Sunday, June 24, 2018

“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)


23 hrs
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.

මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2...
Continue Readinghttps://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1920394508025705/?type=3
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.
මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් (රුපියල් බිලියන 120ක්) ස්ථාන ගත කර තිබේ. නේපාලීය ප්‍රමුඛතාවන්ට සහ උපක්‍රමයන් ප්‍රමුඛත්වයෙහි තබා ගනිමින්, මෙම විදේශාධාරය සැලසුම් කර ඇත්තේ, නේපාල රජය සමග සහයෝගයෙනි. නේපාලීයනට ප්‍රතිඵල අත්කර දෙන, සෙමෙන් පියවර නගමින් ලඟාවන මෙම වැඩ සටහන එන්නේ ණය වශයෙන් නොව, වාරික වශයෙන් කෙරෙන ප්‍රදානයන් ලෙස ය. රටට ලැඛෙන විදෙස් ණය ප්‍රශ්න කිරීමට අයිතියක් නේපාල රජයටත්, ජනතාවටත් තිබේ. නේපාලීයයන් දත යුතු නිසා, මෙහි ලා, එක්සත් ජනපදයේ ආස්ථානය ට අදාල කරුණු ඔවුන් සමග බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. මූලික වශයෙන් එය:
1) අරමුණ - අපට නම් එය, ශක්තිමත්, ස්ථාවර, සමෘද්ධිමත්, ස්වාධීන නේපාලයකි
2) අරමුණ - සැබෑ අවශ්‍යතාවන් සපුරාලීම
3) අරමුණ - වැඩ සටහනේ ගුණාත්මකභාවය
4) අරමුණ - දේශීය සහභාගිත්වය සහ
5) අරමුණ - විනිවිදභාවය සහ වගවීම.

