Sunday, May 29, 2016

මීලඟ පොදු අපේක්ෂකයා කවුද..! සෝභිතාවතාර අද 74 වැනි ජන්ම දිනයේදී යහපාලන ලැදි ඔබ සැමට යෝජනා ඉදිරිපත් කරයි.

--------------------------------------------------------------------------------------------
මීලඟ පොදු අපේක්ෂකයා කවුද..! සෝභිතාවතාර අද 74 වැනි ජන්ම දිනයේදී යහපාලන ලැදි ඔබ සැමට යෝජනා ඉදිරිපත් කරයි.
--------------------------------------------------------------------------------------------

පසුගිය දශක 3න4ක කාලය පුරා අප රට සංස්කෘතිකමය වශයෙන්ද, සමාජීය වශයෙන්ද, සංහිඳියාව තුලින්ද, දේශපාලනික වශයෙන්ද ඉතා පහත් පරිහානියකට පත්ව තිබිනි.

මේ සියල්ලටම ප්රමුඛව දේශපාලකයාත් ඒ හා සමානවම අවස්ථාවාදය තකා නොසොයා නොබලා තක්කඩියන් පාර්ලිමෙන්තුව නමැති උත්තරීතර යැයි පවසනා (ක්රියාවෙන් හැසිරීමෙන් උත්තරීතර බව අහලකවත් නැති බම්බුමේ පාර්ලිමේන්තුව) අායතනය වෙත යැවූ ඡන්ද දායකයාත් වගකිව යුතුය.

නමුත් බහුතරයක් වන මෙම අවස්ථාවාදී දේශපාලක තක්කඩින් නිරන්තරයෙන්ම කැප උනේ ජනසෙත සැලසීම සඳහා නොව තමන්ගේ සහ තම පරපුරේ මනදොල සපුරා මතු අාත්ම දක්වාත් ධනය එක්රැස් කොට විදෙස් බැංකුවල සඟවා තැබීම වෙනුවෙනි.

මොවුන් අාත්මාර්ථය වෙනුවෙන් කෙතරමි ම්ලේඡ්ච ගති අැත්දැයි යන්න සලකා බැලුවහොත්...
මොවුන් උතුරේ යුද්ධයේදීත් දකුණේ යුද්ධයේදීත් දූෂණයෙහි යෙදුනේය. සුනාමි ව්යසනයේදීත්, සංවර්ධන කටයුත්තේදීත්, දූෂණයෙහි යෙදුනේය.

ඒවා සියල්ල කථා කිරීම නිෂ්පල මෙන්ම අවැඩදායකය. ඒ සියල්ල ජනතාව දැන් ඉතා හොඳින් දනී. ඉස්සර සිදුකල අනුවන කම් නොකරයි. හැඟීම් බරව කපටි දේශපාලකයාගේ කිඹුල් කඳුළුවලට නොරැවටෙයි. පැරනි වැඩිහිටියන් නව පරපුරේ බුද්ධිමත් දරුවන්ගෙන් කරුණු නිසි ලෙස අවබෝධ කොටගෙන සිටීයී.

ඒ අානුභාවය හේතුවෙන් 2015 ජනවාරි 08 දේදුනු විප්ලවය ජය ගැනුමටත් සදාකල් බලයේ විසුමට සිහින දුටු දූෂිත ඒකාධිපතියන් පන්නා දැමුමටත් හැකිවිනි.

නොසිතූ නොවිරූ බොක්සින් සූරයෙකු තම ජීවිතයත් තම පවුලේ සැමගේ ජීවිතත් මරුවාට උගස් තබා නිහඬව පැමින කිසිවෙකුටවත් පැරදවිය නොහැකියැයි පුරසාරම් දෙඩූ පුහු වීරයෙකු හට මරන මංචකය දක්වා හූල්ල හූල්ලා සිටීමට කදිම පාඩමක් උගන්වා බලයට කෑදර අන් සැමටමත් ඉගෙන ගන්න සලස්වා වර්තමානය වන විට අප රට අාපසු ධාර්මික යුගයක් කරා හැරවුම් ලක්ෂයකට යොමු කොට යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජයන යහපාලන පරිසරයක් නිර්මානය කරමින් ඉතා දුෂ්කර කටයුත්තක නියැලී සිටීයී.

ඒ අන් කිසිවෙකු නොව අද දින 74 වන ජන්ම දිනය සමරන අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අනුදැනුම මාර්ගෝපදේශනය මූලිකත්වය මත පැවති ඒකාධිපති වියරුව අපේක්ෂා කරනා පරිදිම පලවා හැරුමට හැකි 21 වන සියවසේ මෙරට පහලව සිටි සුදුසුම පොදු අපේක්ෂකයා වූ දේදුනු විප්ලවයේ අද්විතීය ජයග්රාහකයා වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාය.

මේ වන විට එතුමා බලයට පත්ව වසර එකහමාරක් ගතව අැත. පැරදුනු ප්රතිවාදීයා හිටපු ජනපති ලෝකයේ කිසිදු ජනාධිපතිවරයෙක් නොපත්වනා තරම් පහත් අඩියෙකට වැටෙමින් පැරදුනු ලේකම්ගේ අතයට මන්ත්රීදුරයක් දරමින් තම තක්කඩි ගෝලබාල රැල හා එකතුව එතුමන් හට අාණ්ඩු කිරීමට නොදී දස වද දෙන කරුමක්කාරයෙක් බවට පත්ව සිටීයී.

දිනෙක රටේම ජනතාවගේ නමස්කාරය ලැබුමට කටයුතු කරගත හැකිව පැවති ඔහු මේ වන විට එම තත්ත්වය ඉතා සීග්රයෙන් දියාරු කර ගනිමින් පවතින බව කිරුලපන මැයි රැලියේදී පවා දැක දැක නුදුරු අනාගතයේදීම ජනතාව තම මතකයෙන් කටුගා දමනා තරමේ අඳබාල මානසිකත්වයකට පත්වෙමින් සිටියී.

ඒවා එසේ සිදුවෙත්දී  අද දින 74 වැනි ජන්ම දින පණිවිඩය ලෙස සෝභිත හිමිපානෝ අාතූරයා වෙත සමාජ ගත කරනා ලෙස දැනුම් දුන් කාරනය වෙත පිවිසිය යුතුව අැත.

