Monday, June 13, 2016

විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින් (සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්) පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

--------------------------------------------------------------------------------------------
==========================================
සියළුම දේශපාලකයින් හට සිදු කරනා වැදගත් දැනුම් දීමයි...
==========================================
--------------------------------------------------------------------------------------------
විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින්
(සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්)
පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

හිටියොත් හොඳට හැදීයී.... දෙවියොත් නමට වඳීයි....
ලෝකයේ කිසිදු රාජ්යය නායකයෙකුට හෝ දේශපාලකයෙකු හට හිමි වී නැති සුවිශේෂී චරිත සහතිකයක් (තම දේශපාලන දිවිය අැගයීමට ලක්කල ජනතා සම්මානයක්) විශිෂ්ඨ දේශපාලන දිවියක් ක්රියාවෙන් ඔප්පු කර විශ්රාම ගතවන ශ්රීලාංකික රාජ්යය නායකයින් සහ සුවිශේෂි දේශපාලන චරිත වෙත පිරිනැමීමේ සංඛල්පයක් සෝභිත හිමි සිහිනෙන් කල දැනුම් දීමකට අනුව සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සියළු ජනතාව වෙනුවෙන් පුද කිරීමට අපේක්ෂා කර අැත. එම අැගයීම් සම්මානයේ නාමය වන්නේ..

(සෝභිත දේදුනු ජනතා සම්මානයයි)

එනම් අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනයක් වූ සාධාරන සමාජයක් බිහිකිරීමේ බාරදූර කර්තව්යය වෙනුවෙන් විවිධ පැතිකඩ මානයන් යටතේ සුවිශේෂී මෙහෙවරයන් ඉටු කල දේශපාලකයින් මෙම අැගයීමට ලක්වේ.

නමුත් අප රටේ බිහිවුනු දේශපාලකයින් බහුතරයක් ඉතිහාසය පුරාම ජනතා විශ්වාසය පලුදු කර අැති නිසා මෙම කුළුඳුල් අැගයීම් සම්මානය හිමි වනුයේ අදාල දේශපාලකයින් දේශපාලනයෙන් සමුගත් පසුවය. එය සමහර විට හිමිකරුට ජීවත්ව සිටියදී දැක ගන්නට නාෙහැකි වන්නටද පුළුවන. නමුත් එය ඔහු හෝ අැයගේ මිනී පෙට්ටිය උඩට හෝ පවුලේ සාමාජිකයින් වෙත හෝ අනිවාර්යයෙන්ම ලැබෙනු අැත.

තමන් අා මග පිලිබඳ පැහැදිලි විශ්වාසයක් අැති අය හට මෙමගින් තමන්ගේ පවතින්නන් හට තමුන් මිය ගිය පසු ජනතාවගේ ශාපයට පාත්ර නොවී සිටිය හැකිවනු අැති බවට සතුටක් සිත්හි දරා ගත හැකි වනු අැත. කිසිදු මනුශ්යයකු තමන් හට කෙසේ වෙතත් තමන්ගේ අාදර වන්තයින් හට අකටයුත්තක් අවනම්බුවක් වනවාට කැමති නැත. 

එසේ තමන්ගේ අාසන්නතමයින් හට ගොඩක් අාදරය කරනා දේශපාලකයින් මින් පසුව හෝ තමන් පිලිබඳ පසු විපරමක් ඉඳහිට සිදු කිරීමත්... ඒ පිලිබඳ තමුන් හට නොපෙනෙන කරුනු කාරනා අැත්නම් තමන් ඒ පිලිබඳ දැනුවත් කරනා ලෙස භාර්යාවට, සැමියාට, දරුවන්ට, මාපියන්ට, කල්යාණ මිත්රයින් හට දැනුම් දී තිබීම ප්රක්ඥාගෝචර වේ.

ඒ මන්ද යත් පෙරහැර වඩා හොඳින් පෙනෙන්නේ පෙරහැරේ යන අයට නොව පෙරහැර බලා සිටිනා අයටය. නමුත් පෙරහැරේ අලි ගිය පලියට හෝ ඒ අලි නරඹන්නන් හට වඩා හොඳින් පෙනුනු පලියට මෙම සම්මානය ලැබීමට කිසිසේත් සුදුසුකම් ලබන්නේ නැත.

ඊට කදිම නිදසුනක් ලෙස ජේවීපි පෙරහැරේ කරඬු තබාගෙන ගිය පතාක අලි... සෝමවංශලා, වීරවංශලා අද ජනතාවට කෙසේ වෙතත් තම පාක්ෂිකයින්ගේද.. තම සාමාජිකයින්ගේද.. ලේ දහඩිය ජීවිත පුදා දශක ගනනාවක් දුක්විඳ ගොඩනගා ගත් දුප්පත් පක්ෂයට තමන් අපාගත වන තරමේ ද්රෝහීකම් සිදුකර අැත. ඉතිහාසය පුරාම වතාවත් ගනනාවකදී මෙවන් ද්රෝහීන් එම පක්ෂය වල පල්ලට අැද දමා අැත. අවසන් වශයෙන් විමල් වීරවංශ නමැති කාලකන්නි පාහරයා එම පක්ෂයට සිදුකල වින්නැහිය නොවුනානම් මීලඟට රටේ රාජ්යය බලය අත්පත් කර ගැනීමේ තීරණාත්මක මංසන්ධියකට පිවිස සිටීමට එම පක්ෂය සුදුසුකම් ලබමින් සිටියේය.

