Thursday, May 9, 2019

සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. / සෝභිතාවතාර - 2019/05/09

May09

බෝම්බ ගහන බවට දින සහ වේලාවන් දක්වමින් පැතිර යන ලිපිය බොරුවක් - කිෂූ ගෝමස් (https://t.co/oxI0IimyJe)

ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදු විය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි. සභාපති කිෂූ ගෝමස්  මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එය ඔවුන් නිකුත් කර නැති බවද දන්වා ඇත. ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා මෙය විශ්වාස කර ප්‍රකාශ නිකුත් කර තිබුණි.

සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. සෝභිතාවතාර

ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදුවිය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසන කාරනයෙහි සත්යයක් තිබිය හැක. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරි එලියටත් බියවීම ස්වභාවයක් බැවින් මෙම කාරනය සම්බන්ධයෙන් ජනතාව තුල බිය අැති වීමත් "හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව" වටිනා බැවින් තව දුරටත් කිසියම් ප්රමානයකින් අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවීම ජනතාවගේ පාර්ශවයෙන් සලකා බලනා කල ඉතා වටියී.

සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ අන්තවාදී $$/072 ත්රස්තයින්ටත් වඩා බරපතල විනාශකාරී ලෙස අප මව් රට ගිලගෙන වෙලාගෙන අැති පාදඩ දේශපාලන සමස්තයේ අාත්මාර්ථකාමී කම් හමුවේ මුන් 225 දෙනා හට මිනිස් ජීවිතයක් යනු කුහුඹුවකුගේ ජීවිතයක් තරම්වත් වටිනා කමක් නොමැති බව පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනා 225 දෙනා තුලින්ම පසුගියදා අැතිවුනු ම්ලේච්ඡ ප්රහාරයෙන් පසු තහවුරු වී අවසන්ව අැති බැවිනි.

කෙසේ නමුත් ලබන සඳුදා සිදුවිය හැකි බවට සමාජ මාධ්යය ඔස්සේ සැරිසරනා අදාල ලිපියෙහි මුඛ්යය පරමාර්ථය ඉදිරි සතියද රට අරාජික කරවා පවතිනා අාණ්ඩුව තව තවත් ජනතාව හමුවේ අප්රසාදයට පත්කරවා මෑතදී පවත්වන්නට නියමිත මීලඟ මැතිවරනයේ පූර්න වාසිය තම කඳවුර වෙත යාෙමු කරවා ගැනීමට මෙම විනාශයේ මුල සිටම කැස කවනා පාර්ශවයන්ගේ උවමනාව විය හැකි බැවිනි.

ඒ වගේම මෙය පවතිනා අාණ්ඩුවේද උවමනාවක් විය හැකි බවටද සැක සංකා නැත්තේ නාෙවේ...

ඒ මන්ද යත් ජනාධිපතිවරයා සහ අාණ්ඩුව දෙපසකට බෙදීම නිසා සිදුවෙමින් පවතිනා අනර්ථයන්ද ජනතාවට දංගෙඩියක්ව අැති බැවිනි.

යම් යම් තනතුරු තානාන්තර ලබා ගැනීම හමුවේ පවතිනා කේවල් කිරීම්ද කිසියම් ප්රමානයකට මෙම තත්ත්වය පැතිරීමට හේතු වනවාද විය හැක.

කෙසේ වෙතත් ඕනා එකෙකුට ඕනා කෙංගෙඩියක් කර ගන්නට දී ජනතාව සහ ඔවුන්ගේ දරු මල්ලන් තම තමන්ගේ අාරක්ෂාව තර කර ගැනීම වෙනුවෙන් සුදුසු යැයි හැඟෙනා ඕනෑම ක්රියා මාර්ගයකට අවතීර්න වීමේ නිදහස ජනතාව විසින් ස්වේඡ්චාවෙන්ම පවත්වා ගත යුතු වන්නේ වරතමානය වන විට රටට ජනතාවට අාදරය කරනා කිසිදු පාලකයෙකු පිලිබඳ පැහැදිලි දැක්මක් විශ්වාසයක් නොමැති තරමට ජනතාව අසරනව සිටිනා බැවිනි.‍

නමුත් මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපති වරයා (වීරෝධාර හමුදාවන් හට සියළු බල තල පවරා අැති බවට) සිදු කරනා ප්රකාශය සත්යයනම් අසරනව සිටිනා සියළු ජනතාවට එය මහත් අස්වැසිල්ලකි. 

