Friday, June 17, 2016

ත්රීවීලරයක් සුරතට ගත් නොදරුවාගේ අනාගතය සහ රටේ අවිධිමත් ත්රීවීල් අනාගතය යුක්ති ගරුක රියදුරාගේ අභාවයට මං පාදයිද....!

====================================================
ත්රීවීලරයක් සුරතට ගත් නොදරුවාගේ අනාගතය සහ රටේ අවිධිමත් ත්රීවීල් අනාගතය යුක්ති ගරුක රියදුරාගේ අභාවයට මං පාදයිද....!
==========================================


ත්රීවීල් මිල වැඩි කිරීම වෙනුවෙන් රංගේ බණ්ඩාර මැතිතුමා ප්රකාශ කරනා හේතුව කිසිසේත්ම ප්රායෝගික නොමැත. රජය වෙනුවෙන් මෙම ප්රකාශය එතුමා සිදුකලා වන්නට පුළුවන.
නමුත් පාසල් හැරගිය තරුණ දරුවන් වෙනුවෙන් සහ ත්රීවීල් සම්බන්ධයෙන් යහපාලන රජය සහ පාෙලීසිය දැනුවත් කල යුතු කරුණු කාරනා ගනනාවක් අැත. ඒ පිලිබඳ විශේෂ ලිපියක් ලිවීමට කලක සිට සිතා සිටියත් කාලවේලා ගැටළු නිසා ප්මාද විය. නමුත් අද මෙම ප්රකාශය පදනම් කරගෙන සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නාඹර තරුණ පුතුන්ගේ වටිනා ජීවිත ත්රීරෝද රථයයි. ඒ තුල සවිකල සෙට් එකයි සමග අායාලේ ගෙවී යාම නිසා එම දරුවන්ගේ ජීවිත වෙනුවෙනුත්... රටේ අනාගතය වෙනුවෙනුත්... මෙම සටහන තබන්නට කල්පනා කලෙමි.

නමුත් මෙම ක්රියාවට මුලින්ම වගකිවයුත්තේ බහුතරයක් ඒ දරුවන්ගේ මව්වරුන් බවත් අකමැත්තෙන් මුත් පැවසිය යුතුය. ඒ බව බොහෝමයක් ත්රීවීලර් රථ පිටුපස අලවා අැති නොයෙක් අාකාරයේ මව්ගුණ සහිත ස්ටිකරවල සඳහන්ව අැති වදන් කියවීමෙන් තහවුරු වේ.

සියළුම මව්වරුන් තම දරුවන් හට ඉමහත් අාදරයක් දක්වයි. මෙයිනුදු තවත් සමහර මවුවරුන් පවුලේ වැඩිම කලහකාරයාට ඊටත් වැඩියෙන් අාදරය කරයි. නමුත් මවගේ මෙම ඉක්මවා ගිය අාදරය නිසා දිනෙක තම ඒ පුතනුවන් හිරේ විලංගුවේ වැටී අවසන් වුනු සිදුවීම්ද සමාජය පුරා දකින්නට අැත.

මේ වෙනුවෙන් රථවාහන පොලිසිය වැඩපිලිවෙලක් නිර්මානය කාෙට රට පුරා විසිරී සිටිනා විශේෂයෙන් බාල වයස්කාර ස්වාධීන ත්රීවීල් හිමිකරුවන් සහ ත්රීවීල් රියදුරු සේවයේ හෝ ඒ අයිතිය දරනා ලාබාලයින් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම හෝ එය අසාර්ථක විය හැකිනම් ත්රීවීලර ධාවනය සඳහා වන වයස් සීමාව 25 දක්වා හෝ ඉහල දැමීම වැනි උපාය මාර්ග පිලිබඳ අවධානය යොමු කල යුතුව අැත.

නාෙඑසේ උවහොත් ත්රීවීලරය නිසා අැතිව පවතින පහසුව අභිබවා ඉන් සමාජයට සිදුවෙමින් පවතින අපහසුව ඉහල තලයකට අවතීර්න විය හැක.

O/L හෝ A/L සමත් උනා හෝ නොවුනා විවිධ දුෂ්කරතා නිසා පාසල් දිවිය හමාර කරනා විශේෂයෙන් මධ්යම පන්තියෙන්ද පහලට විසිරුනු බොහෝමයක් අඩු අාධායම් ලාභී ජන ජීවිත තුල ත්රීවීලරය යනු සියළුම අඩුපාඩු සපුරා ගත්තා යයි සිතනා තරම් ප්රබල සුපිරි සාධකයක්ව අැත.

ඒ නිසා මෙම අය ත්රීවීලරය නමැති සාධකය මගින් තමන් හට පෙන්විය හැකි 18 වන්නමම පෙන්වීමට පසුබට නාෙවනා තරමට මෙම ත්රීවීල් සංස්කෘතිය රටට කිසියම් අාකාරයක ගැටළුකාරී වාතාවරනයක්ද නිර්මානය කර අැත.

තත්ත්වය එසේ පවතිද්දී ඒවා මෙරටට අානයනය කරනා සමාගම් මාධ්යය ඔස්සේ 24 පැයේ දැන්වීම් ප්රචාරයන් සිදුකරමින් තව තවත් මේවා විකුණා තම මඩිය තර කර ගැනීමේ ප්රබල කර්තව්යයක වර්තමානයේ යෙදී සිටින්නේ යම් ලෙසකින් රජය ත්රීවීලර පාලනයක් අැති කලහොත් යන සැකයක් තුල ඊට පෙර තම ගොඩ විකුණා අවසන් කර ගැනීමට දැයි සියුම් සැකයක්ද ජනිත වේ.

පාසලින් පසු අඩු වයසින් සමාජය පිලිබඳ කිසිදු අවබෝධයක්, වගකීමක්, බරපතල කමක්, ගුණ ගරුක වැදගත් හැසිරීමක්, දැනුමක්, පුහුණුවක්, සංයමයක්, ඉවසීමක්, නොමැතිව මහා මාර්ගයට ත්රීවීලරය සමග අවතීර්න වන මෙම තරුණ දරුවා කොහේ ගොස් මාෙනවා සිදු කර කීයක් හම්බ කලාද... ඒවායින් මොනවා කලාදැයි මෙය අරන් දෙන මව හෝ මාපියන් නොදනී. 

අවනීතික වැරදි වැඩ වලින් වැඩියෙන්ම මුදල් ඉපයිය හැකි සමාජ පරිසරයක් තුල අාර්ථික දුෂ්කරතා අැති මෙම දරුවන් අනීතික වැඩට පෙලඹී නොමගට යොමු උවහොත් ඉන් ඒ දරුවාගේ ජීවිතයත්, ඒ අසරන පව්ලේ අනාගතයත්, ඒවායේ එකතුවේ ප්රථිපලය ලෙස රටේ අනාගතයත් අඳුරට අැදවැටීම වලක්වනු තවත් ප්රමාද උවහොත් අසීරු වනු නියතය.

මල්ලි මේ පාර්සලේ අහවල් තැනට ගිහින් දියන් වැඩිපුරත් එක්ක දෙන්නම්....(මෙසේ කියා රහසිගතව අැසිරූ කුඩු පාර්සලයක් අහිංසකයාගේ වීල් එකේ පටවා යවා ඒකාගේ ජීවිතය සදා අඳුරේ හෙලනා අවධානම් හයර් එකක් දෙයි) 

මල්ලි කෑලි ඉන්නවනම් අපේ පොට් එකට ගෙනෙන් උඹටත් ගානක් දෙන්නම් හයර් එකත් වැටෙනවනෙ ඩෝ...

ඒ අාකාරයෙන් අවනීතික ක්රියාකාරකම් වෙනුවෙන් මෙවන් අවිධිමත් අධ්යාපනය ලැබූ දරුවන් ත්රීවීලරය නමැති ධාරකයා මගින් යොමු කරගැනීමේ ප්රවනතාවයන් නිසා වගකිවයුතු යහපාලනවාදී රජයක් විදියට වත්මන් සබුද්ධික මෛත්රී රනිල් සුසංයෝගී රජය රටක සිටිනා වටිනාම සම්පත වන තරුණ පිරිමි දරුවන්ගේ අනාගතය ත්රීවීලරයකින් ඔබ්බට විසිරුනු විධිමත් වර්නවත් එකක් බවට පත්කිරීමට අවධානය යොමු කරවනු අැතැයි සුවහසක් අවිධිමත් ත්රීවීලර පුතනුවන්ලා වෙනුවෙන් ඒ සියළුම අවිහිංසක දෙමාපියන් හා ඒකාබද්ධව අායාචනය කර සිටිමු.

ඉහත දැක්වූයේ ත්රීවීලරය නිසා ඒ අවිධිමත් දරුවන් අවධානමට පත්කරනා සංසිද්ධීන්වලින් ඉතාමත් අල්පයක් පමනි.

