Monday, June 20, 2016

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සංහිඳියාවෙන් යුත් යහපාලන ලැදි සබුද්ධික තීරක සුවහසක් සියක් ලක්ෂයක ජනතාව සමග ඒකාබද්ධව සියළුම අවස්ථාවාදී දේශපාලකයින් සහ පක්ෂ වෙත දන්වා සිටිනා වගයි.

============================================================================================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සංහිඳියාවෙන් යුත් යහපාලන ලැදි සබුද්ධික තීරක සුවහසක් සියක් ලක්ෂයක ජනතාව සමග ඒකාබද්ධව සියළුම අවස්ථාවාදී දේශපාලකයින් සහ පක්ෂ වෙත දන්වා සිටිනා වගයි.
============================================================================================
ඒකට තවම කාලය නොවේ ලාල් කාන්ත මැතිතුමනි. ඔබලා යමපාලන මහින්ද සමග අවු.10 ක් හිටියානම්....
යහපාලන මෛත්රී එක්කත් වැඩිය නොවේ අවු.5 ක් පමනක් ඉඳල ප්රගති සමාලෝචනයකින් පසු අපි සබුද්ධික ජනතාවත් ඔබලා කියන්නේ කුමක්දැයි සලකා බලන්නෙමු...!
අපි ජනතාවට නම් තවම ඔබලා කියන ඔය මල විකාර ගනන් ගන්ඩ තරම් නස්පැත්තියක් රටට සිදුවන බව පේනෙන්නට නැත.
අාණ්ඩුව පන්නන්න JVP ය සූදානම්නම් ඊට පෙර පැහැදිලි සාධක සහිතව ඔබලාගේ ප්රායෝගික වැඩ පිලිවල රටට හෙලි කර සිටින්න කටින් බතල කොල නොසිටවා...
නිකන් කටවල් තිබ්බ පලියට අර ඔබලාගේ සීගිරියවත් දැකපු නැති පවාදුන් වංශ වගේ කුහක දේශපාලනය සිදු නාෙකර වත්මන් ජනාධිපතිට ශක්තියක් වෙමින් රට කරන්න සම්මුතිවාදීව කැප වෙන්න. රටට සහ ජනතාවට දැන් අත්යාවශ්යය එයයි.
මින් පසු කවරදාකවත් රටේ ජනතාවට සම්මුතිවාදී දේශපාලනය මිස පාට පක්ෂ දේශපාලනය වහ කදුරු බව සහතිකයි. සත්යයයි.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සංහිඳියිවෙන් යුත් යහපාලන ලැදි සබුද්ධික තීරක සුවහසක් සියක් ලක්ෂයක ජනතාව සමග ඒකාබද්ධව සියළුම අවස්ථාවාදී දේශපාලකයින් සහ පක්ෂ වෙත දන්වා සිටිනා වගයි.

හිටපු ජනපතිට අද ජාත්‍යන්තර යෝගා දින ජීවන පසු විපරමකට අායාචනාවක්...


Mahinda Rajapaksa            
2016/06/21 පෙ.ව. 8.00 ට පමන
අද ජාත්‍යන්තර යෝගා දිනය වේ. යෝගා ක්‍රමය භාවිතා කරන්නකු ලෙස මෙම දිනය සමරන්නට ලෝක ප්‍රජාව හා එක්වන්නේ සතුටිනි.
===================================================


ඉහත දැක්වෙන්නේ අද 2016/06/16 ජාත්යන්තර යෝගා දින වෙනුවෙන් හිටුපු ජනාධිපති තම 
ෆේස්බුක් (Facebook) පිටුවේ තබා අැති සටහනකි.

එතුමානන්ගේ යහපත පිනිස ඊට කිසියම් ප්රතිචාරයක් දක්වන්නට යහපාලන ලැදි ජනතාව විදියට සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට සහ දුක්විඳිනා ජනතාව වෙනුවෙන් කල්පනා කලෙමි...




====================================================

හිටපු ජනපතිට අද ජාත්‍යන්තර යෝගා දින ජීවන පසු විපරමකට අායාචනාවක්...
==================================

යෝගා අාසනයන්හි පිහිටීමේ නිසි හැකියාව අැත්තෝ ඒ පිලිබඳ පුරසාරම් නාෙදොඩයි. යෝගා යනු ජීම් යාම නොව ගත සහ සිත යන දෙකම අාධ්යාත්මිකව පාලනය කරනා කිසියම් භාවනානුයෝගී ක්රමවේදයකි.

අද කාලයේ බහුතරයක් යොගා කරනවා යැයි කියා සිදු කරන්නේ ෆැෂන් එකකි. වචනයේ පරිසමාප්තියෙන්ම යෝගා කරන්නන් කිසියම් සෝවාන් පලයකට පත්වීමට තරම් සිත දියුනු කල අය වන්නේය.

එසේ සිත දියුණු කල අැත්තන්ගේ හැසිරීම් දකිත්දීම ඒ අය පිලිබඳ කිසියම් තක්සේරුවක් ලබා දීමේ හැකියාව අන් අයට හිමිවනු අැත.

කියන්නට කණගාටුයි ඔබතුමාගේ ඉතිහාසය ගත්කල එවන් එකදු හෝ පිලිගත හැකි සාක්ෂියක් ඊයේ වන තුරුත් ඔබ තුමානන් සිදුකල ක්රියාවන්ගෙන් ඔප්පු කර නැත. 

එසේ විය හැකි නම් ඒ ගත වන මේ මොහොතින් පසු හෝ යථාවබෝධය ලබා ඔබතුමා තම ජීවිතය තුල සිදුකරන්නා වූ ධනාත්මක විපරියාසයක් හේතුවෙන් පමනක් විය හැක.

නමුත් බලු වලිගය උණ පුරුකයේ දමාවත් කිසිදා කෙලින් කල නොහැක යන කියමනක් අැත. එමෙන්ම මනුශ්යයින්ද තම ජීවිත අායුෂ වලින් වැඩි ප්රමානයක් ගත කල ස්වභායන්ද ඒ ලෙසම නැවත හාත්පසින්ම වෙනස් තලයකට පත්කල නොහැකි වීමද ප්රතග්ජන ස්වභාවයකි.

එසේ කල හැකි අය සමාජයේ නැතිව නොවේ. නමුත් ඔබ තුමා පිලිබඳව මේ වන විට යහපාලන ලැදි සබුද්ධික ජනතාව සිදු කර අැති සමීක්ෂන පිලිබඳ අවසන් ප්රතිඵලය ලෙස ගෙන හැර දැක්විය හැක්කේ..... 

තම මරනය දක්වාම දැඩි බලලෝබයෙන්ද... දැඩි ඊර්ෂ්යාවෙන්ද... දැඩි වෛරයෙන්ද.... දැඩි අත්මාර්තකාමීත්වයෙන්ද.... පසු වී ගතටත් සිතටත් කිසිදු සුගතියක්, සැනසීමක් අත් නොවූ බවයේ යලි කිසිදා යහපත් අාත්මයක් නොලැබෙනා ඉතාමත් දුක්මුසු මරනයක් කරා අවතීර්න වන බවය.

