Tuesday, November 12, 2019

ලක්ෂ 160 ට මඳක් අඩු ඡන්දදායක සමස්ත ජනතාවනි.. තීන්දුවට ඇත්තේ තව දින තුනයි. එහෙයින්, අද අපි මේ උතුම් පෝය දිනයේදී අපේ ස්ථාවරය ඔවුන්ට කෙළින්ම කියමු. - *#සෝභිතාවතාර - 2019/11/12


*#ලක්ෂ 160 ට මඳක් අඩු ඡන්දදායක සමස්ත ජනතාවනි.. තීන්දුවට ඇත්තේ තව දින තුනයි. එහෙයින්, අද අපි මේ උතුම් පෝය දිනයේදී අපේ ස්ථාවරය ඔවුන්ට කෙළින්ම කියමු.
******
*#අහ ගන්නවාලා මෙන්න මුල සිට අගට..
****
*#ලොක්කෝ සහ ඒ අනුගාමිකයෝ කිසිවකු කතා නොකරනා ඒ ජනතාවගේ සැබෑ ප්‍රශ්නය නොවිසඳනා කිසිවකුටත් මින් මතු අපි ඡන්දය පාවිච්චි නොකරමු.
***
*#දසක හතකට පසු ජනතාව ලද තීරණාත්මක ජනාධිපතිවරණයක් අභිමුව සුපුරුදු පරිදිම තවමත් බොහෝ අය.. බොහෝ දෙනා.. වෙනුවෙන් බොහෝ කතා.. කියති.
*#කිසිවක් කර කියාගත නොහැකි අවිහිංසක ජනතාව ඒවා අසා සිට කාට කාට හෝ ඡන්දය දෙති, ඒ හේතුවෙන් කවුරුන් කවුරුන් හෝ දිනති... රජ වෙති. රජකම් කරති.
*#ජේවීපී/Jvp කාරයෝ සහ *#අළුත් විකල්ප කාරයෝද සුපුරුදු ගේමට අපිව රවටමින් කල් මර මර හීනියට ගේමට ලෑස්ති වෙති.
*#අයෑම් ද මෑන්ලා (I am the man) වීමට සැරසෙන -දුර දක්නා නුවණැති- අවස්ථාවාදියෝ..
*#පුන පුනා අපි 24 පැයේ දිනපතා සතිපතා මාස ගණනාවක් පුරා, වසර ගණනාවක් පුරා මුන් සියල්ලන් හට අඛණ්ඩව එක දිගට ගැසූ අඳෝනා බීරි අලින්ට ගැසූ වීණා වැනිය.
*#මුන් සියල්ලෝම කිසිදු හිතක් පපුවක් නොමැති ගල් ආඳෝය.
*#ජනතාව බෙදන විරසක කරවන පාට පක්ෂ කල්ලිවාදී මරි මෝඩ මූසල කාලකන්නි හණමිටි යල් පැන ගොස් ඇති අවැඩ දායක පවතින මෙම අසාර්ථක දේශපාලන ක්‍රමය..
*#පුද්ගලිකවම ගොස් අඬා වැලපී කඳුළු සලා යම් යම් අයට ප්‍රකාශ කළද එකෙකුවත් බොරුවටවත් තවමත් මෙම ක්‍රමය අහෝසි කරනවා යැයි ප්‍රකාශයක් සිදු කළේ නැත.
*#ජනතාව හැමදාම තවමත් පරාදයි. සැනසීමක් සතුටක් සන්තුෂ්ටියක් නොමැති. අහෝ කිනම් අභාග්‍යයක්ද මේ..
*#එකිනෙකා තුළ පවතිනා සමාජ මට්ටම් වලට සාපේක්ෂව එකිනෙකාගේ විග්‍රහයක් සාධාරණය කළ හැකි තත්වයන් නැත්තේ නොවේ.
*#නමුත් ඒ කුමන කඳවුරක් ජයග්‍රහණය කළද.. පරාජය වුවද.. පරාජිත කණ්ඩායම් ඊළඟ අවස්ථාවේ ජයග්රහණය කළද.. ඒ බල හුවමාරුව නැතහොත් ඒ සදාතනික බල සූදුව චිරාත් කාලයක් පුරා පැවත ආවද කවුරුන් කුමක් කෙසේ කීවත්..
*#දේශපාලනික වශයෙන් මේ රටේ ජනතාවගේ කට, බඩ, හිත, පිරෙන්නට කුමක් ලැබී තිබුනත්.. නොතිබුනත්..
*#හැඟීම් දැනෙන හදවතක්.. ඇසට නැගෙන කඳුලැලි.. දුක, ශෝක, සංකා, අසහනය, අපහසු තාවය, ව්‍යාකූලත්වය, නොරිස්සුම, අපේක්ෂා භංගත්වය හොඳට දැනෙන මනසක් ඇති සුවහසක් ජනී ජනයා ප්‍රාර්ථනා කරනා ඒ සැබෑ විමුක්තිය අත් කර දෙන්නට සමත් වී ඇත්තේ කවුරුන්ද..
