Tuesday, May 24, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් / 2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 
=============================================================
2016/05/25 - 2 වන වරටත් - යාවත්කාලීන කිරීමයි

=============================================================================
කැළණි ගංඟා රක්ෂිතය අැතුල් ඉවුර තුලත් නීත්යානුකූල විදුලිය. විදුලි කම්බි ගඟේ. කාලයක් පුරා මෙහෙව් දේවලට අනුබල දුන්නේ කවුද..!!
------------------------------------------------------------------------
යන එන මං නැති අහිංසක ජනතාව දුකට පත් කරනා මෙවැනි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ක්රියාවන් නිසා සිදුවුනු විපතින් ඒ අය යලි නගා සිටුවීම සඳහා යහපාලන රජයට කෝටි ගනනින් මුදල් සෙවීමට සිදුව අැත.

නොමිලේ බෙදා දීමට ඕනෑ තරම් ඉඩම් රට තුල තිබියදී, නැති බැරිකම් තිබුනත් රටේ නිත්යානුකූලවද, විධිමත්වද වෙසෙනා බහුතරයක් වන අනිකුත් සියළු ජනතාවද අවධානමට පත් කරනා මෙම අවිධිමත් ක්රියාවන් හට තිත තැබීමට යහපාලන රජය කටයුතු කරනු අැතැයි අපේක්ෂා කරමු.
ගඟේ අැතුල් ඉවුරේ සහ පිටත ඉවුරේ ගං වේල්ල කපා නිවෙස් සහ පාරවල් සාදා ගනිමින්ද, වැසිකිලි වලවල් සහ ලිං කපා ගනිමින්ද සිදු කර අැති මෙම පරිසර හානිය හේතුවෙන් වේල්ලෙහි ශක්තිය ඉතාමත් අවම තත්ත්වයක පවතී. කැඩී බිඳී මහා විනාශයක් වීමේ අවධානමෙන් මුදවා ගැනීම පිනිස හමුදාවට පැමින කිහිප වරක්ම බිඳී යාමට අාසන්න ස්ථාන අලුත් වැඩියා කටයුතු කිරීමට සිදු උනි.
===========================================
වර්ශ 1948 දී මෙවන් වර්ෂා සමයකදී කැලණි ගං වේල්ල අනපේ‍ක්ෂිත ලෙස බිඳී යාමක් සිදුවී කිසි දින ගංවතුරට යට නොවනා ප්රදේශවල නිවාස වහලය තෙක් යටවී අැති බව පැරැන්නෝ පවසති.
===========================================
කෙසේ වෙතත් මෙවර එම අවධානම ඉතා ප්රබල ලෙස පැවතුනේ ඉහත පැවසූ අවිධිමත් ක්රියා කලාප හේතුවෙනි.
අරුමය වන්නේ කැළණි ගං රක්ෂිත ඉවුරේ අැතුල් කඩ තුල දෙමහල් මාලිගා සාදාගෙන ඒවාට වාහන පිවිසීමට තරම් මාර්ග වේල්ල කපා තනාගෙන ජල විදුලියද නිත්යානුකූලව ලබාගෙන විසුමට බලය ලබා දුන්නේ කවුරුන්ද යන්නය...
එබැවින් අවනීතිය රජ කරවා නොව යුක්ති සහගත ලෙස විදිමත් නොවිදිමත් සැමට රට තුල සමසේ විසුමට අත්යාවශ්යම කරනා පදනම යහපාලනය විසින් තහවුරු කරනු අැතැයි දේදුනු විප්ලවය ජයගෙන දුන් යහපාලන ලැදි යුක්ති ගරුක ප්රජාව මහත් බලාපොරොත්තු දල්වා සිටියී.
ස්තුතියී.
සෝභිතාවතාර

ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල ...



ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල සත්යයක් වන්න පුළුවන් කියල හිතෙන්නැද්ද මේ වගේ විශාල වශයෙන් අාධායම් ලබමින් උවත් තම අායතනික වගකීම් සහ යුතුකම් ජනතාව වෙනුවෙන් පැහැර හරින රාජ්යය අායතනවල ක්රියා කලාපය දකින විට.

අද 2016 මැයි 24 නමුත් ( 2015 / 05 / 19 ) - ( 2016 / 05 / 19 ) වශයෙන් නිවැරදි විය යුතු දිනෙක (ජය -අ-නියත) මහජන සම්පත 3200 නිල ප්රථිපල ලේඛනය ලොතරැයි කුටිවලින් ඉවත් කර නිවැරදි කිරීමට තවමත් කටයුතු කර නැත.
සෝභිතාවතාර
2016/05/24

Sunday, May 22, 2016

නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ කවුරුද...?


--------------------------------------------------------------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් සහ ගොඩකිරීම් වලට
නීත්යානුකූල
භාවය ලබා දුන්නේ කවුරුද...?
--------------------------------------------------------------------------------------------
කැළණි ගං වතුර මෙතරම් පිටාර යාමට හා බැසයාම ප්රමාදයට හේතුව නීති විරෝධී ඉදිකිරීම්.

මාධ්යය හමුවකදී අාපදා කළමණාකරන අැමති අනුර ප්රියදර්ශන යාපා පෙන්වා දෙයි. 

පුවතක් - 2015/05/22

------------------------------------
නීති විරෝධී ඉදිකිරීම් තුල ජීවිකාව ගත කල සියළුම ජනතාවට සිදු උණු සියළුම අලාබ හානි වෙනුවෙන් දශක 3ක පමන ඉතිහාසය පුරා ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් බලයේ සිටි බහුතරයක් දේශපාලකයින් සම්පූර්නයෙන්ම වග කිව යුතුය.

ඒ මන්ද යත් නීති විරෝධී පදිංචි කරුවන්ගේ නීති විරෝධී ඉදිකිරීම් වලට නීත්යානුකූල භාවය ලබා දුන්නේ අවස්ථාවාදී දේශපාලකයින්ය.

ඒ කෙසේද යත් මෙම නීති විරෝධී ඉදිකිරීම් සඳහා ජලය, විදුලිය ලබා දුන්නේ කවුරුද...?

තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම පිනිස රට ගැනවත්, පරිසරය ගැනවත්, ඒ නොදැනුවත් අහිංසක ජනතාව පිලිබඳවත් යථාර්තවාදීව නොබලා මොනවා කර හෝ තමන් හට බලයට එන්නට සිදුකර අැති මෙම ජාතික අපරාධයේ ප්රතිඵල මේ වන විට මුළු රටටම අත්විඳින්නට සිදුව අැත.

නිත්යානුකූලව ජීවත් වුනු මිනිසුන් හට මෙම සමහර නීති විරෝධී ඉදිකිරීම් නිසා සිදුවන හිරිහැර පිලිබඳ පැමිනිල්ලක් සිදු කල විට දේශපාලකයා පාතාලයා ලවා පැමිනිලි කරුවන් නිහඬ කලේය.

ගැලවීමක් නැති වූ සමහර අවස්ථාවලදී පමනක් ජල, විදුලි සැපයුම් තාවකාලිකව යයි පවසා ලබා දී පසුව සදාකාලික වන්නේය.

දැන් අපි සිදුවුනු විපතින් වැලපී පලක් නැත. යුක්තිය සාධාරනය අගයන යහපාලන ලැදි ජනතාව දේදුනු විප්ලවය ජය ගෙන දුන්නේ මෙම සියළු ගැටළු වෙත ස්ථිරසාර විසඳුම් ලබා ගනු අටියෙනි.

එම නිසා යහපාලන ජනපති සහ අගමැති පිලිබඳ යුක්ති ගරුක ජනතාව තැබූ අකලංක විශ්වාසය කඩ නොකරනු අැතැයි තව දුරටත් දැඩි සේ විශ්වාසය තබමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යහපාලන ලැදි යුක්තිගරුක ජනතාව සමග ඒකාබද්ධව සැලකර සිටිනා වගයි.