හැකිනම් අදින් පසු හෝ මේ බව සංසාරය ජය ගැනීමට අවශ්යනම් බොරුවට කටින් නොව අැත්තටම යෝගා හෝ අාශ්වාස ප්රාස්වාස භාවනාව හෝ කරන්නට ඔය නොසන්ඩාලව විසිරුනු දුෂ්ඨ සිත එක් තැන් කර ගන්නට උත්සාහ කරන්න.

කිරිදෙව්වට වැඩක් නෑ ඒවට ගොම මුසු කරගත්තොත් කල හොඳත් අපතේ යනවා. පරම සත්යය එයයි. නෑඹිලියේ ඉතිරි වුනු හාල් අගිස්සක් අපතේ යවා අවීචි මහා නරකාදියේ දුක් විඳින්නට සිදුවුනු ධර්මකථා අසා අැති ඔබ/අප සැම ජීවිත ගමන මොන තරම් ප්වේශමෙන් ගෙන යායුතු එකක්ද යන්න පසක් කිරීමට වෙනත් උදාරහන අවශ්යය නොවනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට සහ දුක්විඳිනා ජනතාව වෙනුවෙන් දන්වා සිටිනු ලබයි.

Sunday, June 19, 2016

ගම්මන්පිල මහතාට ටෙලිපති මගින් බන්ධනාගාරයට පනිවිඩයක්...

============================================
ගම්මන්පිල මහතාට ටෙලිපති මගින් බන්ධනාගාරයට පනිවිඩයක්...
============================================

පොදු විපක්ෂ කණ්ඩායමේ සිටිනා මඳක් හෝ මනුස්සකම් හඳුනන පුද්ගලයා සහ මොල කලඳක් හෝ අැති පුද්ගලයා ඔබ විය හැක. අප රටේ භාරකරුවකු නොව අයිතිකරුවකු සිටියා... ඒ යමපාලන දශකයේදීය. සරත් ෆොන්සේකා නමැති ගොදුර අත්විඳි කටුක සන්සිද්ධිය සිහිපත් කිරීමෙන් එය මොනවට පසක් වනු අැත. දැන් මෙරටේ සිටින්නේ ජනතාවගේ සේවකයෙකි. ඔහු නමින් මෛත්රීපාල සිරිසේන නමැති වත්මන් ජනාධිපතිවරයාය. අද වන විට ඔබ පත්ව සිටිනා අසරන තත්ත්වය පිලිබඳ අප හට යම් කණගාටුවක් අැතත් ඒවා ඔබ විසින්ම වපුරා ගත් කර්මය විය හැක. කෙසේ වෙතත් අද උතුම් පොසොන් පොහෝ දින කල්යාන මිත්රයෙක් ලෙස අවෛයිරී සිතින් යුතුව ඔබගේ චිත්ත සන්තර්පනය හෝ සන්තාපය උදෙසා පහත සඳහන් කාරනාවන් සිහිපත් කර දීමට කැමැත්තෙමු. අද අති උතුම් පොසොන් පොහෝ දින ඔබ.. ඔබ.. ගැන පසු විපරමක් කර සිටින්නේ නම්.. ඔබේ හෘදශාක්ෂියට අනුව ඔබ බන්ධනාගාර ගත වීමට අදාල වරද සිදු කර නැද්ද... අැත්ද... අපිනම් එය දන්නේ නැත... ඔබම පමනයි එය නිස්චිතවම දන්නේ... එවැනි වරදක් සිදුකර නැතිනම් හෝ ඊට කිසිදු සම්බන්ධයක් හෝ නොමැතිනම් හෘද සාක්ෂියට අනුව නිර්දෝෂී නම් කිසිවකටත් බිය නොවන්න. ඔබ අනිවාර්යයෙන්ම නිදොස් කොට නිදහස් වෙනවා ඒකාන්තයෙන්ම. ඒ මන්ද යත් පසුගිය යම පාලන යුගයේ ඔබේ මිතුරු තුමන් රටේ භාරකාරයා නොව අයිතිකාරයා යැයි සිතා රට පාලනය කල ඒ අපූරු රාජාණ්ඩු යුගයේදී උදාහරන ලෙස... නැති නීති හදල රට බේරා ගත් යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා සිරගත කොට අද යුගයේ සේ නොවී ඔහුගේ රෝගී තත්ත්වයට හෝ කිසිදු අනුකම්පාවක් නොමැතිව ස්වසනය කිරීමට පවා අසීරු සිර කුටියක දමා ස්වභාවිකව මියෑදෙන්නට සැලැස්වූවා සේ මෘර්ග පාලනයක් වර්තමානයේ නැත. (අර සමහර මන්ත්රීවරුන් හට 8 පාස් නැතත් වරප්රසාදයක් යටතේ ලැබී අැති නීතික්ඥ කමක් නොවේනේ ඔබට අැත්තේ නේද....) ඒ නිසා විශේෂයෙන් නීතික්ඥයකු වන නීතිය හොඳින් දන්නවා අැතැයි අප සිතනා ඔබ ඔබට අැති චෝදනාවෙන් නිදහස් විය හැකි යයි විශ්වාස කරනවා නම් බිය නාෙවන්න. යහපාලන ජනාධිපති අධිකරණයට අැඟිලි ගහල ඔබව බොරුවට අහේතුකව දඟගෙට නොයවන බව විශ්වාසයි. නමුත් ඔබ අදාල වරද සිදුකර අැත්නම් සොබා දහම් නීතියේ හැටියට ඕනාම ජගතෙකුට විපාක නිත්යයයි. නිත්යයයි....නිත්යයයි..... සොබා දහම් නීතිය පරම සත්යය නිසයි කිසිදාකත් බලය අහිමි නොවේ යයි සිතා සිටි යමපාලකයින් සියල්ලෝම අද විපාක අත්විඳිමින් සිටින්නේ... ඔබේ පොඩි හෝ පිනක් තිබුන නිසයි අද වගේ පොහොය දිනකින් ඒ පව ගෙවා දමන්න වාසනාවන්ත අවස්ථාවක් ලැබිල තියෙන්නේ. නොඑසේ උනානම් ඔබට සොබාදහම් මාතාව විසින් ස්වභාවික දඬුවමක් උරුම කලානම් ඒක අද ඔබ ඔය සිර මැදිරියේ අත්විඳිනා දඬුවමට වඩා ගොඩාක් බරපතල එකක් වන්නට තිබුනි.‍ බරපතල වරදෙහිදී සොබා දහම් කාලී ඉතාමත් දරුනුයි. විපාක අති බිහිසුනුයි. ඒ නිසා ඔබ කාට හෝ කෙදිනක හෝ වරදක් අකටයුත්තක් සිදුකලා නම් ඒ වරද පිලිගෙන නිදහස් වන්න. දූෂිත ලෙස අනුන්ගෙන් ලබා ගත් එක තඹ ශතයක් හරි අරගෙන තිබේනම් සේරම නැතිනම් ඉතිරිවෙලා තියෙන ටික හෝ අාපසු දීල දමන්න. මේ බලන්න සත්පුරවැසියා සිංහසේයාවෙන් මෙසේ අභීතව අන් අයට බන කියන්නේ අනුන්ගේ එක තඹ ශතයක්වත් දූෂිත අාකාරයකට ලබාගෙන නැති නිසයි. අපි අතේ ශතේ නැතත් හරි පොහොසත්. ඒ පොහොසත්කම අද යුගයේ බොහෝමයක් අයට නැහැ. හැබැයි අපට මොනවා හරි අවශ්යයතාවයක් අැති වුනු සෑම මොහොතකම සොබාදහම් මාතාව විසින්ම ඒ අවශ්යයතාවයත් ඉෂ්ඨ කරල දීල තියෙනවා මොන යම් ගුප්ත අාකාරයකින් හෝ.... ඔබට නැවතත් අවසන් වශයෙන් පවසා සිටින්නේ අද මේ උතුම් පොහොය දින අධිෂ්ඨාන කරගන්න රටට දැයට වැඩ අැති යහපත් මිනිසකු වන්න. අධර්මිෂ්ඨ දුර්ජනයින්ගේ අැසුරින් අෑත් වන්න. බුදුන් වහන්සේ දේශනා කල පරිදි... දහමට අකමැති බව/අසත් පුරුෂයනට ප්රිය කිරීම/නිදනසුලු බව/අසද්ධර්මයට කැමති වීම/සභා ලොලත්වය(දොඩන සුලු බව)/වීර්යය නැති බව/මැලිබව/කිපෙන සුළු බව/වංචාව/රස බාෙජුන් තනියම වැලඳීම/ස්ත්රී ලොල් බව/සුරා ලොල් බව/දූ කෙලියෙහි ලොල් බව/වෛශ්යා සේවනය/පරදාර සේවනය/මහළු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම/අරපරෙස්සම නැති ස්ත්රියක හෝ පුරුෂයෙකු ප්රධානත්වයෙහි තැබීම/වස්තුවෙන් අඩු වූ, තෘෂ්ණාවෙන් වැඩි වූ කැති කුලයෙහි උපන්නෙකු රාජ්යය පැතීම. පරාභව සූත්රයේ සඳහන් වන පරිදි පිරිහීමට පිවිසිය හැකි දොරටු බව පසක් කරයි. මේවායින් ඔබට සහ ඔබේ ඒකාබද්ධ කල්ලියට අදාල වන කාරනාවන් නිවැරදි කර ගතහොත් සොබා දහම් මාතාවගේ පිලිගැනීමටත් අාශිර්වාදයටත් පත්විය හැකි වනු අැත. ඔබේ අත්හැර නොයනා බව පවසනා මුත් ඔබලා ලවා විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරවා ඔබලා දමා ජපානයට පලාගිය අවස්ථාවාදී පසමිතුරු තොමෝවත් ඔබට ලබා නොදෙනා මෙම අති උතුම් ධර්ම පද යහපාලන මෛත්රී ජනාධිපති වෙනුවෙන් අවෛයිරී සිතින් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා පොසොන් පාෙහොය දින ගෙවීයමින් පවතින මේ අවසන් හෝරා කීපය තුලදී ඔබේ සහ විශේෂයෙන් අද.. එදා... සරත් ෆොන්සේකා මැතිතුමාගේ අාදරවන්තයින් දුකට පත්ව සිටියා සේ දුකින් සිටිනා ඔබේ පවුලේ සියළුම සාමාජිකයින් හට මෙම පණිවිඩය මගින් කිසියම් ශක්තියක් අස්වැසිල්ලක් වෙමින් ටෙලිපති මගින් ඔබටද අාත්ම විශ්වාසය පරාවර්තනය කරවමින් නැවතත් ඉක්මනින් ෆේස්බුක් වාද පිටියේදී අපි හමුවන තුරා තාවකාලිකව සමුගනිමු.... කල්යාන මිත්රයින් අැසුරු කරන්න... වැරදි මං පෙන්වනා අවස්ථාවාදී මිත්රද්රෝහීන්ගෙන් අෑත්වන්න අපවත් වී වදාල සෝභිත හිමිගේද අාශිර්වාද සමග ඒ වෙනුවෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අද අති උතුම් පොසොන් පොහෝ දින ගෙවී යන අවසන් හෝරාවේදී සටහන් තැබූ වගයි. ස්තුතියී. 2016/06/19