ඒ මන්ද යත් මේ වන විට ජනතාවට සැනසිල්ලක් සහ විශ්වාස කටයුතු ලෙස බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ ත්රිවිද හමුදාව සහ පොලිසිය විසින් සිදුකරනා කාර්යය භාරය මැනවින් දැක ගන්නට අැති නිසාය.

එම නිසා මේ වන විට ඉතාමත් සතුටුදායක ලෙස ජාතික අාරක්ෂාව තහවුරු කරමින් සිටිනා ත්රිවිද හමුදා, පොලිසිය සහ බුද්ධි අංශයන් විසින් නිවේදනය කරනු ලබනා ප්රකාශයන් සම්බන්ධයෙන් පමනක් හැර වෙනත් කිසිදු මාධ්යයෙකින් සහ අඩු තරමින් තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ප්රකාශ පවා නොතකා සිටීම ඉතාමත් ප්රක්ඥාගෝචර වේ. මන්ද යත් අවශ්යයම අවස්ථාවේදී ජනතාව නිසි ලෙස දැනුවත් නොකාෙට දැන් පපුවට ගසා ගනිමින් කිඹුල් කඳුලු හෙලමින් නැවතත් වතාවක් අහිංසක ජනතාව රැවටීමට කැස කවනා අදමිටු පාදඩයින්ගේ මුසා බස් ඔබඅප සැමට කිසිදු වටිනාකමක් ඉතිරි කර නොමැති බැවිනි.

වියොවුනු අපගේ සහෝදර ජනතාවට මේ කිසිදු මුලාවකින් යලි පන නොලැබේ. අසරන වුනු පවුල්වල සාමාජිකයින් හට සෙතක් නොසැලසේ.

කෙසේ නමුත් අදාල ලිපියෙහි කියැවෙනා නාවල හන්දියේ පිපුරුම ප්රායෝගිකව සලකා බැලූ කල අප්රායෝගිකය. මන්ද යත් ඕනෑම ත්රස්තවාදියෙකු විසින් සිදු කරනා ඕනෑම විනාශයකින් අවම ප්රතිඵල අපේක්ෂා නොකිරීම තර්කයක් නොමැති කාරනයකි. නාවල හන්දිය යනු ඊට කිලෝ මීටරයක් පමන දුරින් අැති නුගේගොඩ හන්දිය හා සසඳා බැලූ කල ජනාකීර්ත්වයෙන් සියයට 01% කටත් අඩු සොච්චමකි. එම නිසා ත්රස්තවාදීන්ගේ කිසියම් ඉලක්කයක් අැත්නම් ඒ නියත ලෙසම නාවල හන්දිය නොව නුගේගොඩ හන්දිය විය යුතුමය.

නමුත් යම් ලෙසකින් එවැන්නක් නාවල හන්දියේ සිදු උවහොත් එය නියත ලෙසම අවම හානි සිදු කර ජනතාව බියට පත් කොට දේශපාලනික හෝ කේවල් වාසි අත්කර ගැනීමේ කූඨ උත්සාහකයින්ගේ අමන වැඩක් ලෙස නිර්වචනය කල හැක.

කෙසේ වෙතත් අවසන් වශයෙන් රටේ සමස්ථ ජනතාවට අවධාරනය කල යුතුව අැත්තේ මෙම යථාර්තයයි. පසුගිය සිදුවීම් සමස්තයෙහි ක්ෂාරය වන්නේ පවතින දේශපාලන 225 හේ සංහතිය සහ උන්ගේ අනුගාමික ගොත්රිකවාදී සහපිරිවර කිසිවෙක් තම පැවැත්ම අභිබවා යාහැකි රටට ජනතාවට අාදරය අැති කිසිවෙක් දැකගන්නට නොවූ බවය.

එසේ කවුරුන් හෝ සිටියානම් තම තනතුරු තානාන්තර බල්ලට දමා රට සහ ජනතාව ගැන සිතන්නට ඕනෑවටත් වඩා කාලය තිබී අැති බව සුපැහැදිලිය. ඒ නිසා තම තමන්ගේ අයවලුන් ගැන හැර ජනතාව ගැන සිතන්නට සමස්ත 225 තුල එකෙක්වත් නොමැතිව සිටි බව මේ වන විට රට හමුවේ තහවුරු වී අවසන්ව අැත. මෙය කිසිවෙකුටත් සමාව දිය නොහැකි වගකීම් පැහැර හැරීමකි. නිදහසට කිසිදු කාරනයක් දැක්විය නොහැකි පාපයකි.. ශාපයකි.

