Friday, October 23, 2020

*ජනාධිපතිතුමනි, අපි යෝජනා කරනා මෙම *ව්‍යවස්ථාව අපට ලබා දෙන්නට මානුෂීයවාදීව *පරාර්ථකාමී වෙන්න.

 *ජනාධිපතිතුමනි,

*/**//***///***//**/*

ජනාධිපතිවරණය ජය ගත්.. මහ මැතිවරණය ජය ගත්.. එමෙන්ම.. අද දින විසිවන ව්‍යවස්ථා සංශෝධනයත් 3/2 ට අධික බලයකින් ජයගත්.. *ඔබ තුමන්ගේ සියලු *ප්‍රශ්න #අදින්අ වසන් #යැයි විශ්වාස කරමි
*/**//***///***//**/* එසේනම්, දැන් යහපත් මනසකින් යුතුව ඔබ තුමාට ඉතාමත් පැහැදිලිවම සිදුකර ලීමට ඇති ප්‍රධානතම කර්තව්‍යය වන්නේ.. පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්යය භාරය වෙනුවෙන් මූලිකවම කැපවීම බව ඔබ තුමාත් මුළු මහත් රටමත් හොඳින්ම දන්නා කරුණකි. එසේනම්, එකී කාර්ය භාරය තව දුරටත් ඔබ තුමාට පහසු කරවනු පිණිස අපිට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත අපිම ඔබ තුමාට ඉදිරිපත් කරලීමට කල්පනා කළෙමු. පැවති සියලු භේද අතහැර විරුද්ධ පක්ෂ වලින් පවා සාමාජිකයන් ඒකරාශි කොටගෙන අනිකුත් සියල්ලන්ගෙන්මද වෙනත් කිසිදු බාධාවක් නොසිදු කොට ගෙන සහජීවනයෙන් යුතුව ඔබ තුමන්ලාගේ බරපතළ ප්‍රශ්න විසඳා ගන්නට ඔබලාට හැකි වුණාසේම.. "අපි වෙනුවෙන්අපේ"
ජනතාවටද මින් මතු කිසිදු දවසක දේශපාලනය නිසා විරසක කම් ඇති කරගෙන රටේත්, ජාතියේත් සෞභාග්‍යය කඩා ඉසුරුවන පාට පක්ෂ භේද ඇති කරනා ආණ්ඩුක්‍රම අහෝසි කොට.. *
අපි යෝජනා කරනා මෙම *ව්‍යවස්ථාව අපට ලබා දෙන්නට මානුෂීයවාදීව
*පරාර්ථකාමී වෙන්න. ස්තුතියි. මෙයට විශ්වාසී.. *නිර්පාක්ෂික.. *නිර්භේදීය..
*නිර්දේශපාලනික.. *සත්පුරවැසියෝ..

*සෝභිතාවතාරයේ.. *සෝභිතාතූරයා.. *#Sobit..2020/10/22

*සෝභිතාවතාරයේ.. *සෝභිතාතූරයා.. *#Sobit..2020/10/22

Saturday, November 16, 2019

*ශ්රී ලංකාවේ ප්රථම සැබෑ නිර්පාක්ෂික ජනපති හදුනාගෙන අවසානයි. මෙන්න ප්රතිඵලය.

 *ශ්රී ලංකාවේ ප්රථම සැබෑ නිර්පාක්ෂික ජනපති හදුනාගෙන අවසානයි. මෙන්න ප්රතිඵලය. 
*ශ්රී ලංකාවේ ප්රථම සැබෑ නිර්පාක්ෂික ජනපති හදුනාගෙන අවසානයි. මෙන්න ප්රතිඵලය.
==========================================
*#ජනතාව බෙදන.. *#ජනතාව විරසක කරවන.. *#පවතින පාට පක්ෂ ජරාජීර්ණ වූ *#දේශපාලනික ක්රම වේදය *#අහෝසි කරලීමට සමත් *#පරහිත කාමී *#අතිඋතුම් මිනිසුන් *#බිහිවන තුරා ලාංකේය දේශපාලනය *#අතහැර යමි. *#ඡන්දපොළට වත් නොගියෙමී.

*සෝභිත ආතුරයා සත්පුරවැසියා*
sobithawathara.blogspot.com
*සෝභිතාවතාර* - *sobithawathara*
2019/11/16 දින - ප.ව. 05.30 ට ජනගත කල වගයි.
---------------------------------------------------------
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com.sathpurawasiya

email - sathpurawasiya@gmail.com

Friday, November 15, 2019

2020 වෙනුවෙන් රටේ පහල විය යුතු දියසෙන් කුමරාට සිදුවූයේ කුමක්ද..?


