත් වල පවතිනා ප්රායෝගිකත්වය සහ තර්කානු කූල බව වටහා දිය යුතුය.

තමන්ට නොපෙනෙන සහ දුටු වෙනත් අයෙකුද නොමැති සුර දූතියන් හට වඩා තම නිවසේ සිටින්නා වූද.. තම ඥාතීන් අතර සිටින්නා වූද.. හිත මිතුරන් අතර සිටිනා සිටින්නා වූද.. සුර දූතියන්ගෙන් ලැබිය හැකි අාදරය දයාව කරුනාව සැපත මෙනෙහි කර දෙන්න. ඊටත් වඩා වටිනා සුර දූතියන් තව්තිසාවෙහිත් නොමැති බව තර්කානූකූල බුද්ධි ගෝචරයකි.

එනිසා නිවැරදි නොවන අඳුරු මාවතකට යොමුව අැති ඒ අන්තවාදීන් මුදා ගත යුතුය. ඒ සහා ඒ ජාතින් හට දැනෙනා භාෂාවකින් අාගම් වාදයන්ගෙන් බැහැර කරවූ මානවවාදයෙන් පොහොසත් කරවූ වටිනා වැඩ සටහන් නිමවා දෘශයය මාධ්යය ඔස්සේ මුස්ලිම් ජන සමාජයේ පහලම ස්තරය දක්වා රැගෙන යාමට සෑම නිවසකම අැති රූපවාහිනියේ දෘශ්යමාන වන්නට අාගමික සහ දේශපාලනික මුස්ලිම් නායක කාරකාදීන්ගේ පූර්න දායකත්වයෙන් සහ අැප කැප වීමෙන් තම නූගත් ජන සමාජය බේරා ගැනීමට කටයුතු සිදුවිය යුතුය. ඒ පිනෙන් අල්ලා දෙවියන් සතුටු කරවීමක් මුස්ලිම් භක්තිකයින් හට අපේක්ෂා කල හැක.

තර්කයට වැටහෙන බුද්ධියට ගෝචර වන උතුම් මිනිසත් කාර්යයන් කෙරෙහි යොමු කරවීමේ මහා වැඩ පිලිවෙලක් අප රට තුලින් අාරම්භ කොට දෙවනුව එය ගෝලීය වශයෙන් ව්යාප්ත කරලීමට එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මානවවාදී ක්රියාන්විතයක් ලෙසින් ජාති අාගම් භේදවලින් තොරව උසස් මනසක් අැති මානවයින්ගේ ධනාත්මක මැදිහත් භාවයෙන් වහ වහා අැති කල යුතුය.

ඒ වගේම උසස් යැයි සම්මත මානවයින් අතර සැඟව සිටිමින් මුත් මානව දයාවක් නොමැතිව තම පටු අරමුනු වෙනුවෙන් අන්තවාදය පෝෂනය කරනා ධනවාදී රටවල් සහ/හෝ ඒ අතර සිටිනා පරපුටු නරපනුවන් හඳුනාගෙන ප්රසිද්ධියට පත්කොට වන් ජාතීන් මානවවාදී රටවල් අතරින් හුදෙකලා කරලීමේ දිර්ඝ කාලීන වැඩ පිලිවෙතටද පිඹුරු පත් සැකසීමේ කාලය උදාවී අැති බවත් මේ සමගම අවධාරනය කර සිටිය යුතුය.

උසස් මනසක් අැතිව උපන් මනුසතුන් ලෙස මේ වෙනුවෙන් සබුද්ධිමත් මුස්ලිම් ජන සමාජය ගනු ලබනා පිලිගත හැකි මානවවාදී වන ධනාත්මක සමාරම්භයන් හට අනිකුත් සියළු සහෝදර ජාතීන්ගෙන් කොන්දේසි විරහිතව සහයෝගය හිමි විය යුතුය.




මෙම වැඩ පිලිවෙල ගෝලීය වශයෙන් ව්යාප්ත කොට වසර ගනනාවක් ඉකුත් වන විට අන්තවාදී අාකල්ප අැති පුද්ගලයින් රින අගයක් කරා ගෙන යාමේ තත්ත්වයට බල ගැන්විය යුතුය.