Saturday, June 18, 2016

මීලඟ ලදරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.

පුවතක්.....
මහියංගණය, කුඩාලුණුකේ ප්‍රදේශයේදී ලිංගික අතවර කර මරා දෑමූ බවට සැක කෙරෙන 9 හැවිරිදි පාසල් දැරියකගේ මළ සිරුරක් දිය අගලක තිබී සොයා ගැනේ
https://www.facebook.com/real.rr/posts/10157716101435377
මීලඟ ,දරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.
============================================

සියල්ල විනාශ උනු රටක අපි සංස්කෘතිය කරේ තියාගෙන ඉමු තව තවත් මේ වගේ සේයා දැරිවියන් විනාශ වන තුරු...

අඩු තරමින් මේ වගේ අපරාධකරුවන් එකෙක් එල්ලුම් ගස් යවල හරි මේවායේ මර්ධනයක් පාලනයක් අැති කල යුතුමය.

රටේ හිටපු සෑම නායකයෙකුම අත පිසදා ගත් මෙවන් සුවිශේෂී කාරනා හමුවේ වත්මන් ජනපති තුමන් අභීතව මෙම නිල කාලය තුල විශ්රාම යාමට පෙර නිසි තීරන ‍ගනු අැතැයි රටේ දරු දුක හඳුනනා සියළුම දෙමාපියන්ගේ නාමයෙන් අයැද සිටිමු.

අපරාධ කරුවෙකු හට හිත්පිත් නැතිව මෙවන් අපරාධ සිදුකල හැකි නම් රටක සිටිනා යුක්ති ගරුක දරුදුක හඳුනනා පීතෘත්වරයෙකු වන ජනාධිපතිවරයෙකුට කෙසේනම් තීරන ගත හැකි විය යුතුද..!

යහපාලන ජනාධිපතිගේ තීන්දු ගැනීමේ පෞර්ෂය කෙතරම්ද යන්න ප්රතිවිරුද්ධවාදීන්ටද ප්රදර්ශනය කිරීමේ අවස්ථාවක්ද උදාකර ගනිමින් පොසොන් පොහෝ දිනය ගෙවී ගිය සැනින් මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ තීන්දුව ජනාධිපති වරයා ප්රකාශයට පත්කල යුතුය. 