2020 වෙනුවෙන් රටේ පහල විය යුතු
"දියසෙන් කුමරාට"
සිදුවූයේ කුමක්ද..?



2020 වෙනුවෙන් රටේ පහල විය යුතු දියසෙන් කුමරාට සිදුවූයේ කුමක්ද..?
 
බහුශෘත ගණිතඥයෙකුගේ සියලුම දේශපාලනික අනාවැකි සියයට දාහක් (1000%) නිවැරදිව යථාර්ථයක් වෙද්දී මෙවර 2019 දී...

පවතින සියළුම දේශපාලනික පාට පක්ෂ කල්ලි වලට එරෙහිව ජරාජීර්නව ඇති මෙම යල් පැන ගිය පාලන ක්‍රමවේදය අහෝසි  කර රටත් ජාතියත් එක් සේසත් කරවා "සැමට එකසේ සාධාරණ සමාජයක්" බිහි කරලීමට ජනතාව අතුරින් බිහිවිය යුතුව තිබූ පරහිතකාමී ඒ මතවාදී යුග පුරුෂයා රට ජාතිය මුදවා ගැනීමේ ගැලවුම් කරුවා "දියසෙන් කුමරා" ඒ ප්‍රබල අනාවැකිය මහත් වූ අභියෝගයකට පාත්‍ර කරවමින් රට තුළ පහළ නොවූයේ මන්දැයි යන්න යුක්තිය සාධාරණය අගයනා සමස්ත බුද්ධික ප්‍රජාවට වටහා ගත හැකි මුත් එය දැන් ප්‍රසිද්ධ රහසක්ව ඇති ප්‍රශ්නයකි.

නමුත්.. කිව යුතුව ඇත්තේ අනාවැකි කරුවාගේ ඇති දෝෂයක් ගැන නොව, තවමත් මේ රටේ එවන් වූ වාසනාවන්ත යුගයක ආශ්වාදය, මිහිරියාව අත් විඳින්නට තරම් අවබෝධයෙකින් සහ සංහිඳියාවෙන් පිරිපුන් භාග්‍යවන්ත මිනිසුන් නොපවතිනා බවය.

දේශපාලනික සවිඥාණයෙන් දුර්වල අඳබාල ඡන්ද දායකයින්, බල ලෝභී පාලක පාලිකාවන් සහ අවස්ථාවාදී පරිකල්පිත විකල්ප ධාරාවන්ගේ බහුතරයක් සමස්ත සමාජය බැඳ  සිරගත කොට ඇති පසුබිමක් තුළ සබුද්ධික වූ සීමිත ප්‍රජාවකට පමණක් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමේ ඇති ප්‍රායෝගික ගැටළු හේතුවෙන් සමස්ත මානව සමාජයක්ම දින නියමයක් නොමැති අරාජික යුගයකට යළි තල්ලු වී යාම කෙතරම් නම් අභාග්‍යයක්ද..

සෝභිතාවතාර විශ්වයේ සිට - 2019/11/15 - වැනි දින ගෙවී යාමට මත්තෙන් තම ආතුරයා සත් පුරවැසියා මගින් ජනගත කළ වගයි.

Tuesday, November 12, 2019

ලක්ෂ 160 ට මඳක් අඩු ඡන්දදායක සමස්ත ජනතාවනි.. තීන්දුවට ඇත්තේ තව දින තුනයි. එහෙයින්, අද අපි මේ උතුම් පෝය දිනයේදී අපේ ස්ථාවරය ඔවුන්ට කෙළින්ම කියමු. - *#සෝභිතාවතාර - 2019/11/12