*#සුපුරුදු පරිදි ඒ බල කඳවුරුම නැවත නැවතත් දිගින් දිගටම ඒ බල සුදුව පවත්වාගෙන යෑමේ නොනිමි ආශාව තුළ තව දුරටත් රැඳී සිටිමින් දේදුන්නෙ පාට කළඳා.. අලුත් සලකුණු, අලුත් පාට, අලුත් ඔළුගෙඩි වේදිකා මත හිඳුවා ප්‍රදර්ශනය කරවා ගජ මිතුරු කඳවුරු ඉදිරියටත් රැක ගැනුම වෙනුවෙන් ප්‍රකෝටි ගණනින් ජනතා ධනය කාබාසිනියා කරමින් සිදු කරනා මේ නාටකය අවසන් වන්නේ කවදාද..
*#ජනතාවගේ හදවත පතනා තවමත් නොදුටු ඒ මිරිඟුව... අවිහිංසක වූ සැබෑ විමුක්තිය පාට පක්ෂ කල්ලිවාදී..
*#උන්ගේ විමුක්තිය වෙනුවෙන් අපගේ විමුක්තිය වල දමනා අප ජනතාව බෙදා වෙන් කරනා රටත් ජනතාවත් අගාධයෙන් අගාධයට ඇද දැමීමට සමත් වී ඇති මෙම අසාර්ථක දේශපාලනික ක්‍රමවේදය අහෝසි කරලීම පිළිබඳ කතා නොකොට..
*#වෙන අන් කුමක් කතා කළත් කුමටද අපගේ හදවතේ සතුට නොමැති..
*#එවැනි වූ තවත් එක් මිරිඟුවක් විය හැකි තීරණාත්මක මංසන්ධියකට ලක්ෂ 160 ක ඡන්දදායක ජනතාව සපැමිණ සිටී..
*#එළැඹෙන 16 වෙනිදා ඒ ජනතාව ඒ දුර්දාන්ත ඉතිහාසය පිළිබඳව තවත් කඩ ඉමක් පසු කරන්නට නියමිතය..
*#කවුරුන් රජකම් කලත්.. නොකලත්.. ජනතාවට ප්‍රශ්නයක් නොමැත.
*#නමුත් මේ දේ අද වගකිවයුතු සියල්ලන්ගේ නම්.. ගම්.. වශයෙන් කෙළින්ම කිව යුතුය.
*#ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානය, පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එජාප-පෙරමුණ, -(*දුප්පත් මාපියන්ගෙන් බිහි වුවත්, දැන් ඔවුන්ද සුපුරුදු තක්කඩිකමට සැරසෙනා-JVP, NPP, Nio), / පොල් ගෙඩි, කොස් ගෙඩි, දෙල් ගෙඩි, / නාගයෝ, පොළොංගු, පත්තෑයෝ, ගැරඬි, / *#NPM..
*#පුද්ගල නාමයන් ගෙන් පවසන්නේ නම්...
*#තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගනු වස් තිස්.. ගණනක් වන ජනාධිපති අපේක්ෂක නාමික ලැයිස්තුවේ ඉහළින්ම දඟලන පුද්ගලයන් වන..
*#ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක, රොහාන් පල්ලෙවත්ත, එකී.. නොකී.. මෙකී.. අද මේ මොහොත වන තුරු..
*#ජනතාව පුන පුනා කී මේ සැබෑ ප්‍රශ්ණයට කිසිදු පිළිතුරක් ලබාදී නොමැත.
*#එකෙක්වත් මේවා දැකලාවත් නැත.. මුන්ට ඕනෑ අපේ ඒ තීරණාත්මක ප්‍රශ්නය විසඳා දීමට නොව..
*#පාස්කු ප්‍රහාරයේ මල උන්ගේ සොහොන් කොත් මතින් ලද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජනතාව උගසට තබා බිල්ලට දී පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ ආශාව මුදුන්පත් කරවා ගැනීමේ අවස්ථාවාදී හැඟීම පමණි පමණි.
*#ඊට එහා ගිය කිසිදු තෙතමනයක් මේ එකෙකුගේවත් හදවත් තුළ නොමැත. එය දැන් ඉතා පැහැදිලිය.
*#සෝභිතාවතාර - 2019/11/12
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya
email - sathpurawasiya@gmail.com

No comments:

Post a Comment