Tuesday, November 12, 2019

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම. - සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.
================================================================
2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

ජාති අාගම් කුල මල කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නොනිමි ප්රාර්ථනය තුල සිටිමින් අපවත් වී වදාල අතිපූජ්‍යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අවිහිංසාවාදී අරගලයේ දෙවන සහ අවසන් මෙහෙයුම 2020 කිසි කලෙකත් යලි නොලැබෙනා තීරනාත්මක ජනාධිපතිවරනය සමාප්ත වන්නට තව අැත්තේ හෝරා කිහිපයක් පමනයි.

2015 ජනවාරි 08 වැනිදා උන්වහන්සේගේ මග පෙන්වීම සහ නායකත්වයෙන් යුතුව හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව සහ ස්වාධීන වූ ස්වේඡ්චාමය සංවිධාන ගනනාවක ඒකරාශීත්වයෙන් දිනා ගනු ලැබූ ඒ මහා ප්රජාතාන්ත්රීය නිදහස වෙනත් නොයෙකුත් වැරදි දහසක් මධ්යයේ උවත් ඒ අාකාරයෙන්ම බුක්ති විඳිනට කිසිදු බාධාවක් තර්ජනයක් භීෂනයක් සිදු නොකල වගකිව යුතු නිසි බලධාරීන් සිියල්ලන්ටම ඉමහත් ගෞරවාදරය පුද කරමින්...

අවශ්යය නම් දේදුනු විප්ලවයේ ඒ වැරදුනු තැන සිට නිවැරදි දිශානතිය කරා රට සහ ජනතාව යොමු කරවා ගැනීමට ඉතාමත් නම්යය ශීලී ඉඩ ප්රශස්ථාවක් පැවති දුර්ධාන්ත රජය නොව පවතිනා ජනපති තුමන් සහ යහපාලන රජය විසින් ඉතාමත් නිර්ලෝභීව ලබා දුන් බව අවිවාදයෙන් පසක් නොකලහොත් සෝභිත අාතූරයා සත්පුරවැසියා තරම් ගුණමකුවකු තවත් නොසිටිය හැකි බවත් අවධාරනය කරමින්...

සමස්ථ ජනතාවගේ සදාතනික විමුක්තිය උදාකර ගැනුම උදෙසා ලද ඒ අති උතුම් වූ භාග්යයවත් අවස්ථාව අහිමි කර ගත් අාත්මාර්ථකාමී බලලෝභී JVP/NPP අැතුළු සමස්ථ විකල්පය පිලිබඳව සාතීශය සංවේගය පල කරමින් රටත් ජනතාවත් ගත වූ 72 වසරටත් වඩා අති භයානක තවත් වසර 72 ක දුර්ධාන්ත යුගයක් කරා පිවිසීමට අැති හැකි සියළු මාවත් විවර කරලීමට කටයුතු කල සියළුම තාත්තලාට අවසන් වශයෙන් ඉතිරිව අැති හෝරා කිහිපය තුල හෝ අාපසු හැරී බලා හොඳින් සිතා මතා ඒකරාශී්‍ව රටත් ජනතාවත් වෙනුවෙන් පරිත්යාගයක් සිදු කරනා ලෙස යෝජනා කරමින් කල් අැතිවම මැතිවරන නීති රීති අණ පනත් වලට හිස නමා ගරු කරමින් විරාමය තබමි.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා
2019/11/13 - අළුයම 00.45 ට.. ජනගත කරවූ වගයි.
සෝභිතාවතාර

No comments:

Post a Comment