එක්සත් ජනපදයට මානවහිතවාදය පිලිබඳ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිඛෙන අතර, අවසන් වශයෙන් අප අවධාරණය කරන දේ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි ආධාර සපයමු. ආසියාවේ හදවතෙහි ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රීය නේපාලයක් පැලපදියම් කරවීම එක්සත් ජනපදයේ අවධාරණයන් අතර තිබේ. ඇමරිකාවට වෙළඳ සහායකයකු වියයුත්තේ, දිදුලන නේපාලීය ආර්ථිකයකි. අපේ වෑයම, හිමාල අඩවියෙහි සිය හැකියාවන් සපුරා දියුණු කරගත්, සුවසම්පන්න, වියත්, සහ සුරක්ෂිත ආහාර භුක්ති විඳින නේපාලීය ජනතාවක් සඳහා වූ සැබෑ කර ගත හැකි ‘ඇමරිකානු සිහිනයේ,’ නේපාලීය පිටපත වෙනුවෙන් කැපවීමට ය. මෙය ඇමරිකානු මෙන් ම, නේපාලීය සංවර්ධන අරමුණු ඉදිරියට ගෙන යයි. එම අරමුණු ඉටුවන බව සහතික කෙරෙන සහකරුවකුගේ සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි කැමැත්තෙමු. අරමුණු මුදුන් පමුණුවාගත් නේපාලය අන් අයගේ ණයකරුවකු නොවියයුතු නිසා, එක්සත් ජනපදය සපයන්නේ ප්‍රදානයන් ය, ණය නොවේ.
අපේ සම්පත් සමග ජව සම්පන්න වීම යනු, ඒවා, ඒවාට සැබෑ වටිනාකමක් ලැබෙන තැනක තැබීම මිස, නිරපරාදේ මුදල් දීම නොවේ. දායක වීම සහ කොටස්කරුවෙකු වීම අතර වෙනස එයයි. පෙර දින අප, භාරත්පූර් සිට හෙතාවුදා දක්වා මාර්ගය, මුල් ම නේපාලීය දුරකථන හුවමාරුව, සහ භෝතේ කොෂී ජල විදුලි බලාගාරය ඉදි කළ බව සැබෑ ය. අපේ එම්සීසී කම්පැක්ට් ආයතනය උත්පාදනය කෙරෙන විදුලිය ව්‍යාපාර සහ පාරිභෝගික ජාලයන්ට සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ මාර්ගයක් නොපමා ව සපයනු ඇත. එහෙත්, යකඩ සහ කොන්ක්‍රීට් ඇතිරීම බොහෝ දෙනෙකුට කළ හැකි ය. අපේ නවෝතපාදනයන් සහ දක්ෂතාවන් බෙදාගන්නා එක්සත් ජනපදයට අවශ්‍ය නොකඩවා ඉහළ යන වටිනාකමක් මිස, ඉදිකිරීම් නොවේ. වසර 70ක කාලයක් තිස්සේ, එක්සත් ජනපදය මැලේරියාව අතුගා දැමීමට නේපාලයට උදව් කළේ ය, වනාන්තරවලින් ප්‍රයෝජන ලබන්නන් කණ්ඩායම් නිර්මාණය කළේ ය, ස්වේච්ඡා ප්‍රජා සෞඛ්‍ය සේවිකාවන් සහ නියාමක නව කෘෂි-තාක්ෂණ ව්‍යාපෘති හඳුන්වා දී, පසුගිය භූමිකම්පාවෙන් හානියට පත් ඓතිහාසික ගාද්දිබයිතාක් රාජ සභා මන්දිරය ද ප්‍රතිෂ්ඨාපනය කළේ ය.
නව ව්‍යාපෘති මගින් අවබෝධය සඳහා කියවීම සැලසුම් කෙරෙන අතර, ස්වේච්ඡා සාම හමුදාවෝ පරපුරකට ඉංග්‍රීසි කථනය ඉගැන්වූහ. ගොර්ඛා භූ කම්පනයේ සුන්බුන් අතරින් නැවත ගොඩනැගීම නේපාලීයයන් අතින් ම සිදුවීම තහවුරු කරන්නේ, අපේ පෙදරේරුවන් සහ ඉදිකිරීම් වැඩ පරීක්ෂකයන් පුහුණුවේ ස්වභාවයයි.
වේගයෙන් වෙනස් වෙමින් පවත්නා ලෝකය තුළ, සංවිධාන සහ ප්‍රජාවන්ගේ පැවැත්ම හැඩගැස්වීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය කුසලතා, නවෝත්පාදන, හැකියාවන්, ක්‍රියාවලීන් සහ සම්පත් සංවර්ධනය සහ ශක්තිමත් කිරීම සඳහා ගත කළ දශකයන් සහ තාක්ෂණික සහාය එක ගඩොලක් හෝ නොඅතුරවා නේපාලයේ ජයග්‍රහණය සඳහා සහාය වී තිබේ. ජයග්‍රාහී රටකට ශක්තිමත් රජයක් නොව, සුදුසු සමාජයක් අවශ්‍ය ය. නේපාලයේ සාර්ථකත්වය සහතික කරමින්, ප්‍රකට ලාභ නොලබන අන්තර්ජාතික ආයතන සමග වැඩ කිරීමෙන් අපි, රජය සහ සාමාන්‍ය සමාජය යන දෙපාර්ශවය තුළ ම ශක්‍යතා වර්ධනයක් කෙරෙන අයුරු ලොවපුරා පැතිරුණ දක්ෂතාවන් බෙදා ගනිමු. ලොව පුරා යොදා ගැනෙන හොඳ ම ක්‍රියාමාර්ග එක් කරමින්, දත්ත සහ සාක්ෂි මත පදනම් වූ අපේ ප්‍රයත්නයන් යොදා ගැනීමෙන් සහ නිසි නියාමනයෙන්, ගුණාත්මක ප්‍රයත්නයන් ඵල දායක වන බවට අපි සහතික වෙමු.
ඩොලර්වලින් අප සපයන සහාය වෙනුවෙන් ඇමරිකානු බදු ගෙවන්නෝ බොහෝ මහන්සි වී වැඩ කරති. එහෙයින්, ඉතිරි වන ප්‍රතිලාභයක් අපි අපේක්ෂා කරමු. ස්වදේශිකයන්ට අයත් බව මිස, පැවැත්ම තහවුරු කරන අන් යමක් නැත. අපගේ පොදු අවශ්‍යතාවන් නේපාලීයයන්ගේ ම ප්‍රමුඛතාවන් හා එක් කරමින් ප්‍රතිලාභ ලබන ප්‍රජාවන් සෘජුව ම සම්බන්ධ කරගනිමින් එක්සත් ජනපද සහාය ඇරඹෙන්නේ එනිසා ය. සහශ්‍රක අභියෝග සමායතනික ගිවිසුමකට මග සැලසූයේ නේපාලයේ ම ඇති වූ මේ සංවර්ධනයයි. ආර්ථිකයේ හැසිරීම දැඩි ලෙස සීමා කරන්නේ කවුදැයි විමසා බැලීමට අපි එකතු වූ අපට පෙනුණේ, විදුලි බල සහ ප්‍රවාහන පිරිවැය මූලික වන බව ය. ඒවා හඳුනා ගැනීමෙන් පසුව, දැවැන්ත එක්සත් ජනපද ප්‍රදානයකින් නේපාල රජයේ ම විදුලිය බෙදාහැරීමේ සහ මාර්ග නඩත්තුව පිලිබඳ මූලික සැලැස්මක් වේගවත් කළ හැක්කේ කවර උපායන් මගින් දැ යි සොයා ගැනීමට අපි බලශක්ති, ප්‍රවාහන, සහ මුදල් අමාත්‍යාංශ සමග වැඩ කළෙමු.
නේපාලය තුළ සන්ධීය ආණ්ඩුකරණය පිලිගැනුණෙන්, වඩාත් හොඳ සේවාවක් සැපයෙන සේ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සැලසුම් කිරීම පිලිබඳ අපේ වැඩසටහන් සංවාදයට භාජනය කිරීම සඳහා ප්‍රාදේශීය නිලධරයන් සහ ප්‍රජාවන්ගේ හරස්කඩක් අතට පත්වීම ප්‍රගතිශීලී පියවරක් විය. ඡන්දය පාවිච්චි කිරීම පිලිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරීම සඳහා වූ වැඩ සටහන් සඳහා මැතිවරණ කොමිසම සමග සෘජුව ම සම්බන්ධ වී අපි වැඩ කළබවට නිදසුන් බහුල ය. අපේ කාර්යාවලිය තුළ අපි ඇමරිකානු ධජය මුල් තැනෙහි ලා සනිටුහන් කළෙමු. ඒ හුදෙක් සම්පාදනය කෙරුණ සහාය ගුණාත්මක වශයෙන් ඉහළ ම තැන තිබෙන බව දැක්වෙන සලකුණක් වශයෙන් පමණක් නොව, ක්‍රියාත්මක වීමේ දී ඇති විය හැකි ගැටලූවලට අප වගවෙන බව ප්‍රජාවන්ට සහතික වීමක් ද වශයෙනි.
වගවීම එක්සත් ජනපදයට වැදගත් ය. ඔවුන්ගේ බදු මුදල් කොතැන, කෙසේ වැය වන්නේ දැයි දැන ගැනීමට තිබෙන ඇමරිකානුවන්ගේ අභිලාශය බලවත් ය. නියාමනයේ සහ ඇගයීමේ යෙදෙමින් අපි බොහෝ වේලාවන් ගත කළෙමු. මෙම ප්‍රයත්නයන් අප ප්‍රතිඵල ලබමින් සිටින බවත්, ලඟ නොමැති විටත්, වැඩ සටහන නිවැරදි ව පවත්වාගෙන යාම සඳහා මැදිහත් කර ගතහැකි යාන්ත්‍රණයන් කල් ඇති ව ඉදිරිපත් කරන බවත් සත්‍යාපනය කිරීමට, මූලික දත්ත ලබාදුන්නේ ය. ඇමරිකානුවන්ට වගවීමට එහා, ඔවුන්ගේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක් දැයි නේපාලීයයන් ද දතයුතු ය. විසඳුම නම්, විනිවිද භාවයයි. සෑම වසරක ම, අපි එක්සත් ජනපද කොංග්‍රසයටත්, නේපාල රජයටත්, හවුල් වාර්තා වාර්ෂික ව ඉදිරිපත් කරමු. තවදුරටත්, එක්සත් ජනපද ආධාර අයවැය තොරතුරු foreignassistance.gov.usa මගින් ඕනෑ ම කෙනෙකුට ලබාගත හැකි අතර, usaid.gov වෙබ් අඩවියෙන් වසර පණහක ඇගයීම් සහ වාර්තා බාගත හැකි ය. සොයා බලන්න, එය තිබෙන්නේ ඔබ සඳහා ය.
සිංහල පරිවර්තනය -කුඩගම්මන සීලරතන හිමි.

