Sunday, June 24, 2018

“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)


23 hrs
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.

මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2...
Continue Readinghttps://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1920394508025705/?type=3
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.
මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් (රුපියල් බිලියන 120ක්) ස්ථාන ගත කර තිබේ. නේපාලීය ප්‍රමුඛතාවන්ට සහ උපක්‍රමයන් ප්‍රමුඛත්වයෙහි තබා ගනිමින්, මෙම විදේශාධාරය සැලසුම් කර ඇත්තේ, නේපාල රජය සමග සහයෝගයෙනි. නේපාලීයනට ප්‍රතිඵල අත්කර දෙන, සෙමෙන් පියවර නගමින් ලඟාවන මෙම වැඩ සටහන එන්නේ ණය වශයෙන් නොව, වාරික වශයෙන් කෙරෙන ප්‍රදානයන් ලෙස ය. රටට ලැඛෙන විදෙස් ණය ප්‍රශ්න කිරීමට අයිතියක් නේපාල රජයටත්, ජනතාවටත් තිබේ. නේපාලීයයන් දත යුතු නිසා, මෙහි ලා, එක්සත් ජනපදයේ ආස්ථානය ට අදාල කරුණු ඔවුන් සමග බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. මූලික වශයෙන් එය:
1) අරමුණ - අපට නම් එය, ශක්තිමත්, ස්ථාවර, සමෘද්ධිමත්, ස්වාධීන නේපාලයකි
2) අරමුණ - සැබෑ අවශ්‍යතාවන් සපුරාලීම
3) අරමුණ - වැඩ සටහනේ ගුණාත්මකභාවය
4) අරමුණ - දේශීය සහභාගිත්වය සහ
5) අරමුණ - විනිවිදභාවය සහ වගවීම.