එය කල හැකිය. නැතහොත් බලහත්කාරයෙන් හෝ කල යුතුමය. මනුසත් බව යයි.

සෝභිතාවතාර විශ්වයේ සිට..
2019/05/14
============================





මීටත් වඩා සුර පුරයක් දෙව්ලොවවත් තිබිය හැකිද..?

Saturday, May 11, 2019

මල්ලිලා කියපල්ලකෝ රටේ ජනතාවට දැනගෙන තියාගන්න මූ පාස්කු ප්රහාරයේ 225 හේ කීවෙනි කාලකන්නියාද කියල චන්දේ ලඟ එන හින්ද මනාපයක් දෙන්න මූසලයට අවීචි මහා නරකාදියට යන්න. https://t.co/90mwwtGQE4 සෝභිතාවතාර - 2019/05/11

මල්ලිලා කියපල්ලකෝ රටේ ජනතාවට දැනගෙන තියාගන්න මූ පාස්කු ප්රහාරයේ 225 හේ කීවෙනි කාලකන්නියාද කියල චන්දේ ලඟ එන හින්ද මනාපයක් දෙන්න මූසලයට අවීචි මහා නරකාදියට යන්න.


https://t.co/90mwwtGQE4
සෝභිතාවතාර - 2019/05/11

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි.. එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි..එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ...
සාධකයි..
 එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා... 

https://www.facebook.com/pasan.sanjeewa.355/posts/2244703209181575

https://t.co/M0Vrdl2YXF

කමක් නෑ එයා ඔහේ ඕන එකක් කියපුවාවේ, හිටං...

සහෝදර/සහෝදරියනි. අපි අපගේ සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ 2020 නොවරදින අවසන් මෙහෙයුමට යොමු වෙමු.

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි..
එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

රට ගිලගෙන සිටි අදමිටු අාඤ්ඥාදායක රාජපක්ෂවාදී ඒකාධිපති වියරුව පන්නා දැමීමට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිපානන් වහන්සේගේ පූර්න මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් දියත් කෙරුනු 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේදී වත්මන් ජනපති මෙෙත්රීපාල සිරිසේන මැති‍ඳුන් හා ඒ පවුලේ සැමත් ප්රමුඛව ඔබ/අප සියල්ලන් දිවි දෙවනි කොට භාවිතා කල සාධකය වූයේ එම පක්ෂයේම ප්ලබල සාධකයක් වූ ලේකම් වරයාය.

නමුත් සෝභිත හිමියන්ගේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ 2020 අවසන් මහා ජයග්රාහී විප්ලවයේ ප්රබල සාධකය වන මීලඟ පොදු අපේක්ෂකයා සොයා ගන්නේ රටේ සමස්ත ජනතාව අතරින් මතු කර ගන්නා ලබන.. බොරුව, ප්රෝඩාව, වංචාව, දූෂනය, සොරකම, භීෂනය, පව්කම්, යන මේ කිසිවකින් ඉඳුල් වී නොමැති කිසිදු දේශපාලනික පසුබිමක් නාෙමැති නොයිඳුල් ජනතා පුත්රයෙකි. සමහර විට ඒ ඔබ විය හැක... ජාතියේ ඒ උදාර ගැලවුම් කරුවා වැලඳ ගන්නට අප සැම ඉවසීමෙන් බලා සිටිමු.

ඒ බවට සාක්ෂි වශයෙන් හිටපු ප්රවීන බුද්ධි නිලධාරියෙකු තම හසල ඥාණයේ බුද්ධි විමර්ෂන තුලින් මේ වන විට අනාවැකි පල කර හමාරය.

ඒවා දැනගන්නට අවශ්යය නම් සෝභිත හිමියන්ගේ පහත අඩවියට පිවිස අැත්ත නැත්ත සාධක සාක්ෂි සහිතව දැන ගත හැක.

ඒ නිසා තම දුවා දරුවන් හට තම පනටත් වඩා අාදරය කරනා මාපිය සැවොම ඒ උදාර නායකයා පෙන්වා දෙන නොවරදින මග යාමට අදිටන් කර ගන්න. අවසන් නිහඬ විප්ලවයට නිහඬව සූදානම් වන්න..

