Sunday, June 9, 2019

අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ../ සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09

අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ../ සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ..
සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
වර්තමානය තුල අවුල් ජාලයක්ව අැති ලාජකේය සමාජ දේශපාලන වටපිටාව තුල නැවත වතාවක් පෙර සේම විවිධ කථාන්තර කියා පාමින් ජනතාව මුලා කොට යලිත් වතාවක් ජනතාවගේ ඒ අති උතුම් පරමාධිකාරී බලය සොරා ගන්නට පාට පක්ෂ කල්ලි වාදීන් සහ යම් යම් පුද්ගලයින් අප රැවටීමට මාන බලමින් සිටිනා බව කාට කාටත් මේ වන විට අවබෝධ වී තිබිය යුත්තේමය.

පෙර කලදී මෙන් යලි කිසිදා අපව නොරැවටිය හැකි වටිනා පසුබිමක් තුල අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියන් ලෙස මෙවර අපේ වගකීම මැනවින් අවබෝධ කොටගෙන දසත පුරා එකට පෙල ගැසී අවස්ථාව උදාවන තුරු සීරුවෙන් සිටිය යුතුය. යලි කිසිදා නොලැබෙනා මෙම වටිනා අවස්ථාව පාවිච්චි කොට අපේ විමුක්තිය අපිම උදා කර නොගතහොත් අප සැමගේත් අපගේ දුවා දරුවන්ගේත් අනාගතය රට අතහැර යාම පමනක් විය හැක.

එම නිසා සියල්ලෝම අවධාරනය කර ගත යුතු වගවීම වන්නේ ජනතාවගේ ගැලවුම් කාරයා සේ මෙවර කරලියට සපැමිනෙනා ඕනෑම පොදු අපේක්ෂකයෙකු ප්රථමයෙන් කල යුතු කාර්යය භාරය වන්නේ ත්රයිනිකායික මහා සංඝ රත්නය ප්රමුඛ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් උතුමානන් අැතුළු සර්ව අාගමික උතුමන්ලා ඉදිරියේ පිලිගත හැකි විශ්වසනීය අාකාරයකට තම ප්රථිපත්තිය ජනතා අධිකරණය හමුවේ තැබීමය.

එවන් සම්මුඛ පරීක්ෂනයෙකින් ඒකත්චන්දයෙන් තේරී පත්වනා සුදුස්සෙකුට හැර වෙනත් කිසිදු තක්කඩියෙකු හට ඡන්දය ප්රකාශ නොකර සිටීමට ජනතාව මෙවර පෙලගැසී සිටිය යුතුය. නොඑසේ උවහොත් කටුගෑ යුතුය.

අපි බැට කෑවා හොඳටම අැති. යලිත් වතාවක් රැවටෙන්නට බැහැ. කාවවත් විශ්වාස කරන්න එපා. මේ කථා කරනා සෝභිතාවතාරයවත් විශ්වාස කරන්න එපා. ඉහත කී ප්රායෝගික පරීක්ෂනයෙන් සමත් වන නවකයෙකු විශ්වාස කරමු.

මේ වංචනික සමාජ ක්රමය තුල දශක 5 ට අධික කාලයක් අපි සබුද්ධික පුලන්නන් විදියට නිහඬව විඳි දුක් කම්කටොලු අපිට වඩා දන්නේ වෙන කවුරුද. හිතන්න තවත් හොඳට හිතන්න. මේ පාර වරද්දා ගන්නනම් එපා.

සෝභිතාවතාර / Sibithawathara - 2019/06/09
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ..
සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09

No comments:

Post a Comment