නමුත් මුන් 225 න් එකෙකුට හෝ රට සහ ජනතාව වෙනුවෙන් යම් කැපවීමක් සිදු කරන්නට හොඳටම අවස්ථාව තිබුනු බව තහවුරු වන්නේ රටේ සමස්ත ජනතාවට හැර දේශපාලනාධිකාරියේ පවතිනා සහ පැවති (හිටපු සහ සිටිනා) සියල්ලන් හටම මෙම බුද්ධි අංශ තොරතුරු ලැබී සියල්ලන්ම දැනුවත්ව සිට අැති බව ඕනෑවටත් වඩා දැන් තහවුරැ වී අැති නිසාය. මේ වෙන අන් කිසිදු කාරනාවක් නිසා නොව සියයට දහසක්ම මුස්ලිම් ඡන්ද සහ තම තනතුරු තානාන්තර රැක ගැනීමේ අවස්ථාවාදයක නියැලී සිටි නිසාය. ඉතින් මුන් කාටද සමාව දීමට ඉතිරිව අැත්තේ...

අවධාරනය කල යුතුව අැත්තේ... 2020 තීරනය ඔබ සතුය. ඒ තීරනය ඔබ සැමගේ දුවා දරුවන්ගේ අනාගත ඉරනම හෝ දෙෙවය තීරනය කරනු ලබනා බව අමතක නොකරන්න. හැඟීම් බර නොවන්න. බුද්ධියෙන් යුතුව තීරන ගන්න. 

ඉහත පැවසූ සියල්ල නියත ලෙස සේ සිදුවිය යුතු සේම.. සියලුම අවස්ථාවාදීන් හට වැරදුන තැනද සෝභිතාවතාරට අවබෝධය එනම්.. වෙන අන් කිසිදු හේතුවක් නොව මෙම ත්රස්ථවාදී අන්තවාදීන් හට වසර ගනනාවක සිට සියළු රැකවරන සහ පහසුකම් සලසා දුන් පැවති අාණ්ඩුවේ සහ පවතිනා අාණ්ඩුවේ සිංහල මුස්ලිම් සියළුම දේශපාලකයින්ගේ අවස්ථාවාදයයි.

ඒ නිසා සෝභිතාවතාර අද දින ලෝකය හමුවේ ලෝක පාලනය වෙනුවෙන් මුදා හරිනු ලබනා දේශපාලනික සමීකරනය වන්නේ විශ්වාසය ගොඩක් තබා ගන්නා සේම අවිශ්වාසයද මඳක් හෝ තබා ගැනීමෙන් වාසියක් මිස අවාසියක් නොසිදුවන බවය. නමුත් විශ්වාසය බොහෝ පවත්වාගෙන අවිශ්වාසය සුළුවෙන් හෝ පවත්වා නොගැනීමේ ප්රතිඵලය මුළු රටම මේ වන විට අත්විඳ ඉතා වටිනා ජීවිත ගනනාවක් ඊට බිලිවී හමාරය. 

සීමාව ඉක්මවා "බාබු"/(Babu) නමැති ත්රස්තවාදියා විශ්වාස කර අාරක්ෂක වලලු 10 ක් පසු කර තමන් කරා පැමිනෙන්නට ඉඩදී දේශපාලනික වාසි ලබා ගන්නට අමන තකතීරු කම් කල අභාවප්රාත්ත හිටපු ජනපතිවරයෙකු වූ අාර්. ප්රේමදාස මැතිතුමා කරා මාරයා පැමිනියේ වැලඳගෙන තාෙත්තුවක්ද ලබා දෙමිනි. මෙහිදී මිහිබටදීම කැබලිවත් සොයාගත නොහැකි ලෙස "දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීම වෙනමම කථාවකි දන්නෝ දන්න.. හක.. හක.." පව් තමයි මොනවා කරන්නද ඉල්ලන් කාපුවහම අපිද පලි..!

ඕවා නිසා තමයි අප මහා තිලෝගුරු සම්බුදු පියානන් වදාරා අැත්තේ මෙසේ.. යමෙකු විසින් සිදු කරනා යහපතෙහි හෝ අයහපතෙහි ප්රතිඵලය තමන් පසු පස අත් නොහැර පැමිනෙනා තම සෙවනැල්ල සේ යහපත යහපත් ප්රතිඵල ලෙසින්ද, අයහපත අයහපත් ප්රතිඵල ලෙසින්ද නියත ලෙස සපැමිනෙන බව.

සෝභිතාවතාර විශ්වයේ සිට 2020 තීරනාත්මක අවස්ථාව සපැමිනෙනා තුරු සීරුවෙන්..
2019/05/09




No comments:

Post a Comment