Friday, June 14, 2019

අභිනික්මණ නැතහොත් අභිනිෂ්ක්‍රමණය / දේශපාලනික වශයෙන් සැමතින්ම අරාජිකව අැති රටකට මානවවාදී වූ අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කොට එය ජයග්රහනය කරවා ලොවටම පරමාදර්ශයක් සැපයීම යනු...! මෙහි කියැවෙනා අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.

දේශපාලනික වශයෙන් සැමතින්ම අරාජිකව අැති රටකට මානවවාදී වූ අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කොට එය ජයග්රහනය කරවා ලොවටම පරමාදර්ශයක් සැපයීම යනු....

කල දුටු කල වල ඉස ගැනීමට මාන බලන්නා වූද... බොර දියේ මාළු බාන්නට සැරසෙන්නා වූද... 

* අති දක්ෂ ගණිත විද්යාක්ඥයින්ගේ, විජ්ජා වලින් මාපියන් හඬවා ටෙලිවෘත්තාන්ත ගතකර රට රවටනා I'm the man මැටිමෝල් සමීකරනයද...

* අති දක්ෂ (ගොයම් කොලෙන් නඩු දිනිය හැකි) නීති විශාරදයින්ගේ, (මහජන සහභාගීත්වය නොමැතිව) තමන්ම හැදුවා යැයි කියනා පූජාසනය මත නොතැබූ ජන (අ)සම්මතවාදී ව්යවස්ථාවකට වරම් යදින...

* අති දක්ෂ ව්යවසායකයින්ගේ, පන්නරයෙන් ගජ මිතුරන්ගේ කලු සල්ලි සුදු කරවීමට මාන බලන...

(Mr. Dirty Green/Bean) එක මුල්ලක සිටියා..// (පැටියට පාර හදන සාටක/නාටක) තව මුල්ලක සිටියා..// (අැවැසි තැන නතර කල හැකි දාදු කැටේ/Mr. Water Bottle) මේ මුල්ලේ සිටියා..// අයිය මොකෝ..// මල්ලි මොකෝ..// ත්රිකෝණයේ පාද සමයි...

* අති දක්ෂ (තෙම්පරාදු) දේශපාලකයින් වුවත් අාරක්ෂක වලලු 10 ම "බාබුගෙන් / Babu" සල්ලං කර ගත් සර්පයින්ට කිරි පෙවූ, අප්ප මොකෝ... මොට්ටිගේ පුතා මොකෝ... 

* ඉතිහාසයෙන් වත් පාඩම් ඉගෙන "බාබු/Babu" සමීකරනයවත් නිසි ලෙස අවබෝධ කොට නොගෙන සුරතල් කරමින් සිටි  සහරාන්ලාට ජාතියම බිලි දුන් දශක ගනනාවක් පැරනිව කල් ඉකුත්ව අැති තකතීරු 225+1 පවතිනා රටකට වැඩක් නැති පාර්ලිමේන්තු සම්ප්රදායත්...

... මෙහි කියැවුනු අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.

... මෙහි කියැවුනු අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.

සෝභිතාවතාර / Sobithawathara
2019/06/15

---------------------------------
මගේ ලෝකය - 
අභිනික්මණ නැතහොත් අභිනිෂ්ක්‍රමණය
*********************************************
අභිනික්මණ නැත්තන් අභිනිෂ්ක්‍රමණය කියපු ගමන්ම සිහියට එන්නේ අප මහා සිදුහත් බෝසතානන් සතර පෙරනිමිති දැකීමෙන් පසු ගිහිගෙය කලකිරී වයස අව්රුදු විසි නවයක් පිරුනු කළී ගිහිගෙයින් නික්මීමයි.

මේ අපි ඕන කෙනෙක් දන්න අභිනිෂ්ක්‍රමණය. ඒත් මම හිතන්නෙ අභිනිෂ්ක්‍රමනයක් සිදුකරන්නෙ බුදු බව පතාගෙන යන බොධිසත්වයො විතරක්ම නෙවෙයි.

අපි හැමෝගෙම ජීවිතවල අභිනිෂ්ක්‍රමණ තියෙනවා. අපි හැමෝම පෙරනිමිති දකිනවා. දෙමාපියන්ගේ වියෝව, තමන්ගෙ දරුවන්ගෙ වියෝවන්, තමන්ගෙ ආදරණීය බිරියගේ හෝ සැමියාගේ වියෝව... මේ අපි දකින පෙරනිමිති.

මේ වගේ වෙලාවන් වලදි එකිනෙකාගේ මනසේ ස්වාභාවය අනුව මානසිකව හරි අපි අභිනිෂ්ක්‍රමනය කරනවා. සුලු වෙලාවකට හරි ගිහිගෙයි කලකිරෙනවා. සසර බැඳ තබන බැඳීම් වලින් පුලුවන් තරම් ඈත් වෙන්න හිතෙනවා.

භෞතික ලෝකයේ තියෙන අනිත්‍යභාවය තේරෙන්න ගන්නවා. මේකෙන් ඈත් වෙන්න හිතෙනවා. ඒ එක්කම හිතට සැහැල්ලුවක් දැනෙනවා.

ඒත් මනසේ සිද්ධවෙන මේ මානසික විප්ලවය ආපස්සට හරවන්නෙත් අපි ඇතිකරගෙන තිබෙන බැඳීම්ම තමයි.

බෝහෝම කලාතුරකින් කෙනෙක් ගිහිගෙයිනුත් අභිනිෂ්ක්‍රමනය කරනවා. මනසේ ඇතිවුන රැල්ල දිගටම පවත්වාගෙන ගිහින් අන්තිමට සත්‍ය සොයා ගන්නවා.


ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.
ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.
ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.


ටිකක් කල්පනාකරලා බලන්න මේ අත්දැකීම ඔබට අැත්ද? නැද්ද? 
----------------------------------------------------------------------------

(උපුටා ගැනීම - මගේ ලෝකය / http://lasanthapolegoda.blogspot.com/2010/07/blog-post_05.html-2010/07/05)

No comments:

Post a Comment