Sunday, June 19, 2016

ගම්මන්පිල මහතාට ටෙලිපති මගින් බන්ධනාගාරයට පනිවිඩයක්...

============================================
ගම්මන්පිල මහතාට ටෙලිපති මගින් බන්ධනාගාරයට පනිවිඩයක්...
============================================

පොදු විපක්ෂ කණ්ඩායමේ සිටිනා මඳක් හෝ මනුස්සකම් හඳුනන පුද්ගලයා සහ මොල කලඳක් හෝ අැති පුද්ගලයා ඔබ විය හැක. අප රටේ භාරකරුවකු නොව අයිතිකරුවකු සිටියා... ඒ යමපාලන දශකයේදීය. සරත් ෆොන්සේකා නමැති ගොදුර අත්විඳි කටුක සන්සිද්ධිය සිහිපත් කිරීමෙන් එය මොනවට පසක් වනු අැත. දැන් මෙරටේ සිටින්නේ ජනතාවගේ සේවකයෙකි. ඔහු නමින් මෛත්රීපාල සිරිසේන නමැති වත්මන් ජනාධිපතිවරයාය. අද වන විට ඔබ පත්ව සිටිනා අසරන තත්ත්වය පිලිබඳ අප හට යම් කණගාටුවක් අැතත් ඒවා ඔබ විසින්ම වපුරා ගත් කර්මය විය හැක. කෙසේ වෙතත් අද උතුම් පොසොන් පොහෝ දින කල්යාන මිත්රයෙක් ලෙස අවෛයිරී සිතින් යුතුව ඔබගේ චිත්ත සන්තර්පනය හෝ සන්තාපය උදෙසා පහත සඳහන් කාරනාවන් සිහිපත් කර දීමට කැමැත්තෙමු. අද අති උතුම් පොසොන් පොහෝ දින ඔබ.. ඔබ.. ගැන පසු විපරමක් කර සිටින්නේ නම්.. ඔබේ හෘදශාක්ෂියට අනුව ඔබ බන්ධනාගාර ගත වීමට අදාල වරද සිදු කර නැද්ද... අැත්ද... අපිනම් එය දන්නේ නැත... ඔබම පමනයි එය නිස්චිතවම දන්නේ... එවැනි වරදක් සිදුකර නැතිනම් හෝ ඊට කිසිදු සම්බන්ධයක් හෝ නොමැතිනම් හෘද සාක්ෂියට අනුව නිර්දෝෂී නම් කිසිවකටත් බිය නොවන්න. ඔබ අනිවාර්යයෙන්ම නිදොස් කොට නිදහස් වෙනවා ඒකාන්තයෙන්ම. ඒ මන්ද යත් පසුගිය යම පාලන යුගයේ ඔබේ මිතුරු තුමන් රටේ භාරකාරයා නොව අයිතිකාරයා යැයි සිතා රට පාලනය කල ඒ අපූරු රාජාණ්ඩු යුගයේදී උදාහරන ලෙස... නැති නීති හදල රට බේරා ගත් යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා සිරගත කොට අද යුගයේ සේ නොවී ඔහුගේ රෝගී තත්ත්වයට හෝ කිසිදු අනුකම්පාවක් නොමැතිව ස්වසනය කිරීමට පවා අසීරු සිර කුටියක දමා ස්වභාවිකව මියෑදෙන්නට සැලැස්වූවා සේ මෘර්ග පාලනයක් වර්තමානයේ නැත. (අර සමහර මන්ත්රීවරුන් හට 8 පාස් නැතත් වරප්රසාදයක් යටතේ ලැබී අැති නීතික්ඥ කමක් නොවේනේ ඔබට අැත්තේ නේද....) ඒ නිසා විශේෂයෙන් නීතික්ඥයකු වන නීතිය හොඳින් දන්නවා අැතැයි අප සිතනා ඔබ ඔබට අැති චෝදනාවෙන් නිදහස් විය හැකි යයි විශ්වාස කරනවා නම් බිය නාෙවන්න. යහපාලන ජනාධිපති අධිකරණයට අැඟිලි ගහල ඔබව බොරුවට අහේතුකව දඟගෙට නොයවන බව විශ්වාසයි. නමුත් ඔබ අදාල වරද සිදුකර අැත්නම් සොබා දහම් නීතියේ හැටියට ඕනාම ජගතෙකුට විපාක නිත්යයයි. නිත්යයයි....නිත්යයයි..... සොබා දහම් නීතිය පරම සත්යය නිසයි කිසිදාකත් බලය අහිමි නොවේ යයි සිතා සිටි යමපාලකයින් සියල්ලෝම අද විපාක අත්විඳිමින් සිටින්නේ... ඔබේ පොඩි හෝ පිනක් තිබුන නිසයි අද වගේ පොහොය දිනකින් ඒ පව ගෙවා දමන්න වාසනාවන්ත අවස්ථාවක් ලැබිල තියෙන්නේ. නොඑසේ උනානම් ඔබට සොබාදහම් මාතාව විසින් ස්වභාවික දඬුවමක් උරුම කලානම් ඒක අද ඔබ ඔය සිර මැදිරියේ අත්විඳිනා දඬුවමට වඩා ගොඩාක් බරපතල එකක් වන්නට තිබුනි.