උන්වහන්සේගේ සිහිනය යථාර්තයක් වන තුරු විශ්වයේ සැරිසරනා සෝභිතාවතාර අද දින සිදුකරනා මෙම යෝජනාව අාතූරයා වන සත්පුරවැසියාට සිහිනෙන් පැමින පැවසූ වදනකි.

උන්වහන්සේ ප්රතමයෙන් පවසා සිටියේ අද දින හෙලි කරනා මෙම යෝජනාව උන් වහන්සේගේ ලබන 2017 වසරට නියමිත 75 වන  ජන්ම දිනයේදී ජයන්තියක් ලෙස ඉදිරිපත් කිරීමට සිතා සිටි බවයි.

යහපාලන රජයේ ක්රියාකලාපය තව දුරටත් අධ්යයනය කිරීමෙන් අනතුරුව ඉහත ප්රකාශය කිරීමට සිතා සිටියත් පවතින සියළු  තත්ත්වයන් සැලකිල්ලට භාජනය කිරීමේදී ප්රමාද මාෙහොතකවත් පසුතැවිල්ලකට හේතුවක් නොකර ගත යුතු බව උන්වහන්සේගේ මතය විනි.

නොසිතූ අාකාරයෙන් ජනාධිපති මෛත්රීපාල මැතිතුමාටත් සම්මුතිවාදී යහපාලන රජයටත් හිටපු ජනාධිපතිගේ සහ අනිකුත් සියළු දූෂිතයින් (ඒකාබද්ධ විපක්ෂය නමැති දුර්භික්ෂය) මගින් අැතිකරන්නා වූ මෙම අහිතකර බලපෑම හේතුවෙන් මේ අවස්ථාවේදී යහපාලන ලැදි සබුද්ධික ජනතාව අපේක්ෂා කල අරමුන කරා රට ගෙන යාමට මහත් බාධකයක්ව අැත.

ජනතාවගේ මුදලින් අධ්යාපනය හදාරා, නාෙමිලේ සෞඛ්යය පහසුකම් ලබා අවසානයේ අහිංසක ජනතාව රවටා ඒ අයගේ කරමතින් පාර්ලිමේන්තුවට ගොස් අනිකුත් සියළු සුරසැප සහ ඉසුරු විඳ පිං පඩියකුත් හදාගෙන පසුව ජනතාව පීඩාවට පත්කරනා මෙවන් දේශපාලකයින් සත්යය වශයෙන්ම ජනතාවට ශාපයකි. නමුත් හූල්ලන ජනතාවගේ ශාපයට මොවුන් ලක්වන දවස වැඩි අෑත නොවන බව අද දින සෝභිතාවතාර අනාවැකි යෝජනාවෙන් පැහැදිලි වනු අැත....

සම්මුතිවාදී යැයිද... යහපාලනවාදී යැයිද... මුවින් පැවසුවද රජය තුලත් සමස්ත රාජ්යය තාන්ත්රනය පුරාත් හදවතින්ම මෙම අරමුන කරා රට ගෙන යාමේ සැබෑ උවමනාව ප්රදර්ශනය කර අැත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ තවත් අතලොස්සක් පමනි.

මියගිය මලනුවන් සිදුකල ක්රියාදාමයන්ද ජීවත්වන මල්ලිලා සිදු කරනා ක්රියාදාමයන් හමුවේද තම ප්රතිපත්ති කෙසේ වන්නේදැයි යන්න යම්කිසි අාකාරයෙකින් ප්දර්ශනය කිරීමට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමත්ව අැත.

එසේ බලනා කල හිටපු ජනපතිගේ පිරිස් මිනීමැරුම්, ස්ත්රී දූෂන, මත්කුඩු/මත්පැන්, බලහත්කාරකම්, මැරකම් අාදී සියළු සමාජ විරෝධී වූද.. නීති විරෝධී වූද ක්රියාකාරකම් හමුවේ මාධ්යය ඔස්සේ එකදු වචනයක් කථා නොකල එකම රාජ්යය නායකයා වන ගිනස් වාර්තාවද පිහිටැවූ අයෙකි මහින්ද රාජපක්ෂ.

එම නිසා යුක්තිය සහ සාධාරනය අගයන සිහි බුද්ධියක් අැති කිසිදු ලාංකිකයෙකු යලිත් වතාවක් වැරදිලාවත් රාජපක්ෂ යුගයක්වත් එහි සෙවනැලි වැටුනු ඩමියකටවත් බලයට පත් නොකිරීම ඒකාන්තය.

නමුත් යුගයේ අවශ්යයතාවය මත අසීරුවෙන් බිහිකර ගත් මෙම යහපාලනවාදී රජය තුල සැඟව සිටිනා සමහර දූෂිත දේශපාලකයින්ද, දූෂිත රාජ්යය නිළධාරීන්ද මතු පිටින් ජනපතිඳුන් හා එකඟ බවක් මවා පෙන්වූවද ඔවුන්ගේ යටි සිත ප්රාර්ථනා කරනුයේ රාජපක්ෂවාදී දූෂණයට භීෂණයට කැමතිනම් ඉදිරිපෙල අසුන් හිමිවන යමපාලන යුගයයි.

එම හේතුව නිසා විධායක බලය දැනටමත් අතහැර දමා අැති මෛත්රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ හදවතේ කැකෑරෙන තරම් ඉලක්කයක් කරා රට ගෙන යාමේ අසීරුතාවයකට පත්ව සිටිනා බව දේදුනු විප්ලවය ජයගෙන දුන් යහපාලන ලැදි 62 ක්ෂයක් ජනතාවගෙන් බහුතරයක් අවබෝධ කොට නොගෙන තිබීම ජනාධිපති තුමාගේ අවාසනාවකි. 