*#ලක්ෂ 160 ට මඳක් අඩු ඡන්දදායක සමස්ත ජනතාවනි.. තීන්දුවට ඇත්තේ තව දින තුනයි. එහෙයින්, අද අපි මේ උතුම් පෝය දිනයේදී අපේ ස්ථාවරය ඔවුන්ට කෙළින්ම කියමු.
******
*#අහ ගන්නවාලා මෙන්න මුල සිට අගට..
****
*#ලොක්කෝ සහ ඒ අනුගාමිකයෝ කිසිවකු කතා නොකරනා ඒ ජනතාවගේ සැබෑ ප්‍රශ්නය නොවිසඳනා කිසිවකුටත් මින් මතු අපි ඡන්දය පාවිච්චි නොකරමු.
***
*#දසක හතකට පසු ජනතාව ලද තීරණාත්මක ජනාධිපතිවරණයක් අභිමුව සුපුරුදු පරිදිම තවමත් බොහෝ අය.. බොහෝ දෙනා.. වෙනුවෙන් බොහෝ කතා.. කියති.
*#කිසිවක් කර කියාගත නොහැකි අවිහිංසක ජනතාව ඒවා අසා සිට කාට කාට හෝ ඡන්දය දෙති, ඒ හේතුවෙන් කවුරුන් කවුරුන් හෝ දිනති... රජ වෙති. රජකම් කරති.
*#ජේවීපී/Jvp කාරයෝ සහ *#අළුත් විකල්ප කාරයෝද සුපුරුදු ගේමට අපිව රවටමින් කල් මර මර හීනියට ගේමට ලෑස්ති වෙති.
*#අයෑම් ද මෑන්ලා (I am the man) වීමට සැරසෙන -දුර දක්නා නුවණැති- අවස්ථාවාදියෝ..
*#පුන පුනා අපි 24 පැයේ දිනපතා සතිපතා මාස ගණනාවක් පුරා, වසර ගණනාවක් පුරා මුන් සියල්ලන් හට අඛණ්ඩව එක දිගට ගැසූ අඳෝනා බීරි අලින්ට ගැසූ වීණා වැනිය.
*#මුන් සියල්ලෝම කිසිදු හිතක් පපුවක් නොමැති ගල් ආඳෝය.
*#ජනතාව බෙදන විරසක කරවන පාට පක්ෂ කල්ලිවාදී මරි මෝඩ මූසල කාලකන්නි හණමිටි යල් පැන ගොස් ඇති අවැඩ දායක පවතින මෙම අසාර්ථක දේශපාලන ක්‍රමය..
*#පුද්ගලිකවම ගොස් අඬා වැලපී කඳුළු සලා යම් යම් අයට ප්‍රකාශ කළද එකෙකුවත් බොරුවටවත් තවමත් මෙම ක්‍රමය අහෝසි කරනවා යැයි ප්‍රකාශයක් සිදු කළේ නැත.
*#ජනතාව හැමදාම තවමත් පරාදයි. සැනසීමක් සතුටක් සන්තුෂ්ටියක් නොමැති. අහෝ කිනම් අභාග්‍යයක්ද මේ..
*#එකිනෙකා තුළ පවතිනා සමාජ මට්ටම් වලට සාපේක්ෂව එකිනෙකාගේ විග්‍රහයක් සාධාරණය කළ හැකි තත්වයන් නැත්තේ නොවේ.
*#නමුත් ඒ කුමන කඳවුරක් ජයග්‍රහණය කළද.. පරාජය වුවද.. පරාජිත කණ්ඩායම් ඊළඟ අවස්ථාවේ ජයග්රහණය කළද.. ඒ බල හුවමාරුව නැතහොත් ඒ සදාතනික බල සූදුව චිරාත් කාලයක් පුරා පැවත ආවද කවුරුන් කුමක් කෙසේ කීවත්..
*#දේශපාලනික වශයෙන් මේ රටේ ජනතාවගේ කට, බඩ, හිත, පිරෙන්නට කුමක් ලැබී තිබුනත්.. නොතිබුනත්..
*#හැඟීම් දැනෙන හදවතක්.. ඇසට නැගෙන කඳුලැලි.. දුක, ශෝක, සංකා, අසහනය, අපහසු තාවය, ව්‍යාකූලත්වය, නොරිස්සුම, අපේක්ෂා භංගත්වය හොඳට දැනෙන මනසක් ඇති සුවහසක් ජනී ජනයා ප්‍රාර්ථනා කරනා ඒ සැබෑ විමුක්තිය අත් කර දෙන්නට සමත් වී ඇත්තේ කවුරුන්ද..