එය එසේ වුවහොත් රටේ සුවහසක් යුක්ති ගරුක වූ යහපාලන ලැදි ජනතාව ජනාධිපතිවරයා සමග එක් හඬින් නැගී සිටිනු අැත.

යහපාලන රජෙකු රටක් නිසි ලෙස රකියී නම් ඔහු අාගම දහම රැකිය යුතු සේම... අපරාධයන්ද නියත වශයෙන්ම නැසිය යුතුය. ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට මාෙහොතකට හෝ පසුබට නාෙවිය යුතුය. එවන් අයෙකුට පමනයි අභීත නායකයා යනුවෙන් අාමන්ත්රනය කල හැකි වන්නේ. අප රටේ තවමත් අවස්ථාවාදී නායකයින් මිස අභීත නායකයින් බිහි වී නැත...

එනිසා තීරන ගත යුතුම වූ සුවිශේෂී අවස්ථාවන්හිදී යහපාලන ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඒ සඳහා මොහොතකටවත් දෙපා පන නැති කරගන්නේ සැලෙන්නේ නැති බව පසක් කල යුතුය.

දශක ගනනාවක් පුරා දේශපාලන අධිකාරීන් විසින් සපයන ලද වැරදි පූර්වාදර්ශ හේතුවෙන් වල් වැදුනු රටක් විදියට අඩු තරමින් රට නිසි මගට අවතීර්න කර ගන්නා තුරු හෝ කෙටි කලකටවත් මරන දණ්ඩණය ක්රියාත්මක කල යුතුමය.

නොඑසේ උවහොත් මීලඟ ලදරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.

සෝභිතාවතාර
2016/06/18

Friday, June 17, 2016

ත්රීවීලරයක් සුරතට ගත් නොදරුවාගේ අනාගතය සහ රටේ අවිධිමත් ත්රීවීල් අනාගතය යුක්ති ගරුක රියදුරාගේ අභාවයට මං පාදයිද....!

====================================================
ත්රීවීලරයක් සුරතට ගත් නොදරුවාගේ අනාගතය සහ රටේ අවිධිමත් ත්රීවීල් අනාගතය යුක්ති ගරුක රියදුරාගේ අභාවයට මං පාදයිද....!
==========================================


ත්රීවීල් මිල වැඩි කිරීම වෙනුවෙන් රංගේ බණ්ඩාර මැතිතුමා ප්රකාශ කරනා හේතුව කිසිසේත්ම ප්රායෝගික නොමැත. රජය වෙනුවෙන් මෙම ප්රකාශය එතුමා සිදුකලා වන්නට පුළුවන.
නමුත් පාසල් හැරගිය තරුණ දරුවන් වෙනුවෙන් සහ ත්රීවීල් සම්බන්ධයෙන් යහපාලන රජය සහ පාෙලීසිය දැනුවත් කල යුතු කරුණු කාරනා ගනනාවක් අැත. ඒ පිලිබඳ විශේෂ ලිපියක් ලිවීමට කලක සිට සිතා සිටියත් කාලවේලා ගැටළු නිසා ප්මාද විය. නමුත් අද මෙම ප්රකාශය පදනම් කරගෙන සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නාඹර තරුණ පුතුන්ගේ වටිනා ජීවිත ත්රීරෝද රථයයි. ඒ තුල සවිකල සෙට් එකයි සමග අායාලේ ගෙවී යාම නිසා එම දරුවන්ගේ ජීවිත වෙනුවෙනුත්... රටේ අනාගතය වෙනුවෙනුත්... මෙම සටහන තබන්නට කල්පනා කලෙමි.

නමුත් මෙම ක්රියාවට මුලින්ම වගකිවයුත්තේ බහුතරයක් ඒ දරුවන්ගේ මව්වරුන් බවත් අකමැත්තෙන් මුත් පැවසිය යුතුය. ඒ බව බොහෝමයක් ත්රීවීලර් රථ පිටුපස අලවා අැති නොයෙක් අාකාරයේ මව්ගුණ සහිත ස්ටිකරවල සඳහන්ව අැති වදන් කියවීමෙන් තහවුරු වේ.

සියළුම මව්වරුන් තම දරුවන් හට ඉමහත් අාදරයක් දක්වයි. මෙයිනුදු තවත් සමහර මවුවරුන් පවුලේ වැඩිම කලහකාරයාට ඊටත් වැඩියෙන් අාදරය කරයි. නමුත් මවගේ මෙම ඉක්මවා ගිය අාදරය නිසා දිනෙක තම ඒ පුතනුවන් හිරේ විලංගුවේ වැටී අවසන් වුනු සිදුවීම්ද සමාජය පුරා දකින්නට අැත.

මේ වෙනුවෙන් රථවාහන පොලිසිය වැඩපිලිවෙලක් නිර්මානය කාෙට රට පුරා විසිරී සිටිනා විශේෂයෙන් බාල වයස්කාර ස්වාධීන ත්රීවීල් හිමිකරුවන් සහ ත්රීවීල් රියදුරු සේවයේ හෝ ඒ අයිතිය දරනා ලාබාලයින් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම හෝ එය අසාර්ථක විය හැකිනම් ත්රීවීලර ධාවනය සඳහා වන වයස් සීමාව 25 දක්වා හෝ ඉහල දැමීම වැනි උපාය මාර්ග පිලිබඳ අවධානය යොමු කල යුතුව අැත.

නාෙඑසේ උවහොත් ත්රීවීලරය නිසා අැතිව පවතින පහසුව අභිබවා ඉන් සමාජයට සිදුවෙමින් පවතින අපහසුව ඉහල තලයකට අවතීර්න විය හැක.

O/L හෝ A/L සමත් උනා හෝ නොවුනා විවිධ දුෂ්කරතා නිසා පාසල් දිවිය හමාර කරනා විශේෂයෙන් මධ්යම පන්තියෙන්ද පහලට විසිරුනු බොහෝමයක් අඩු අාධායම් ලාභී ජන ජීවිත තුල ත්රීවීලරය යනු සියළුම අඩුපාඩු සපුරා ගත්තා යයි සිතනා තරම් ප්රබල සුපිරි සාධකයක්ව අැත.

ඒ නිසා මෙම අය ත්රීවීලරය නමැති සාධකය මගින් තමන් හට පෙන්විය හැකි 18 වන්නමම පෙන්වීමට පසුබට නාෙවනා තරමට මෙම ත්රීවීල් සංස්කෘතිය රටට කිසියම් අාකාරයක ගැටළුකාරී වාතාවරනයක්ද නිර්මානය කර අැත.