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ අපවත් වූයේ ඒ උදාරතර තම අරමුන වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය ජීවතුන් අතර සිටියාටත් වඩා උසස් අාකාරයෙන් සහ කිසිදු විවේචනයකට ගොදුරු කර ගන්නට විරුද්ධ වාදීන් සහ අවස්ථාවාදීන් හට කිසියම් හෝ ඉඩ ප්රස්තාවක් අැති නොවනු පිනිස බව උන් වහන්සේ විශ්වයේ සිට තම අාතූරයා මගින් සමස්ථ ජනතාව වෙත අවධාරනයෙන් දන්වා සිටීයී.

ජනගත කලේ උන්වහන්සේගේ අාත්මයේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර
2019/05/12

සියළු බෞද්ධයිනි මෙවර වෙසඟ අාමිස පූජාවෙන් නොව ප්රතිපත්ති පූජාවෙන් සමරා වියෝවුනු අපගේ සහෝදර ප්රජාවට පින් අනුමෝදන් කර අදූෂිත පාලනයක් පතමු මෙවන් පාපතරයින් 225 ක් නොමැති. අපගේ සොව මෙසේ පල කර ශ්රීලාංකිකයින්ගේ අාගමික සහජීවනය ලොවටම පෙන්වමු. / සෝභිතාවතාර - 2019/05/11


සියළු බෞද්ධයිනි මෙවර වෙසඟ අාමිස පූජාවෙන් නොව ප්රතිපත්ති පූජාවෙන් සමරා වියෝවුනු අපගේ සහෝදර ප්රජාවට පින් අනුමෝදන් කර අදූෂිත පාලනයක් පතමු මෙවන් පාපතරයින් 225 ක් නොමැති.


අපගේ සොව මෙසේ පල කර ශ්රීලාංකිකයින්ගේ අාගමික සහජීවනය ලොවටම පෙන්වමු. 



යහපත් පිරිසකගේ යහපත් වැඩක් පාරේ තාප්පයක දිස්වූයේ මෙසේයි..

සෝභිතාවතාර
2019/05/11

Thursday, May 9, 2019

සෝභිත හිමියන්ගේ ඒ උදාර සිහිනය සැබෑවීමේ අරුනලු රට වටකර සැමතින්ම පහල වෙමින් පවතී. මෙන්න ඊට තවත් එක් කදිම සාක්ෂියක් අමු අමුවේම... (https://t.co/3pVKp2FpFp) සෝභිතාවතාර විශ්වයේ සිට..

සෝභිත හිමියන්ගේ ඒ උදාර සිහිනය සැබෑවීමේ අරුනලු රට වටකර සැමතින්ම පහල වෙමින් පවතී. මෙන්න ඊට තවත් එක් කදිම සාක්ෂියක් අමු අමුවේම... (මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
https://www.facebook.com/246523429496053/videos/667144877048366/

https://t.co/3pVKp2FpFp - (මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
සෝභිතාවතාර විශ්වයේ සිට..https://t.co/3pVKp2FpFp

සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. / සෝභිතාවතාර - 2019/05/09

May09

බෝම්බ ගහන බවට දින සහ වේලාවන් දක්වමින් පැතිර යන ලිපිය බොරුවක් - කිෂූ ගෝමස් (https://t.co/oxI0IimyJe)

ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදු විය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි. සභාපති කිෂූ ගෝමස්  මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එය ඔවුන් නිකුත් කර නැති බවද දන්වා ඇත. ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා මෙය විශ්වාස කර ප්‍රකාශ නිකුත් කර තිබුණි.

සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. සෝභිතාවතාර

ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදුවිය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසන කාරනයෙහි සත්යයක් තිබිය හැක. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරි එලියටත් බියවීම ස්වභාවයක් බැවින් මෙම කාරනය සම්බන්ධයෙන් ජනතාව තුල බිය අැති වීමත් "හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව" වටිනා බැවින් තව දුරටත් කිසියම් ප්රමානයකින් අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවීම ජනතාවගේ පාර්ශවයෙන් සලකා බලනා කල ඉතා වටියී.

සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ අන්තවාදී $$/072 ත්රස්තයින්ටත් වඩා බරපතල විනාශකාරී ලෙස අප මව් රට ගිලගෙන වෙලාගෙන අැති පාදඩ දේශපාලන සමස්තයේ අාත්මාර්ථකාමී කම් හමුවේ මුන් 225 දෙනා හට මිනිස් ජීවිතයක් යනු කුහුඹුවකුගේ ජීවිතයක් තරම්වත් වටිනා කමක් නොමැති බව පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනා 225 දෙනා තුලින්ම පසුගියදා අැතිවුනු ම්ලේච්ඡ ප්රහාරයෙන් පසු තහවුරු වී අවසන්ව අැති බැවිනි.

කෙසේ නමුත් ලබන සඳුදා සිදුවිය හැකි බවට සමාජ මාධ්යය ඔස්සේ සැරිසරනා අදාල ලිපියෙහි මුඛ්යය පරමාර්ථය ඉදිරි සතියද රට අරාජික කරවා පවතිනා අාණ්ඩුව තව තවත් ජනතාව හමුවේ අප්රසාදයට පත්කරවා මෑතදී පවත්වන්නට නියමිත මීලඟ මැතිවරනයේ පූර්න වාසිය තම කඳවුර වෙත යාෙමු කරවා ගැනීමට මෙම විනාශයේ මුල සිටම කැස කවනා පාර්ශවයන්ගේ උවමනාව විය හැකි බැවිනි.

ඒ වගේම මෙය පවතිනා අාණ්ඩුවේද උවමනාවක් විය හැකි බවටද සැක සංකා නැත්තේ නාෙවේ...

ඒ මන්ද යත් ජනාධිපතිවරයා සහ අාණ්ඩුව දෙපසකට බෙදීම නිසා සිදුවෙමින් පවතිනා අනර්ථයන්ද ජනතාවට දංගෙඩියක්ව අැති බැවිනි.

යම් යම් තනතුරු තානාන්තර ලබා ගැනීම හමුවේ පවතිනා කේවල් කිරීම්ද කිසියම් ප්රමානයකට මෙම තත්ත්වය පැතිරීමට හේතු වනවාද විය හැක.

කෙසේ වෙතත් ඕනා එකෙකුට ඕනා කෙංගෙඩියක් කර ගන්නට දී ජනතාව සහ ඔවුන්ගේ දරු මල්ලන් තම තමන්ගේ අාරක්ෂාව තර කර ගැනීම වෙනුවෙන් සුදුසු යැයි හැඟෙනා ඕනෑම ක්රියා මාර්ගයකට අවතීර්න වීමේ නිදහස ජනතාව විසින් ස්වේඡ්චාවෙන්ම පවත්වා ගත යුතු වන්නේ වරතමානය වන විට රටට ජනතාවට අාදරය කරනා කිසිදු පාලකයෙකු පිලිබඳ පැහැදිලි දැක්මක් විශ්වාසයක් නොමැති තරමට ජනතාව අසරනව සිටිනා බැවිනි.‍

නමුත් මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපති වරයා (වීරෝධාර හමුදාවන් හට සියළු බල තල පවරා අැති බවට) සිදු කරනා ප්රකාශය සත්යයනම් අසරනව සිටිනා සියළු ජනතාවට එය මහත් අස්වැසිල්ලකි. 

ඒ මන්ද යත් මේ වන විට ජනතාවට සැනසිල්ලක් සහ විශ්වාස කටයුතු ලෙස බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ ත්රිවිද හමුදාව සහ පොලිසිය විසින් සිදුකරනා කාර්යය භාරය මැනවින් දැක ගන්නට අැති නිසාය.