Monday, June 18, 2018

අවබෝධ කොට ගත හැකි සැමටම මෙන්න සමාජයෙන් වටිනා උපාධියක්

Jun2018/June/18


වයස අවුරුදු සියය ඉක්මවූ කාන්තාවකට හා අසූතුන් හැවිරිදි ඇගේ පුත්‍රයාට පහරදී තාඩන පීඩලට ලක් කළ කාන්තාවන් දෙදෙනකු දුම්මල පොලිසියේ ළමා හා කන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ මවගේ ලේලිය හා ඇගේ දියණියක් බව දුම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා පැවසීය. තවද මේ දෙදෙනා මේ අසූතුන් හැවිරිදි අයගේ බිරිය හා දියණියකද වෙයි.
=================================================================
අවබෝධ කොට ගත හැකි සැමටම මෙන්න සමාජයෙන් වටිනා උපාධියක්


කුමන හේතුවක් නිසාවත් කිසිවෙකුටත් අන් අයෙකුට හිංසා කිරීම මිනිස්කමට නොගැලපේ. එය මුලින්ම පවසා සිටිය යුතුය.

නමුත් බුද්ධියෙන් අඩු මිනිසුන් අතින් මෙවන් දෑ සිදුවීම අප සමාජයේ සුලබ දසුනකි.

කෙසේ වෙතත් තුඩුදුන් කාරණයට මෙවැනි සැඟවුණු හේතුවක්ද තිබිය හැක. 

පවතින දේපොළ 83 හැවිරිදි පියසේන යන අයගේ පූර්ණ අයිතිය යටතේ මේ වනතුරු කිසිවෙකුටත් බෙදාවෙන්කර නොමැතිව පවතින බව පෙනේ. (නිසි කලදී ජීවිත බුක්තිය තබාගෙන හෝ තම තමන්ගේ යුතුකම් ඉටු කර තැබීමට සිහි බුද්ධිය පවතින කල්හිදීම මාපිය/වැඩිහිටියන් කටයුතු සිදු කිරීමෙන් මෙවන් ප්රශ්න කිසිදා අැති නොවනු අැත. එමෙන්ම මෙය දරුවන්ගේ අවසරයක් නොමැතිව මෙලාෙවට දරුවන් බිහිකල සහ කරනා සහ කිරීමට අපේක්ෂා කරනා සෑම මාපිය යුවලකගේම මූලික වගකීමක් වන්නේමය)

බිරියට ඇති නිත්යය කසාද උරුමය නිසා මෙම දේපොල බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට හින්සා පීඩා කලායැයි කීම සැක සහිත මෙන්ම ය මෙම අරබුදයේම තවත් පැතිකඩකි.

පවතින විරසක කම් ප්‍රයෝජනයට ගෙන රැගෙන ගොස් සලකන වැඩිමල් පුත්‍රයා සහ මුණුපුරා හෝ ඒ සියල්ලෝම උපක්‍රමශීලීව තම උරුමය හෝ සමස්ත දෙපළම හෝ නීත්‍යානුකූලව පවරා ගැනීමට ඔප්පු තිරප්පු අත්සන් කර ගැනීමට පැමිණ දින මෙම ඝට්ටනය ආරම්භ වන්නට ඇත.
======================================================================
බොහෝ වැඩිහිටියන් හට සහ විශේෂයෙන් නැන්දම්මලාට අඩුපාඩු සහිතව වුවත් හැමදාම සලකන අයගේ  කරමල  සුදුය. 
======================================================================
කුමන කාරනාවන් නිසා හෝ සිදුවී ඇති හිංසනය වැරදිය. නමුත් ඈතක සිට  බොරු ආදරවන්ත කම්, අැඟෑලුම් කම් පාලා යමෙකු රවටා ගැනීම ඊටත් වඩා භයානකය. අවසානයේදී ජය ගන්නේද යුතුකම නොව අයුතුකමය.

අබුද්දස්ස කාලේ ලෝක ස්වභාවයද එයයි. ඒ නිසා උපේක්ෂාව ප්‍රගුණ කොට සියල්ල අතහැර ජීවත් වීමට සමාජය මේවායින් පාඩම් උගත යුතුය. මෙවන් දෑ අවබෝධ කොට ගැනීමට කිසිදු විශ්ව විද්‍යාලයක් මේ ලෝකයේ කොහේවත් නොමැත. මෙවන් උපාධි අප සමාජය තුළින්ම ලබා ගත යුතු ඒවාය. 

කෙසේ වෙතත් ලෝක සත්‍යය වන්නේ යමෙකුට හිමි දෙයක් වෙනත් කිසිකුටත් අහිමි කළ නොහැකි වනවා සේම අහිමි දෙයක් කිසිදාකත් හිමි වන්නේද නැත යන්නය.

මෙම සිතුවිලි පෝෂනය කොට යථාවබෝධය ලැබූවන් හට මේ ලෝකයේ කිසිදු ප්රශ්නයක්ද නැත. යථාර්තය ඒයයි.

විශේෂයෙන් වර්තමාන දූෂිත දේශපාලකයින් මේවා ඉතා හොඳින් ධාරනය කොට ගත යුතුමය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට.


Jun18
http://www.gossiplankanews.com/2018/06/101-83.html
වයස අවුරුදු සියය ඉක්මවූ කාන්තාවකට හා අසූතුන් හැවිරිදි ඇගේ පුත්‍රයාට පහරදී තාඩන පීඩලට ලක් කළ කාන්තාවන් දෙදෙනකු දුම්මල පොලිසියේ ළමා හා කන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ මවගේ  ලේලිය හා ඇගේ දියණියක් බව දුම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා පැවසීය. තවද මේ දෙදෙනා මේ අසූතුන් හැවිරිදි අයගේ බිරිය හා දියණියකද වෙයි.

Sunday, June 17, 2018

ඥාණසාරවාදී ගෝත්රිකයින් සහ දේහ ලක්ෂනවලින් කියාපානා යමපාලනයේ චරිත ලක්ෂන දැක ගන්න... නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට..

ඥාණසාරවාදී ගෝත්රිකයින් සහ දේහ
ලක්ෂනවලින් කියාපානා යමපාලනයේ චරිත ලක්ෂන දැක ගන්න...

ඊිනිව්ස් ලිපියට අටුවාටිකාවක්... නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්
තිරිසනෙකුට වුවත්.... සතුරෙකුට වුවත්... ආත්ම ගෞරවයක් ඇති බව නොසලකන ගලබොඩ අත්තේ ඥානසාර වැනි පාදඩ මදාවියන් චීවරයක් ගත දරා භික්ෂුවකගේ වෙස් ගත්තද එවන් අයකු කිසිදා සැබෑ බුද්ධ පුත්‍රයකු වන්නේ නැත.

දුෂ්ට යටි අරමුණු ඇතිව සිවුරු ගත දරා ශාසනය තුළට පිවිස විනය පිටකය කඩකර බෞද්ධ දර්ශනය වනසන මෙවන් වූ පාදඩ මදාවියන් භික්ෂුත්වයෙන් නෙරපා හැරීමට මහනාහිමිවරුන් ඇතුළු නිසි බලධරයින් වහාම පියවර ගත යුතුය.

අධිකරණය තම කටයුත්ත හරියට කලත්.... පොලිසිය තම කටයුත්ත හරියට කලත්.... අපි අපේ වැඩේ හරියට කලා යැයි පවසන හෝ නොතකන ධර්මය නොදත් මෝඩ තකතීරු ඥානසාර හට මහ නාහිමිවරුන් රාජපක්ෂවරුන්ගේ සෙවනැලි වලට නොබියවද.... නිර්භීතවද... සංඝාඥාවක් නිකුත් කළ යුතුය.
එමෙන්ම ඥානසාර අපි යැයි හඳුන්වන අනිකුත් තක්කඩියන් සොයා විමර්ශනයක් ආරම්භ කළ යුතුය.

පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

පිවිසෙන්න අඩවියට සැබෑ වෙනසකට මුල පුරන්න

============================================
enews/ඊනිව්ස් ලිපිය බලන්න පිවිසෙන්න....