ඒ හේතුව නිසා ජනාධිපති මෛත්රීපාල සිරිසේන බොහෝ විවේචනයන්ට ලක්ව සිටීයී. මෙම තත්ත්වය වහ වහා ජනතාව තේරුම් ගැනීම අත්යාවශ්යය කාරණයක්ව අැත. අලුයට අැති ගිනි පුපුරු සේ දූෂිත පරාජිතයින් මාන බලමින් සිටින්නේ යහපාලන රජයේ කුමක් හෝ අඩුපාඩුවක් අැති වුනු වහා රජය පෙරලා දමා නැවතත් යමපාලන යුගයක් කරා රට අැදගෙන යාමටය. 

ලත් එක් අැසිල්ලකදී ඊට සහාය වී උඩගෙඩි දීමට අවශ්යය දූෂිතයින් සමහරක් රජය තුල සැඟවී හිඳිමින් ජනාධිපති තුමා රවටමින් (ඒවානම් සිරිසේන සමග ලේසි නැත) කල්මරමින් සිටිනු ලබයි.

එක්සත් ජාතික පක්ෂයෙන් යහපාලන රජයට තේරීපත්ව අැති දූෂනයට කැමති සහ දූෂිත සමහර මැති අැමතිවරුන්ද නැත්තේ නොවේ. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මැති අැමති මන්ත්රීවරුන් විශිෂ්ඨ ඝනයේ ගති ලක්ෂන පෙන්නුම් කරයි. එය අප භේදයකින් තොරව අගයමු.

යහපාලන රජය නමැති වැල්ලේ හිස සඟවාගෙන සිටිනා එවන් දූෂිත සමහර කූට කැස්බෑවන්ගේ පස්සා පැත්ත එලියට පෙනෙනු පහුගිය දිනවල සිදුවුනු සමහර සිද්ධීන්වලින්ද ඔප්පු විනි.

ජනාධිපති තුමාට පවතින්නා වූ මීලඟ ප්රබලම ගැටළුව බව පෙනෙන්නේ අගමැති හා රාජපක්ෂලා අතර පවතිනා මිත්රශීලී ගනු දෙනුවයි. අගමැති තුමා දූෂණය නොහඳුනනා ඉතා විශිෂ්ඨ ඝනයේ දේශපාලකයෙක් වුවත්.. මිත්රශීලීත්වය හමුවේත් කෘතගුණ ශීලීත්වය හමුවේත්. ණය ගැති කාරණා හේතුවෙනුත් මහත් අසරන භාවයකට පත්ව සිටීයී.

පසුගිය රාජපක්ෂ යුගය පුරා එජාප මන්ත්රීන්ලා බිලිබාමින් තම බලය කෙතරම් තහවුරු කර ගත්තද... ඒ කිසිදු අවස්ථාවක රනිල් වික්රමසිංහ මැතිතුමාගේ විරුද්ධ පක්ෂ නායකත්ව නිලය/ධුරය අවධානමට ලක්වුනු සෑම මොහොතකම රාජපක්ෂගේ මිත්රශීලී හස්තය ඔහුවෙත දිග හැරිනි. මහින්ද රාජපක්ෂ යනු හොඳ මිත්රයෙක් උවත් ඔහු ඉතා හොඳ දේශපාලන කපටියෙක් බව රනිල් වික්රමසිංහ දැන නොසිටියානම් ඒ ඔහු එවන් කපටියෙකු නාෙවනා නිසා විය හැක.

කෙසේ වෙතත් මහත්මා ගති අැති අගමැති තුමා වර්තමානයේ පත්ව සිටින්නේ ඒ අසරන භාවයේ දංගෙඩිය මත මිස දූෂිත රාජපක්ෂලා හා ඩීල් දැමීමක් නොවන බවද ජනාධිපති තුමා අසරනව අැති හේතු සේම අවබෝධ කොට ගත යුතුය.

සෝභිත හිමිගේ නාමයෙන් සෝභිතාවතාර විශේෂයෙන් මේවා අවධාරනය කරනුයේ දේදුනු විප්ලවයේ උරුමක්කාර ප්රජාවටත් සියළු සිවිල් බලවේගයන් සහ ඒ නියමුවරුන් වෙතය.

මන්ද යත් මෙම සියළු කරුනු ගැඹුරින් සැලකිල්ලට ගෙන යහපාලන ලැදි අප සියල්ලෝ මෙම කාලය තුල ජනපති අගමැති අසරන වෙන්නට නාෙදී ඒ සෑම අවස්ථාවකදීම (පසුගිය දිනවල නැගී සිටියා සේ) ඔවුන් හා හිඳිමින් මහින්ද රාජපක්ෂ රනිල් වික්රමසිංහවද රකිමින් යමපාලනය ගෙන ගියා සේ අප එකතු වී ඒ නියායම භාවිතා කරමින් ජනපති අගමැති අවධානමට පාත්ර වන්නා වූ සෑම අවස්ථාවකම (මරා/නියාය) භාවිතා කාෙට (ඌරගේ මාළු ඌරගේ පිටේම තබා කපමින්) ඔවුන් ගලවා ගනිමින් පැරදවූ යමපාලනයට යලි කිසිදා හිස එසවීමට කිසිදු ඉඩක් නොතබා මතු පරපුරේ නාමයෙන් යහපාලනය ජයටැඹ කරා රැගෙන යමු.

ඒ සඳහා වන දේදුනු විප්ලවයේ මීලඟ දෙවනි අදියර සඳහා යුක්තියේ,සාධාරනයේ,සංහිඳියාවේ නාමයෙන් ඔබ සැම පෙල ගස්වාලීම සඳහා අද අති උතුම් සෝභිත ජන්ම දින පණිවිඩය ඔබ සැම වෙත ගෙනහැර දැක්වීමටයි මේ අවසන් කිරීමේ සැරසුම...