එම නිසා මේ වන විට ඉතාමත් සතුටුදායක ලෙස ජාතික අාරක්ෂාව තහවුරු කරමින් සිටිනා ත්රිවිද හමුදා, පොලිසිය සහ බුද්ධි අංශයන් විසින් නිවේදනය කරනු ලබනා ප්රකාශයන් සම්බන්ධයෙන් පමනක් හැර වෙනත් කිසිදු මාධ්යයෙකින් සහ අඩු තරමින් තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ප්රකාශ පවා නොතකා සිටීම ඉතාමත් ප්රක්ඥාගෝචර වේ. මන්ද යත් අවශ්යයම අවස්ථාවේදී ජනතාව නිසි ලෙස දැනුවත් නොකාෙට දැන් පපුවට ගසා ගනිමින් කිඹුල් කඳුලු හෙලමින් නැවතත් වතාවක් අහිංසක ජනතාව රැවටීමට කැස කවනා අදමිටු පාදඩයින්ගේ මුසා බස් ඔබඅප සැමට කිසිදු වටිනාකමක් ඉතිරි කර නොමැති බැවිනි.

වියොවුනු අපගේ සහෝදර ජනතාවට මේ කිසිදු මුලාවකින් යලි පන නොලැබේ. අසරන වුනු පවුල්වල සාමාජිකයින් හට සෙතක් නොසැලසේ.

කෙසේ නමුත් අදාල ලිපියෙහි කියැවෙනා නාවල හන්දියේ පිපුරුම ප්රායෝගිකව සලකා බැලූ කල අප්රායෝගිකය. මන්ද යත් ඕනෑම ත්රස්තවාදියෙකු විසින් සිදු කරනා ඕනෑම විනාශයකින් අවම ප්රතිඵල අපේක්ෂා නොකිරීම තර්කයක් නොමැති කාරනයකි. නාවල හන්දිය යනු ඊට කිලෝ මීටරයක් පමන දුරින් අැති නුගේගොඩ හන්දිය හා සසඳා බැලූ කල ජනාකීර්ත්වයෙන් සියයට 01% කටත් අඩු සොච්චමකි. එම නිසා ත්රස්තවාදීන්ගේ කිසියම් ඉලක්කයක් අැත්නම් ඒ නියත ලෙසම නාවල හන්දිය නොව නුගේගොඩ හන්දිය විය යුතුමය.

නමුත් යම් ලෙසකින් එවැන්නක් නාවල හන්දියේ සිදු උවහොත් එය නියත ලෙසම අවම හානි සිදු කර ජනතාව බියට පත් කොට දේශපාලනික හෝ කේවල් වාසි අත්කර ගැනීමේ කූඨ උත්සාහකයින්ගේ අමන වැඩක් ලෙස නිර්වචනය කල හැක.

කෙසේ වෙතත් අවසන් වශයෙන් රටේ සමස්ථ ජනතාවට අවධාරනය කල යුතුව අැත්තේ මෙම යථාර්තයයි. පසුගිය සිදුවීම් සමස්තයෙහි ක්ෂාරය වන්නේ පවතින දේශපාලන 225 හේ සංහතිය සහ උන්ගේ අනුගාමික ගොත්රිකවාදී සහපිරිවර කිසිවෙක් තම පැවැත්ම අභිබවා යාහැකි රටට ජනතාවට අාදරය අැති කිසිවෙක් දැකගන්නට නොවූ බවය.

එසේ කවුරුන් හෝ සිටියානම් තම තනතුරු තානාන්තර බල්ලට දමා රට සහ ජනතාව ගැන සිතන්නට ඕනෑවටත් වඩා කාලය තිබී අැති බව සුපැහැදිලිය. ඒ නිසා තම තමන්ගේ අයවලුන් ගැන හැර ජනතාව ගැන සිතන්නට සමස්ත 225 තුල එකෙක්වත් නොමැතිව සිටි බව මේ වන විට රට හමුවේ තහවුරු වී අවසන්ව අැත. මෙය කිසිවෙකුටත් සමාව දිය නොහැකි වගකීම් පැහැර හැරීමකි. නිදහසට කිසිදු කාරනයක් දැක්විය නොහැකි පාපයකි.. ශාපයකි.

