Saturday, May 21, 2016

ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා රටක, ගම්මන්පිලගේ කෙස් පැලෙන තර්කයක්ද මේකත්....

--------------------------------------------------------------------------------------------
ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා රටක, ගම්මන්පිලගේ කෙස් පැලෙන තර්කයක්ද මේකත්....
--------------------------------------------------------------------------------------------
අද උතුම් වෙසක් පොහොය ගෙවෙන්න කලින් වත්මන් ජනපති, අගමැති සහ කවුරු කවුරු හෝ මෙම අභියෝගයට ප්රායෝගිකව පිලිතුරු ලබා දීමට අදිටන් කර ගත යුතුය.

https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154164362694253/?type=3

යහපාලන ලැදි ශ්රේෂ්ඨ මිනිසුන් හා ඔට්ටුතාං කරන්න, හැංඟි මුත්තං කරන්න, කොලේ වහල ගහන්න... මේව හැමදාම බෑ.. 

කොතැනකින් හෝ අැත්ත යුක්තිය පිලිබිඹු විය යුතුයි. සෑම දේකම පාරදුෂ්යය භාවයක් තිබිය යුතුයි. 

උදය ගම්මන්පිල හා මොන අාකාරයේ මත වාද පැවතුනද ඔහුගේ මෙම ලිපිය මගින් තාර්කිකව ඔප්පු කරනා ටොන් දෙකහමාරේ මූල්යය පචයේදී රාජිත අැමතිවරයාගේ රෙදි ගලවන්නට ගම්මන්පිල මන්ත්රීවරයා ඉහල සමාර්ථයක් ලබා අැති බව පෙනේ. 

මේ පිලිබඳ කිරා මැන බැලීමට අපටනම් රු.5000/- නෝට්ටු එකක්වත් මේ මොහොතේ අතේ නැත. ණයක් දෙන්ඩ තිබුනු කොල දෙකක් තිබිල ඒකත් ඊයේ ගෙවල දැම්ම. තිබුනනම් ඒ කොල දෙකේ බරවත් රත්තරන් බඩු කඩේකට ගිහිල්ල කිරාගෙන අැවිල්ල ගම්මන්පිලගේ ගාන හරිද කියල හදල බලන්න තිබුන.

කෙසේ නමුත් ඉතාමත් දක්ෂ තර්කයක් මගින් ගම්මන්පිල මන්ත්රී තුමා රාජිත අැමතිගේ අදාල චෝදනාව පුස්සක් කර අැත. තර්කය හරිනම් භේදයකින් තොරව එය අගය කරමි.

යහපාලන ලැදි අවංක ජනතාව බොරුව, ප්රෝඩාව, වංචාව, තක්කඩි කමට අැන්දවීමට, වට වන්දනාවේ ගෙන යාමට කැමති නැත. 

එම නිසා සෑම කල්හිම සෑම අාණ්ඩුවක්ම සිදු කලා වගේ බොරු ප්රශ්න තියාගෙන හිඟන්නගෙ තුවාලේ වගේ අාණ්ඩු කරන්නට හදන්නේ නැතිව... ගම්මන්පිල මන්ත්රීවරයා පෙන්වා දී අැති චෝදනා සත්යය වශයෙන්ම අැත්තනම් ඒවා කල් මරමින් නොසිට අවසන් කරනා ලෙස අවධාරනය කරමු.

මේවා අැත්තටම බොරු චෝදනා නම් මේ විදියේ විහිළු වැඩ මගින් කිසිදා රට ගොඩ ගත හැකි වන්නේවත් මෙම ප්රතිවිරුද්ධ වාදීන්ගේ සහයෝගය ජනතාවගේ සුභ සිද්ධිය තකා ලබා ගත හැකි වන්නේත් නැත.

විශේෂයෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රට හදනා පොදු සටනට අවතීර්නව සිටින්නේ යහපාලන අාණ්ඩුවට හෝ හිටපු ජනපතිට හෝ ඒකාබද්ධ පොදු විපක්ෂය වෙනුවෙන් (ඔය සමහරු වගේ) කඩේ යන්නට නොවන බව යහපාලන ලැදි ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කරමු.

එම නිසා අප යහපාලන රජයට අද වෙසක් දින පවසා සිටිනුයේ දූෂිතයින් සිටීනම් ඒ අයට නීතිය හරියට ක්රියාත්මක කරන්න. ගම්මන්පිල මන්ත්රීවරයා තම (https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154164362694253/?type=3)  ෆේස්බුක් අඩවිය ඔස්සේ පෙන්වා දී අැති දූෂිත ධනස්කන්දය හැකි ඉක්මනින් මෙරටට ගෙන අපදාවට පත් සියළු ජනයා නගා සිටුවීම සඳහාත් රටේ පවතිනවා යයි පවසනා ඩොලර් බිලියන 8475 ක් වන ණය බරින් හැකි ප්රමානයක් අාපසු ගෙවා දැමීමටත් කටයුතු කර ගම්මන්පිලගේ පැහැදිලි තර්කයට ප්රායෝගිකව පිලිතුරු ලබා දී යහපාලන ලැදි ජනතාවගේ විශ්වාසය තහවුරු කරනා ලෙසයි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යහපාලන ලැදි ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කරමු.
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment