Saturday, June 15, 2019

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සිරිලක් තලයම නෑදෑයෝ..// අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු සිරිලක් තලයම දූ දරුවෝ..// සෝභිතාවතාර රටේ සමස්ත ජනතාව සමගින් රට රජ කරවන්නට ජනාධිපතිවරනයට සම්ප්රාප්ත වන වගයි..

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සිරිලක් තලයම නෑදෑයෝ..// අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු සිරිලක් තලයම දූ දරුවෝ..//
සෝභිතාවතාර රටේ සමස්ත ජනතාව සමගින්
රට රජ කරවන්නට ජනාධිපතිවරනයට සම්ප්රාප්ත වන වගයි..
************************************************************************

"අපි වෙනුවෙන් අපි" භේදයෙන් තොර සමස්ථ සිරිලක් පුරවැසියෝ ඒකරාශීව අපේ එකමුතුකම්.. අපේ මිතුදම්.. අපේ බැඳීම්.. සුනුවිසුනු කර දමා අපේ දරුවන්ගේ ජීවිත අවධානමේ හෙලා දේශපාලන අාත්මාර්ථය වෙනුවෙන් ක්රියා කරනා අවස්ථාවාදී බල ලෝභී තක්කඩියන් සියල්ල නෙරපා හැර අපේ පරමාධිකාරී බලය නැවත අපි සතු කරගෙන පාර්ලිමේන්තුව නමැති හොර ගුහාව වසා දමා අපේ හද ගැස්මට උචිත (සියල්ලෝම රජ වන) නවමු ව්යවස්ථාවක් සම්මත කොටගෙන එක රටක්.. එක නීතියක්.. (වියදම් අවම) එක අාණ්ඩුකරනයක්.. යටතේ සෙනසුරු මාරුවෙන් පසු 2020 සිට තුන් කුළුඳුල් "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුකරනයක්" බිහි කරනා බවට මෙන්න කැට..

සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්..

මෙම වටිනා ගීතයට අමිල වටිනාකමක් අැති වනු පිනිස මෙසේ සංශෝධනය කරනා ලෙස යෝජනා කරමි.

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

සිරිලක් තලයම නෑදෑයෝ..// සිරිලක් තලයම නෑදෑයෝ..//

අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු

සිරිලක් තලයම දූ දරුවෝ..// සිරිලක් තලයම දූ දරුවෝ..//

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ

ජය දද බන්දා (හහා හා හා)
සිරිදුව කැන්දා (හහා හා හා)
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා (හහා හා හා)
කර සිරි නන්දා (හහා හා හා)
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
පර ගැති සිත ගත බින්දා

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ

හිස මල් පිපුණා (හහා හා හා)
හසරැල් නැගුනා (හහා හා හා)
හිස මල් පිපුණා හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා
නෙතු කැන් දිලුනා (හහා හා හා)
සිතු වැල් බැඳුනා (හහා හා හා)
නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා
ජය මංගල ගී ගැයුනා

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
---------------------------------------------------------------

SATURDAY, NOVEMBER 30, 2013


අපි ඔක්කොම රජවරු

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments:

Post a Comment