Saturday, June 18, 2016

මීලඟ ලදරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.

පුවතක්.....
මහියංගණය, කුඩාලුණුකේ ප්‍රදේශයේදී ලිංගික අතවර කර මරා දෑමූ බවට සැක කෙරෙන 9 හැවිරිදි පාසල් දැරියකගේ මළ සිරුරක් දිය අගලක තිබී සොයා ගැනේ
https://www.facebook.com/real.rr/posts/10157716101435377
මීලඟ ,දරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.
============================================

සියල්ල විනාශ උනු රටක අපි සංස්කෘතිය කරේ තියාගෙන ඉමු තව තවත් මේ වගේ සේයා දැරිවියන් විනාශ වන තුරු...

අඩු තරමින් මේ වගේ අපරාධකරුවන් එකෙක් එල්ලුම් ගස් යවල හරි මේවායේ මර්ධනයක් පාලනයක් අැති කල යුතුමය.

රටේ හිටපු සෑම නායකයෙකුම අත පිසදා ගත් මෙවන් සුවිශේෂී කාරනා හමුවේ වත්මන් ජනපති තුමන් අභීතව මෙම නිල කාලය තුල විශ්රාම යාමට පෙර නිසි තීරන ‍ගනු අැතැයි රටේ දරු දුක හඳුනනා සියළුම දෙමාපියන්ගේ නාමයෙන් අයැද සිටිමු.

අපරාධ කරුවෙකු හට හිත්පිත් නැතිව මෙවන් අපරාධ සිදුකල හැකි නම් රටක සිටිනා යුක්ති ගරුක දරුදුක හඳුනනා පීතෘත්වරයෙකු වන ජනාධිපතිවරයෙකුට කෙසේනම් තීරන ගත හැකි විය යුතුද..!

යහපාලන ජනාධිපතිගේ තීන්දු ගැනීමේ පෞර්ෂය කෙතරම්ද යන්න ප්රතිවිරුද්ධවාදීන්ටද ප්රදර්ශනය කිරීමේ අවස්ථාවක්ද උදාකර ගනිමින් පොසොන් පොහෝ දිනය ගෙවී ගිය සැනින් මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ තීන්දුව ජනාධිපති වරයා ප්රකාශයට පත්කල යුතුය. 

එය එසේ වුවහොත් රටේ සුවහසක් යුක්ති ගරුක වූ යහපාලන ලැදි ජනතාව ජනාධිපතිවරයා සමග එක් හඬින් නැගී සිටිනු අැත.

යහපාලන රජෙකු රටක් නිසි ලෙස රකියී නම් ඔහු අාගම දහම රැකිය යුතු සේම... අපරාධයන්ද නියත වශයෙන්ම නැසිය යුතුය. ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට මාෙහොතකට හෝ පසුබට නාෙවිය යුතුය. එවන් අයෙකුට පමනයි අභීත නායකයා යනුවෙන් අාමන්ත්රනය කල හැකි වන්නේ. අප රටේ තවමත් අවස්ථාවාදී නායකයින් මිස අභීත නායකයින් බිහි වී නැත...

එනිසා තීරන ගත යුතුම වූ සුවිශේෂී අවස්ථාවන්හිදී යහපාලන ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඒ සඳහා මොහොතකටවත් දෙපා පන නැති කරගන්නේ සැලෙන්නේ නැති බව පසක් කල යුතුය.

දශක ගනනාවක් පුරා දේශපාලන අධිකාරීන් විසින් සපයන ලද වැරදි පූර්වාදර්ශ හේතුවෙන් වල් වැදුනු රටක් විදියට අඩු තරමින් රට නිසි මගට අවතීර්න කර ගන්නා තුරු හෝ කෙටි කලකටවත් මරන දණ්ඩණය ක්රියාත්මක කල යුතුමය.

නොඑසේ උවහොත් මීලඟ ලදරු නර බිල්ලේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතුය.

සෝභිතාවතාර
2016/06/18

No comments:

Post a Comment