පහුගිය 2015 දේදුනු විප්ලවය ජය ගැනීම සඳහා කෙලින්ම දායක වූ සැමත් සියළු සිවිල් බලවේගත් සාධාරන සමාජයක් සඳහා වන සෝභිත හිමිගේ ව්යාපාරයේ පුරවැසි බලයේ නායකකාරකාදීන් සහ අනිකුත් සැමත්, වෘත්තීය සමිති එකමුතුවේ නායකකාරකාදීන් සහ අනිකුත් සැමත්, කියු නොකියූ යහපාලන ලැදි අන් සැමත්, යහපාලන ලැදි සියළු ජනතාවත් මේ වන විට 62ක්ෂයද ඉක්මවා කාරනා තේරුම් ගැනීම නිසා සියක් ලක්ෂයකට අාසන්නව අති විශාල බලයක්ව අැති ජන බලයද පහත දක්වනා මීලඟ සංග්රාමය හා එක්රොක් වී දේදුනු විප්ලවය යලි කිසිදා වෙනස් නොකල හැකි පාරිශුද්ධ වූ බලයක් කරා ඔසවා තැබීමේ අනාගත කාර්යය සහ සියල්ලන්ගේම මතු පරපුරේ අභිවෘද්ධිය තකා සෝභිත හිමිගේ ජන්ම දින අධිෂ්ඨානය කර ගනිමින් සපත කර සිටිමු.

නමස්කාර වේවා...නමස්කාර වේවා...නමස්කාර වේවා...

මීලඟ ජනාධිපතිවරනය 2020 දී පැවැත්වේ. නමුත් වත්මන් ජනපති යලි හිටපු ජනපති සේ බලය රැක ගැනුම නාෙව බලය අත්හැරි අයෙකි. එම නිසා මීලඟ ජනාධිපතිවරනය සඳහාද ප්රබල පොදු අපේක්ෂකයෙකුගේ අවශ්යයතාවය පවතී. ඒ වෙනුවෙන් යලිත් වතාවක් මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා දේදුනු විප්ලවීය ජනතාවගේ හදවත් තුල සුදුසුකම් ලැබුවත් දැනටමත් ඔහු එම සංකල්පනාව අත්හැර අවසන්ය. එම නිසා එතුමන්ගේ උතුම් ප්රතිපත්ති බිඳීම උචිත නොවේ.

නමුත් අප කෙසේ හෝ යහපාලනවාදී එතුමානන්ගේ දර්ශනය සහ සෝභිත හිමිගේ සිහිනය ඉදිරියට ගෙනයායුතු වන්නේ රටේත් අප සැමගේ මතු පරපුරේත් නාමයෙනි.

ඒ වෙනුවෙන් අප යලිත් වරක් සිරිමා/ඩීඑස් යුගය මෛත්රී යුගයෙන් තව තවත් ඔප් නංවා දේදුනු විප්ලවය තව තවත් විචිත්රවත් කාෙට යහපාලනයෙන්ද, සස්රීරිකත්වයෙන්ද, නිවහල් බවින්ද පිරිපුන් සැමතින්ම ස්වයංපෝෂිත සුන්දර අනාගතයක් කරා රටත් ජනතාවත් ගෙන යා යුතුය.

එවන් බාරදූර වගකිවයුතු කටයුත්තක් වෙනුවෙන් රටකට වටින්නේ මාතාවකි. නිවසේ පියා කුමන අාකාරයේ වගකීම් දැරුවත් ඒ ගෙදර නිසි මාතාවක් නොසිටියහොත් ඒ පියානන්ටත් දරුවන්ටත් දෙවියන්ගේම පිහිටය.

නමුත් පියා නැති සියයට 99ක් නිවෙස් මව නිසා වැනසී නැත. නමුත් මව නැති නිවස පියා නිසා අසීරු අඩියකට පත්වීම වැලකුම ඉතා දුෂ්කරය. මා මෙම කරුන ඉස්මතු කරන ලද්දේ නිවසක මවකගේ උත්තරීතර කාර්යය භාරය සහ රැකවරනයේ අැති වැදගත්කම හුවාදක්වනු අටියෙනි.

විශ්ව මාතාව විශ්වය අාරක්ෂා කරන්නා සේ රටක් භාර ගත් මාතාවක් ඒ රට විනාශ මුඛය කරා ගෙන ගිය බවට සාධකයක් නොමැත.

එම නිසා මාතාවකගේ උත්තරීතර භාවයත් හද ගැස්මත් මැනවින් හඳුනනා තම මෑණියන් හට මහත් අාදරයක් දැක්වූ අපවත් වී වදාල සෝභිත හිමිපානන් අද උන්වහන්සේගේ 74වැනි ජන්ම දිනයේදී සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට මීලඟට රට භාර කල යුත්තේ මාතාවකට බව ඔබ සැමට දන්වා සිටිනා ලෙස වදාරා සිටියී.

අැය සත්යය වශයෙන්ම අප සියල්ලන්ගේම මෑණියන් සේ දෙවරක් නොසිතා පිලිගත හැකි උත්තමාවියකි. අැය නම ප්රකාශ කල පමනින් සමස්ත ජනතාවගේම අාදරයට ගෞරවයට පාත්රවන මෑණීයන් කෙනෙකි. 

රාජපක්ෂ භීෂණය රටින් අතුගා දැමීමටත් දූෂිත දේශපාලනයත් දූෂිත නිළධාරීවාදයත් සමහර දූෂිත ජනතාවත් නිසා අරාජිකව අැති අප සිරිලක සැමතින්ම පාරිශුද්ධ වූ දේශයක් බවටත් ස්වයංපෝෂිත රටක් බවටත් පත්කිරීමටත් වත්මන් ජනපති අගමැති ශක්තිමත් කරමින් ඔවුන් හා රැඳෙමින් සහායව මීලඟ ජනාධිපතිවරනය දක්වා රට අැදගෙන යායුතුය... දූෂිතයින්ගේ අවස්ථාවාදී අරමුණුවලට හිස ඔසවීමට කිසිදු ඉඩක්  නාෙතැබිය යුතුය.