*#සුපුරුදු පරිදි ඒ බල කඳවුරුම නැවත නැවතත් දිගින් දිගටම ඒ බල සුදුව පවත්වාගෙන යෑමේ නොනිමි ආශාව තුළ තව දුරටත් රැඳී සිටිමින් දේදුන්නෙ පාට කළඳා.. අලුත් සලකුණු, අලුත් පාට, අලුත් ඔළුගෙඩි වේදිකා මත හිඳුවා ප්‍රදර්ශනය කරවා ගජ මිතුරු කඳවුරු ඉදිරියටත් රැක ගැනුම වෙනුවෙන් ප්‍රකෝටි ගණනින් ජනතා ධනය කාබාසිනියා කරමින් සිදු කරනා මේ නාටකය අවසන් වන්නේ කවදාද..
*#ජනතාවගේ හදවත පතනා තවමත් නොදුටු ඒ මිරිඟුව... අවිහිංසක වූ සැබෑ විමුක්තිය පාට පක්ෂ කල්ලිවාදී..
*#උන්ගේ විමුක්තිය වෙනුවෙන් අපගේ විමුක්තිය වල දමනා අප ජනතාව බෙදා වෙන් කරනා රටත් ජනතාවත් අගාධයෙන් අගාධයට ඇද දැමීමට සමත් වී ඇති මෙම අසාර්ථක දේශපාලනික ක්‍රමවේදය අහෝසි කරලීම පිළිබඳ කතා නොකොට..
*#වෙන අන් කුමක් කතා කළත් කුමටද අපගේ හදවතේ සතුට නොමැති..
*#එවැනි වූ තවත් එක් මිරිඟුවක් විය හැකි තීරණාත්මක මංසන්ධියකට ලක්ෂ 160 ක ඡන්දදායක ජනතාව සපැමිණ සිටී..
*#එළැඹෙන 16 වෙනිදා ඒ ජනතාව ඒ දුර්දාන්ත ඉතිහාසය පිළිබඳව තවත් කඩ ඉමක් පසු කරන්නට නියමිතය..
*#කවුරුන් රජකම් කලත්.. නොකලත්.. ජනතාවට ප්‍රශ්නයක් නොමැත.
*#නමුත් මේ දේ අද වගකිවයුතු සියල්ලන්ගේ නම්.. ගම්.. වශයෙන් කෙළින්ම කිව යුතුය.
*#ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානය, පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එජාප-පෙරමුණ, -(*දුප්පත් මාපියන්ගෙන් බිහි වුවත්, දැන් ඔවුන්ද සුපුරුදු තක්කඩිකමට සැරසෙනා-JVP, NPP, Nio), / පොල් ගෙඩි, කොස් ගෙඩි, දෙල් ගෙඩි, / නාගයෝ, පොළොංගු, පත්තෑයෝ, ගැරඬි, / *#NPM..
*#පුද්ගල නාමයන් ගෙන් පවසන්නේ නම්...
*#තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගනු වස් තිස්.. ගණනක් වන ජනාධිපති අපේක්ෂක නාමික ලැයිස්තුවේ ඉහළින්ම දඟලන පුද්ගලයන් වන..
*#ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක, රොහාන් පල්ලෙවත්ත, එකී.. නොකී.. මෙකී.. අද මේ මොහොත වන තුරු..
*#ජනතාව පුන පුනා කී මේ සැබෑ ප්‍රශ්ණයට කිසිදු පිළිතුරක් ලබාදී නොමැත.
*#එකෙක්වත් මේවා දැකලාවත් නැත.. මුන්ට ඕනෑ අපේ ඒ තීරණාත්මක ප්‍රශ්නය විසඳා දීමට නොව..
*#පාස්කු ප්‍රහාරයේ මල උන්ගේ සොහොන් කොත් මතින් ලද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජනතාව උගසට තබා බිල්ලට දී පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ ආශාව මුදුන්පත් කරවා ගැනීමේ අවස්ථාවාදී හැඟීම පමණි පමණි.
*#ඊට එහා ගිය කිසිදු තෙතමනයක් මේ එකෙකුගේවත් හදවත් තුළ නොමැත. එය දැන් ඉතා පැහැදිලිය.
*#සෝභිතාවතාර - 2019/11/12
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya
email - sathpurawasiya@gmail.com