අනේ මැදගම අභයතිස්ස හාමුදුරුවනේ ‘විනය පිටකය’ උලපොනේ සුමංගලටත් කියා දෙන්න..! (Video)
-සම්පත් සමරකෝන් ලියයි-
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.18, පෙ.ව‍.2.45) ලංකාවේ නීතියට අනුව දඬුවම් නියම වූ ඕනෑම කෙනෙක් බන්ධනාගාරගත කළ පසු රැඳවියෙකි. එසේත් නැතිනම් බන්ධනාගාර රැඳවියකි. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණය තුළ දී තර්ජනය කිරීම ඇතුලු වරද කිහිපයක් සඳහා කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාරට වසරක සිරදඬුවමක් නියම කර එය මාස 6 කින් ගෙවී යෑමට සැලැස්වීය. ඒ පසුගිය 14 වනදා හෝමාගම අධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව ය. එබැවින් මාස 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥාණාසාර නම් භික්ෂුවත් (කහ සිවුර පටලවාගත් විගසම භික්ෂුවක් ‘සාධු’ කෙනෙක් වන්නේ නැති බවද සිහි තබා ගනු මැනවි) දැන් රැඳවියෙකි. දැන් ඒ ඥාණසාර නම් බන්ධනාගාර රැඳවියා ද අනෙකුත් රැඳවියන් හා සමාන බව බන්ධනාගාර නිළධාරීහු ඊයේ තහවුරු කළහ.
“බොහොම හොඳ අවබෝධයෙන් උන්නාන්සේ බන්ධනාගාර නීති රීතිවලට අනුව එයට අවශ්‍ය විදිහට අපිට සහයෝගය දීලා, බන්ධනාගාරයේ නියමිත ඇඳුම අපි මේ වන විට ලබා දීලා තියනවා. ඒක ඇඳගෙන ඒ කටයුතුවල නිරත වෙලා ඉන්නවා.” (බන්ධනාගාර කොමසාරිස්/ මාධ්‍ය ප්‍රකාශක-තුෂාර උපුල් දෙණිය)
එබැවින් දැන් නීතියට අනුව ගලගොඩ අත්තේ ඥාණසාර නම් රැඳවියා බන්ධනාගාරය තුළ දඬුවම් විඳින බව නිළ ලෙස ප්‍රකාශිතය. මෙයින් එක් පැත්තකින් කියැවෙන්නේ නීතියට යටත්ව දඬුවම විඳීමට ඥාණසාර සූදානම් වී ඇති බවය. ‘අපි අපේ රාජකාරිය කළා, උසාවිය ඒ අයගේ රාජකාරිය කළා, පොලීසිය පොලීසියේ රාජකාරිය කළා’ යැයි 14 වනදා බන්ධනාගාර බස්රථයේ දී ඥාණසාර පැවසුවේය.
2016.01.25 දින හෝමාගම මහේස්ත්‍රාත් භූමියේදී සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ අංක 386 සහ අංක486 යටතේ සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බියගැන්වීම යන චෝදනා දෙකටම වරදකරු ලෙස ඥානසාර විසින් පිළිගෙන ජම්පරය ඇඳ දඬුවම විඳිමින් සිටී. එය ඉතා හොඳ ප්‍රවණතාවයකි. පහුගිය කාලය පුරාම ඥාණසාර විසින් පීඩාවට පත්කළ මිනිසුන්ට ‘යුක්තිය’ පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් ඇති කරන්නකි. අනෙක් පසින් ඉදිරියේ දී එවැනි හිංසනයන්, ප්‍රචණ්ඩත්වයන් මුදා හැරීමට කුරුමානම් අල්ලන ඥාණසාර පන්නයේ සිවුරුකාර මැර වේශයන් කල්පනා කරන්නේ නම් ඔවුන්ට ඒවායේ බරපතලකම තේරුම් ගැනීමට වැදගත් මොහොතකි. අනෙක් ප්‍රධාන දෙය නම්, ඥාණසාරට වුව තමන් නැවතත් බුද්ධ පුත්‍රයෙක් වීමට අවශ්‍ය සිතීම් ඇතිකර ගැනීමට හොඳම වේලාවකි. හොඳම තත්ත්වයකි. කෙටියෙන් කිවහොත් ඥාණසාරට නැවතත් බුදුන් කියැවීමට මේ කාලය ප්‍රයෝජනයට ගත හැකිය. මෙය ඥාණසාරට අවශ්‍ය නම් ‘සාධු’ කෙනෙක් වීමට කල්පනා කිරීමට ද මොහොතකි.
‘සිවුර නොදමා දවස් 7ක් හිටියොත් ප්‍රශ්ණයක්’
-------------------------------
ඒ අතරතුර මැදගොඩ අභයතිස්ස විසින් මාධ්‍ය හමුවක් කැඳවා අපූරු ප්‍රකාශයක් කර තිබේ. එනම් ‘බන්ධනාගාරය තුළ සිවුර ගැලවීම විනය පිටකයට විරුද්ධයි, ඒනිසා ඒ පවුකාර වැඩේට අත ගහන්න එපා.’ යැයි ඔවුන් පවසයි. කුමන ආගමක ආගමික සම්ප්‍රදායක් ඇත්තේ ඒ ආගම්වල නියෝජිතයන්ට ය. එබැවින් විනය පිටකය අදාල වන්නේ භික්ෂූන්ගේ ක්‍රියාකාලාපයට අදාල විමසීම්වලටය.
මැදගොඩ අභයතිස්ස මෙසේ ද කියයි ‘කිසියම් භික්ෂුවක් අතින් වාචිකව හෝ වැරැද්දක් සිදු වූවා නම් තවත් එවැනි උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ ඒ පිළිබඳ සමාව ඉල්ලා නැවත එවැනි දෙයක් දේශනා නොකරන බවට කිව යුතුයි’ අභයතිස්සට අනුව ම ලියන්නේ නම්, විනය පිටකයට අනුව, බුද්ධ දර්ශනයේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා’ වැනි ශිෂ්ට අදහස්වලට අනුව ඥාණසාර ක්‍රියා කළා නම් ජම්පරය ඇඳ හෝ හෙළුවෙන් හෝ අද සිරබත් කන්නට සිදු වන්නේ නැති බව අභයතිස්ස තේරුම් ගන්නේ නම් මැනවි.
අනෙක් පසින් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය ස්ත්‍රියකට බැණ වදිමින් අධිකරනයක් තුළ ප්‍රචණ්ඩත්වය මුදා හල ඥාණසාරට විනය පිටකය මතක් කළ යුතුව තිබුනේ මීට වසර කිහිපයකට පෙර බවද අභයතිස්සට මතක් කළ යුතුයි. එසේම 2014 වර්ෂයේ අලුත්ගම පාරවල් හරස්කරමින් සිය අනුගාමිකයක් කුපිත කරමින්, මුසල්මානුවන්ට ‘අබ සරණයි’ කියමින් වෛරය වැපිරූ ඥාණසාරට විනය පිටකය කියා දිය යුතුව තිබුනේ එදා ය. දිගන ගැටුම ඇවිලී යන්න මොහොතකට පෙර එහි ප්‍රධාන වගඋත්තරකරුවන් හමුවට ගොස් සිටියදී ඥාණසාරය විනය පිටකය කියා දිය යුතු ව තිබිණි. ඥාණසාරගේ එවැනි හිංසනීය ලැයිස්තුව තවත් දිගුය.
