Thursday, May 26, 2016

තුලනාත්මක නැති පාෙඩි මිහිහට පමනයි නීතිය ජන බලයෙන් උත්තරීතර අායතනයට යන, නියෝජිතයාට වෙනස් වන්නේ අැයි...? ඒ කෙසේද......??

====================================================
තුලනාත්මක නැති පාෙඩි මිහිහට පමනයි  නීතිය ජන බලයෙන් උත්තරීතර අායතනයට යන, නියෝජිතයාට වෙනස් වන්නේ අැයි...?             ඒ කෙසේද......??
====================================================
 යහපාලන උත්තරීතර අායතනය මෙසේ නම් යමපාලන යුගයේ කෙසේ තිබෙන්නට අැත්ද...


චුදිත මන්ත්රීවරයෙකුට සිතාසිය දෙන්නට උත්තරීතර අායතනයට ගිය රාජ්යය නිලධාරියාට කථානායක සැලකුවේ එසේනම්. ඒ සිතාසියම දෙන්නට චුදිතයාගේ මාලිගයට ගිය ඒ නිලධාරියාට විමල්/ශෂී කෙසේ සලකන්නට අැත්දැයි ජනතාවට උපකල්පනය කර ගැනීම වැඩි අපහසු නැත...!

රජයේ නිලධාරියෙකුට පාර්ලිමේන්තුවට ගොස් මන්ත්රීවරයෙකුට  නීතිමය ලියවිල්ලක් (සිතාසියක්)  බාර දෙන්නට බැරි උත්තරීතර අායතනක් ජනතාව බිහි කලේ කරුමයටද...

නමුත් මේවා තුල පහර දීම් සිදුකොට ලේ සෙලවීම් කරන්නට, පොර කුකුලන් සේ පොර අල්ලන්නට, (පාසල් දරුවන් පවා සිටියදී) ඕනෑම අැසැබි වචනයක් කියන්නට, පෙරලෙන්න බුදිය ගන්න යකා නටන්න යන අාදී වශයෙන් මේ ඕනෑම පහත් වැඩක් සිදු කර කිසිදු ගැටළුවක් නැතිව ජනතා මුදලින් සුරසැප විඳිමින් යෙහෙන් වැජඹෙන්නට නම් යස අගේට හැකිය.

ලෝකයේ කොහේ සිදු උවත් මෙවැනි ක්රියාවන් සිදුවන ස්ථානයකට උත්තරීතර යැයි අාමන්ත්රනය කිරීම නම් ඉතා නොහොඹී. 

යහපාලනය සත්යවාදීනම් මෙවන් කාරනා දෙස පසුවිපරනාත්මකවද, ගවේෂනාත්මකවද, නිර්මානාත්මකවද, නවමු ලෙසද නෙත් හෙලා සමස්ථ ලෝක දේශපාලනයටම පරමාදර්ශී ලෙස සැමටම නීතිය සමතුලිත කිරීමට තරම් පරිත්යාගශීලීවද, පරහිතකාමීයද කටයුතු කල යුතුය. එසේ නොවනා මෛත්රී/රනිල්/කරූ තුන් පූට්ටුවක්වත්, සම්මුතිවාදී රජයක්වත් ජනතාවට නම් පලක් නැත.
පාර්ලිමේන්තු එන්නට කලින් අවිදරා සිටි අයෙකු යැයි කටමැත දොඩනා දුර්වල කථානායක වරයෙකු නම් කිසිසේත්ම පලක් නැත.

දීල බලහල්ලකෝ අර SF ට කථානායක කම එක හය මාසෙකට කරකෝල ගනී අවලමාල රොත්තම යස අගේට...

පාර්ලිමේන්තුව උත්තරීතර නම්ද.... එම අායතනයේ ප්රධානතම කාර්යය භාරය වන්නේ නීති සම්පාදනය නම්ද...

එවන් ස්ථානයක මෙවන් පහත් දේ සිදුවිය හැකිද...

සිදුවිය හැකිය... නමුත් ඒවා වැඩිකල් නොවිය යුතුය... සත්පුරවැසියා සත්පුරවැසියෙක් ලෙස ජීවත් වෙමින් එසේ පවසන්නේ අැයි...