තත්ත්වය එසේ පවතිද්දී ඒවා මෙරටට අානයනය කරනා සමාගම් මාධ්යය ඔස්සේ 24 පැයේ දැන්වීම් ප්රචාරයන් සිදුකරමින් තව තවත් මේවා විකුණා තම මඩිය තර කර ගැනීමේ ප්රබල කර්තව්යයක වර්තමානයේ යෙදී සිටින්නේ යම් ලෙසකින් රජය ත්රීවීලර පාලනයක් අැති කලහොත් යන සැකයක් තුල ඊට පෙර තම ගොඩ විකුණා අවසන් කර ගැනීමට දැයි සියුම් සැකයක්ද ජනිත වේ.

පාසලින් පසු අඩු වයසින් සමාජය පිලිබඳ කිසිදු අවබෝධයක්, වගකීමක්, බරපතල කමක්, ගුණ ගරුක වැදගත් හැසිරීමක්, දැනුමක්, පුහුණුවක්, සංයමයක්, ඉවසීමක්, නොමැතිව මහා මාර්ගයට ත්රීවීලරය සමග අවතීර්න වන මෙම තරුණ දරුවා කොහේ ගොස් මාෙනවා සිදු කර කීයක් හම්බ කලාද... ඒවායින් මොනවා කලාදැයි මෙය අරන් දෙන මව හෝ මාපියන් නොදනී. 

අවනීතික වැරදි වැඩ වලින් වැඩියෙන්ම මුදල් ඉපයිය හැකි සමාජ පරිසරයක් තුල අාර්ථික දුෂ්කරතා අැති මෙම දරුවන් අනීතික වැඩට පෙලඹී නොමගට යොමු උවහොත් ඉන් ඒ දරුවාගේ ජීවිතයත්, ඒ අසරන පව්ලේ අනාගතයත්, ඒවායේ එකතුවේ ප්රථිපලය ලෙස රටේ අනාගතයත් අඳුරට අැදවැටීම වලක්වනු තවත් ප්රමාද උවහොත් අසීරු වනු නියතය.

මල්ලි මේ පාර්සලේ අහවල් තැනට ගිහින් දියන් වැඩිපුරත් එක්ක දෙන්නම්....(මෙසේ කියා රහසිගතව අැසිරූ කුඩු පාර්සලයක් අහිංසකයාගේ වීල් එකේ පටවා යවා ඒකාගේ ජීවිතය සදා අඳුරේ හෙලනා අවධානම් හයර් එකක් දෙයි) 

මල්ලි කෑලි ඉන්නවනම් අපේ පොට් එකට ගෙනෙන් උඹටත් ගානක් දෙන්නම් හයර් එකත් වැටෙනවනෙ ඩෝ...

ඒ අාකාරයෙන් අවනීතික ක්රියාකාරකම් වෙනුවෙන් මෙවන් අවිධිමත් අධ්යාපනය ලැබූ දරුවන් ත්රීවීලරය නමැති ධාරකයා මගින් යොමු කරගැනීමේ ප්රවනතාවයන් නිසා වගකිවයුතු යහපාලනවාදී රජයක් විදියට වත්මන් සබුද්ධික මෛත්රී රනිල් සුසංයෝගී රජය රටක සිටිනා වටිනාම සම්පත වන තරුණ පිරිමි දරුවන්ගේ අනාගතය ත්රීවීලරයකින් ඔබ්බට විසිරුනු විධිමත් වර්නවත් එකක් බවට පත්කිරීමට අවධානය යොමු කරවනු අැතැයි සුවහසක් අවිධිමත් ත්රීවීලර පුතනුවන්ලා වෙනුවෙන් ඒ සියළුම අවිහිංසක දෙමාපියන් හා ඒකාබද්ධව අායාචනය කර සිටිමු.

ඉහත දැක්වූයේ ත්රීවීලරය නිසා ඒ අවිධිමත් දරුවන් අවධානමට පත්කරනා සංසිද්ධීන්වලින් ඉතාමත් අල්පයක් පමනි.

නමුත් දැන් ඉදිරිපත් කිරීමට යන්නේ අවිධිමත්කම නිසාම ත්රීවීලරය පුරාම විකාරූපී ස්ටිකර අලවා විකාරූපී විදුලි එලි දල්වා විශේෂයෙන් වර්තමානයේ බොහෝමයක් ත්රීවීලරවල සවිකර අැති අනුමැතියෙන් සහ ප්රමිතියෙන් තොර LED ප්රදාන ලාම්පුව (Head Light) නිසා ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිනෙන වාහන පදවන්නන්ගේ අැස් නිලංකාර වී අනතුරු වැලකී යන්නේ දෙවියන්ගේ පිහිට අැති නිසාමය...

පොලිසිය හෝ ප්රමිති අායතන මේවා පිලිබඳ උනන්දුවක් නැත. නමුත් මෙම අත්දැකීම රාත්රියේදී පාරේ වාහනයකින් යන ඕනෑම කෙනෙකුට පොදු හිරිහැරයක් බව පිලිගනියී....

තවද කිසිදු විනයක්, හැදිච්ච කමක්, සාධාරන සිතිවිල්ලක්, ඉවසීමක්, සංයමයක් නොමැති බාෙහොමයක් (බාල තරුණ මහළු භේදයකින් තොරව) අසංවර ත්රීවීලර කරුවන්ගේ අවනීතික රිය ධාවනය නිසා රටේ සීලාචාර, වැදගත්, යුක්ති ගරුක මිනිසුන් හට පාරේ රිය ධාවනය කල නොහැකි තත්ත්වයක් සෑම දිසාවකම බහුල වශයෙන් දක්නට අැත. 

මහා මාර්ගයේ දෙපසට වාහන ගමන් කරමින් පවතිද්දී විශේෂයෙන් තද බදය සහිත කාල වේලාවන්හිදී මෙම බොහෝමයක් අවනීතික ත්රීවීලර කරුවන් මහා මාර්ගය මැදින් තම වාහනය ගමන් කරවමින් දෙපසටම ගමන් කරනා නීති ගරුක වාහන පදවන්නන් අසීරු තාවයට පත්කරවමින් සහ මාර්ග තදබදය තව තවත් අවුල් (Jam) කරමින් ඉතාමත් පහත් අසාධාරන ලෙස තම රථය අන්අය පසුකර ඒ අයගේ සාධාරන ගමනට බාධා කරවමින් සහ තව තවත් ප්රමාදයට පත්කරවමින් ඉදිරියටම පදවා තම ගමන ඉක්මන් කර ගනියී. 

නමුත් මොවුන්ගේ මෙම පහත් බාල ක්රියාව නිසා තව දුරටත් සිදුවන ප්රමාදයෙන් පසුදින උදයේ සේවයට යායුතු සුවහසක් ජනී ජනයාද.... පසුදින අළුයම පාසල් යායුතු පාසල් දරුවන් නිවසට යන විට පසුදා පහන් වන්නට අාසන්නය.