අනෙක් පසින් මේ දිනවල ඥාණසාරගේ සිවුරුදාරී අනුගාමිකයන් සන්ධ්‍යා එක්නැළිගොඩ නම් ස්ත්‍රියට ආමන්ත්‍රණය කරන අයුරු සොයා බලා දැන්වත් ඔවුන්ට විනය පිටකය කියා දෙන්නැයි අභයතිස්සට කිව යුතුය. නැත්නම් ඔබට සිදුවන්නේ අනාගතයේ තවත් මේ අකාරයට ජම්පරය ඇන්දවූ පසු ‘සිවුර නොදමා දවස් 6 ක් සිටියහොත්, 7 වන දවස උදාවන විට ඔහුගේ ද භික්ෂූත්වය නැතිවනවා’ යැයි කීමට පමණි. අනෙක මේ තිබෙන්නේ රාජපක්ෂගේ සිහින ‘රජ කාලේ’ නොවන වගත්, වර්තමානයේ චීවරය ගලවා ‘ජම්පරය’ අන්දවන්නේ චීවරයට ඇති ගෞරවය නිසා බවත් අභයතිස්ස වැන්නෝ තේරුම් ගත යුතුය. මක්නිසාද යත් චීවරය යනු ඥානසාර වැන්නන්ගේ බූදලයක් නොවන නිසා ය. එම චීවරය හැඳි ගෞරවනීය මෙන්ම සියලු මිනිසුන්ගේ යහපත පතන ඒ වෙනුවෙන් වෙහෙසෙන භික්ෂූන් වහන්සේලා අපේ සමාජයේ තවමත් සිටින නිසාය. ඒ ගෞරවනීය ‘සාධුලාට’ අගෞරවයක් වන බැවින් චීවරය වෙනුවට මේ අශිලාචාර භික්ෂූන්ට නීතියට අනුව ජම්පරය අන්දවනු ලබන බවද අභයතිස්සලාට මතක් කර දිය යුතුය.
විනය පිටකය ‘උලපනේටත්’ කියා දෙන්න
------------------------------------
නිතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍ය බව පවසමින් පහු ගිය කාලය පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයක නිරත වූ උලපනේ සුමංගල පසුව ක්ෂණිකව එයින් ඉවත් වූයේ ය. පසුව ඥාණසාර සමග ගමනේ යනු දක්නට ලැබිණ. එදවස නීතියේ අධිපත්‍ය ඉල්ලූ උලපනේ අද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කෙළ අධිකරණය විවේචනය කරමින් මෙන්ම අධිකරණයේ තීන්දුවට එරෙහිව ජනයා කුපිත කරමින් සිටින්නේ නරුම ලෙසය. බලන්න උලපනේ භික්ෂුවගේ ෆේස්බුක් පිටුව. එසේම දැන් හෙතෙම ජනාධිපති උපදේශකයෙකි. පසුගියදා ජනාධිපතිවරයගේ ජපන් නිළ සංචාරයේ මූලික භික්ෂුවක් වූවේද උලපනේ සුමංගලය. එසේම ආන්දෝලනාත්මක ලෙස ජපාන නිල සාකච්ඡාවක ඉදිරියේම සිටි දැන් රැඳවියෙක් වන ඥානසාර ජපානයට ගෙනයාමට පසුපස මෙහෙයුම සිදුකර ඇත්තේද මේ උලපනේ සුමංගල බවත්, ඒ සියලු දේ උලපනේ විසින් සිදුකරන ලද්දේ ඥාණසාරට එරෙහිව පවතින නඩු ගොන්නෙන් ඔහුව ගලවා ගැනීමට බවත් ප්‍රකටය. ඉන්පසු සිවුරු පූජා කිරීමට සැලසුම්කරන ජාතික උත්සවයක සංවිධායක කමිටුවක (අමාත්‍යංශයක) ඥාණසාර ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනු පෙණිනි. තවද ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික රූපවාහිනිය සංවිධානය කළ වෙසක් සතිය තුළ වූ වැඩසටහනකට එහි නිශ්පාදකයින්ටවත් නොදන්වා බණ කීමට ඥාණසාර පැමිණි අතර එය වැලැක්වීමට හැකි වූයේ එම නිශ්පාදක කණ්ඩායමේ තිබුණු බුද්ධිමත් භාවය නිසාය.
මේ සියලු දේ පිටුපස උලපනේ සිටින අතර දැන් ඔහු අලුත් වටයකින් ඥාණසාරට ජනාධිපති පොදු සමාවක් ලබා දීමට උත්සාහ ගනිමින් සිටී. එළඹෙන 18 වනදා මිනිසුන් මුලා කරමින්, ජනතාව කුපිත වන අන්දමේ පෝස්ට් ශෙයා කරමින් ඥාණසාරට නිදහස පතා විවිධ රඟ දැක්වීම් සිදු කරමින් ජනාධිපති සිරිසේනට එය පෙන්වා, කෙසේ හෝ ජනාධිපති සමාවක් ලබා දීම උලපනේගේ සැළසුම ය. මේ රඟ දැක්වීමට සිරිසේන ජනාධිපතිවරයාත් හසුවන්නට ඉඩ තිබේ. ඒ දැන් යහපාලන ජනාධිපතිවරයා විසින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පෙන්නුම්කර ඇති තත්ත්වයන් නිසාය.
(බලන්න උලපනේගේ ෆෙස්බුක් පිටුව - ‘හෙනම ගහපන් තොට’ දැන් මේවා විනය පිටකයට ආදාල නැති දැයි අභයතිස්සගෙන් අසමුhttps://www.facebook.com/ulapanes/posts/1712792275436793 )
කෙසේ නමුත් ලංකාවේ අධිකරණය විසින් දී ඇති තීන්දුවට අභියෝග කරමින් ජනතාව කුපිත කරවීම තුළින් අධිකරණයෙන් පිටත තීන්දුව අභියෝගයට ලක්කිරීමත් බරපතල වැරැද්දකි. ‘තීන්දුව ගැන සෑහීමකට පත් වෙන්නේ නැති නම් ඉහල අධිකරණයකට යන්න’ හෝමාගම ගරු මහෙස්ත්‍රාත්වරයා එසේ කීවේ තීන්දුව ලබා දීමෙන් පසු ඥාණසාර විසින් ‘මට ප්‍රකාශයක් කරන්න ඕන’ යනුවෙන් බෙරිහන් දීමට ප්‍රතිචාර ලෙසය. එබැවින් උපදේශක සුමංගලලා කළ යුතු වන්නේ ඉහල අධිකරණයකට යෑමය. එසේ නැතිව ජනයා වීදි බැස්සවීමෙන් සහ ෆේස්බුක් හී වෛරී ප්‍රකාශ කිරීමට මග පාදන තත්ත්වයන් නිර්මාණය කිරීම නිසා, විනය පිටකය කියා දීම සඳහා මැදගොඩ අභයතිස්ස විසින් උලපනේ සුමංගල සොයා පැමිණියහොත් කම්පා නොවන්න.
කෙසේ නමුත් ‘කහ සිවුරේ’ බලය භාවිතා කරමින් නීතියටත් අභියෝග කරමින් හැසිරෙන, ඥාණසාර වැන්නන් සහ එවැනි මැරයින්ගේ පීඩාවට ලක්වූ බොහෝ දෙනෙකුට මේ ලබා දී ඇති නඩු තීන්දුව ‘යුක්තිය’ පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති කරන්නකි. නමුත් එය නොතරෙන සේ ජනයා කුපිත කරන ප්‍රචණ්ඩකාරී කහ සිවුරුදාරීන් සහ මැරයින් දැන්වත් සිය ආත්මය සුවපත් කරගැනීමට වෙහෙසිය යුතුයි. එසේ නොවුනහොත් බුද්ධ වචනය විනාශ කරන්නන් අන් කිසිවෙක් නොව වෛරීයත්වය වපුරන, යුක්තිය ඉල්ලන ස්ත්‍රීන්ට පරුෂ වචනයෙන් බැණ වදින නරුම ඔබම වනු ඇත. එය ඔබේ ආත්මයට කොහෙත්ම හොඳ නැත.
සම්පත් සමරකෝන්
විකල්ප කර්තෘ