එම නිසා මීලඟ ජනාධිපතිවරනයේදී රටේ පවතින සියළු බලවේගයන්ගේත් විශේෂයෙන් JVP පුතනුවන්ලාගෙනුත්, යහපාලන ලැදි සියළු ශ්රීලාංකික ජාතීන්ගෙනුත් සෝභිත හිමියන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනුයේ යම පාලනයට සදාතිත තැබීම උදෙසාත් යහපාලනය ඒකායනයෙන්ම ස්ථිරසාර සාධකයක් කිරීම උදෙසාත් මීලඟ පොදු අපේක්ෂකයා රටේ ප්රධාන කාන්තාව වන ජනාධිපති අාර්යා මෛත්රීපාල සිරිසේන මැතිණිය ඒකමතිකව යෝජනා කොට ස්ථිර කර අතිමහත් බලයකින් ජයග්රහනය කරවා පාට පක්ෂ බෙදී ජනතාව භේදබින්න කරනා ශාපලත්  දේශපාලන ක්රමයට තිත තබා සම්මුතිවාදී යහපාලන අනාගතයක් කරා ලොව හමුවේ අප රට ඉහලින් ඔසවා තබා සමස්ථ ලෝකයාටම අති උත්තරීතර පරමාදර්ශයක් ලබා දී මේ ලෝක තලයේ පහල උනු දේශපාලන සංහිඳියාවෙන් යුත් අති උත්තරීතරම සබුද්ධික ජනතාවක් වෙසෙනා රට මෙසිරිලක බවට පත්කරමුයි වදාරා සිටියී.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
පාට පක්ෂ පැත්තකට විසික් කර කාටත් පෙනෙන්නට පසුගිය දිනවල එකට බදාගෙන අවුරුදු සමරපු අපේ දේශපාලකයින්ගෙන්ම පාඩම් උගෙන පූර්වාදර්ශ ලබා අප අතර සිටිනා සමහර අඤ්ඥාණවන්ත ජනයාත් මොලේ පාදාගත්තොත් ඉතා අගෙයි...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2016/05/29 - සෝභිත හිමි 74වැනි ජන්ම දින ප්රාර්ථනය සහ අණාවැකි යෝජනාව අණපරිදි ජනගත කල වගයි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා 

Saturday, May 28, 2016

සෝභිතාවතාරයේ අන්ජනම - විශ්වයේ සැරිසරමින් දේදුනු විප්ලවය ජයටැඹ කරා ගෙන ගිය ජනතාව සමග අවධියෙන් 2016/05/29 අළුයම 01.30 ට

=============================================
සෝභිතාවතාරයේ අන්ජනම
=============================================

යහපාලන රජය තුලත් ඉන් පිටතත් රිජුවම දේශපාලනයට සම්බන්ධ තවත් අලි හොරුන් සහ දූෂිතයින් විශාල ප්රමානයක් නීතියෙන් බේරී නිදැල්ලේ යස අගේට අාණ්ඩුවට කොකා පෙන්නමින් සිටියදී...
....අලි හොරු නාම ලේඛණයේ අන්තිමට අැති පුද්ගල නම් දෙකක් සහ වෙනත් කුරු මිට්ටන් පසුපස පමනක් දිගින් දිගටම හඹා යාම තුලත් අසාධාරනයක් අැති බව සෝභිතාවතාරයේ මතයයි.

කෙසේ වෙතත් සමස්ථ යහපාලන රජය තුල මේ වන විට පාරදුෂ්යය භාවයකින් යුතුවත්... පොරාෙන්දු පරිදිත්... කටයුතු කිරීමේ ප්ලබල උවමනාව අැත්තේ ජනාධිපති මෛත්රීපාල මැතිඳුන් හට පමනක් බව පෙනී යයි. ඊට සහාය දක්වන්නා වූ එඩිතර අතලොස්සක් සිටියත් මේ අවස්ථාවේ ඒ සැවොම නිහඬව මුත් අවධානයෙන් සිටිනා බවත් පෙනෙන්නට අැත.

සෝභිතාවතාර අඳුනට මේවා හොඳින් නිරාවරනය වේ. එම නිසා අද අපවත් වී වදාල අතිපූජ්යය සෝභිත හිමිපානන්ගේ 74 වැනි ජන්ම දින පිංකම් සහ පුණ්යය කටයුතු අවසන් වූ පසු ප්රබල අනාවැකියක් රටට හෙලිදරව් කිරීමට නියමිතය.
සෝභිතාවතාර...
විශ්වයේ සැරිසරමින් දේදුනු විප්ලවය ජයටැඹ කරා ගෙන ගිය ජනතාව සමග අවධියෙන්
2016/05/29 අළුයම 01.30 ට

https://www.facebook.com/sathpurawasiya/posts/231240370589282

https://www.facebook.com/sathpurawasiya/posts/231244260588893

Thursday, May 26, 2016

තුලනාත්මක නැති පාෙඩි මිහිහට පමනයි නීතිය ජන බලයෙන් උත්තරීතර අායතනයට යන, නියෝජිතයාට වෙනස් වන්නේ අැයි...? ඒ කෙසේද......??

====================================================
තුලනාත්මක නැති පාෙඩි මිහිහට පමනයි  නීතිය ජන බලයෙන් උත්තරීතර අායතනයට යන, නියෝජිතයාට වෙනස් වන්නේ අැයි...?             ඒ කෙසේද......??
====================================================
 යහපාලන උත්තරීතර අායතනය මෙසේ නම් යමපාලන යුගයේ කෙසේ තිබෙන්නට අැත්ද...


චුදිත මන්ත්රීවරයෙකුට සිතාසිය දෙන්නට උත්තරීතර අායතනයට ගිය රාජ්යය නිලධාරියාට කථානායක සැලකුවේ එසේනම්. ඒ සිතාසියම දෙන්නට චුදිතයාගේ මාලිගයට ගිය ඒ නිලධාරියාට විමල්/ශෂී කෙසේ සලකන්නට අැත්දැයි ජනතාවට උපකල්පනය කර ගැනීම වැඩි අපහසු නැත...!

රජයේ නිලධාරියෙකුට පාර්ලිමේන්තුවට ගොස් මන්ත්රීවරයෙකුට  නීතිමය ලියවිල්ලක් (සිතාසියක්)  බාර දෙන්නට බැරි උත්තරීතර අායතනක් ජනතාව බිහි කලේ කරුමයටද...

නමුත් මේවා තුල පහර දීම් සිදුකොට ලේ සෙලවීම් කරන්නට, පොර කුකුලන් සේ පොර අල්ලන්නට, (පාසල් දරුවන් පවා සිටියදී) ඕනෑම අැසැබි වචනයක් කියන්නට, පෙරලෙන්න බුදිය ගන්න යකා නටන්න යන අාදී වශයෙන් මේ ඕනෑම පහත් වැඩක් සිදු කර කිසිදු ගැටළුවක් නැතිව ජනතා මුදලින් සුරසැප විඳිමින් යෙහෙන් වැජඹෙන්නට නම් යස අගේට හැකිය.