නමුත් මුන් 225 න් එකෙකුට හෝ රට සහ ජනතාව වෙනුවෙන් යම් කැපවීමක් සිදු කරන්නට හොඳටම අවස්ථාව තිබුනු බව තහවුරු වන්නේ රටේ සමස්ත ජනතාවට හැර දේශපාලනාධිකාරියේ පවතිනා සහ පැවති (හිටපු සහ සිටිනා) සියල්ලන් හටම මෙම බුද්ධි අංශ තොරතුරු ලැබී සියල්ලන්ම දැනුවත්ව සිට අැති බව ඕනෑවටත් වඩා දැන් තහවුරැ වී අැති නිසාය. මේ වෙන අන් කිසිදු කාරනාවක් නිසා නොව සියයට දහසක්ම මුස්ලිම් ඡන්ද සහ තම තනතුරු තානාන්තර රැක ගැනීමේ අවස්ථාවාදයක නියැලී සිටි නිසාය. ඉතින් මුන් කාටද සමාව දීමට ඉතිරිව අැත්තේ...

අවධාරනය කල යුතුව අැත්තේ... 2020 තීරනය ඔබ සතුය. ඒ තීරනය ඔබ සැමගේ දුවා දරුවන්ගේ අනාගත ඉරනම හෝ දෙෙවය තීරනය කරනු ලබනා බව අමතක නොකරන්න. හැඟීම් බර නොවන්න. බුද්ධියෙන් යුතුව තීරන ගන්න. 

ඉහත පැවසූ සියල්ල නියත ලෙස සේ සිදුවිය යුතු සේම.. සියලුම අවස්ථාවාදීන් හට වැරදුන තැනද සෝභිතාවතාරට අවබෝධය එනම්.. වෙන අන් කිසිදු හේතුවක් නොව මෙම ත්රස්ථවාදී අන්තවාදීන් හට වසර ගනනාවක සිට සියළු රැකවරන සහ පහසුකම් සලසා දුන් පැවති අාණ්ඩුවේ සහ පවතිනා අාණ්ඩුවේ සිංහල මුස්ලිම් සියළුම දේශපාලකයින්ගේ අවස්ථාවාදයයි.

ඒ නිසා සෝභිතාවතාර අද දින ලෝකය හමුවේ ලෝක පාලනය වෙනුවෙන් මුදා හරිනු ලබනා දේශපාලනික සමීකරනය වන්නේ විශ්වාසය ගොඩක් තබා ගන්නා සේම අවිශ්වාසයද මඳක් හෝ තබා ගැනීමෙන් වාසියක් මිස අවාසියක් නොසිදුවන බවය. නමුත් විශ්වාසය බොහෝ පවත්වාගෙන අවිශ්වාසය සුළුවෙන් හෝ පවත්වා නොගැනීමේ ප්රතිඵලය මුළු රටම මේ වන විට අත්විඳ ඉතා වටිනා ජීවිත ගනනාවක් ඊට බිලිවී හමාරය. 

සීමාව ඉක්මවා "බාබු"/(Babu) නමැති ත්රස්තවාදියා විශ්වාස කර අාරක්ෂක වලලු 10 ක් පසු කර තමන් කරා පැමිනෙන්නට ඉඩදී දේශපාලනික වාසි ලබා ගන්නට අමන තකතීරු කම් කල අභාවප්රාත්ත හිටපු ජනපතිවරයෙකු වූ අාර්. ප්රේමදාස මැතිතුමා කරා මාරයා පැමිනියේ වැලඳගෙන තාෙත්තුවක්ද ලබා දෙමිනි. මෙහිදී මිහිබටදීම කැබලිවත් සොයාගත නොහැකි ලෙස "දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීම වෙනමම කථාවකි දන්නෝ දන්න.. හක.. හක.." පව් තමයි මොනවා කරන්නද ඉල්ලන් කාපුවහම අපිද පලි..!

ඕවා නිසා තමයි අප මහා තිලෝගුරු සම්බුදු පියානන් වදාරා අැත්තේ මෙසේ.. යමෙකු විසින් සිදු කරනා යහපතෙහි හෝ අයහපතෙහි ප්රතිඵලය තමන් පසු පස අත් නොහැර පැමිනෙනා තම සෙවනැල්ල සේ යහපත යහපත් ප්රතිඵල ලෙසින්ද, අයහපත අයහපත් ප්රතිඵල ලෙසින්ද නියත ලෙස සපැමිනෙන බව.

සෝභිතාවතාර විශ්වයේ සිට 2020 තීරනාත්මක අවස්ථාව සපැමිනෙනා තුරු සීරුවෙන්..
2019/05/09