නීතියෙන් වරදකරුව ඇති ශාසනය කෙලෙසන පාදඩ ඥානසාර ගැනයි.


නීතියෙන් වරදකරුව ඇති ශාසනය කෙලෙසන පාදඩ ඥානසාර ගැනයි.
දඩාවතේ යන බල්ලෙක් වත් දඩාවතේ යන බැල්ලියකට වත් නොකරන තරමේ පහත් ගති පාමින් මේ පාදඩ/වනචර චීවරධාරියා තම සැමියා අතුරුදහන් සොවින් වැලපෙන අවිහිංසක කාන්තාවකට නැතහොත් මාතාවකට භික්ෂුත්වයේත්.... පුරුෂත්වයේත් තත්ත්වය නොතකා නිග්‍රහ කොට, ගරු අධිකරණයේ ගෞරවය නොතකා නීතියේ ආධිපත්‍ය තම සිවුරට යට කොට විනිශ්චයකාරවරයකු නපුන්සක කොට තර්ජනය කරමින් රටේ නීතිය හෑල්ලුවට ලක්කළා වූද.... 
චීවරයක් දරා ගෙන බුදු දහම කෙළෙසමින් තක්කඩිකමේ සහ චන්ඩිකමේ යෙදෙන මේ පාදඩයා ශාසනයෙන් නෙරපා හැරීමට බෞද්ධ ජනතාව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය වහාම කටයුතු සිදු කළ යුතුය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට.

පහත අැති වීඩියෝව නරඹන්න...

2020 ජනාධිපති බිල්ලෙක් මවමින් නීතිය සහ ජනතාව මුලා කරනා ගෝඨා/රා ගැනයි.



ඇමරිකාවේ පදිංචිව සිටිමින් මේ රටේ ගෝත්‍රිකවාදී අබුද්ධික ජනතාවගේ දැන ගැනීම පිණිස ඊනිව්ස් වෙබ් අඩවිය මගින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වූ පැහැදිලි කිරීම සිදුකළ ලියුම්කරුට දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවගේ උත්තමාචාරය ප්‍රථමයෙන් පුදකර සිටිමු.

