Tuesday, May 24, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් / 2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 
=============================================================
2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

=============================================================================
කැළණි ගංඟා රක්ෂිතය අැතුල් ඉවුර තුලත් නීත්යානුකූල විදුලිය. විදුලි කම්බි ගඟේ. කාලයක් පුරා මෙහෙව් දේවලට අනුබල දුන්නේ කවුද..!!
------------------------------------------------------------------------
යන එන මං නැති අහිංසක ජනතාව දුකට පත් කරනා මෙවැනි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ක්රියාවන් නිසා සිදුවුනු විපතින් ඒ අය යලි නගා සිටුවීම සඳහා යහපාලන රජයට කෝටි ගනනින් මුදල් සෙවීමට සිදුව අැත.

නොමිලේ බෙදා දීමට ඕනෑ තරම් ඉඩම් රට තුල තිබියදී, නැති බැරිකම් තිබුනත් රටේ නිත්යානුකූලවද, විධිමත්වද වෙසෙනා බහුතරයක් වන අනිකුත් සියළු ජනතාවද අවධානමට පත් කරනා මෙම අවිධිමත් ක්රියාවන් හට තිත තැබීමට යහපාලන රජය කටයුතු කරනු අැතැයි අපේක්ෂා කරමු.
ගඟේ අැතුල් ඉවුරේ සහ පිටත ඉවුරේ ගං වේල්ල කපා නිවෙස් සහ පාරවල් සාදා ගනිමින්ද, වැසිකිලි වලවල් සහ ලිං කපා ගනිමින්ද සිදු කර අැති මෙම පරිසර හානිය හේතුවෙන් වේල්ලෙහි ශක්තිය ඉතාමත් අවම තත්ත්වයක පවතී. කැඩී බිඳී මහා විනාශයක් වීමේ අවධානමෙන් මුදවා ගැනීම පිනිස හමුදාවට පැමින කිහිප වරක්ම බිඳී යාමට අාසන්න ස්ථාන අලුත් වැඩියා කටයුතු කිරීමට සිදු උනි.
===========================================
වර්ශ 1948 දී මෙවන් වර්ෂා සමයකදී කැලණි ගං වේල්ල අනපේ‍ක්ෂිත ලෙස බිඳී යාමක් සිදුවී කිසි දින ගංවතුරට යට නොවනා ප්රදේශවල නිවාස වහලය තෙක් යටවී අැති බව පැරැන්නෝ පවසති.
===========================================
කෙසේ වෙතත් මෙවර එම අවධානම ඉතා ප්රබල ලෙස පැවතුනේ ඉහත පැවසූ අවිධිමත් ක්රියා කලාප හේතුවෙනි.
අරුමය වන්නේ කැළණි ගං රක්ෂිත ඉවුරේ අැතුල් කඩ තුල දෙමහල් මාලිගා සාදාගෙන ඒවාට වාහන පිවිසීමට තරම් මාර්ග වේල්ල කපා තනාගෙන ජල විදුලියද නිත්යානුකූලව ලබාගෙන විසුමට බලය ලබා දුන්නේ කවුරුන්ද යන්නය...
එබැවින් අවනීතිය රජ කරවා නොව යුක්ති සහගත ලෙස විදිමත් නොවිදිමත් සැමට රට තුල සමසේ විසුමට අත්යාවශ්යම කරනා පදනම යහපාලනය විසින් තහවුරු කරනු අැතැයි දේදුනු විප්ලවය ජයගෙන දුන් යහපාලන ලැදි යුක්ති ගරුක ප්රජාව මහත් බලාපොරොත්තු දල්වා සිටියී.
ස්තුතියී.
සෝභිතාවතාර

No comments:

Post a Comment