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම. - සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.
================================================================
2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

ජාති අාගම් කුල මල කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නොනිමි ප්රාර්ථනය තුල සිටිමින් අපවත් වී වදාල අතිපූජ්‍යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අවිහිංසාවාදී අරගලයේ දෙවන සහ අවසන් මෙහෙයුම 2020 කිසි කලෙකත් යලි නොලැබෙනා තීරනාත්මක ජනාධිපතිවරනය සමාප්ත වන්නට තව අැත්තේ හෝරා කිහිපයක් පමනයි.

2015 ජනවාරි 08 වැනිදා උන්වහන්සේගේ මග පෙන්වීම සහ නායකත්වයෙන් යුතුව හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව සහ ස්වාධීන වූ ස්වේඡ්චාමය සංවිධාන ගනනාවක ඒකරාශීත්වයෙන් දිනා ගනු ලැබූ ඒ මහා ප්රජාතාන්ත්රීය නිදහස වෙනත් නොයෙකුත් වැරදි දහසක් මධ්යයේ උවත් ඒ අාකාරයෙන්ම බුක්ති විඳිනට කිසිදු බාධාවක් තර්ජනයක් භීෂනයක් සිදු නොකල වගකිව යුතු නිසි බලධාරීන් සිියල්ලන්ටම ඉමහත් ගෞරවාදරය පුද කරමින්...

අවශ්යය නම් දේදුනු විප්ලවයේ ඒ වැරදුනු තැන සිට නිවැරදි දිශානතිය කරා රට සහ ජනතාව යොමු කරවා ගැනීමට ඉතාමත් නම්යය ශීලී ඉඩ ප්රශස්ථාවක් පැවති දුර්ධාන්ත රජය නොව පවතිනා ජනපති තුමන් සහ යහපාලන රජය විසින් ඉතාමත් නිර්ලෝභීව ලබා දුන් බව අවිවාදයෙන් පසක් නොකලහොත් සෝභිත අාතූරයා සත්පුරවැසියා තරම් ගුණමකුවකු තවත් නොසිටිය හැකි බවත් අවධාරනය කරමින්...

සමස්ථ ජනතාවගේ සදාතනික විමුක්තිය උදාකර ගැනුම උදෙසා ලද ඒ අති උතුම් වූ භාග්යයවත් අවස්ථාව අහිමි කර ගත් අාත්මාර්ථකාමී බලලෝභී JVP/NPP අැතුළු සමස්ථ විකල්පය පිලිබඳව සාතීශය සංවේගය පල කරමින් රටත් ජනතාවත් ගත වූ 72 වසරටත් වඩා අති භයානක තවත් වසර 72 ක දුර්ධාන්ත යුගයක් කරා පිවිසීමට අැති හැකි සියළු මාවත් විවර කරලීමට කටයුතු කල සියළුම තාත්තලාට අවසන් වශයෙන් ඉතිරිව අැති හෝරා කිහිපය තුල හෝ අාපසු හැරී බලා හොඳින් සිතා මතා ඒකරාශී්‍ව රටත් ජනතාවත් වෙනුවෙන් පරිත්යාගයක් සිදු කරනා ලෙස යෝජනා කරමින් කල් අැතිවම මැතිවරන නීති රීති අණ පනත් වලට හිස නමා ගරු කරමින් විරාමය තබමි.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා
2019/11/13 - අළුයම 00.45 ට.. ජනගත කරවූ වගයි.
සෝභිතාවතාර

Saturday, November 9, 2019

Presidential Election - 2020 - Grand Finale. Here are the challenges.. Sobithawathara - 2019/11/10


  Presidential Election  2020
Grand Finale
Here are the challenges..
Sobithawathara - 2019/11/10



*සෝභිත අාතූරයා නම් මේ වැඩ කලේ මීට වසර 40 ටත් පෙර පුංචි කොල්ල කාලේ තනියම ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩ නගා ගත් කාලයේ නිසා ගේමක් අැත්තේම නෑ..

70 ව දශකයේ ලමා කාලයේදී ඉස්කෝලේ යන්නට අම්මා දෙන ශත 20 න් දෙවනි බස් මාර්ගයේ (යාම/ඒම) පයින්ම ගොස් දිනකට ශත 10 ක් බැගින් (ශත 05 හේ අයිස් පලමක්වත්, රට කජු ගොට්ටක්වත් අාසාවට හෝ නොකා) කාලයක් පුරා එකතු කර රැස්කල සීමිත ප්රාග් ධනයෙන් *(මී කුණක් මිලට ගෙන බලළෙකුට විකුණා) යනාදී වශයෙන් *(බුදු දහමේ කියවෙනා - චුල්ල සෙට්ඨි ජාතක කථා වස්තුවේ) දැක්වෙන පරිද්දෙන්ම අන් සතු එක තඹ දොයිත්තක් වත් සොරෙන් හෝ නාෙදන්වා හෝ ලබා ගෙන නොවනා අභිමානනීය අාකාරයෙනි වයස දශක 6 ක් සපිරෙනා තුරුත් ජීවිතය පවත්වාගෙන සපැමින අැත්තේ අද මේ දක්වා...