පාර්ලිමේන්තුව උත්තරීතරයි යනුවෙන් නාම මාත්රිකව පවතින මෙකී බොල් හරසුන් අායතනයට යන්නට සියළු යස ඉසුරු වරප්පරසාද බුක්ති විඳීමට හාෙඳවෑන් සදාකාලික පිං පඩියකුත් හදා ගන්නට නීතියට ගරු නොකිරීමට, ජාතිවාද/අාගම්වාද අැති කිරීමට, හොර/මැර/ජඩ/සල්ලාල සියළු දූෂිත වැඩ කිරීමට අවශ්යය කරනා මූලික සුදුසු කම් කවරේද...
============
8 පාස් වීමද - නැත
O/L, A/L, සමත් වීමද -  නැත
උපාධි, ගෞරව උපාධි, මහාචාර්යය පදවිද - නැත
මානව හිතවාදී වීමද... - නැත - කිසිසේත්ම නැත

එසේනම්  මොනවාද  නියත සුදුසුකම්... ඒවානම් මෙසේය...

*අධ්යාපනයක් නොලබාම උවත් - මුඛරි නරියෙක් වීම සහ/හෝ ඌරු කටක් බූරු මොලයක් තිබීම - ඔව්
*ගල්පැලෙන බින්න, කිසිදු හිරිකිතයකින් තොරව පොඩි දරුවන් ඉදිරියේ සිට හෝ වැඩිහිටිකම බල්ලට දමා කුණුම කුණුවිච්ච කුණුහබ්බ දෙසාබෑමට හැකි වීම - ඔව්
*හොරකම්, මැරකම්, ජඩකම්, සල්ලාල කම් වැනි ඕනෑම පාදඩකමක් සිදුකර ජනතාව ඉදිරියේ උපාසකයින් ලෙස රඟ දැක්වීමේ හැකියාව තිබීම - ඔව්
*අම්මා යැයි විරුදාවලිය ලත් කාන්තාවන් නැතහොත් ස්ත්රීන් සියයක් දූෂනය කොට උජාරුවෙන් යුතුව එය සැමරීමට හැකි පෞරුෂයක් පැවතීම - ඔව් - ඒක වැඩිමනත් සුදුසු කමක්

පසුගිය  යමපාලනය තුලනම් මේවා අනිවාර්යය සුදුසුකම් විනි.
=======================================
අප රටේ මෙම උත්තරීතර යැයි පවසනා පාර්ලිමේන්තුව තුල සිටිනා 225 න් බහුතරයක් සාමාන්යය පෙල විභාගය හෝ සමත් නැති බව පසුගිය දිනක හෙලිවිනි.

ඉතින් අප රටේ පවතින උත්තරීතර යැයි පවසනා අායතනයට යොමුවී ඉහලම වරප්රසාද අත්විඳින්නට හැකියාව කුණු කානුවකිවන් අහුලා ගත හැකි නම් එවන් රටක ජවතාවට දෙවියන්ගේම පිහිට හැර වෙන අන් සරනක් යහපාලන/සම්මුතිවාදී යැයි පවසනා නාම මාත්රවලින් අපේක්ෂා කල හැකිවේද............!!!!!!!!!!!

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට අපවත් වී වදාල සෝභිත හිමියන් පවා මෙම වගකීම පවරා අැත්තේද විශාල සම්මුඛ පරීක්ෂනයකින් අනතුරුවය.