මෙම ක්රියාව සිදු කරනා අවනීතික පහත් ත්රීවීලර කරුවන් පොලිස් නිලධාරීන්ගේ ග්රහනයට හසු නොවේ. ට්රැෆික් පොලිස් නිලධාරියා තනිවම සිටින්නේ තදබදය පාලනය කරනා මංසන්ධියේය. ඒ නිසා ඔහුට වෙනත් අනීතික ක්රියා පාලනය කල නොහැක. දුටුවත් ඒ අවස්ථාවේදී කාර්යය බහුල ඔහු අසරනය.

එම නිසා මෙම අනීතික ක්රියාව පාලනය කිරීමට කදිම යෝජනාවක් රථවාහන පොලිසියට සිදු කිරීමට කැමැත්තෙමි.

පොලිස්පති තුමනි ඔබගේ රථ වාහන අංශය භාර ප්රධාන පොලිස් අධිකාරී තුමා වර්තමානයේදී රට පුරාම විවිධ ස්ථානවල පාලු පාරවල්වල සහ ප්රධාන මාර්ගවල රථ වාහන නීති කඩ කරන්නන් හසුකර ගැනීමට ස්ථානගත කිරීම් විශාල ප්රමානයක් සිදුකර අැති බව දක්නට අැත. ඒවා අගය කල යුතු මුත් කොතරම් දුරට ප්රථිපල දායකද නැද්ද යන්න ගැටළුවකි..!
මෙම සෝදිසි කිරීම් සැමදාම එකම නිස්චිත ස්ථානයක සිදුවන නිසා නීති කඩ කරන්නන් කල් අැතිවම පාර වෙනස් කර (ෂෝට්කට් දමා) වෙනත් වංගු ගසා පැන යති. තවත් සමහරක් අයට ඉදිරියෙන් පැමිනෙන රියදුරන් (අැස්ගසා) ප්රධාන එලි දල්වා සංඥාව දී තමාසේම වැරදි කරනා අනෙකා බේරනු ලබයි. 

ඉතින් මේවා අපේ රටේ සදාතනික ගැටළු බවට පත්ව අැත. මාර්ග තදබදය නිසි ලෙස සමීක්ෂනය කර බැලුවහොත් එම නිරීක්ෂනයේ අවසන් ප්රථිපලය වන්නේ රියදුරන්ගේ නීති ගරුක භාවය නොමැති කමත් විනයක් සංයමයක් ඉවසීමක් නාෙමැති කමත් ප්රධාන වශයෙන් බලපා අැති බවය.

මොවුන්ගේ විනය විරෝධී ගමනට විනය ගරුක රියදුරන් තම වාහනය කානුවට ගෙන හෝ ඉඩ සලසා නාෙදුනහොත් එම වාහනය සීරීමට ලක්කිරීම හෝ ගනින් යකෝ අහකට යන බාල වචන අසා ගැනීම සිදු වීමත් වලක්වනු නාෙහැකිව අැත. ඊටද ප්රධාන හේතුව ඉතාමත්ම දැඩි තදබද කාරී උදයේ සවස සහ පාසල් අවසන් වන කාල වේලාවන්හිදී මෙම අසාධාරනය බහුල වශයෙන් සිදු වීමයි.

එම නිසා පොලිස්පති තුමාට පොලිසියේ අාධායමත් ඉතා විශාල වශයෙන් වැඩි කරගත හැකි යෝජනාවක් කිරීමටයි සත්පුරවැසියාගේ සූදානම...

නිකන් පඩි ගෙවල වැඩකට නැති ස්ථානවල බොරුවට පොලිස් නිලධාරීන් ස්ථාන ගත කරල පොලිසියේ වටිනා කාලයයි. ඒ නිලධාරීන්ගේ වටිනා ජීවිතයි නිරපරාදේ ගෙවා නොදමා ඉහත දැක්වූ කාරනය සැලකිල්ලට ගෙන රථ වාහන නීති යාවත්කාලීන කර රටට ගැලපෙන ලෙස මොඩිෆයි කරන්න.

ඒ සඳහා ඔබේ අර නවතම කැමරා පද්ධතිය හා සමානව (ඒ කෙරුවාවත් දවසයි දෙකයි දැක්කේ... අනේ මන්ද... මොන කරුමයක්ද කියල... මේ රට ගොඩ ගන්න එකත් ලේසි නෑ වගේ පෙන්නේ...)අාරම්භයක් හැටියට අඩුතරමින් (උදාහරන ලෙස රාජගිරිය වැනි) ඉතාමත් දැඩි වාහන තදබද පවතින මෙන්ම නීතිගරුක රියදුරන් හට ඉතාමත් අසාධාරනකම් සිදුවන කලාපයන්හි සිවිල් අැඳුමින් යුතු පොලිස් නිලධාරීන් මීටර් 100 ය හෝ 500 අතර සීමාවන්හි යොදවා අවනීතික ලෙස (Traffic Jam) කරනා වාහනවල අංක සටහන් කර ගන්නට සලස්වා ඒ හිමිකරුවන් පසුව හෝ අදාල රථවාහන පොලිස් ස්ථාන කරා ගෙන්වා විභාග කිරීම සහ/හෝ දඩ පැනවීම මගින් මෙම අන් අයට මහත් අසාධාරනයක්ව අැති විශේෂයෙන් ත්රීවීලර කරුවන් සිදු කරනා අශෝභන අවනීතික ක්රියාව යම් තාක් දුරට හෝ පාලනය කිරීමට වැඩ සටහනක් ඉක්මනින් දියත් කරනු අැතැයි සුවහසක් වූ රටේ යුක්ති ගරුක වාහන පදවන්නන් සහ හිමියන් බලාපොරොත්තු අැති කරගෙන සිටියී.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුවැසියා යමපාලන නොව යහපාලන රටක විසුමට වැඩියෙන්ම හිමිකමක් අැති සුවහසක් යුක්ති ගරුක වූද.. නීති ගරුක වූද... රියදුරන් සහ හිමිකරුවන් හා ඒකාබද්ධ යෝජනාවක් සහ දැනුම් දීමක් ලෙස ඉදිරිපත් කර සිටිමු.
2016/06/17

Tuesday, June 14, 2016

හැඟීම් වලට වහල් වෙලා.... දූෂිතයින්ගේ බහට මුලාවෙලා.... තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙන තීන්දු ගත් 58 ට ලක්ෂයටයි මේ සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....

=================================================
හැඟීම් වලට වහල් වෙලා.... දූෂිතයින්ගේ බහට මුලාවෙලා.... තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙන තීන්දු ගත් 58 ට ලක්ෂයටයි මේ සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....
=================================================
කුඩු අල්ලපුවහම...
- ඉස්සර ලොක්කා කුඩ්ඩා බදා ගන්නවා
- දැන් ලොක්කා අල්ලපු අය දිරිමත් කරනවා තව අල්ලන්න - රන්ජන් රාමනායක කියයි......
----------------------------------------------------------------------------------------------------------------------------------
මුදල් අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත, මෙරටට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අද (14) පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරයට ගැනුණා. කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වෙයි. 
===============================================================


සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....
-------------------------------------------------------------------------------

මේකද වෙනස කියල අහන අයට දෙන්න තියෙන උත්තරේ රන්ජන් කියන දේ තමයි..