ලෝකයේ කොහේ සිදු උවත් මෙවැනි ක්රියාවන් සිදුවන ස්ථානයකට උත්තරීතර යැයි අාමන්ත්රනය කිරීම නම් ඉතා නොහොඹී. 

යහපාලනය සත්යවාදීනම් මෙවන් කාරනා දෙස පසුවිපරනාත්මකවද, ගවේෂනාත්මකවද, නිර්මානාත්මකවද, නවමු ලෙසද නෙත් හෙලා සමස්ථ ලෝක දේශපාලනයටම පරමාදර්ශී ලෙස සැමටම නීතිය සමතුලිත කිරීමට තරම් පරිත්යාගශීලීවද, පරහිතකාමීයද කටයුතු කල යුතුය. එසේ නොවනා මෛත්රී/රනිල්/කරූ තුන් පූට්ටුවක්වත්, සම්මුතිවාදී රජයක්වත් ජනතාවට නම් පලක් නැත.
පාර්ලිමේන්තු එන්නට කලින් අවිදරා සිටි අයෙකු යැයි කටමැත දොඩනා දුර්වල කථානායක වරයෙකු නම් කිසිසේත්ම පලක් නැත.

දීල බලහල්ලකෝ අර SF ට කථානායක කම එක හය මාසෙකට කරකෝල ගනී අවලමාල රොත්තම යස අගේට...

පාර්ලිමේන්තුව උත්තරීතර නම්ද.... එම අායතනයේ ප්රධානතම කාර්යය භාරය වන්නේ නීති සම්පාදනය නම්ද...

එවන් ස්ථානයක මෙවන් පහත් දේ සිදුවිය හැකිද...

සිදුවිය හැකිය... නමුත් ඒවා වැඩිකල් නොවිය යුතුය... සත්පුරවැසියා සත්පුරවැසියෙක් ලෙස ජීවත් වෙමින් එසේ පවසන්නේ අැයි...

පාර්ලිමේන්තුව උත්තරීතරයි යනුවෙන් නාම මාත්රිකව පවතින මෙකී බොල් හරසුන් අායතනයට යන්නට සියළු යස ඉසුරු වරප්පරසාද බුක්ති විඳීමට හාෙඳවෑන් සදාකාලික පිං පඩියකුත් හදා ගන්නට නීතියට ගරු නොකිරීමට, ජාතිවාද/අාගම්වාද අැති කිරීමට, හොර/මැර/ජඩ/සල්ලාල සියළු දූෂිත වැඩ කිරීමට අවශ්යය කරනා මූලික සුදුසු කම් කවරේද...
============
8 පාස් වීමද - නැත
O/L, A/L, සමත් වීමද -  නැත
උපාධි, ගෞරව උපාධි, මහාචාර්යය පදවිද - නැත
මානව හිතවාදී වීමද... - නැත - කිසිසේත්ම නැත

එසේනම්  මොනවාද  නියත සුදුසුකම්... ඒවානම් මෙසේය...

*අධ්යාපනයක් නොලබාම උවත් - මුඛරි නරියෙක් වීම සහ/හෝ ඌරු කටක් බූරු මොලයක් තිබීම - ඔව්
*ගල්පැලෙන බින්න, කිසිදු හිරිකිතයකින් තොරව පොඩි දරුවන් ඉදිරියේ සිට හෝ වැඩිහිටිකම බල්ලට දමා කුණුම කුණුවිච්ච කුණුහබ්බ දෙසාබෑමට හැකි වීම - ඔව්
*හොරකම්, මැරකම්, ජඩකම්, සල්ලාල කම් වැනි ඕනෑම පාදඩකමක් සිදුකර ජනතාව ඉදිරියේ උපාසකයින් ලෙස රඟ දැක්වීමේ හැකියාව තිබීම - ඔව්
*අම්මා යැයි විරුදාවලිය ලත් කාන්තාවන් නැතහොත් ස්ත්රීන් සියයක් දූෂනය කොට උජාරුවෙන් යුතුව එය සැමරීමට හැකි පෞරුෂයක් පැවතීම - ඔව් - ඒක වැඩිමනත් සුදුසු කමක්

පසුගිය  යමපාලනය තුලනම් මේවා අනිවාර්යය සුදුසුකම් විනි.
=======================================
අප රටේ මෙම උත්තරීතර යැයි පවසනා පාර්ලිමේන්තුව තුල සිටිනා 225 න් බහුතරයක් සාමාන්යය පෙල විභාගය හෝ සමත් නැති බව පසුගිය දිනක හෙලිවිනි.

ඉතින් අප රටේ පවතින උත්තරීතර යැයි පවසනා අායතනයට යොමුවී ඉහලම වරප්රසාද අත්විඳින්නට හැකියාව කුණු කානුවකිවන් අහුලා ගත හැකි නම් එවන් රටක ජවතාවට දෙවියන්ගේම පිහිට හැර වෙන අන් සරනක් යහපාලන/සම්මුතිවාදී යැයි පවසනා නාම මාත්රවලින් අපේක්ෂා කල හැකිවේද............!!!!!!!!!!!

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට අපවත් වී වදාල සෝභිත හිමියන් පවා මෙම වගකීම පවරා අැත්තේද විශාල සම්මුඛ පරීක්ෂනයකින් අනතුරුවය.

එම නිසා අන් අඤ්ඥාණවන්තයින් හට නොව උන් වහන්සේ ජනපති, අගමැති සහ පාර්ලිමේන්තුව තුල සිටිනා පක්ෂ විපක්ෂ උගත්, වැදගත්, නිහතමානී, මනුස්සකම් අැති යුක්ති ගරුක මැති අැමති මන්ත්රී සහ සිවිල් සමාජය තුල සිටිනා මානව හිතවාදී ක්රියාදරයින් සහ දේදුනු විප්ලවයේදී උන්වහන්සේ හා අත්වැල් බැඳ ගත් සෑම බලවේගයක්මත් වෙත ඉතා කාරුණික අායාචනයක් කර සිටිනවා මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන යුක්තිය, සාධාරනය, සංහිඳියාව සැමට සාධාරනය වන පරිසරයක් නිර්මානය කිරීමට දායක වන ලෙස රටේත්, මතු පරපුරේත් පැවැත්මත් ගෞරවයත් උදෙසා..!
===============
මෙවන් ලෙස වූ...
නීතිය තුලනාත්මක නැති වූද, උත්තරීතර යැයි කියනා පාර්ලිමේන්තුව විනය ගරුක නොවනා තත්ත්වයක් යටතේද අප රටට අනාගතයක් නැත.