*ගත වූ ජීවිතය පුරාවටම රටට බරක් නොවී ඒ කාලේ කූපන් පතට අාණ්ඩුවෙන් නොමිලේ දුන් කලිසම් රෙදි යාරයත් තමා නොගෙන දුප්පත් මිතුරෙකුට පූජා කර, ස්වයං රැකියාවන්හි පමනක් යෙදෙමින් අද සිටිනා දුප්පත් උවත් හදවත ගොඩක් පොහොසත් පසු තැවීම්, ගිනි ගෙඩි දීම්, ඊර්ෂ්යා/ක්රෝධ/වෙෙර/තන්හා කිසිවක් නොමැතිව අද මේ තත්ත්වයට සපැමින අැත්තේ විල්ලූද මතින් හේම නොවේ හොඳේ...

නංගිලා 4ර දෙනෙකුගේ අධ්යාපනය අැතුළු නිවසේ සමස්ථ ජීවන බරද වයස අවු.17තේ සිට තනිවම අදින්නට සලස්වමින් පියානන් රෝගාතූර වූ නිසා අනපේක්ෂිත ලෙස මගේ ලමා විය උදුරා ගෙන මා ලමා තාත්තා කෙනෙකු බවට පත් කරවමින් රුදුරු දෙෙවයේ සරදමට හසුකර ගනිමින් බව කාට කාටත් දැන ගන්නට කියා පාන්නේ ගත යුතු යම් පරමාදර්ශයක් මාගේ ජීවිත කථාව තුලින් අැවැසි යමෙකුට ගනු පිනිස මිස වෙන අන් කිසිදු පුහු මාන්නයක් නිසා නොවනා බව ඉතා නිහතමානීව සහතික කරමි.

*හොඳයි ඒ පම්පෝරි පුරාජේරු ගම්මැදි බයිලා වලින් කමක් නැහැ බලමු දැන් අපේ මහ ලොකු ජනාධිපති අපේක්ෂකයෝ සෙට් එකේ කෙරුවාවල් කොහොමැයි කියලා...

===============================

*මේං.. අභියෝගෙ බාර ගන්නවාද... නැත්තම් දැන්ම ඉල්ලා අස්වෙලා යනවාද අැපත් නැතිව පැරදිලා යන්නේ නැතිව නම්බු පිටින් පව් නොදී "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා "අපේ රට ගොඩ ගන්න අපිට" ඉඩ දීලා කරුණාකරලා..!

*අත් සහ පා අාවරන කිසිවක් නොපැලඳ (කිසිවෙකුගෙන් කිසිවක් නොඅසා හෝ පොත් පත් නොබලා තනිවම හිතා මතා) මේ මහ පොලවේ පස් කපා දෙපයින් පාගා අනා මැටි කර ගල් සාදා, තමන් විසින්ම අඳිනු ලැබූ ගෘහ හෝ ගොඩනැගිලි සැලැස්මට අනුව වලවල් කපා 4/3" කලුගල්/වැලි/සිමෙන්ති කාෙන්ක්රීට්-4/2/1,හෝ 3/2/1 ට අනා කම්බි බැඳ බේස් දමා, 9"x9" සහ/හෝ 12"x9" කාෙලම් දමා ලනු අැද කානු කපා ගල්/වැලි/බදාම-5/1ට අනා 9x4රේ කලු ගලින් 12"ට අත්තිවාරම් බැඳ...

DBC, දමා ලෙවල් කර නෝ/ලීක් තට්ටුවක් දමා Water Seal කර බ්ලොක් ගල් හෝ ගඩොලින් 7/1 ට බදාම අනා හරි ලඹයට 9"x9" හෝ 4.5"ට බිත්ති බඳිනා අතරම සැලැස්මට අදාල ස්ථානවල වයරින් කිරීමට කන්ඩියුට් වලලා යත්ත, කියත, කලම්පය, වරක්කලේ, බුරුමය, අවි අායුධ භාවිතයෙන් කෙස් ගහට නිවැරදිව ලී අැන යොදා...

තමන්ම සෑදූ උළුවහු දොර ජනේල අවුළු පාස් දමා ලඹයට තබා ලෑලි ගසා ලින්ටල් දමා Water Level කර නිවස හෝ ගොඩනැගිල්ල සම පාත කොට යටි ලී දමා කුරුපා තබා 4"x2" හෝ පොල් පරාලවලින් වහලය ගසා බල්ල කෑල්ල තබා 2"x1" රීප්ප ගසා රට උළු හෝ ෂීට් අතුරා මුදුන් උළු තබා කුමේරය බැඳ...