හැඟීම් වලට පමනක් වහල් වෙලා බුද්ධියෙන් තොරව රටේ ප්රශ්න දෙස බැලූ 58 ලක්ෂය මේවා අවබෝධ කර ගත යුතුයි.

තීරනාත්මක ප්රශ්න හමුවේ හැඟීම් වලින් නොව බුද්ධියෙන් යුතුව නිසි තීරන නොගතහොත් අවස්ථාවාදය ක්රියාත්මක වීම වලක්වනු නාෙහැකි වනු අැත.

මෙම මත්කුඩු කිලෝ 91කේ වටිනාකම රුපියල් කෝටි 200 ට අාසන්න බව පැවසේ. මේ කෝටි 200 න් කෝටි 50 ක් තමන්ට ලැබෙන්නට සලස්සවන්න කියල වැඩේ යට ගැහුවනම් රටේ තරුණ පරපුරට සිදුවන විනාශය හිතාගන්නවත් පුළුවන්ද...
අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ දුවේ පුතේ යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ වෙනස මෙයයි. මේවා තමයි ඔබ සැම බුද්ධියෙන් යුතුව තෝරාබේරා ගත යුතු වෙනස.

සබුද්ධික වූ යහපාලනවාදී දේදුනු ජනතාව ඒකරාශීව අපවත් වී වදාල සෝභිත මාහිමිපානන් පෙරටුව පොදු අපේක්ෂකයා ලෙස මෛත්රීපාල සිරිසේන මැතිතුමා පත්කර ගත්තේ මේ වෙනස අැති කිරීමටයි.

ප්රතිපත්ති සහගත එතුමා යහපාලන ලැදි දේදුනු ජනතාව තැබූ ඒ අකලංක විශ්වාසය කඩ නොකරන බව මෙම සිදුවීම්වලින් තව දුරටත් සනාත වෙනවා. ඉදිරි කටයුතුද කෙතරම් දුෂ්කර උවත් හැමසැරයටම වඩා උචිත හීන් සැරය භාවිතා කොට එතුමානන් කල් යල් බලා (කලු ගල මැටි වන) හරි නැකත උදාවුනු ගමන් ක්රියාත්මක වෙලා සියලු දූෂන මැඩලා යහපාලනවාදී සාධාරන සමාජයක් බිහි කරනු නියතය.

එම නිසා ඔබ සැම දැන් දැන්වත් මේ අැසට පෙනෙන දෑතට හසු වන යථාර්තය තේරුම් ගෙන ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා තක්කඩියන් පවසනා මුසාබස් වලට නොරැවටී ඔබේ සහ රටේ දරුවන්ට අාදරයක් අැත්නම් ඔවුන් හට සුරක්ෂිත අනාගතයක් බිහිකර දිය යුතුනම් කියන දේ කරන... කරන දේ කියන.... වත්මන් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන වැඩපිලිවෙල සාක්ෂාත් කිරීමට සියළු භේද පසෙකලා අත්වැල් බැඳ ගන්න අප හා එක්වන්න...

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා (තාත්තා)... මගේ සහ ඔබේ සහ රටේ දරුවන් වෙනුවෙන් අායාචනය කර සිටිනා වගයි.
http://www.sobithawathara.blogspot.com/
2016/06/14

Monday, June 13, 2016

විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින් (සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්) පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

--------------------------------------------------------------------------------------------
==========================================
සියළුම දේශපාලකයින් හට සිදු කරනා වැදගත් දැනුම් දීමයි...
==========================================
--------------------------------------------------------------------------------------------
විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින්
(සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්)
පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

හිටියොත් හොඳට හැදීයී.... දෙවියොත් නමට වඳීයි....
ලෝකයේ කිසිදු රාජ්යය නායකයෙකුට හෝ දේශපාලකයෙකු හට හිමි වී නැති සුවිශේෂී චරිත සහතිකයක් (තම දේශපාලන දිවිය අැගයීමට ලක්කල ජනතා සම්මානයක්) විශිෂ්ඨ දේශපාලන දිවියක් ක්රියාවෙන් ඔප්පු කර විශ්රාම ගතවන ශ්රීලාංකික රාජ්යය නායකයින් සහ සුවිශේෂි දේශපාලන චරිත වෙත පිරිනැමීමේ සංඛල්පයක් සෝභිත හිමි සිහිනෙන් කල දැනුම් දීමකට අනුව සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සියළු ජනතාව වෙනුවෙන් පුද කිරීමට අපේක්ෂා කර අැත. එම අැගයීම් සම්මානයේ නාමය වන්නේ..

(සෝභිත දේදුනු ජනතා සම්මානයයි)

එනම් අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනයක් වූ සාධාරන සමාජයක් බිහිකිරීමේ බාරදූර කර්තව්යය වෙනුවෙන් විවිධ පැතිකඩ මානයන් යටතේ සුවිශේෂී මෙහෙවරයන් ඉටු කල දේශපාලකයින් මෙම අැගයීමට ලක්වේ.

නමුත් අප රටේ බිහිවුනු දේශපාලකයින් බහුතරයක් ඉතිහාසය පුරාම ජනතා විශ්වාසය පලුදු කර අැති නිසා මෙම කුළුඳුල් අැගයීම් සම්මානය හිමි වනුයේ අදාල දේශපාලකයින් දේශපාලනයෙන් සමුගත් පසුවය. එය සමහර විට හිමිකරුට ජීවත්ව සිටියදී දැක ගන්නට නාෙහැකි වන්නටද පුළුවන. නමුත් එය ඔහු හෝ අැයගේ මිනී පෙට්ටිය උඩට හෝ පවුලේ සාමාජිකයින් වෙත හෝ අනිවාර්යයෙන්ම ලැබෙනු අැත.

තමන් අා මග පිලිබඳ පැහැදිලි විශ්වාසයක් අැති අය හට මෙමගින් තමන්ගේ පවතින්නන් හට තමුන් මිය ගිය පසු ජනතාවගේ ශාපයට පාත්ර නොවී සිටිය හැකිවනු අැති බවට සතුටක් සිත්හි දරා ගත හැකි වනු අැත. කිසිදු මනුශ්යයකු තමන් හට කෙසේ වෙතත් තමන්ගේ අාදර වන්තයින් හට අකටයුත්තක් අවනම්බුවක් වනවාට කැමති නැත. 