එවන් වූ උත්තරීතර අායතනයකින් රටේ මතු පරපුරට සිදු වන්නා වූ යහපතක්වත්, ලැබෙන්නා වූ පරමාදර්ශයක්වත්, රටේ අනාගතය වෙනුවෙන් සිදුවන්නා වූ දැහැමි අායෝජනයක්වත් නැත.

නමුත් මෙම උත්තරීතර අායතනයේ සිටිනා 225න් බහුතරයක් තම නිවසට නම් උදාර පිතෘවරුන්ය. එය එසේ වුවත්... තවත් දරුවෙකුට පියෙක් සේ කරුණාව පාන්නට, ගරු කරන්නට කැමති නැත. 

එසේ කැමතිනම් ඔවුන් මෙසේ හැසිරෙන්නේ නැත. නමුත් වලිගය පාගාගෙන සිටිනා මේ අඤ්ඥාණවන්තයින්ට වැරදුනු තැනක් අැත.

එනම් පොදු ජනතාවගේ දරුවන් හට එයාල සිදු කරනා අසාධාරනයේ ශාපයත්, අප්රසාදයත් දිනෙක එයාලගේ දරුවන් කරාද පැමිනිය හැකි බව...

ඒවා සොබා දහමේ මූලධර්ම වේ. සොබා දහම වනසනා මිනිසා නිසා සුනාමිය පැමිනුනා සේද... පසුගිය නායයෑම් සහ ගංවතුර පැමිනුනා සේද...

කෙදිනක හෝ අප කරනා පව් පිං බුදුන් දේශනා කල පරිදිම අප පසුපස එන සෙවනැල්ල සේ නියත වශයෙන්ම යහපත වෙනුවෙන් යහපතද... අයහපත වෙනුවෙන් අයහපතද පැමිනෙනු අැත.

ඊට එහා ගිය යථාර්තයක් මෙතුන් ලොව නැත.

එනිසා නුවනැස නමැති තෙවනි අැස අැති බුද්ධිමතෙකු හට තත්පර තුනෙන් මෙතුන් ලොවින් තමන් යායුතු ලොව තීරනය කල හැක.

එනම් යමලොවද...? දෙව්ලොවද...? නිවනද...?

ඒ කෙසේද යත්..
ගතවුනු මොහොතේ ඔබ ජීවත් වූයේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න. ඒ අත්දැකීම් මත ගත වන මෙම මොහොතේ ඔබ ජීවත් වන්නේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න. එසේනම් උදාවීමට නියමිත ඊලඟ මොහොතේ ඔබ ජීවත් විය යුත්තේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න.

ලෝක සත්යය මෙයයි. නිසි තීරනය ඔබ නාෙගතහොත් ඔබ කැමති උවත් අකමැති උවත් විශ්ව දහම නොහොත් සොබා දහම විසින් ඔබ යැවිය යුතු ලොව පිලිබඳ තීන්දුව ඔබ වෙනුවෙන් නියත වශයෙන්ම දිනෙක ගනු අැත. එදාට ඔබව බේරා ගන්නට වයිමගේ පුතාට තියා වයිමගේ අප්පච්චිටවත් නොහැකි වනු අැත....

ස්තුතියී.
සෝභිතාවතාර
2016/05/26

Tuesday, May 24, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් / 2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 
=============================================================
2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

=============================================================================
කැළණි ගංඟා රක්ෂිතය අැතුල් ඉවුර තුලත් නීත්යානුකූල විදුලිය. විදුලි කම්බි ගඟේ. කාලයක් පුරා මෙහෙව් දේවලට අනුබල දුන්නේ කවුද..!!
------------------------------------------------------------------------
යන එන මං නැති අහිංසක ජනතාව දුකට පත් කරනා මෙවැනි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ක්රියාවන් නිසා සිදුවුනු විපතින් ඒ අය යලි නගා සිටුවීම සඳහා යහපාලන රජයට කෝටි ගනනින් මුදල් සෙවීමට සිදුව අැත.

නොමිලේ බෙදා දීමට ඕනෑ තරම් ඉඩම් රට තුල තිබියදී, නැති බැරිකම් තිබුනත් රටේ නිත්යානුකූලවද, විධිමත්වද වෙසෙනා බහුතරයක් වන අනිකුත් සියළු ජනතාවද අවධානමට පත් කරනා මෙම අවිධිමත් ක්රියාවන් හට තිත තැබීමට යහපාලන රජය කටයුතු කරනු අැතැයි අපේක්ෂා කරමු.
ගඟේ අැතුල් ඉවුරේ සහ පිටත ඉවුරේ ගං වේල්ල කපා නිවෙස් සහ පාරවල් සාදා ගනිමින්ද, වැසිකිලි වලවල් සහ ලිං කපා ගනිමින්ද සිදු කර අැති මෙම පරිසර හානිය හේතුවෙන් වේල්ලෙහි ශක්තිය ඉතාමත් අවම තත්ත්වයක පවතී. කැඩී බිඳී මහා විනාශයක් වීමේ අවධානමෙන් මුදවා ගැනීම පිනිස හමුදාවට පැමින කිහිප වරක්ම බිඳී යාමට අාසන්න ස්ථාන අලුත් වැඩියා කටයුතු කිරීමට සිදු උනි.
===========================================
වර්ශ 1948 දී මෙවන් වර්ෂා සමයකදී කැලණි ගං වේල්ල අනපේ‍ක්ෂිත ලෙස බිඳී යාමක් සිදුවී කිසි දින ගංවතුරට යට නොවනා ප්රදේශවල නිවාස වහලය තෙක් යටවී අැති බව පැරැන්නෝ පවසති.
===========================================
කෙසේ වෙතත් මෙවර එම අවධානම ඉතා ප්රබල ලෙස පැවතුනේ ඉහත පැවසූ අවිධිමත් ක්රියා කලාප හේතුවෙනි.
අරුමය වන්නේ කැළණි ගං රක්ෂිත ඉවුරේ අැතුල් කඩ තුල දෙමහල් මාලිගා සාදාගෙන ඒවාට වාහන පිවිසීමට තරම් මාර්ග වේල්ල කපා තනාගෙන ජල විදුලියද නිත්යානුකූලව ලබාගෙන විසුමට බලය ලබා දුන්නේ කවුරුන්ද යන්නය...
එබැවින් අවනීතිය රජ කරවා නොව යුක්ති සහගත ලෙස විදිමත් නොවිදිමත් සැමට රට තුල සමසේ විසුමට අත්යාවශ්යම කරනා පදනම යහපාලනය විසින් තහවුරු කරනු අැතැයි දේදුනු විප්ලවය ජයගෙන දුන් යහපාලන ලැදි යුක්ති ගරුක ප්රජාව මහත් බලාපොරොත්තු දල්වා සිටියී.
ස්තුතියී.
සෝභිතාවතාර

ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල ...



ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල සත්යයක් වන්න පුළුවන් කියල හිතෙන්නැද්ද මේ වගේ විශාල වශයෙන් අාධායම් ලබමින් උවත් තම අායතනික වගකීම් සහ යුතුකම් ජනතාව වෙනුවෙන් පැහැර හරින රාජ්යය අායතනවල ක්රියා කලාපය දකින විට.

අද 2016 මැයි 24 නමුත් ( 2015 / 05 / 19 ) - ( 2016 / 05 / 19 ) වශයෙන් නිවැරදි විය යුතු දිනෙක (ජය -අ-නියත) මහජන සම්පත 3200 නිල ප්රථිපල ලේඛනය ලොතරැයි කුටිවලින් ඉවත් කර නිවැරදි කිරීමට තවමත් කටයුතු කර නැත.
සෝභිතාවතාර
2016/05/24

Sunday, May 22, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ කවුරුද...?


--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 

පුවතක් - 2015/05/22

------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් තුල ජීවිකාව ගත කල සියළුම ජනතාවට සිදු උණු සියළුම අලාබ හානි වෙනුවෙන් දශක 3ක පමන ඉතිහාසය පුරා ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් බලයේ සිටි බහුතරයක් දේශපාලකයින් සම්පූර්නයෙන්ම වග කිව යුතුය.

ඒ මන්ද යත් නීති විරෝධී පදිංචි කරුවන්ගේ නීති විරෝධී ඉදිකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ අවස්ථාවාදී දේශපාලකයින්ය.

ඒ කෙසේද යත් මෙම නීති විරෝධී ඉදිකිරීම් සඳහා ජලය, විදුලිය ලබා දුන්නේ කවුරුද...?

තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම පිනිස රට ගැනවත්, පරිසරය ගැනවත්, ඒ නොදැනුවත් අහිංසක ජනතාව පිලිබඳවත් යථාර්තවාදීව නොබලා මොනවා කර හෝ තමන් හට බලයට එන්නට සිදුකර අැති මෙම ජාතික අපරාධයේ ප්රතිඵල මේ වන විට මුළු රටටම අත්විඳින්නට සිදුව අැත.

නිත්යානුකූලව ජීවත් වුනු මිනිසුන් හට මෙම සමහර නීති විරෝධී ඉදිකිරීම් නිසා සිදුවන හිරිහැර පිලිබඳ පැමිනිල්ලක් සිදු කල විට දේශපාලකයා පාතාලයා ලවා පැමිනිලි කරුවන් නිහඬ කලේය.

ගැලවීමක් නැති වූ සමහර අවස්ථාවලදී පමනක් ජල, විදුලි සැපයුම් තාවකාලිකව යයි පවසා ලබා දී පසුව සදාකාලික වන්නේය.

දැන් අපි සිදුවුනු විපතින් වැලපී පලක් නැත. යුක්තිය සාධාරනය අගයන යහපාලන ලැදි ජනතාව දේදුනු විප්ලවය ජය ගෙන දුන්නේ මෙම සියළු ගැටළු වෙත ස්ථිරසාර විසඳුම් ලබා ගනු අටියෙනි.

එම නිසා යහපාලන ජනපති සහ අගමැති පිලිබඳ යුක්ති ගරුක ජනතාව තැබූ අකලංක විශ්වාසය කඩ නොකරනු අැතැයි තව දුරටත් දැඩි සේ විශ්වාසය තබමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යහපාලන ලැදි යුක්තිගරුක ජනතාව සමග ඒකාබද්ධව සැලකර සිටිනා වගයි.

පොඩි මිනිහට පමනයි නීතිය සහ...! මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය..!

--------------------------------------------------------------------------------------------
පොඩි මිනිහට පමනයි නීතිය සහ...! මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය...!

--------------------------------------










ඒ නම් Doctrine of public trust හෙවත් මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තයයි.
---------------------------------------------------------------------
‘රජයේ ආයතන සහ රජයේ නිලධාරීන් මහජන විශ්වාසය තහවුරු කරන ආකාරයෙන් ක්‍රියා කළ යුතුය‘

යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා තිබේ. එහිදී රජයේ ආයතන යන්නට අධිකරණයද ඇතුලත් වන බවත් රජයේ නිලධාරීන් යන්නට විනිසුරුවරුන්ද ඇතුලත් වේ...
---------------------------------------------------
සියළු විස්තර සඳහා පහත අඩවියට පිවිසෙන්න
හැකි තාක් අන් අය වෙත යවන්න 
----------------------------------------------------
http://www.lankaenews.com/news/4008/si
-----------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා දේදුනු විප්ලවයට උරදුන් යහපාලන ලැදි යුක්ති ගරුක ජනතාව සමග ඒකාබද්ධව නිසි මගට රට ගෙනෙනා තුරු රජයට බලපෑම් සිදුකරනා වගයි...
අප හට දැන් හිටියත් එකයි... වෙඩි කාල මැරුනත් එකයි...