පොඩි මිනිහට පමනයි නීතිය සහ...! මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය..!

--------------------------------------------------------------------------------------------
පොඩි මිනිහට පමනයි නීතිය සහ...! මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තය...!

--------------------------------------










ඒ නම් Doctrine of public trust හෙවත් මහජන විශ්වාසය පිලිබඳ සිද්ධාන්තයයි.
---------------------------------------------------------------------
‘රජයේ ආයතන සහ රජයේ නිලධාරීන් මහජන විශ්වාසය තහවුරු කරන ආකාරයෙන් ක්‍රියා කළ යුතුය‘

යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා තිබේ. එහිදී රජයේ ආයතන යන්නට අධිකරණයද ඇතුලත් වන බවත් රජයේ නිලධාරීන් යන්නට විනිසුරුවරුන්ද ඇතුලත් වේ...
---------------------------------------------------
සියළු විස්තර සඳහා පහත අඩවියට පිවිසෙන්න
හැකි තාක් අන් අය වෙත යවන්න 
----------------------------------------------------
http://www.lankaenews.com/news/4008/si
-----------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා දේදුනු විප්ලවයට උරදුන් යහපාලන ලැදි යුක්ති ගරුක ජනතාව සමග ඒකාබද්ධව නිසි මගට රට ගෙනෙනා තුරු රජයට බලපෑම් සිදුකරනා වගයි...
අප හට දැන් හිටියත් එකයි... වෙඩි කාල මැරුනත් එකයි...

Saturday, May 21, 2016

ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා රටක, ගම්මන්පිලගේ කෙස් පැලෙන තර්කයක්ද මේකත්....

--------------------------------------------------------------------------------------------
ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා රටක, ගම්මන්පිලගේ කෙස් පැලෙන තර්කයක්ද මේකත්....
--------------------------------------------------------------------------------------------
අද උතුම් වෙසක් පොහොය ගෙවෙන්න කලින් වත්මන් ජනපති, අගමැති සහ කවුරු කවුරු හෝ මෙම අභියෝගයට ප්රායෝගිකව පිලිතුරු ලබා දීමට අදිටන් කර ගත යුතුය.

https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154164362694253/?type=3

යහපාලන ලැදි ශ්රේෂ්ඨ මිනිසුන් හා ඔට්ටුතාං කරන්න, හැංඟි මුත්තං කරන්න, කොලේ වහල ගහන්න... මේව හැමදාම බෑ.. 

කොතැනකින් හෝ අැත්ත යුක්තිය පිලිබිඹු විය යුතුයි. සෑම දේකම පාරදුෂ්යය භාවයක් තිබිය යුතුයි. 

උදය ගම්මන්පිල හා මොන අාකාරයේ මත වාද පැවතුනද ඔහුගේ මෙම ලිපිය මගින් තාර්කිකව ඔප්පු කරනා ටොන් දෙකහමාරේ මූල්යය පචයේදී රාජිත අැමතිවරයාගේ රෙදි ගලවන්නට ගම්මන්පිල මන්ත්රීවරයා ඉහල සමාර්ථයක් ලබා අැති බව පෙනේ. 

මේ පිලිබඳ කිරා මැන බැලීමට අපටනම් රු.5000/- නෝට්ටු එකක්වත් මේ මොහොතේ අතේ නැත. ණයක් දෙන්ඩ තිබුනු කොල දෙකක් තිබිල ඒකත් ඊයේ ගෙවල දැම්ම. තිබුනනම් ඒ කොල දෙකේ බරවත් රත්තරන් බඩු කඩේකට ගිහිල්ල කිරාගෙන අැවිල්ල ගම්මන්පිලගේ ගාන හරිද කියල හදල බලන්න තිබුන.