නමුත් දැන් ඉදිරිපත් කිරීමට යන්නේ අවිධිමත්කම නිසාම ත්රීවීලරය පුරාම විකාරූපී ස්ටිකර අලවා විකාරූපී විදුලි එලි දල්වා විශේෂයෙන් වර්තමානයේ බොහෝමයක් ත්රීවීලරවල සවිකර අැති අනුමැතියෙන් සහ ප්රමිතියෙන් තොර LED ප්රදාන ලාම්පුව (Head Light) නිසා ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිනෙන වාහන පදවන්නන්ගේ අැස් නිලංකාර වී අනතුරු වැලකී යන්නේ දෙවියන්ගේ පිහිට අැති නිසාමය...

පොලිසිය හෝ ප්රමිති අායතන මේවා පිලිබඳ උනන්දුවක් නැත. නමුත් මෙම අත්දැකීම රාත්රියේදී පාරේ වාහනයකින් යන ඕනෑම කෙනෙකුට පොදු හිරිහැරයක් බව පිලිගනියී....

තවද කිසිදු විනයක්, හැදිච්ච කමක්, සාධාරන සිතිවිල්ලක්, ඉවසීමක්, සංයමයක් නොමැති බාෙහොමයක් (බාල තරුණ මහළු භේදයකින් තොරව) අසංවර ත්රීවීලර කරුවන්ගේ අවනීතික රිය ධාවනය නිසා රටේ සීලාචාර, වැදගත්, යුක්ති ගරුක මිනිසුන් හට පාරේ රිය ධාවනය කල නොහැකි තත්ත්වයක් සෑම දිසාවකම බහුල වශයෙන් දක්නට අැත. 

මහා මාර්ගයේ දෙපසට වාහන ගමන් කරමින් පවතිද්දී විශේෂයෙන් තද බදය සහිත කාල වේලාවන්හිදී මෙම බොහෝමයක් අවනීතික ත්රීවීලර කරුවන් මහා මාර්ගය මැදින් තම වාහනය ගමන් කරවමින් දෙපසටම ගමන් කරනා නීති ගරුක වාහන පදවන්නන් අසීරු තාවයට පත්කරවමින් සහ මාර්ග තදබදය තව තවත් අවුල් (Jam) කරමින් ඉතාමත් පහත් අසාධාරන ලෙස තම රථය අන්අය පසුකර ඒ අයගේ සාධාරන ගමනට බාධා කරවමින් සහ තව තවත් ප්රමාදයට පත්කරවමින් ඉදිරියටම පදවා තම ගමන ඉක්මන් කර ගනියී. 

නමුත් මොවුන්ගේ මෙම පහත් බාල ක්රියාව නිසා තව දුරටත් සිදුවන ප්රමාදයෙන් පසුදින උදයේ සේවයට යායුතු සුවහසක් ජනී ජනයාද.... පසුදින අළුයම පාසල් යායුතු පාසල් දරුවන් නිවසට යන විට පසුදා පහන් වන්නට අාසන්නය.

මෙම ක්රියාව සිදු කරනා අවනීතික පහත් ත්රීවීලර කරුවන් පොලිස් නිලධාරීන්ගේ ග්රහනයට හසු නොවේ. ට්රැෆික් පොලිස් නිලධාරියා තනිවම සිටින්නේ තදබදය පාලනය කරනා මංසන්ධියේය. ඒ නිසා ඔහුට වෙනත් අනීතික ක්රියා පාලනය කල නොහැක. දුටුවත් ඒ අවස්ථාවේදී කාර්යය බහුල ඔහු අසරනය.

එම නිසා මෙම අනීතික ක්රියාව පාලනය කිරීමට කදිම යෝජනාවක් රථවාහන පොලිසියට සිදු කිරීමට කැමැත්තෙමි.

පොලිස්පති තුමනි ඔබගේ රථ වාහන අංශය භාර ප්රධාන පොලිස් අධිකාරී තුමා වර්තමානයේදී රට පුරාම විවිධ ස්ථානවල පාලු පාරවල්වල සහ ප්රධාන මාර්ගවල රථ වාහන නීති කඩ කරන්නන් හසුකර ගැනීමට ස්ථානගත කිරීම් විශාල ප්රමානයක් සිදුකර අැති බව දක්නට අැත. ඒවා අගය කල යුතු මුත් කොතරම් දුරට ප්රථිපල දායකද නැද්ද යන්න ගැටළුවකි..!
මෙම සෝදිසි කිරීම් සැමදාම එකම නිස්චිත ස්ථානයක සිදුවන නිසා නීති කඩ කරන්නන් කල් අැතිවම පාර වෙනස් කර (ෂෝට්කට් දමා) වෙනත් වංගු ගසා පැන යති. තවත් සමහරක් අයට ඉදිරියෙන් පැමිනෙන රියදුරන් (අැස්ගසා) ප්රධාන එලි දල්වා සංඥාව දී තමාසේම වැරදි කරනා අනෙකා බේරනු ලබයි. 