නමුත් ඒ ද්රෝහී පාහරයා ඒ දුප්පත් පක්ෂයට සිදුකල වින්නැහිය නිසා හෙට දවසේ වත්මන් පලමු වැනියා... දෙවැනියා... තුන්වැනියා... කිසියම් ද්රෝහීකමක් සිදු නොකරාවිදෝ යන සැකය ජනතාවගෙන් වියැකී යාමට තවත් බොහෝ කාලයක් ගතවනු අැත.

අන්න ඒ ශාපය විමල් වීරවංශට හිමි නොවුනහොත් සියළු අාගම්වල කියැවෙන දහම බොරුය. 

නමුත් එදා මෙදා තුර වත්මන් ජනපති තුමානන් සේ ඉතාමත් අල්පේච්ච ජීවිතයක් ගත කරමින්ද... තෘෂ්ණාභරිත නොවී උපේක්ෂා සහගතව පක්ෂය තුල රැඳෙමින් ජනතා සේවයට අැප කැපව වඩා පරමාදර්ශී කාර්යය භාරයක් නිහඬව සිදු කරනා ටිල්වින් සිල්වා මැතිතුමා වර්තමානය වන විට සබුද්ධික ජනතාවගේ සවිණ්ඥානය තුල ප්රතිපත්ති සහගත පුද්ගලයෙකු ලෙස දැහැන් ගතව සිටීයී...!

නමුත් ඔහු මේ වන විට ඉහත කී ජනතා සම්මානයට හිමිකම් ලබා අහවර යැයි මෙමගින් කිසිසේත් අදහස් නොකල යුතුය. එවැනි ජනතා සම්මානයක් හිමිවීමට සියල්ලෝම තව බොහාේ දුර යායුතුය.
අාදුර ඉතා කෙටිය.. යායුතු මග තව බොහෝ දිගුය...
නමුත් ඒ ඕනෑම දේශපාලකයෙකු හට තමන් එකී ජනතා සම්මානයට සුදුසුකම් ලබා අැත්ද... නැද්ද... යන්න ජීවත්ව සිටියදී තමන් සිදු කරනා දේශපාලනික ක්රියාකාරකම් පිලිබඳව පසු විපරමක් ඉඳහිට හෝ සිදු කර කිසියම් තක්සේරුවකින් සැකහැර ගැනීමක් අැති කරගත හැකි වනු අැත.

අනේක දුක් විඳිනා ජනතාවගේ අාශිර්වාදයෙන් ලබනා එවන් මහජන සම්මානයකින් මරනින් පසු තමන්ට හිමිවන්නේ දෙව්ලොවද... අපායද... නිවන් මගද... යන්න පිලිබඳ කල් අැතිව දැන ගෙන අවසන් ගමන් යාමට සූදානමින් සිටිය හැකි වනු අැත.

විවිධ පැතිකඩ මානයන් යටතේ වර්තමානය වන විට එම ලැයිස්තුවට නාම යෝජනා වශයෙන් වත්මන් ජනපති, අගමැති, රතන හිමි, රන්ජන්, SF, ටිල්වින්, හඳුන්නෙත්ති, සුජීව සේරසිංහ, උදාහරන වශයෙන් දැක්විය හැක.

නමුත් ඉදිරි ක්රියාකාරකම් හමුවේ මෙම නාමයන් අදාල ලැයිස්තුවෙන් ඉවත් වී යාමටද ඉඩ අැත. එමෙන්ම කිසි කලෙකත් කිසිදු දේශපාලකයෙකු හට මෙම ජනතා සම්මානය දූෂිත අාකාරයකට ලබා ගත නොහැකි වනු අැත. 

ලෝක දේශපාලනයේ මෙතුවක් කල් කිසිදු දේශපාලකයෙකු මෙවන් ජනතා සම්මානයකින් පිදුම් ලබා නැත. නමුත් එවැන්නක් ලැබීම...
කන කැස්බෑවා විය සිදුරෙන් අහසේ සඳ බලා සිටියාටත් වඩා අසීරු කාර්යයක් විය හැකිය...
එම නිසා මෙම ජනතා සම්මානයෙන් අැගයීමට ලක්වන ඉතා සීමිත වූ සෑම දේශපාලකයෙකුම සැබෑම පුණ්යවන්තයකු වනු අැත. තම දේශපාලනික විශ්රාම දිවිය (හිටපු ජනපතිට වර්තමානයේදී සිදුව අැත්තා සේ) කිසිදු අාතතියකින් තොර වූ සාේවාන් ඵලයකට පත්වූ අයෙකු සේ දිවියේ අවසන් කාලය මහාර්ඝ ප්රීතියකින් කල් ගත කල හැකි වනු නියතය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
http://sobithawathara.blogspot.com/
2016/06/14

No comments:

Post a Comment