කෙසේ නමුත් ඉතාමත් දක්ෂ තර්කයක් මගින් ගම්මන්පිල මන්ත්රී තුමා රාජිත අැමතිගේ අදාල චෝදනාව පුස්සක් කර අැත. තර්කය හරිනම් භේදයකින් තොරව එය අගය කරමි.

යහපාලන ලැදි අවංක ජනතාව බොරුව, ප්රෝඩාව, වංචාව, තක්කඩි කමට අැන්දවීමට, වට වන්දනාවේ ගෙන යාමට කැමති නැත. 

එම නිසා සෑම කල්හිම සෑම අාණ්ඩුවක්ම සිදු කලා වගේ බොරු ප්රශ්න තියාගෙන හිඟන්නගෙ තුවාලේ වගේ අාණ්ඩු කරන්නට හදන්නේ නැතිව... ගම්මන්පිල මන්ත්රීවරයා පෙන්වා දී අැති චෝදනා සත්යය වශයෙන්ම අැත්තනම් ඒවා කල් මරමින් නොසිට අවසන් කරනා ලෙස අවධාරනය කරමු.

මේවා අැත්තටම බොරු චෝදනා නම් මේ විදියේ විහිළු වැඩ මගින් කිසිදා රට ගොඩ ගත හැකි වන්නේවත් මෙම ප්රතිවිරුද්ධ වාදීන්ගේ සහයෝගය ජනතාවගේ සුභ සිද්ධිය තකා ලබා ගත හැකි වන්නේත් නැත.

විශේෂයෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට හදනා පොදු සටනට අවතීර්නව සිටින්නේ යහපාලන අාණ්ඩුවට හෝ හිටපු ජනපතිට හෝ ඒකාබද්ධ පොදු විපක්ෂය වෙනුවෙන් (ඔය සමහරු වගේ) කඩේ යන්නට නොවන බව යහපාලන ලැදි ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කරමු.

එම නිසා අප යහපාලන රජයට අද වෙසක් දින පවසා සිටිනුයේ දූෂිතයින් සිටීනම් ඒ අයට නීතිය හරියට ක්රියාත්මක කරන්න. ගම්මන්පිල මන්ත්රීවරයා තම (https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154164362694253/?type=3)  ෆේස්බුක් අඩවිය ඔස්සේ පෙන්වා දී අැති දූෂිත ධනස්කන්දය හැකි ඉක්මනින් මෙරටට ගෙන අපදාවට පත් සියළු ජනයා නගා සිටුවීම සඳහාත් රටේ පවතිනවා යයි පවසනා ඩොලර් බිලියන 8475 ක් වන ණය බරින් හැකි ප්රමානයක් අාපසු ගෙවා දැමීමටත් කටයුතු කර ගම්මන්පිලගේ පැහැදිලි තර්කයට ප්රායෝගිකව පිලිතුරු ලබා දී යහපාලන ලැදි ජනතාවගේ විශ්වාසය තහවුරු කරනා ලෙසයි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යහපාලන ලැදි ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කරමු.
http://sobithawathara.blogspot.com/

අද 2016 උතුම් වෙසක් පුන් පොහෝදා සියළු ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට කාරුණික අායාචනයක්...

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අද 2016 උතුම් වෙසක් පුන් පොහෝදා
සියළු ජනතාව වෙනුවෙන්
ඒකාබද්ධ පොදු විපක්ෂයට කාරුණික අායාචනයක්...
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සංහිඳියාව අගයන ජනතාව සමග


Friday, May 20, 2016

සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි

---------------------------------------------------------------------------------------
සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත
සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි
-------------------------------------------
ගංවතුර විපතින් කරදරයට පත් බොහෝ ජනතාවට ක්ෂනික අාහාර පාන ජලය නොඅඩුව ලැබුනත් අවධානයෙන් ගිලිහී අැති අවශ්යතා පිලිබඳ සැලකිලිමත් වීමේ අවශ්යතාවක් පවතී..

