Sunday, June 17, 2018

2020 ජනාධිපති බිල්ලෙක් මවමින් නීතිය සහ ජනතාව මුලා කරනා ගෝඨා/රා ගැනයි.



ඇමරිකාවේ පදිංචිව සිටිමින් මේ රටේ ගෝත්‍රිකවාදී අබුද්ධික ජනතාවගේ දැන ගැනීම පිණිස ඊනිව්ස් වෙබ් අඩවිය මගින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වූ පැහැදිලි කිරීම සිදුකළ ලියුම්කරුට දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවගේ උත්තමාචාරය ප්‍රථමයෙන් පුදකර සිටිමු.

අඩි 6ක් පොළොව යට වැළලීමට හෝ ගිරිතලේ මුහුදු පතුල බැලීමට අකමැති කිසිවෙකු යළි මේ රටේ කිසිදාකත් කිසිදු මැදමූලන රාජපක්ෂ වරයෙකු රාජ්‍ය පාලනයට පත් වන්නට ඉඩ නොතැබීම නියතය.
ඒ බව ඉතා හොඳින් රාජපක්ෂවරුන් සහ ඒ දූෂිත නඩය නොදන්නවාද නොවේ.
නමුත් රටේ හැඟීම් වලින් තීරණ ගන්නා අබුද්ධික අවිහිංසක බහුතර ජනතාව ඉතා පහසුවෙන් රැවටිය හැකි බව මේ සටකපට පිරිවර ඉතා හොඳින් දන්නා නිසා ඉහත කී සියලු ක්‍රියාකාරකම් වල ඔවුන් දිගින් දිගටම යෙදී සිටිමින් රට අරාජික තත්ත්වයට ඇද දමමින් 2020 ඊළඟ මැතිවරණය සම්බන්ධයෙන් රට හමුවේ ජනාධිපති බිල්ලෙක් මවා පාමින් කල් මරනු ලබයි.

මොවුන් එසේ කරනු ලබන්නේ නැවත රාජපක්ෂවාදී යුගයක ජනාධිපති බිල්ලෙක් බොරුවට මවා පා නීතිය සහ රාජ්‍ය නිලධාරීන් බිය ගන්වමින් උන්ගේ දූෂණ සහ අපරාධ නඩු යටපත් කර ගැනීමේ අභිප්‍රාය ඉටු කර ගැනීමටය.

එම නිසා 2015 ජනවාරි 8 සෝභිත මාහිමිපාණන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ජනතාව මේ රටේ නිර්පාක්ෂික නිර්භීත නීති විශාරදයන් සහ ඉහත ලියුම්කරු ඇතුළු ඊ නිව්ස් වෙතින් ඉල්ලා සිටිනුයේ තම මවුරට දමා පලා ගොස් ඇමරිකාවේ පුරවැසි භාවය ලබා සිට දැන් නැවතත් තමන්ගේ සහ තම පරපුරේ දුෂ්ට යටි අරමුණු ඉටුකර ගැනිම උදෙසා නූල් සූත්තර දමනා මෙම ඇමෙරිකානු පුරවැසියා පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දැනුවත් කොට මේ වන විට කරුමයක්ව ඇති රාජපක්ෂ භීෂණයෙන් රටත් ජනතාවත් අනාගත පරපුරක් බේරා ගන්නා ලෙසය.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

No comments:

Post a Comment