Sunday, May 22, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ කවුරුද...?


--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 

පුවතක් - 2015/05/22

------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් තුල ජීවිකාව ගත කල සියළුම ජනතාවට සිදු උණු සියළුම අලාබ හානි වෙනුවෙන් දශක 3ක පමන ඉතිහාසය පුරා ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් බලයේ සිටි බහුතරයක් දේශපාලකයින් සම්පූර්නයෙන්ම වග කිව යුතුය.

ඒ මන්ද යත් නීති විරෝධී පදිංචි කරුවන්ගේ නීති විරෝධී ඉදිකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ අවස්ථාවාදී දේශපාලකයින්ය.

ඒ කෙසේද යත් මෙම නීති විරෝධී ඉදිකිරීම් සඳහා ජලය, විදුලිය ලබා දුන්නේ කවුරුද...?

තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම පිනිස රට ගැනවත්, පරිසරය ගැනවත්, ඒ නොදැනුවත් අහිංසක ජනතාව පිලිබඳවත් යථාර්තවාදීව නොබලා මොනවා කර හෝ තමන් හට බලයට එන්නට සිදුකර අැති මෙම ජාතික අපරාධයේ ප්රතිඵල මේ වන විට මුළු රටටම අත්විඳින්නට සිදුව අැත.

නිත්යානුකූලව ජීවත් වුනු මිනිසුන් හට මෙම සමහර නීති විරෝධී ඉදිකිරීම් නිසා සිදුවන හිරිහැර පිලිබඳ පැමිනිල්ලක් සිදු කල විට දේශපාලකයා පාතාලයා ලවා පැමිනිලි කරුවන් නිහඬ කලේය.

ගැලවීමක් නැති වූ සමහර අවස්ථාවලදී පමනක් ජල, විදුලි සැපයුම් තාවකාලිකව යයි පවසා ලබා දී පසුව සදාකාලික වන්නේය.

දැන් අපි සිදුවුනු විපතින් වැලපී පලක් නැත. යුක්තිය සාධාරනය අගයන යහපාලන ලැදි ජනතාව දේදුනු විප්ලවය ජය ගෙන දුන්නේ මෙම සියළු ගැටළු වෙත ස්ථිරසාර විසඳුම් ලබා ගනු අටියෙනි.

එම නිසා යහපාලන ජනපති සහ අගමැති පිලිබඳ යුක්ති ගරුක ජනතාව තැබූ අකලංක විශ්වාසය කඩ නොකරනු අැතැයි තව දුරටත් දැඩි සේ විශ්වාසය තබමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යහපාලන ලැදි යුක්තිගරුක ජනතාව සමග ඒකාබද්ධව සැලකර සිටිනා වගයි.

No comments:

Post a Comment