Friday, November 15, 2019

2020 වෙනුවෙන් රටේ පහල විය යුතු දියසෙන් කුමරාට සිදුවූයේ කුමක්ද..?


2020 වෙනුවෙන් රටේ පහල විය යුතු
"දියසෙන් කුමරාට"
සිදුවූයේ කුමක්ද..?



2020 වෙනුවෙන් රටේ පහල විය යුතු දියසෙන් කුමරාට සිදුවූයේ කුමක්ද..?
 
බහුශෘත ගණිතඥයෙකුගේ සියලුම දේශපාලනික අනාවැකි සියයට දාහක් (1000%) නිවැරදිව යථාර්ථයක් වෙද්දී මෙවර 2019 දී...

පවතින සියළුම දේශපාලනික පාට පක්ෂ කල්ලි වලට එරෙහිව ජරාජීර්නව ඇති මෙම යල් පැන ගිය පාලන ක්‍රමවේදය අහෝසි  කර රටත් ජාතියත් එක් සේසත් කරවා "සැමට එකසේ සාධාරණ සමාජයක්" බිහි කරලීමට ජනතාව අතුරින් බිහිවිය යුතුව තිබූ පරහිතකාමී ඒ මතවාදී යුග පුරුෂයා රට ජාතිය මුදවා ගැනීමේ ගැලවුම් කරුවා "දියසෙන් කුමරා" ඒ ප්‍රබල අනාවැකිය මහත් වූ අභියෝගයකට පාත්‍ර කරවමින් රට තුළ පහළ නොවූයේ මන්දැයි යන්න යුක්තිය සාධාරණය අගයනා සමස්ත බුද්ධික ප්‍රජාවට වටහා ගත හැකි මුත් එය දැන් ප්‍රසිද්ධ රහසක්ව ඇති ප්‍රශ්නයකි.

නමුත්.. කිව යුතුව ඇත්තේ අනාවැකි කරුවාගේ ඇති දෝෂයක් ගැන නොව, තවමත් මේ රටේ එවන් වූ වාසනාවන්ත යුගයක ආශ්වාදය, මිහිරියාව අත් විඳින්නට තරම් අවබෝධයෙකින් සහ සංහිඳියාවෙන් පිරිපුන් භාග්‍යවන්ත මිනිසුන් නොපවතිනා බවය.

දේශපාලනික සවිඥාණයෙන් දුර්වල අඳබාල ඡන්ද දායකයින්, බල ලෝභී පාලක පාලිකාවන් සහ අවස්ථාවාදී පරිකල්පිත විකල්ප ධාරාවන්ගේ බහුතරයක් සමස්ත සමාජය බැඳ  සිරගත කොට ඇති පසුබිමක් තුළ සබුද්ධික වූ සීමිත ප්‍රජාවකට පමණක් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමේ ඇති ප්‍රායෝගික ගැටළු හේතුවෙන් සමස්ත මානව සමාජයක්ම දින නියමයක් නොමැති අරාජික යුගයකට යළි තල්ලු වී යාම කෙතරම් නම් අභාග්‍යයක්ද..

සෝභිතාවතාර විශ්වයේ සිට - 2019/11/15 - වැනි දින ගෙවී යාමට මත්තෙන් තම ආතුරයා සත් පුරවැසියා මගින් ජනගත කළ වගයි.

No comments:

Post a Comment