Monday, June 20, 2016

හිටපු ජනපතිට අද ජාත්‍යන්තර යෝගා දින ජීවන පසු විපරමකට අායාචනාවක්...


Mahinda Rajapaksa            
2016/06/21 පෙ.ව. 8.00 ට පමන
අද ජාත්‍යන්තර යෝගා දිනය වේ. යෝගා ක්‍රමය භාවිතා කරන්නකු ලෙස මෙම දිනය සමරන්නට ලෝක ප්‍රජාව හා එක්වන්නේ සතුටිනි.
===================================================


ඉහත දැක්වෙන්නේ අද 2016/06/16 ජාත්යන්තර යෝගා දින වෙනුවෙන් හිටුපු ජනාධිපති තම 
ෆේස්බුක් (Facebook) පිටුවේ තබා අැති සටහනකි.

එතුමානන්ගේ යහපත පිනිස ඊට කිසියම් ප්රතිචාරයක් දක්වන්නට යහපාලන ලැදි ජනතාව විදියට සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට සහ දුක්විඳිනා ජනතාව වෙනුවෙන් කල්පනා කලෙමි...




====================================================

හිටපු ජනපතිට අද ජාත්‍යන්තර යෝගා දින ජීවන පසු විපරමකට අායාචනාවක්...
==================================

යෝගා අාසනයන්හි පිහිටීමේ නිසි හැකියාව අැත්තෝ ඒ පිලිබඳ පුරසාරම් නාෙදොඩයි. යෝගා යනු ජීම් යාම නොව ගත සහ සිත යන දෙකම අාධ්යාත්මිකව පාලනය කරනා කිසියම් භාවනානුයෝගී ක්රමවේදයකි.

අද කාලයේ බහුතරයක් යොගා කරනවා යැයි කියා සිදු කරන්නේ ෆැෂන් එකකි. වචනයේ පරිසමාප්තියෙන්ම යෝගා කරන්නන් කිසියම් සෝවාන් පලයකට පත්වීමට තරම් සිත දියුනු කල අය වන්නේය.

එසේ සිත දියුණු කල අැත්තන්ගේ හැසිරීම් දකිත්දීම ඒ අය පිලිබඳ කිසියම් තක්සේරුවක් ලබා දීමේ හැකියාව අන් අයට හිමිවනු අැත.

කියන්නට කණගාටුයි ඔබතුමාගේ ඉතිහාසය ගත්කල එවන් එකදු හෝ පිලිගත හැකි සාක්ෂියක් ඊයේ වන තුරුත් ඔබ තුමානන් සිදුකල ක්රියාවන්ගෙන් ඔප්පු කර නැත. 

එසේ විය හැකි නම් ඒ ගත වන මේ මොහොතින් පසු හෝ යථාවබෝධය ලබා ඔබතුමා තම ජීවිතය තුල සිදුකරන්නා වූ ධනාත්මක විපරියාසයක් හේතුවෙන් පමනක් විය හැක.

නමුත් බලු වලිගය උණ පුරුකයේ දමාවත් කිසිදා කෙලින් කල නොහැක යන කියමනක් අැත. එමෙන්ම මනුශ්යයින්ද තම ජීවිත අායුෂ වලින් වැඩි ප්රමානයක් ගත කල ස්වභායන්ද ඒ ලෙසම නැවත හාත්පසින්ම වෙනස් තලයකට පත්කල නොහැකි වීමද ප්රතග්ජන ස්වභාවයකි.

එසේ කල හැකි අය සමාජයේ නැතිව නොවේ. නමුත් ඔබ තුමා පිලිබඳව මේ වන විට යහපාලන ලැදි සබුද්ධික ජනතාව සිදු කර අැති සමීක්ෂන පිලිබඳ අවසන් ප්රතිඵලය ලෙස ගෙන හැර දැක්විය හැක්කේ..... 

තම මරනය දක්වාම දැඩි බලලෝබයෙන්ද... දැඩි ඊර්ෂ්යාවෙන්ද... දැඩි වෛරයෙන්ද.... දැඩි අත්මාර්තකාමීත්වයෙන්ද.... පසු වී ගතටත් සිතටත් කිසිදු සුගතියක්, සැනසීමක් අත් නොවූ බවයේ යලි කිසිදා යහපත් අාත්මයක් නොලැබෙනා ඉතාමත් දුක්මුසු මරනයක් කරා අවතීර්න වන බවය.

හැකිනම් අදින් පසු හෝ මේ බව සංසාරය ජය ගැනීමට අවශ්යනම් බොරුවට කටින් නොව අැත්තටම යෝගා හෝ අාශ්වාස ප්රාස්වාස භාවනාව හෝ කරන්නට ඔය නොසන්ඩාලව විසිරුනු දුෂ්ඨ සිත එක් තැන් කර ගන්නට උත්සාහ කරන්න.

කිරිදෙව්වට වැඩක් නෑ ඒවට ගොම මුසු කරගත්තොත් කල හොඳත් අපතේ යනවා. පරම සත්යය එයයි. නෑඹිලියේ ඉතිරි වුනු හාල් අගිස්සක් අපතේ යවා අවීචි මහා නරකාදියේ දුක් විඳින්නට සිදුවුනු ධර්මකථා අසා අැති ඔබ/අප සැම ජීවිත ගමන මොන තරම් ප්වේශමෙන් ගෙන යායුතු එකක්ද යන්න පසක් කිරීමට වෙනත් උදාරහන අවශ්යය නොවනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට සහ දුක්විඳිනා ජනතාව වෙනුවෙන් දන්වා සිටිනු ලබයි.

No comments:

Post a Comment