උදාහරනයක් ලෙස පීඩාවට පත් කාන්තා පක්ෂයේ සැමටම අවශ්යය කරනා සනීපාරක්ෂක තුවා සහ යට අැඳුම් වැනි දෑ ඒ අයට කටින් ඉල්ලා සිටිය නොහැක.

කාන්තා පොලිස් යුධ හමුදා සෙබලියන් එක් බෝට්ටුවකට එක් අයෙකු බැගින් හෝ යොදවා මෙම අවශ්යතා පිලිබඳවත් ඊට අමතරව ටොයිලට්ටිෂූ, කඩදාසි හෝ සිලිබෑග්, සිද්ධාලේප, සමහන්, පිරිටන්, කල් තබා ගත හැකි වියලි බිස්කට් (ක්රීම් ක්රැකර්)(CreamCracker), සිරිපොද වැස්සට පන්කොල හෝ වෙනත් කැප් තොප්පි හෝ (ෂවර්කැප්), හෑන්ඩ් ටවල්, ගංවතුරින් හෝ රෙදි සෝදා ගැනීමට සබන් හෝ සබන් කුඩු, ප්ලාස්ටික් බේසම්, රෙදි වැනීමට ලනු කැරලි, (මේ දැන් දැනගන්නට ලැබුනා - ලදරුවන්ගේ කිරිපිටි සහ කිරි පොවන බාේතල් ජෝග්ගු) උණුවතුර බෝතල්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්, විදුලි පන්දම්, ලිප් ගල්, සාස්පාන්, කෝප්ප, හැඳි, (ඊට අමතරව හැකිනම් අනතුරු අැඟවීමේ පන්දම් ද වැදගත් විය හැක) ගසක් යට හෝ කොහේ හෝ අවතැන්ව සිට හෝ යම් යම් මූලික අවශ්යතා ඉටු කර ගැනීම සඳහා අනිකුත් සියළු පාර්ශවත්...
මෙම පනිවිඩය ලබනා කවුරුන් හෝ හැකි ඉක්මනින් ජනපති, අගමැතිත් දැනුවත් කර සහන වැඩ පිලිවෙලට මෙම අංගත් එකතු කරනා ලෙස පීඩාවට පත් අප සැමගේ සහෝදර ජනතාවගේ නාමයෙන් කාරුණිකව අයැද සිටිමු..

සැ.යු. - 
එමෙන්ම තවද විශේෂයෙන් සිහිපත් කල යුතු වන්නේ..

හෙට අනිද්දා අැතිවිය හැකි යයි සැක කරනා මීලඟ අවධානමෙන් අත්මිදීම සඳහා වත්මන් අවධානමේ මීලඟ ඉලක්කය වීමට නියමිත අවධානම් කලාප අාසන්නයේ සිටිනා....
සෑම පිරිමියෙකුම තමන්ගේ සිඟිති දූපුතුන් සහ (ඔවුන්ගේ අධ්යාපනික ලිපිලේඛන සහතික, උප්පැන්නාදීද) භාර්යාවන්, මෑණිවරුන්, මිත්තනියන්, යෙහෙලියන් හට අාදරේනම් තමන් කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ අාදරවන්ත ඉහත පිරිස් මැයි 25 වැනිදා හෝ අවධානම අවම වන තුරු අාරක්ෂිත/සුරක්ෂිත ස්ථාන කරා පිටමන් කරනා ලෙස අවවාද/උපදෙස් සහ දැනුවත් කිරීම් අඛණ්ඩවම ලබා දෙන ලෙසද යෝජනා සිටිමු.

සියල්ලෝම මැයි 25 දින පසුවන තුරු අවධානයෙන් සහ සීරුවෙන් සිටිය යුතුය.

http://sobithawathara.blogspot.com/2016/05/blog-post_56.html

https://t.co/PhafGQmIom

ස්තුතියී.
සත්පුරවැසියා සෝභිතාවතාර සමග...
2016/05/20