එක්සත් ජනපදයට මානවහිතවාදය පිලිබඳ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිඛෙන අතර, අවසන් වශයෙන් අප අවධාරණය කරන දේ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි ආධාර සපයමු. ආසියාවේ හදවතෙහි ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රීය නේපාලයක් පැලපදියම් කරවීම එක්සත් ජනපදයේ අවධාරණයන් අතර තිබේ. ඇමරිකාවට වෙළඳ සහායකයකු වියයුත්තේ, දිදුලන නේපාලීය ආර්ථිකයකි. අපේ වෑයම, හිමාල අඩවියෙහි සිය හැකියාවන් සපුරා දියුණු කරගත්, සුවසම්පන්න, වියත්, සහ සුරක්ෂිත ආහාර භුක්ති විඳින නේපාලීය ජනතාවක් සඳහා වූ සැබෑ කර ගත හැකි ‘ඇමරිකානු සිහිනයේ,’ නේපාලීය පිටපත වෙනුවෙන් කැපවීමට ය. මෙය ඇමරිකානු මෙන් ම, නේපාලීය සංවර්ධන අරමුණු ඉදිරියට ගෙන යයි. එම අරමුණු ඉටුවන බව සහතික කෙරෙන සහකරුවකුගේ සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි කැමැත්තෙමු. අරමුණු මුදුන් පමුණුවාගත් නේපාලය අන් අයගේ ණයකරුවකු නොවියයුතු නිසා, එක්සත් ජනපදය සපයන්නේ ප්‍රදානයන් ය, ණය නොවේ.
අපේ සම්පත් සමග ජව සම්පන්න වීම යනු, ඒවා, ඒවාට සැබෑ වටිනාකමක් ලැබෙන තැනක තැබීම මිස, නිරපරාදේ මුදල් දීම නොවේ. දායක වීම සහ කොටස්කරුවෙකු වීම අතර වෙනස එයයි. පෙර දින අප, භාරත්පූර් සිට හෙතාවුදා දක්වා මාර්ගය, මුල් ම නේපාලීය දුරකථන හුවමාරුව, සහ භෝතේ කොෂී ජල විදුලි බලාගාරය ඉදි කළ බව සැබෑ ය. අපේ එම්සීසී කම්පැක්ට් ආයතනය උත්පාදනය කෙරෙන විදුලිය ව්‍යාපාර සහ පාරිභෝගික ජාලයන්ට සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ මාර්ගයක් නොපමා ව සපයනු ඇත. එහෙත්, යකඩ සහ කොන්ක්‍රීට් ඇතිරීම බොහෝ දෙනෙකුට කළ හැකි ය. අපේ නවෝතපාදනයන් සහ දක්ෂතාවන් බෙදාගන්නා එක්සත් ජනපදයට අවශ්‍ය නොකඩවා ඉහළ යන වටිනාකමක් මිස, ඉදිකිරීම් නොවේ. වසර 70ක කාලයක් තිස්සේ, එක්සත් ජනපදය මැලේරියාව අතුගා දැමීමට නේපාලයට උදව් කළේ ය, වනාන්තරවලින් ප්‍රයෝජන ලබන්නන් කණ්ඩායම් නිර්මාණය කළේ ය, ස්වේච්ඡා ප්‍රජා සෞඛ්‍ය සේවිකාවන් සහ නියාමක නව කෘෂි-තාක්ෂණ ව්‍යාපෘති හඳුන්වා දී, පසුගිය භූමිකම්පාවෙන් හානියට පත් ඓතිහාසික ගාද්දිබයිතාක් රාජ සභා මන්දිරය ද ප්‍රතිෂ්ඨාපනය කළේ ය.
නව ව්‍යාපෘති මගින් අවබෝධය සඳහා කියවීම සැලසුම් කෙරෙන අතර, ස්වේච්ඡා සාම හමුදාවෝ පරපුරකට ඉංග්‍රීසි කථනය ඉගැන්වූහ. ගොර්ඛා භූ කම්පනයේ සුන්බුන් අතරින් නැවත ගොඩනැගීම නේපාලීයයන් අතින් ම සිදුවීම තහවුරු කරන්නේ, අපේ පෙදරේරුවන් සහ ඉදිකිරීම් වැඩ පරීක්ෂකයන් පුහුණුවේ ස්වභාවයයි.
වේගයෙන් වෙනස් වෙමින් පවත්නා ලෝකය තුළ, සංවිධාන සහ ප්‍රජාවන්ගේ පැවැත්ම හැඩගැස්වීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය කුසලතා, නවෝත්පාදන, හැකියාවන්, ක්‍රියාවලීන් සහ සම්පත් සංවර්ධනය සහ ශක්තිමත් කිරීම සඳහා ගත කළ දශකයන් සහ තාක්ෂණික සහාය එක ගඩොලක් හෝ නොඅතුරවා නේපාලයේ ජයග්‍රහණය සඳහා සහාය වී තිබේ. ජයග්‍රාහී රටකට ශක්තිමත් රජයක් නොව, සුදුසු සමාජයක් අවශ්‍ය ය. නේපාලයේ සාර්ථකත්වය සහතික කරමින්, ප්‍රකට ලාභ නොලබන අන්තර්ජාතික ආයතන සමග වැඩ කිරීමෙන් අපි, රජය සහ සාමාන්‍ය සමාජය යන දෙපාර්ශවය තුළ ම ශක්‍යතා වර්ධනයක් කෙරෙන අයුරු ලොවපුරා පැතිරුණ දක්ෂතාවන් බෙදා ගනිමු. ලොව පුරා යොදා ගැනෙන හොඳ ම ක්‍රියාමාර්ග එක් කරමින්, දත්ත සහ සාක්ෂි මත පදනම් වූ අපේ ප්‍රයත්නයන් යොදා ගැනීමෙන් සහ නිසි නියාමනයෙන්, ගුණාත්මක ප්‍රයත්නයන් ඵල දායක වන බවට අපි සහතික වෙමු.