ඉතින් මේවා අපේ රටේ සදාතනික ගැටළු බවට පත්ව අැත. මාර්ග තදබදය නිසි ලෙස සමීක්ෂනය කර බැලුවහොත් එම නිරීක්ෂනයේ අවසන් ප්රථිපලය වන්නේ රියදුරන්ගේ නීති ගරුක භාවය නොමැති කමත් විනයක් සංයමයක් ඉවසීමක් නාෙමැති කමත් ප්රධාන වශයෙන් බලපා අැති බවය.

මොවුන්ගේ විනය විරෝධී ගමනට විනය ගරුක රියදුරන් තම වාහනය කානුවට ගෙන හෝ ඉඩ සලසා නාෙදුනහොත් එම වාහනය සීරීමට ලක්කිරීම හෝ ගනින් යකෝ අහකට යන බාල වචන අසා ගැනීම සිදු වීමත් වලක්වනු නාෙහැකිව අැත. ඊටද ප්රධාන හේතුව ඉතාමත්ම දැඩි තදබද කාරී උදයේ සවස සහ පාසල් අවසන් වන කාල වේලාවන්හිදී මෙම අසාධාරනය බහුල වශයෙන් සිදු වීමයි.

එම නිසා පොලිස්පති තුමාට පොලිසියේ අාධායමත් ඉතා විශාල වශයෙන් වැඩි කරගත හැකි යෝජනාවක් කිරීමටයි සත්පුරවැසියාගේ සූදානම...

නිකන් පඩි ගෙවල වැඩකට නැති ස්ථානවල බොරුවට පොලිස් නිලධාරීන් ස්ථාන ගත කරල පොලිසියේ වටිනා කාලයයි. ඒ නිලධාරීන්ගේ වටිනා ජීවිතයි නිරපරාදේ ගෙවා නොදමා ඉහත දැක්වූ කාරනය සැලකිල්ලට ගෙන රථ වාහන නීති යාවත්කාලීන කර රටට ගැලපෙන ලෙස මොඩිෆයි කරන්න.

ඒ සඳහා ඔබේ අර නවතම කැමරා පද්ධතිය හා සමානව (ඒ කෙරුවාවත් දවසයි දෙකයි දැක්කේ... අනේ මන්ද... මොන කරුමයක්ද කියල... මේ රට ගොඩ ගන්න එකත් ලේසි නෑ වගේ පෙන්නේ...)අාරම්භයක් හැටියට අඩුතරමින් (උදාහරන ලෙස රාජගිරිය වැනි) ඉතාමත් දැඩි වාහන තදබද පවතින මෙන්ම නීතිගරුක රියදුරන් හට ඉතාමත් අසාධාරනකම් සිදුවන කලාපයන්හි සිවිල් අැඳුමින් යුතු පොලිස් නිලධාරීන් මීටර් 100 ය හෝ 500 අතර සීමාවන්හි යොදවා අවනීතික ලෙස (Traffic Jam) කරනා වාහනවල අංක සටහන් කර ගන්නට සලස්වා ඒ හිමිකරුවන් පසුව හෝ අදාල රථවාහන පොලිස් ස්ථාන කරා ගෙන්වා විභාග කිරීම සහ/හෝ දඩ පැනවීම මගින් මෙම අන් අයට මහත් අසාධාරනයක්ව අැති විශේෂයෙන් ත්රීවීලර කරුවන් සිදු කරනා අශෝභන අවනීතික ක්රියාව යම් තාක් දුරට හෝ පාලනය කිරීමට වැඩ සටහනක් ඉක්මනින් දියත් කරනු අැතැයි සුවහසක් වූ රටේ යුක්ති ගරුක වාහන පදවන්නන් සහ හිමියන් බලාපොරොත්තු අැති කරගෙන සිටියී.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුවැසියා යමපාලන නොව යහපාලන රටක විසුමට වැඩියෙන්ම හිමිකමක් අැති සුවහසක් යුක්ති ගරුක වූද.. නීති ගරුක වූද... රියදුරන් සහ හිමිකරුවන් හා ඒකාබද්ධ යෝජනාවක් සහ දැනුම් දීමක් ලෙස ඉදිරිපත් කර සිටිමු.
2016/06/17

No comments:

Post a Comment