‍ බරපතල වරදෙහිදී සොබා දහම් කාලී ඉතාමත් දරුනුයි. විපාක අති බිහිසුනුයි. ඒ නිසා ඔබ කාට හෝ කෙදිනක හෝ වරදක් අකටයුත්තක් සිදුකලා නම් ඒ වරද පිලිගෙන නිදහස් වන්න. දූෂිත ලෙස අනුන්ගෙන් ලබා ගත් එක තඹ ශතයක් හරි අරගෙන තිබේනම් සේරම නැතිනම් ඉතිරිවෙලා තියෙන ටික හෝ අාපසු දීල දමන්න. මේ බලන්න සත්පුරවැසියා සිංහසේයාවෙන් මෙසේ අභීතව අන් අයට බන කියන්නේ අනුන්ගේ එක තඹ ශතයක්වත් දූෂිත අාකාරයකට ලබාගෙන නැති නිසයි. අපි අතේ ශතේ නැතත් හරි පොහොසත්. ඒ පොහොසත්කම අද යුගයේ බොහෝමයක් අයට නැහැ. හැබැයි අපට මොනවා හරි අවශ්යයතාවයක් අැති වුනු සෑම මොහොතකම සොබාදහම් මාතාව විසින්ම ඒ අවශ්යයතාවයත් ඉෂ්ඨ කරල දීල තියෙනවා මොන යම් ගුප්ත අාකාරයකින් හෝ.... ඔබට නැවතත් අවසන් වශයෙන් පවසා සිටින්නේ අද මේ උතුම් පොහොය දින අධිෂ්ඨාන කරගන්න රටට දැයට වැඩ අැති යහපත් මිනිසකු වන්න. අධර්මිෂ්ඨ දුර්ජනයින්ගේ අැසුරින් අෑත් වන්න. බුදුන් වහන්සේ දේශනා කල පරිදි... දහමට අකමැති බව/අසත් පුරුෂයනට ප්රිය කිරීම/නිදනසුලු බව/අසද්ධර්මයට කැමති වීම/සභා ලොලත්වය(දොඩන සුලු බව)/වීර්යය නැති බව/මැලිබව/කිපෙන සුළු බව/වංචාව/රස බාෙජුන් තනියම වැලඳීම/ස්ත්රී ලොල් බව/සුරා ලොල් බව/දූ කෙලියෙහි ලොල් බව/වෛශ්යා සේවනය/පරදාර සේවනය/මහළු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම/අරපරෙස්සම නැති ස්ත්රියක හෝ පුරුෂයෙකු ප්රධානත්වයෙහි තැබීම/වස්තුවෙන් අඩු වූ, තෘෂ්ණාවෙන් වැඩි වූ කැති කුලයෙහි උපන්නෙකු රාජ්යය පැතීම. පරාභව සූත්රයේ සඳහන් වන පරිදි පිරිහීමට පිවිසිය හැකි දොරටු බව පසක් කරයි. මේවායින් ඔබට සහ ඔබේ ඒකාබද්ධ කල්ලියට අදාල වන කාරනාවන් නිවැරදි කර ගතහොත් සොබා දහම් මාතාවගේ පිලිගැනීමටත් අාශිර්වාදයටත් පත්විය හැකි වනු අැත. ඔබේ අත්හැර නොයනා බව පවසනා මුත් ඔබලා ලවා විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරවා ඔබලා දමා ජපානයට පලාගිය අවස්ථාවාදී පසමිතුරු තොමෝවත් ඔබට ලබා නොදෙනා මෙම අති උතුම් ධර්ම පද යහපාලන මෛත්රී ජනාධිපති වෙනුවෙන් අවෛයිරී සිතින් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා පොසොන් පාෙහොය දින ගෙවීයමින් පවතින මේ අවසන් හෝරා කීපය තුලදී ඔබේ සහ විශේෂයෙන් අද.. එදා... සරත් ෆොන්සේකා මැතිතුමාගේ අාදරවන්තයින් දුකට පත්ව සිටියා සේ දුකින් සිටිනා ඔබේ පවුලේ සියළුම සාමාජිකයින් හට මෙම පණිවිඩය මගින් කිසියම් ශක්තියක් අස්වැසිල්ලක් වෙමින් ටෙලිපති මගින් ඔබටද අාත්ම විශ්වාසය පරාවර්තනය කරවමින් නැවතත් ඉක්මනින් ෆේස්බුක් වාද පිටියේදී අපි හමුවන තුරා තාවකාලිකව සමුගනිමු.... කල්යාන මිත්රයින් අැසුරු කරන්න... වැරදි මං පෙන්වනා අවස්ථාවාදී මිත්රද්රෝහීන්ගෙන් අෑත්වන්න අපවත් වී වදාල සෝභිත හිමිගේද අාශිර්වාද සමග ඒ වෙනුවෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අද අති උතුම් පොසොන් පොහෝ දින ගෙවී යන අවසන් හෝරාවේදී සටහන් තැබූ වගයි. ස්තුතියී. 2016/06/19


No comments:

Post a Comment