එම නිසා අන් අඤ්ඥාණවන්තයින් හට නොව උන් වහන්සේ ජනපති, අගමැති සහ පාර්ලිමේන්තුව තුල සිටිනා පක්ෂ විපක්ෂ උගත්, වැදගත්, නිහතමානී, මනුස්සකම් අැති යුක්ති ගරුක මැති අැමති මන්ත්රී සහ සිවිල් සමාජය තුල සිටිනා මානව හිතවාදී ක්රියාදරයින් සහ දේදුනු විප්ලවයේදී උන්වහන්සේ හා අත්වැල් බැඳ ගත් සෑම බලවේගයක්මත් වෙත ඉතා කාරුණික අායාචනයක් කර සිටිනවා මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන යුක්තිය, සාධාරනය, සංහිඳියාව සැමට සාධාරනය වන පරිසරයක් නිර්මානය කිරීමට දායක වන ලෙස රටේත්, මතු පරපුරේත් පැවැත්මත් ගෞරවයත් උදෙසා..!
===============
මෙවන් ලෙස වූ...
නීතිය තුලනාත්මක නැති වූද, උත්තරීතර යැයි කියනා පාර්ලිමේන්තුව විනය ගරුක නොවනා තත්ත්වයක් යටතේද අප රටට අනාගතයක් නැත.

එවන් වූ උත්තරීතර අායතනයකින් රටේ මතු පරපුරට සිදු වන්නා වූ යහපතක්වත්, ලැබෙන්නා වූ පරමාදර්ශයක්වත්, රටේ අනාගතය වෙනුවෙන් සිදුවන්නා වූ දැහැමි අායෝජනයක්වත් නැත.

නමුත් මෙම උත්තරීතර අායතනයේ සිටිනා 225න් බහුතරයක් තම නිවසට නම් උදාර පිතෘවරුන්ය. එය එසේ වුවත්... තවත් දරුවෙකුට පියෙක් සේ කරුණාව පාන්නට, ගරු කරන්නට කැමති නැත. 

එසේ කැමතිනම් ඔවුන් මෙසේ හැසිරෙන්නේ නැත. නමුත් වලිගය පාගාගෙන සිටිනා මේ අඤ්ඥාණවන්තයින්ට වැරදුනු තැනක් අැත.

එනම් පොදු ජනතාවගේ දරුවන් හට එයාල සිදු කරනා අසාධාරනයේ ශාපයත්, අප්රසාදයත් දිනෙක එයාලගේ දරුවන් කරාද පැමිනිය හැකි බව...

ඒවා සොබා දහමේ මූලධර්ම වේ. සොබා දහම වනසනා මිනිසා නිසා සුනාමිය පැමිනුනා සේද... පසුගිය නායයෑම් සහ ගංවතුර පැමිනුනා සේද...

කෙදිනක හෝ අප කරනා පව් පිං බුදුන් දේශනා කල පරිදිම අප පසුපස එන සෙවනැල්ල සේ නියත වශයෙන්ම යහපත වෙනුවෙන් යහපතද... අයහපත වෙනුවෙන් අයහපතද පැමිනෙනු අැත.

ඊට එහා ගිය යථාර්තයක් මෙතුන් ලොව නැත.

එනිසා නුවනැස නමැති තෙවනි අැස අැති බුද්ධිමතෙකු හට තත්පර තුනෙන් මෙතුන් ලොවින් තමන් යායුතු ලොව තීරනය කල හැක.

එනම් යමලොවද...? දෙව්ලොවද...? නිවනද...?

ඒ කෙසේද යත්..
ගතවුනු මොහොතේ ඔබ ජීවත් වූයේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න. ඒ අත්දැකීම් මත ගත වන මෙම මොහොතේ ඔබ ජීවත් වන්නේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න. එසේනම් උදාවීමට නියමිත ඊලඟ මොහොතේ ඔබ ජීවත් විය යුත්තේ ධාර්මිකවදැයි අධාර්මිකවදැයි තත්පරයකින් සිතන්න.

ලෝක සත්යය මෙයයි. නිසි තීරනය ඔබ නාෙගතහොත් ඔබ කැමති උවත් අකමැති උවත් විශ්ව දහම නොහොත් සොබා දහම විසින් ඔබ යැවිය යුතු ලොව පිලිබඳ තීන්දුව ඔබ වෙනුවෙන් නියත වශයෙන්ම දිනෙක ගනු අැත. එදාට ඔබව බේරා ගන්නට වයිමගේ පුතාට තියා වයිමගේ අප්පච්චිටවත් නොහැකි වනු අැත....

ස්තුතියී.
සෝභිතාවතාර
2016/05/26

No comments:

Post a Comment