Tuesday, June 14, 2016

හැඟීම් වලට වහල් වෙලා.... දූෂිතයින්ගේ බහට මුලාවෙලා.... තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙන තීන්දු ගත් 58 ට ලක්ෂයටයි මේ සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....

=================================================
හැඟීම් වලට වහල් වෙලා.... දූෂිතයින්ගේ බහට මුලාවෙලා.... තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙන තීන්දු ගත් 58 ට ලක්ෂයටයි මේ සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....
=================================================
කුඩු අල්ලපුවහම...
- ඉස්සර ලොක්කා කුඩ්ඩා බදා ගන්නවා
- දැන් ලොක්කා අල්ලපු අය දිරිමත් කරනවා තව අල්ලන්න - රන්ජන් රාමනායක කියයි......
----------------------------------------------------------------------------------------------------------------------------------
මුදල් අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත, මෙරටට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අද (14) පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරයට ගැනුණා. කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වෙයි. 
===============================================================


සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාගේ අායාචනාත්මක සටහන....
-------------------------------------------------------------------------------

මේකද වෙනස කියල අහන අයට දෙන්න තියෙන උත්තරේ රන්ජන් කියන දේ තමයි..

හැඟීම් වලට පමනක් වහල් වෙලා බුද්ධියෙන් තොරව රටේ ප්රශ්න දෙස බැලූ 58 ලක්ෂය මේවා අවබෝධ කර ගත යුතුයි.

තීරනාත්මක ප්රශ්න හමුවේ හැඟීම් වලින් නොව බුද්ධියෙන් යුතුව නිසි තීරන නොගතහොත් අවස්ථාවාදය ක්රියාත්මක වීම වලක්වනු නාෙහැකි වනු අැත.

මෙම මත්කුඩු කිලෝ 91කේ වටිනාකම රුපියල් කෝටි 200 ට අාසන්න බව පැවසේ. මේ කෝටි 200 න් කෝටි 50 ක් තමන්ට ලැබෙන්නට සලස්සවන්න කියල වැඩේ යට ගැහුවනම් රටේ තරුණ පරපුරට සිදුවන විනාශය හිතාගන්නවත් පුළුවන්ද...
අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ දුවේ පුතේ යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ වෙනස මෙයයි. මේවා තමයි ඔබ සැම බුද්ධියෙන් යුතුව තෝරාබේරා ගත යුතු වෙනස.

සබුද්ධික වූ යහපාලනවාදී දේදුනු ජනතාව ඒකරාශීව අපවත් වී වදාල සෝභිත මාහිමිපානන් පෙරටුව පොදු අපේක්ෂකයා ලෙස මෛත්රීපාල සිරිසේන මැතිතුමා පත්කර ගත්තේ මේ වෙනස අැති කිරීමටයි.

ප්රතිපත්ති සහගත එතුමා යහපාලන ලැදි දේදුනු ජනතාව තැබූ ඒ අකලංක විශ්වාසය කඩ නොකරන බව මෙම සිදුවීම්වලින් තව දුරටත් සනාත වෙනවා. ඉදිරි කටයුතුද කෙතරම් දුෂ්කර උවත් හැමසැරයටම වඩා උචිත හීන් සැරය භාවිතා කොට එතුමානන් කල් යල් බලා (කලු ගල මැටි වන) හරි නැකත උදාවුනු ගමන් ක්රියාත්මක වෙලා සියලු දූෂන මැඩලා යහපාලනවාදී සාධාරන සමාජයක් බිහි කරනු නියතය.

එම නිසා ඔබ සැම දැන් දැන්වත් මේ අැසට පෙනෙන දෑතට හසු වන යථාර්තය තේරුම් ගෙන ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා තක්කඩියන් පවසනා මුසාබස් වලට නොරැවටී ඔබේ සහ රටේ දරුවන්ට අාදරයක් අැත්නම් ඔවුන් හට සුරක්ෂිත අනාගතයක් බිහිකර දිය යුතුනම් කියන දේ කරන... කරන දේ කියන.... වත්මන් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන වැඩපිලිවෙල සාක්ෂාත් කිරීමට සියළු භේද පසෙකලා අත්වැල් බැඳ ගන්න අප හා එක්වන්න...

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා (තාත්තා)... මගේ සහ ඔබේ සහ රටේ දරුවන් වෙනුවෙන් අායාචනය කර සිටිනා වගයි.
http://www.sobithawathara.blogspot.com/
2016/06/14

No comments:

Post a Comment