Friday, May 20, 2016

සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි

---------------------------------------------------------------------------------------
සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත
සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි
-------------------------------------------
ගංවතුර විපතින් කරදරයට පත් බොහෝ ජනතාවට ක්ෂනික අාහාර පාන ජලය නොඅඩුව ලැබුනත් අවධානයෙන් ගිලිහී අැති අවශ්යතා පිලිබඳ සැලකිලිමත් වීමේ අවශ්යතාවක් පවතී..

උදාහරනයක් ලෙස පීඩාවට පත් කාන්තා පක්ෂයේ සැමටම අවශ්යය කරනා සනීපාරක්ෂක තුවා සහ යට අැඳුම් වැනි දෑ ඒ අයට කටින් ඉල්ලා සිටිය නොහැක.

කාන්තා පොලිස් යුධ හමුදා සෙබලියන් එක් බෝට්ටුවකට එක් අයෙකු බැගින් හෝ යොදවා මෙම අවශ්යතා පිලිබඳවත් ඊට අමතරව ටොයිලට්ටිෂූ, කඩදාසි හෝ සිලිබෑග්, සිද්ධාලේප, සමහන්, පිරිටන්, කල් තබා ගත හැකි වියලි බිස්කට් (ක්රීම් ක්රැකර්)(CreamCracker), සිරිපොද වැස්සට පන්කොල හෝ වෙනත් කැප් තොප්පි හෝ (ෂවර්කැප්), හෑන්ඩ් ටවල්, ගංවතුරින් හෝ රෙදි සෝදා ගැනීමට සබන් හෝ සබන් කුඩු, ප්ලාස්ටික් බේසම්, රෙදි වැනීමට ලනු කැරලි, (මේ දැන් දැනගන්නට ලැබුනා - ලදරුවන්ගේ කිරිපිටි සහ කිරි පොවන බාේතල් ජෝග්ගු) උණුවතුර බෝතල්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්, විදුලි පන්දම්, ලිප් ගල්, සාස්පාන්, කෝප්ප, හැඳි, (ඊට අමතරව හැකිනම් අනතුරු අැඟවීමේ පන්දම් ද වැදගත් විය හැක) ගසක් යට හෝ කොහේ හෝ අවතැන්ව සිට හෝ යම් යම් මූලික අවශ්යතා ඉටු කර ගැනීම සඳහා අනිකුත් සියළු පාර්ශවත්...
මෙම පනිවිඩය ලබනා කවුරුන් හෝ හැකි ඉක්මනින් ජනපති, අගමැතිත් දැනුවත් කර සහන වැඩ පිලිවෙලට මෙම අංගත් එකතු කරනා ලෙස පීඩාවට පත් අප සැමගේ සහෝදර ජනතාවගේ නාමයෙන් කාරුණිකව අයැද සිටිමු..

සැ.යු. - 
එමෙන්ම තවද විශේෂයෙන් සිහිපත් කල යුතු වන්නේ..

හෙට අනිද්දා අැතිවිය හැකි යයි සැක කරනා මීලඟ අවධානමෙන් අත්මිදීම සඳහා වත්මන් අවධානමේ මීලඟ ඉලක්කය වීමට නියමිත අවධානම් කලාප අාසන්නයේ සිටිනා....
සෑම පිරිමියෙකුම තමන්ගේ සිඟිති දූපුතුන් සහ (ඔවුන්ගේ අධ්යාපනික ලිපිලේඛන සහතික, උප්පැන්නාදීද) භාර්යාවන්, මෑණිවරුන්, මිත්තනියන්, යෙහෙලියන් හට අාදරේනම් තමන් කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ අාදරවන්ත ඉහත පිරිස් මැයි 25 වැනිදා හෝ අවධානම අවම වන තුරු අාරක්ෂිත/සුරක්ෂිත ස්ථාන කරා පිටමන් කරනා ලෙස අවවාද/උපදෙස් සහ දැනුවත් කිරීම් අඛණ්ඩවම ලබා දෙන ලෙසද යෝජනා සිටිමු.

සියල්ලෝම මැයි 25 දින පසුවන තුරු අවධානයෙන් සහ සීරුවෙන් සිටිය යුතුය.

http://sobithawathara.blogspot.com/2016/05/blog-post_56.html

https://t.co/PhafGQmIom

ස්තුතියී.
සත්පුරවැසියා සෝභිතාවතාර සමග...
2016/05/20

No comments:

Post a Comment