එසේ තමන්ගේ අාසන්නතමයින් හට ගොඩක් අාදරය කරනා දේශපාලකයින් මින් පසුව හෝ තමන් පිලිබඳ පසු විපරමක් ඉඳහිට සිදු කිරීමත්... ඒ පිලිබඳ තමුන් හට නොපෙනෙන කරුනු කාරනා අැත්නම් තමන් ඒ පිලිබඳ දැනුවත් කරනා ලෙස භාර්යාවට, සැමියාට, දරුවන්ට, මාපියන්ට, කල්යාණ මිත්රයින් හට දැනුම් දී තිබීම ප්රක්ඥාගෝචර වේ.

ඒ මන්ද යත් පෙරහැර වඩා හොඳින් පෙනෙන්නේ පෙරහැරේ යන අයට නොව පෙරහැර බලා සිටිනා අයටය. නමුත් පෙරහැරේ අලි ගිය පලියට හෝ ඒ අලි නරඹන්නන් හට වඩා හොඳින් පෙනුනු පලියට මෙම සම්මානය ලැබීමට කිසිසේත් සුදුසුකම් ලබන්නේ නැත.

ඊට කදිම නිදසුනක් ලෙස ජේවීපි පෙරහැරේ කරඬු තබාගෙන ගිය පතාක අලි... සෝමවංශලා, වීරවංශලා අද ජනතාවට කෙසේ වෙතත් තම පාක්ෂිකයින්ගේද.. තම සාමාජිකයින්ගේද.. ලේ දහඩිය ජීවිත පුදා දශක ගනනාවක් දුක්විඳ ගොඩනගා ගත් දුප්පත් පක්ෂයට තමන් අපාගත වන තරමේ ද්රෝහීකම් සිදුකර අැත. ඉතිහාසය පුරාම වතාවත් ගනනාවකදී මෙවන් ද්රෝහීන් එම පක්ෂය වල පල්ලට අැද දමා අැත. අවසන් වශයෙන් විමල් වීරවංශ නමැති කාලකන්නි පාහරයා එම පක්ෂයට සිදුකල වින්නැහිය නොවුනානම් මීලඟට රටේ රාජ්යය බලය අත්පත් කර ගැනීමේ තීරණාත්මක මංසන්ධියකට පිවිස සිටීමට එම පක්ෂය සුදුසුකම් ලබමින් සිටියේය.

නමුත් ඒ ද්රෝහී පාහරයා ඒ දුප්පත් පක්ෂයට සිදුකල වින්නැහිය නිසා හෙට දවසේ වත්මන් පලමු වැනියා... දෙවැනියා... තුන්වැනියා... කිසියම් ද්රෝහීකමක් සිදු නොකරාවිදෝ යන සැකය ජනතාවගෙන් වියැකී යාමට තවත් බොහෝ කාලයක් ගතවනු අැත.

අන්න ඒ ශාපය විමල් වීරවංශට හිමි නොවුනහොත් සියළු අාගම්වල කියැවෙන දහම බොරුය. 

නමුත් එදා මෙදා තුර වත්මන් ජනපති තුමානන් සේ ඉතාමත් අල්පේච්ච ජීවිතයක් ගත කරමින්ද... තෘෂ්ණාභරිත නොවී උපේක්ෂා සහගතව පක්ෂය තුල රැඳෙමින් ජනතා සේවයට අැප කැපව වඩා පරමාදර්ශී කාර්යය භාරයක් නිහඬව සිදු කරනා ටිල්වින් සිල්වා මැතිතුමා වර්තමානය වන විට සබුද්ධික ජනතාවගේ සවිණ්ඥානය තුල ප්රතිපත්ති සහගත පුද්ගලයෙකු ලෙස දැහැන් ගතව සිටීයී...!

නමුත් ඔහු මේ වන විට ඉහත කී ජනතා සම්මානයට හිමිකම් ලබා අහවර යැයි මෙමගින් කිසිසේත් අදහස් නොකල යුතුය. එවැනි ජනතා සම්මානයක් හිමිවීමට සියල්ලෝම තව බොහාේ දුර යායුතුය.
අාදුර ඉතා කෙටිය.. යායුතු මග තව බොහෝ දිගුය...
නමුත් ඒ ඕනෑම දේශපාලකයෙකු හට තමන් එකී ජනතා සම්මානයට සුදුසුකම් ලබා අැත්ද... නැද්ද... යන්න ජීවත්ව සිටියදී තමන් සිදු කරනා දේශපාලනික ක්රියාකාරකම් පිලිබඳව පසු විපරමක් ඉඳහිට හෝ සිදු කර කිසියම් තක්සේරුවකින් සැකහැර ගැනීමක් අැති කරගත හැකි වනු අැත.

අනේක දුක් විඳිනා ජනතාවගේ අාශිර්වාදයෙන් ලබනා එවන් මහජන සම්මානයකින් මරනින් පසු තමන්ට හිමිවන්නේ දෙව්ලොවද... අපායද... නිවන් මගද... යන්න පිලිබඳ කල් අැතිව දැන ගෙන අවසන් ගමන් යාමට සූදානමින් සිටිය හැකි වනු අැත.

විවිධ පැතිකඩ මානයන් යටතේ වර්තමානය වන විට එම ලැයිස්තුවට නාම යෝජනා වශයෙන් වත්මන් ජනපති, අගමැති, රතන හිමි, රන්ජන්, SF, ටිල්වින්, හඳුන්නෙත්ති, සුජීව සේරසිංහ, උදාහරන වශයෙන් දැක්විය හැක.

නමුත් ඉදිරි ක්රියාකාරකම් හමුවේ මෙම නාමයන් අදාල ලැයිස්තුවෙන් ඉවත් වී යාමටද ඉඩ අැත. එමෙන්ම කිසි කලෙකත් කිසිදු දේශපාලකයෙකු හට මෙම ජනතා සම්මානය දූෂිත අාකාරයකට ලබා ගත නොහැකි වනු අැත. 

ලෝක දේශපාලනයේ මෙතුවක් කල් කිසිදු දේශපාලකයෙකු මෙවන් ජනතා සම්මානයකින් පිදුම් ලබා නැත. නමුත් එවැන්නක් ලැබීම...
කන කැස්බෑවා විය සිදුරෙන් අහසේ සඳ බලා සිටියාටත් වඩා අසීරු කාර්යයක් විය හැකිය...
එම නිසා මෙම ජනතා සම්මානයෙන් අැගයීමට ලක්වන ඉතා සීමිත වූ සෑම දේශපාලකයෙකුම සැබෑම පුණ්යවන්තයකු වනු අැත. තම දේශපාලනික විශ්රාම දිවිය (හිටපු ජනපතිට වර්තමානයේදී සිදුව අැත්තා සේ) කිසිදු අාතතියකින් තොර වූ සාේවාන් ඵලයකට පත්වූ අයෙකු සේ දිවියේ අවසන් කාලය මහාර්ඝ ප්රීතියකින් කල් ගත කල හැකි වනු නියතය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
http://sobithawathara.blogspot.com/
2016/06/14