ඩොලර්වලින් අප සපයන සහාය වෙනුවෙන් ඇමරිකානු බදු ගෙවන්නෝ බොහෝ මහන්සි වී වැඩ කරති. එහෙයින්, ඉතිරි වන ප්‍රතිලාභයක් අපි අපේක්ෂා කරමු. ස්වදේශිකයන්ට අයත් බව මිස, පැවැත්ම තහවුරු කරන අන් යමක් නැත. අපගේ පොදු අවශ්‍යතාවන් නේපාලීයයන්ගේ ම ප්‍රමුඛතාවන් හා එක් කරමින් ප්‍රතිලාභ ලබන ප්‍රජාවන් සෘජුව ම සම්බන්ධ කරගනිමින් එක්සත් ජනපද සහාය ඇරඹෙන්නේ එනිසා ය. සහශ්‍රක අභියෝග සමායතනික ගිවිසුමකට මග සැලසූයේ නේපාලයේ ම ඇති වූ මේ සංවර්ධනයයි. ආර්ථිකයේ හැසිරීම දැඩි ලෙස සීමා කරන්නේ කවුදැයි විමසා බැලීමට අපි එකතු වූ අපට පෙනුණේ, විදුලි බල සහ ප්‍රවාහන පිරිවැය මූලික වන බව ය. ඒවා හඳුනා ගැනීමෙන් පසුව, දැවැන්ත එක්සත් ජනපද ප්‍රදානයකින් නේපාල රජයේ ම විදුලිය බෙදාහැරීමේ සහ මාර්ග නඩත්තුව පිලිබඳ මූලික සැලැස්මක් වේගවත් කළ හැක්කේ කවර උපායන් මගින් දැ යි සොයා ගැනීමට අපි බලශක්ති, ප්‍රවාහන, සහ මුදල් අමාත්‍යාංශ සමග වැඩ කළෙමු.
නේපාලය තුළ සන්ධීය ආණ්ඩුකරණය පිලිගැනුණෙන්, වඩාත් හොඳ සේවාවක් සැපයෙන සේ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සැලසුම් කිරීම පිලිබඳ අපේ වැඩසටහන් සංවාදයට භාජනය කිරීම සඳහා ප්‍රාදේශීය නිලධරයන් සහ ප්‍රජාවන්ගේ හරස්කඩක් අතට පත්වීම ප්‍රගතිශීලී පියවරක් විය. ඡන්දය පාවිච්චි කිරීම පිලිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරීම සඳහා වූ වැඩ සටහන් සඳහා මැතිවරණ කොමිසම සමග සෘජුව ම සම්බන්ධ වී අපි වැඩ කළබවට නිදසුන් බහුල ය. අපේ කාර්යාවලිය තුළ අපි ඇමරිකානු ධජය මුල් තැනෙහි ලා සනිටුහන් කළෙමු. ඒ හුදෙක් සම්පාදනය කෙරුණ සහාය ගුණාත්මක වශයෙන් ඉහළ ම තැන තිබෙන බව දැක්වෙන සලකුණක් වශයෙන් පමණක් නොව, ක්‍රියාත්මක වීමේ දී ඇති විය හැකි ගැටලූවලට අප වගවෙන බව ප්‍රජාවන්ට සහතික වීමක් ද වශයෙනි.
වගවීම එක්සත් ජනපදයට වැදගත් ය. ඔවුන්ගේ බදු මුදල් කොතැන, කෙසේ වැය වන්නේ දැයි දැන ගැනීමට තිබෙන ඇමරිකානුවන්ගේ අභිලාශය බලවත් ය. නියාමනයේ සහ ඇගයීමේ යෙදෙමින් අපි බොහෝ වේලාවන් ගත කළෙමු. මෙම ප්‍රයත්නයන් අප ප්‍රතිඵල ලබමින් සිටින බවත්, ලඟ නොමැති විටත්, වැඩ සටහන නිවැරදි ව පවත්වාගෙන යාම සඳහා මැදිහත් කර ගතහැකි යාන්ත්‍රණයන් කල් ඇති ව ඉදිරිපත් කරන බවත් සත්‍යාපනය කිරීමට, මූලික දත්ත ලබාදුන්නේ ය. ඇමරිකානුවන්ට වගවීමට එහා, ඔවුන්ගේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක් දැයි නේපාලීයයන් ද දතයුතු ය. විසඳුම නම්, විනිවිද භාවයයි. සෑම වසරක ම, අපි එක්සත් ජනපද කොංග්‍රසයටත්, නේපාල රජයටත්, හවුල් වාර්තා වාර්ෂික ව ඉදිරිපත් කරමු. තවදුරටත්, එක්සත් ජනපද ආධාර අයවැය තොරතුරු foreignassistance.gov.usa මගින් ඕනෑ ම කෙනෙකුට ලබාගත හැකි අතර, usaid.gov වෙබ් අඩවියෙන් වසර පණහක ඇගයීම් සහ වාර්තා බාගත හැකි ය. සොයා බලන්න, එය තිබෙන්නේ ඔබ සඳහා ය.
සිංහල පරිවර්තනය -කුඩගම්මන සීලරතන හිමි.

No comments:

Post a Comment