ලඹයට කැට තබා බිත්ති කපරාරු කොට පොටි අැද කපා පිලර් හෝ බෙල්ලෝ දිය කර ගාලා පාට දැමූ සමර අතුරා... අවශ්යය නම් බිත්ති Water Level කර 4"x2"/3"x2" බාල්ක හෝ පොල් ලී පැත්තක් ගාලා ජොයිස් දමා ලීස්තර පටි ගසා අැස්බැස්ටෝ සිවිලිමක්ද ගසා පාට කර...

වයරින් කොට ලයිට් දමා, බට දමා ජල නල අතුරා හෝ ලිඳක් කපා හෝ නිවසට ජලය ගෙන පොලව තලා කොන්ක්රීට් දමා වලං කටු තබා ලෙවල් කර බදාම අසුරා ස්කේටින් දමා පාට කුඩු දමා සුද මැද හෝ...


*ගාෙම/හුඹස්-මැටි/බෙලි-මද පදමට අනා ගෙබිම තවරා දර ලිප් බොක්ක දර/දුම අරක/මේක/සබ්බ/සකල-මනාවම සිදු කොට ලනු අැකුත් හදාගෙන කැඩී අැති පුටුව සාදා වේවැල් ගොතා මේස කෑල්ලකුත් ගහගෙන නිවසක් හෝ ඊටත් එහා ගිය ඕනෑම ගොඩනැගිල්ලක් සහ ඒ සියල්ල තනිවම සිදු කර ගැනීමේ සිට...

*මඩ සෝදා ගත් කල ගාෙවියා රජ කමටත් සුදුසුයි කියනා කියමනත් ඒ අාකාරයෙන්ම සනාථ කරමින් මඩ වී ගොඩ වී, සෝයා, මුං, කව්පී, මිරිස්, ඉඟුරු, කහ, තත්කලි, එළවළු බව බෝග බිම් කොටා කොම්පාෙස් පොහොර සාදාගෙන පොලව පොහොර කර සිටුවා වතුර කර..

තමන්ගේම ගොවිපලේ කාබනික පොහොර ගෙන දමා බිම සරු කොට ගස් 6 කින් ගෙඩි 20 ක් නොකැඩූ පොල් එක ගසින් 40 ක් කඩා වසර 10/15 කටවත් රසායනික පොහොර බිඳක් හෝ නොදමා එක දිගට අඛණ්ඩ අස්වනු නෙලමින් බොහෝ අත් දැකීම් වලින් පරිපූර්නව මහ පොලවේ පය ගසා ජීවත් වෙමින් ඒ විශ්ව ශක්තියෙන් සහ චුම්භක ශක්තියෙන් ප්රථි ශක්තිය වඩා ඉහෙන් බහින මෙලෝ හසරක ලෙඩ දුක් නොමැතිව...

සටන් කලාවෙන්ද... ඉලක්කයට වෙඩි තැබීමෙන්ද.. කැලේ කොලේ වෙලේ කමතේ නියරේ දිය කඩිත්තේ වෙල් ඉපනැල්ලේ ගඩා ගෙඩි කමින් සෙල්ලම් කර ටික් බාේල්, පුට් බෝල්, කිරිකට්, එල්ලේ, චග්ගුඩු, තාච්චි, සක්කර වට්ටම් සියල්ල අල්ලා කැරම් ගසා දාම් අැද තරඟ දිනා පැරදී පන්නරය ලබා පසු කාලීනව ප්රථිවාදියා පරදින බව අෑත තියා පෙනෙද්දී ඔහුට දිනන්නට සලසා බොරුවට පැරදී හදවතින් සතුටු වෙමින් ඊර්ෂ්යා කරුවන්, වෙෙරක්කාරයන් බිහි නොකොට ගෙන...

අව්ශ්යය නම් රටක් රාජ්යයක් නොවේ අධිරාජ්යයක් උවත් පාලනය කල හැකි චිත්ත ධෙෙර්යය උපරිමව අැතත්...