අඩි 6ක් පොළොව යට වැළලීමට හෝ ගිරිතලේ මුහුදු පතුල බැලීමට අකමැති කිසිවෙකු යළි මේ රටේ කිසිදාකත් කිසිදු මැදමූලන රාජපක්ෂ වරයෙකු රාජ්‍ය පාලනයට පත් වන්නට ඉඩ නොතැබීම නියතය.
ඒ බව ඉතා හොඳින් රාජපක්ෂවරුන් සහ ඒ දූෂිත නඩය නොදන්නවාද නොවේ.
නමුත් රටේ හැඟීම් වලින් තීරණ ගන්නා අබුද්ධික අවිහිංසක බහුතර ජනතාව ඉතා පහසුවෙන් රැවටිය හැකි බව මේ සටකපට පිරිවර ඉතා හොඳින් දන්නා නිසා ඉහත කී සියලු ක්‍රියාකාරකම් වල ඔවුන් දිගින් දිගටම යෙදී සිටිමින් රට අරාජික තත්ත්වයට ඇද දමමින් 2020 ඊළඟ මැතිවරණය සම්බන්ධයෙන් රට හමුවේ ජනාධිපති බිල්ලෙක් මවා පාමින් කල් මරනු ලබයි.

මොවුන් එසේ කරනු ලබන්නේ නැවත රාජපක්ෂවාදී යුගයක ජනාධිපති බිල්ලෙක් බොරුවට මවා පා නීතිය සහ රාජ්‍ය නිලධාරීන් බිය ගන්වමින් උන්ගේ දූෂණ සහ අපරාධ නඩු යටපත් කර ගැනීමේ අභිප්‍රාය ඉටු කර ගැනීමටය.

එම නිසා 2015 ජනවාරි 8 සෝභිත මාහිමිපාණන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ජනතාව මේ රටේ නිර්පාක්ෂික නිර්භීත නීති විශාරදයන් සහ ඉහත ලියුම්කරු ඇතුළු ඊ නිව්ස් වෙතින් ඉල්ලා සිටිනුයේ තම මවුරට දමා පලා ගොස් ඇමරිකාවේ පුරවැසි භාවය ලබා සිට දැන් නැවතත් තමන්ගේ සහ තම පරපුරේ දුෂ්ට යටි අරමුණු ඉටුකර ගැනිම උදෙසා නූල් සූත්තර දමනා මෙම ඇමෙරිකානු පුරවැසියා පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දැනුවත් කොට මේ වන විට කරුමයක්ව ඇති රාජපක්ෂ භීෂණයෙන් රටත් ජනතාවත් අනාගත පරපුරක් බේරා ගන්නා ලෙසය.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

Monday, June 11, 2018

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්.... සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි. නිර්පාක්ෂික සෝභිතාවතාර 2018/06/11

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්....

සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි.
නිර්පාක්ෂික 
සෝභිතාවතාර
2018/06/11


ඊ්නිව්ස්හි මෙම පුවතෙහි දැක්වෙනා පහත සඳහන් ඡේදය සම්බන්ධයෙන් තම ඊනිව්ස් පාඨක ප්රජාව සහ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනයාගේ දැන ගැනීම පිනිස ඒ පැවසූ වදන්හි පවතිනා සත්යය අසත්යය තාවය සම්බන්ධයෙන් සම්පූර්න පැහැදිලි කිරීමක් සිදු කල යුතු වීම ඊනිව්ස්හ කර්තෘ සඳරුවන්ගේ පැහැර නොහැරිය යුතු අත්යාවශ්යය වගකීමකි.
නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා සිටිනා වගයි. ===========================================
බැසිල්ගේ ප්රකාශයේ ඊනිව්ස් වගකීම....

“හලෝ කුඹුරු ගොඩ කිරීම නීති විරෝධී බව තමුසෙ දන්නෙ නැද්ද? නීති විරෝධී දේට මං කවදාකවත් අවසර දීලත් නෑ, දෙන්නෙත් නෑ… තමුසෙ දැන් ඕන කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුවට මට ප්‍රශ්නෙකුත් නෑ. මට ජනාධිපති හීනත් නෑ. තමුසෙට ඔය ෆ්‍රීක්වෙන්සි දුන්නෙ චන්ද්‍රිකා. තමුසෙ චන්ද්‍රිකාටත් ගැහුවා. තමුසෙ ඔය කළු සල්ලි හම්බ කෙළේ කොහොමද කියලා අපි දන්නවා. අපි හොයන්න ගියේ නෑ. මං කරන්නේ දේශපාලනයක්.. මං ඉදිරියේදිත් කිසිම නීති විරෝධී දේකට තමුසෙලාට නොවෙයි කාටවත් උදව් කරන්නෙත් නෑ. මගේ දේශපාලනයට තමුසෙලා ගහන්න එන්නත් එපා.” යි ආදී වශයෙන් කිසිවෙකු නොසිතූ පරිදි බැසිල් රාජපක්ෂ ‘මල්ටි බැසිල් ප්‍රහාර’ එල්ල කරන්නට විය.
එතැනින් කතාව ඇද ගත් බැසිල් රාජපක්ෂ මෝටාර් උණ්ඩ වලින් පටන් ගෙන ‘මල්ටි බැසිල් ප්‍රහාර’ දක්වා සිය වාග් ප්‍රහාරය උත්සන්න කෙළේය.

මේ සම්පූර්ණ සිද්ධිය වෙද්දී එම මේසයේ සිටි මහින්ද රාජපක්ෂ බැසිල් වැළැක්වීමට ගියේ ද නැත.

මෙම FaceBook පිටුවට පිවිසෙන්න... සියල්ල දැනගන්න...
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1902382339826922/?type=3
==========================================


Sunday, June 10, 2018

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...
විදෙස් රටක නම් සුදුස්සාට රැකියාව ලැබෙන්නේ
දුරකතන පනිවිඩයෙකිනි
නමුත් මේ රටේ තරම දැනගන්න ඉහත වීඩියෝව බලන්න...
 අහෝ...
නිදහසේ ඛේදවාචකය...
නිර්පාක්ෂික සෝභිතාවතාර