රට දැය නගා සිටුවා සියළු බේදයෙන් තොරව "සැමට එකසේ සාධාරන සමාජයක්" බිහි කරවා පාට පක්ෂ කල්ලි වාදී ලෙස දහසක් දුක් කරදර මැද අසරනව ජීවත් වන අවිහිංසක ජනතාව දිගින් දිගටම බෙදා වෙන් කොට විරසක කම් අැති කරවා රටත් ජාතියත් මතු පරපුරත් අගාදයෙන් අගාදයට අැද දමනා මෙම දශක ගනනාවක් ඉපැරණි යල් පැන ගොස් අැති මරිමෝඩ මූසල කාලකන්ණි දේශපාලන ක්රමවේදය අහෝසි කර දියුණු ලෝකයට මතු පරපුරට වැඩ දායක විද්යාත්මක වූ නවමු අාණ්ඩුකරන (System) ක්රමවේදයක් බිහි කරවා...

රට ජාතිය සමෘධිමත් කොට ලොවේ ඉහලින් වැජඹෙනා අභිමානනීය වූ දේශයක් බවට මේ අප සැමගේ අති උතුම් මව් බිම
නිස්චිතවම පත් කල හැකි ජගතෙකු සිටීනම් ඒ උතුමන් හට මෙම බාරදූර කාර්යය බාරය ඉටු කරලීමට රට දැය බාර කරවා ඊර්ෂ්යා කාරයින්, වෙෙරක් කාරයින්, සතුරන්, ප්රථිවාදීන් අැති කොට නොගෙන නිදහසේ පාඩුවේ ඉන්න තමයි සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියා වැඩියෙන්ම කැමති ජීවිතය වන්නේ...

 
නමුත්.. තම නොනිමි සිහිනය තුල අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ අාත්මයේ අඛණ්ඩ බල කරලීමෙන් බේරෙන්නට.. ගැලවෙන්නට හැටියක් නැති කමට මේවට වද වෙනවා මිස අාතූරයා අකමැති උවත් කොරන්නම දෙයක් නැති කමට...


"සෝභිතාවතාර" නොහොත්, සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා විසින්...

2019/11/10 - අළුයම 03.16 ට "අපි වෙනුවෙන් අපේ" සදාතනික විමුක්තිය උදාකර දීම උදෙසා *(සත් භාවයෙන්දෝ - අවස්ථාවාදයෙන්දෝයි දන්නේ නැති මුත්)* රට දැය දිනවීමට තරඟ වැද සිටිනා සියළු අපේක්ෂකයින්ගේ කාරුණික අවධානයට යොමු කරවූ වගයි.

Monday, November 4, 2019

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ. සත්පුරවැසියා. 2019/11/04

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
=======================
බොරු නෑකම් කියමින් අප රවටමින් ජනතාවගේ සංඛ්යාත හොරු ජඩ මාධ්යය තක්කඩින් රටේ සාමාන්්‍යය පුරවැසියන් හට 71 ක් වසරකට පසු පැවැත්වෙනා තීරනාත්මකම (ජනාධිපති) මැතිවරනය සම්බන්ධයෙන් හිටපු සහ පවතිනා පාලකයින් සහ සමස්ථ විකල්පයේ නවක අපේක්ෂකයින් හට සුවහසක් ජනතාවගේ අභිලාෂයන් ඉදිරිපත් කරලීම සඳහා ඉල්ලා සිටි මාධ්යය සාකච්ඡාව ලබා නොදී පාට පක්ෂවලට රෙදි නැතිව කඩේ යයි.

සිරසේ ප්රවෘති අධ්්‍යක්ෂ ගයාන් සම්පත් සහ රොෂාන් වටවල *(කෙරුම්කාර) මහත්වරුන් හට බාර දුන් ලිපි දෙකම කුණු බක්කියේද..???

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.

ඔබලාගේ සියළුම මාධ්යය වේදීන් මාගෙන් ප්රශ්න කරන්නට සූදානමින් සිටියද මම ඔය සමහරු වගේ බයේ පැනලා යන්නේ නැහැ. සියල්ලන්ගේ සියළු ප්රශ්නවලට නොබියව මුහුන දෙනවා පමනක් නොව ඔබලාවද ප්රශ්න ගත කරමි.

නමුත් මෙම අවංක උත්සාහය ඔබ අප සැම වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි සැමගේ පුරවැසි අයිතිය රැක ගැනුම උදෙසා බව කාරුනිකව සලකන්න.

ස්තුතියී.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර.
------------------------------------------------------------------

email - sathpurawasiya@gmail.com
සෝභිතාවතාර මාධ්යය ඒකකය

2019/11/04
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya