Saturday, April 2, 2016

සියක් ලක්ෂයක යෝධ මහජන පෙත්සමක් ජිනීවා වෙත..!

--------------------------------------------------------------------------------------------
සියක් ලක්ෂයක යෝධ මහජන පෙත්සමක් ජිනීවා වෙත..!
--------------------------------------------------------------------------------------------

රටට ජනතාවට කිසිදු අාදරයක් නොමැති ඉතාමත් අාත්මාර්ථකාමී ලෙස කටයුතු කරනා ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියාගන්නා පිරිස පිලිබඳ ඉවසාගත නොහැකි දැඩි කනස්සල්ලට පත් අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ නිහඬතාවය බිඳිමින් යලිත් වරක් රටේ නායකයින් වෙත ඉතා වැදගත් කාරනාවක් ඉස්මතු කරන්නට යෙදුනු වගයි..

රට තුල පැවති අඳුරු යුග අවසන් කරමින් ඉතාමත් දූෂිත ජනාධිපතිවරනයකට මුහුන දී දේදුනු විප්ලවය ජයගනිමින්ද... ඉන්පසු වත්මන් ජනපතිඳුන්ගේ යහපාලනය යටතේ ඉතාමත් ප්රජාතන්ත්රවාදීවද... අදූෂිතවද පැවති මහමැතිවරනයෙන්ද ඉහත ජය තව තවත් දැඩිව තහවුරු කරමින්ද රටේ ජනමතය සහ අභිප්රායය කුමක්දැයි තහවුරු කොට දැන් මාස 15 ක් ගතවෙමින් පවතී...

දෙකෝටියකට අධික ජනතාවත් ඒ අතර හිඳිනා එක්කෝටියකට අධික ජන්ද දායකයිනුත් දෙනෙත් දල්වා දසන් දක්වා දැන් බලා සිටිනුයේ විගඩම් හෝ නරිනාටක දෙස නොව. දශක ගනනාවක් පුරා රටේ පැවති විවිධ නාටක හමුවේ භංග වී ගිය තම ජීවිත අපේක්ෂා අවසන් මොහොතේ හෝ සපල වේදෝ යන අහිංසක බලාපොරොත්තුව දෙසය. 

පාට පක්ෂ දේෂපාලනය යටතේ උවත් එක්සත් ජාතික පක්ෂය, ශ්රීලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන මේ අාදී වශයෙන් අනිකුත් පක්ෂද සහභාගීත්වයෙන් ඒකරාශී වුනු සන්ධාන වෙත ජනතා මතය ප්රකාශනය වී සියල්ල අවසානයේ වර්තමානය වන විට ජාතික අාණ්ඩුවක් බිහිව ශ්රීලංකානිදහස් පාක්ෂිකයෙකු ජනාධිපති ලෙසත්, එක්සත් ජාතික පාක්ෂිකයෙකු අගමැති ලෙසත්, යුධ අවසානයෙන් පසුවවත් නොදුටු සාමයේ සහ සංහිඳියාවේ අරුනළු වර්තමාන යහපාලනය යටතේ දකිමින් විපක්ෂය ද්රවිඩ සන්ධානය විසින් හොබවමින්ද, යුග පෙරලියේ ප්රධාන සාධකය වූ (දූෂනය) පිටු දැකීමේ ප්රබල අායතනයක් වන කෝප් කමිටුවේ සභාපති ධුරය ජනතා විමුක්ති පෙරමුනු පාක්ෂිකයෙකු විසින් හොබවමිනුත් අඩුවැඩි වශයෙන් අනෙකුත් සියළු අායතන සහ තනතුරු තානාන්තර ඒ ඒ පක්ෂ නියෝජිතයින් විසින් දරමින්ද මින්පෙර කිසිදු කලෙක නොපැවති ලෝකයේ බොහෝ රටවල පවා දැකීමට උගහට ඉතා ශ්රේෂ්ඨ ජනතාවාදී යහපාලනවාදී අාණ්ඩු ක්රමයක් අප රටේ ක්රියාත්මක වෙමින් පවතී. අතීතයේ ජන්දයක් අවසන් වුනු ගමන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් සිදුකෙරුනු (කටුසු) පාට මාරු කිරීම් දැන් නැත. පොලිසියට නිවාඩු දී කෝන්තර පිරිමසා ගන්නට අවස්ථා සලසා දීම් දැන් නැත. ගල් ගැසීම්, කුඩු කිරීම්, ගිනිතැබීම්, පහරදීම් එකී නොකී හිරිකිත සිදුවීම් කිසිවක් දැන් නැත.

දැන් තිබෙන්නේ ඉන්දියාවේ පවතිනා හෝලි උත්සවයි. කොල නිල් රතු කහ දම් දේදුනු පාට පාට විවිධ පාක්ෂිකයෝ එකට කයි බොයි නටයි රඟයි. 

නමුත් මේ සියළු විපරියාස මේ රටේ සිදු උනේ වෙන කවුරු හරි අහසින් පහල වෙලා නොවේ. මේ ඉන්න නායකකාරකාදීන් සහ පිරිවරම නිසා පමනයි. ඒකයි මෙහි අැති සුවිශේෂීත්වය වන්නේ...

අැත්තටම ප්රථමයෙන් සත්පුරවැසියා සහ අපවත් වී වදාල සාේභිත මාහිමිපානන් රටේ සියළුම ජනතාව වෙනුවෙන් වර්තමාන නායක සහ පිරිවර  එනම් සියළුම දේශපාලකයින් හට ගෞරවය පුද කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. වත්මන් ජනපති සහ අගමැති (විශිෂ්ඨ සුසංයෝගයට) ඔයාලගේ සහයෝගය ලබා දීම වෙනුවෙන්. මන්ද යත් ඔයාල ඔය සිදුකල කැප කිරීම රටේ දුක් විඳින ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සිදු කල කැප කිරීමක් කියල හිතා ගන්න. විශේෂයෙන් ශ්රීලංකා නිදහස් පක්ෂය අැතුළු සන්ධාන නියෝජිතයින් සහ ජනතා විමුක්ති පෙරමුනු සහෝදරයින් පිලිබඳව සඳහන් කර සිටිමු.

රටේ හිටපු සියළුම දේශපාලනික නායකයින් සහ නියෝජිතයින් මැරිලා ඉපදුන නිසා සිදුවුනු විපරියාසයක් නොවේ මෙය. අත්දැකීම් බහුලතාවය මත ලත් දේශපාලනික ප්රාගුන්යය සහ බහුශෘතභාවය නිසා රටේ ජනතාව ලද වාසනාවන්ත යුගයක් ලෙස මෙය ලෝක දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා සිකුරුයි.  ශ්රීලංකාව වැනි උගතුන් බුද්ධිමතුන් බහුල රටක එවැනි විජරාමාන දේ නාෙසිදු උනොත් වැඩකුත් නැහැ

පහුගිය රාජපක්ෂ සමයෙහි අමනුශ්යයින් ලෙස කටයුතු කල සමහර දේශපාලකයින් වර්තමාන යහපාලනයත් සමග කටයුතු කරන අාකාරය ඉතාමත් ප්රශංසනීයයි. අැත්තටම පුළුවන්නම් ගිහිල්ල ඕකගේ කටට වෙඩි තියන්න අැත්නම් කියල හිතුන සමහර දේශපාලකයින් වර්තමානයේ කටයුතු කරන අාකාරය කථාබස් කරන හැසිරෙන අාකාරය දැක්කහම දැන්නම් පිස්තෝලේ පැත්තකට විසික්ක කොරල දුවල ගිහිල්ල බදාගෙන තොත්තුවක් දෙන්න හිතෙනවා... හික්..

යමු යමු ඔහොම තව යං පස්සේ බැරියැ ඒව හාෙඳේ.. චරිත සහතික දෙන දාට අනිවාර්යයෙන්ම දෙනවා... දැන් ඉතින් රටේ මිනිස්සුත් මෝඩ නෑනේ ඉස්සර වගේ. නිල බලය ඉවර කරල ගෙදර ගිය දාට ඔයාලගේ (PHD) එක හෝ චරිත සහතිකේ ලියල ගෙදරටම එවනවා අනිවාර්යයෙන්ම. ඔයාලට තියෙන්නේ ඒකෙ (Printout) එක දාගෙන රාමු කරල බිත්තියේ එල්ල ගන්න විතරයි. ඔයාල මොන තරම් දැහැමින් හෝ දූෂනයෙන් හෝ හරි හම්බ කලත් අවසන් ගමන් යන දාට ගෙනියන්නේ ඒ සහතිකයේ ලියල තිබෙන කාරනයෙහි අාදීනව පමනයි. ඒ පිලිබඳ යම් කිසි ඉඟියක් අදහසක් දැන ගන්නට අවශ්යය නම් හිටපු ජනාධිපතිට පසුගිය දිනක සත්පුරවැසියා ලියා යැවූ සටහනක්..................................................  *(http://sobithawathara.blogspot.com/2016/01/blog-post_31.html )  ට 
පිවිසීමෙන් දැක බලා ගත හැක.
----------------------------------------------------

ඒ සියල්ල කෙසේ වෙතත් සෝභිත හිමිපානන් අාතූරයාට අද කරන්න කිව්වේ ඕවා නොවේ. ඒක ඉතාමත් සුවිශේෂී කටයුත්තක් රටේ සියළුම ජනතාවගේ යහපත පිනිස.

එනම් අපි කොයි කවුරුත් කාෙයි අාගමකට අදාල උවත් අපේ ඉතිහාසය පුරාම ඕනම යහපත් දේකට අකුල් හෙලූ ද්රෝහීන් හිටියා. සෝභිත හිමිගේ බුදු දහමට අනුව බුදු සමයේ දෙව්දත්තයා වැනි ද්රෝහීන් සිටියා. අද කාලයේ ඊට සමාන කිරීමට දශක ගනනාවක් දුක් විඳි ජනතාවට සැනසිලි හුස්ම බිඳක් ගන්නට දෙන්නේ නැතිව.. ඒ වගේම යුද්ධය අවසන් කරපු හිටපු ජනාධිපතිට සැනසිල්ලේ විශ්රාම සුව විඳින්න කියල උපදෙස් නොදී, මිතුරු තොමෝ දුකයේදීත් සැපයේදීත් අත්නොහැර යමීයී කියල එතුමව ගොනාට අන්දවමින් සිවුරට මුවා වෙලා පාර්ලිමෙන්තුවට අැවිල්ල මේ වන විට යන එන මං නැති වෙලා ඉන්න ගම්මන්පිලගේ කරත්තේ ගාෙනාට බැඳගෙන තෝංලනුව අතට අරන් ඒ අසරන ලෙඩගානේ හිතේ අමාරුවෙන් ඉන්න මනුස්සයගේ මරනය ඉක්මන් කරවනව. ජිනීවා ගිහිල්ල රෙදි අඳින්න ලැජ්ජ හින්ද ඩබලම කථාවෙලා රෙදිමල්ල දාල ගිහිල්ල කලිසම් කොටයක් දාගෙන දැන් කියයි යහපාලනේ තමයි ඒකත් හොරකම් කෙරෙව්වේ කියල.. බොරුද බලන්න මං කියන්නේ...

සෝභිත හාමුදුරුවෝ නම් ඔය අපහාස වලට කැමති නෑ අාතූරයාට බනිනවා ඕංං

ඒ වගේම ක්රිස්තු දහම් ඉතිහාසයේ තියෙනවා මං දන්නා හැටියට යේසුස් පාවාදුන්න ජුදාස් කියල ද්රෝහියෙක් පිලිබඳ, හරියට අද කාලයේ පාවාදුන්වංශ වගේ... එදා වේල හරිහැටි කන්ඩ නැති (මෙයාට අාරක්ෂාව සපයන්න සිද්ද වුනු දවස්වලට ඒ කටයුතු සඳහා යන සාමාජික සහෝදරයින්ට කෑමට දෙන්න බත් පැකට් ගන්න සත්පුරවැසියත් මුදලින් දායක වෙලා තියෙන නිසා මේව ගැනත් හොඳට දන්නවා) දුප්පත් අහිංසක සාමාජිකයින් පිං කැට එකතු කරල ජීවිත කැපවීමෙන් මේ උන්දට අති අාරක්ෂාවක් සපයලා පොලිස් සහ ප්රතිවාදී ප්හාරයන්ට ලක්වෙමින් පෝස්ටර් ගහල තැනකට ඔසවා තබපු මේ මහා පාවාදෙන්නා ඒ සාමාජිකයින්ගේ අැස් පියවෙන්න කලින් මිහිපිටදීම සාපයට ලක්නූනොත් සියළුම අාගම් බොරු වෙනවා. බලන්නකෝ අාතූරයා කියපු අනාවැකි තාම බොරු වෙලා නැහැ. බුදුන් පය ගැසූ මේ දේශයට ප්රභාකරන් හිතන විනාශය සිදු කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ කියල ඒ කාලේ දරපු අාකල්පය අද සත්යය වෙලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ට මත්කුඩු අලෙවිකල කුඩු මුදලාලිලා ඒ වැරදි ලෙස උපයාගත් මුදල් වලින් සුව කල නොහැකි මුඛ පිලිකා වලින් මියැදිලා තියෙනවා. මිනිසුන් අතුරුදහන් කල සමහර ජන නායකයින්ගේ මලකුන කොහේද කියා සොයා ගත නොහැකි ලෙස තම කයත් අතුරුදහන් වෙන විදියට මියැදිලා තියෙනවා. මේ වගේ මේ සම්බුද්ධ දේශයේ බොහෝම හාස්කම් තිබෙනවා. මිනිසුන්ගේත් පවතින බොහෝමයක් පව්කාර කම් නිසා ප්රමාද වෙලා හෝ රටේ ජනතාවට පාලකයින් සිදුකරනා සෑම අගතියකටම පව් පලදෙනවා ඒකාන්තයි. 

ඒ හින්ද සීගිරියවත් දැකල නැති පාවාදෙනවංශ හිටපු ජනපති තුමාව නැවත බලයට ගේන්න මොන තරම් නලලේ දහඩිය පිහදදා යටිගිරියෙන් කෑගැහුවත් පුළුවන් වෙයිද. අනිත් එක ලෝකයේ පැවති භයානක ත්රස්තවාදයක් සහමුලින්ම පරාජය කිරීමට දේශපාලනික නායකත්වයක් දුන්න හිටපු ජනාධිපතිතුමාටත් ලැජ්ජ නැද්ද මන්ද මේ වගේ පිංගුත්තරයින්ගේ පිහිට පතන්න. අැත්තමයි එතුමට අදටත් වත්මන් ජනපති සහ අගමැති ගොඩක් සලකනවා ඒ මෝඩ මනුස්සයාටත් බලය අහිමිවීමේ අාතතිය නිසා නොපෙනුනාට. නැත්තම් මෙලහටත් එයාගේ ප්රජා අයිතිය පවා අහිමි කරල. එතුමගේ සෙනසුරු ඒරාශ්ඨකයක්වත් පවතිනවද මන්ද හතුරා සහ සැබෑ මිතුරා හරිහැටි හඳුනා ගන්න බැරිව මංමුලා වෙලා ඉන්නේ... 

සත්පුරවැසියා කිසිදු ලාබ ප්රයෝජනයක් අපේක්ෂා නොකර අපිට අහිමි වුනු මුත් රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් හෙට දවසක් බිහිකිරීම උදෙසා ජනාධිපති තුමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රට ගාෙඩ නැගීම සඳහා අප මේ සිදු කරනා කටයුත්ත දෙස අඤ්ඥාණවන්ත කෝණවලින් බලා අඤ්ඥාණවන්ත කමට අඤ්ඥාණවන්ත තීරන ගෙන සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා නසන්නට (කුඩු පැකට්ටුවටත් මිනී මරන) කොන්ත්රාත්කරුවකු කොයි මොහොතක හෝ එවන්නට ඉඩ අැති බව අාතූරයා කල්පනා නොකර සිටිනවා නොවේ. නමුත් සෝභිත හිමිපානන් වගේම ජීවිතය කියන්නේ කුමක්ද යන්න අවබෝධ කරගෙන හමාරයි අපි පීඑච්ඩී නැති වුනත්. (ඔය අපේ මහාචාර්යය ජීඑල්ට තාම නොවැටහුනාට)

මෙලොව එලිය දකිත්දී ගෙනඅාපු අායුෂ වලට වඩා වැඩිපුර එක තත්ත්පරයක්වත් ජීවිතය අවබෝධ කරගත්තෙකුට නොවටී. නමුත් ඕනම සතුරු සිත් අැත්තෙකුට යම් අවවාදයක් දෙන්නට කැමතියී. යමෙක් අනෙකෙකු නසන්නට සිතනා විට තමන්ට වාහනයකට යටවෙන්නට, සර්පයෙකු දෂ්ඨ කරන්නට හෝ අනුන් නසන්නට සිතනා තම ලේ ධාතුව තමාටම විෂවී ක්ෂනයකින් තමාම මිය යන්නටද ඉඩ අැත..

කකුලක් තරම් මහත නයි, අතක් තරම් මහත පොලඟුන් වටකරගත් පරිසරයක වසර 50 ට අධික කාලයක් වෙසෙනා මනුස්සයෙකුට හෝ කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් ඊර්ෂ්යාවක් නොකර පාඩුවේ වසනා සත්පුරවැසියාට මේ වන තුරු බැරිවීමෙන් පෑගීම නිසා තෙල් කුහුඹියන් හත්අටදෙනෙක්, කඩි තුන් හතර දෙනෙක්, පමනක් ප්රහාර එල්ල කර අැතිවා මිස... නයින්, පොලඟුන්, පත්තායින්, හරකුක්කන්, ගෝනුස්සන් එකී නොකී ප්රහාර බින්දුවයි.

එවන් සර්පයින් සත්පුරවැසියාගේ හිස ලඟින් පාද උඩින් ගියත් දෂ්ඨ කරල නෑ. ඒ අපි උන්ට හිංසා නොකල නිසයි. කලක් තිස්සේ අපත් සමග එකට වසන උන් අපේ සුවඳ හඳුනනවා සේ අපද උන්ගේ සුවඳ හඳුනා ගත යුතුය. එවිට සර්පයෙකුගෙන්වත් කාටවත් හිංසාවක් පීඩාවක් නෑ.

තමුන්ගෙන් කාටවත් හින්සාවක් නැත්තම් කාටවත් බය වෙලා ඉන්න අවශ්යය නැහැ. ගම්මන්පිල වීරවංශ වැනි අයට උනත් ඉහත දැක්වූ බාල විදියට අාමන්ත්රනය කරන්නවත් සත්පුරවැසියන් වශයෙන් අපි කිසිවිටකත් කැමති නැහැ. අපි මෙහෙම ටිකක් හරි අාවේගශීලී වන්නේ හිතේ අමාරුව උහුල ගන්න තියෙන අමාරුවටයි. අපි හැමෝම කෙදිනක හෝ කොතැනකදී හෝ එකිනෙකාගේ ගුණ සුවඳ හඳුනාගෙන සන්හිඳියාවට පත්වන්නට ඕනා. 

වත්මන් ජනාධිපති තුමාට වෙලා තියෙන්නේත් ඔය අානිසන්සේමයි. දැහැමි ප්රතිපත්ති නිසා හතුරාටවත් හින්සනයක් කරන්න හිත් දෙන්නේ නැහැ. ඕකව නම් මරන්නමයි වටින්නේ කියල පෘතග්ජන සිතට අාවේගයට පත්වුන අවස්ථාවලදී හිතුනත් ඒ එක්කම මැවිල පේන්න ගන්නවා. අපේ හතුරා උනත් ඒ හතුරාගේ භාර්යාවන් දරුවන් එවන් අවස්ථාවලදී මොන තරම් දුකකට පත්වෙනවද කියල. මේව මේ විදියට හිතුවනම් හිටපු ජනපති තුමා කවමදාකවත් බෝම්බ ප්රහාරයකට ලක්වෙලා බඩවැල් දෝතින් ගෙන යුද්ධය අවසන් කර දුන් සෙන්පතියා අැදගෙන ගිහිල්ලා ජම්පරයක් අන්දා හිරේ දමා ඒ මනුස්සයාගේ භාර්යාවන් දරුවන් ඒ වගේ දුකකට පත්කරන එකක් නැහැ කවදාවත්.

ඒ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා හිටපු ජනපති වසර 10 ක් පුරා සෑම පෝයකටම අරලියගහ මන්දිරයේ අර කවදාවත් මූනේ හිනාවක් නැති උඬඟු බිරින්දැ සමග ලෝකෙටම පෙන්න අහපු බණ බොරු බව. නමුත් පහුගිය ජනාධිපතිවරන සමයේදී තමන්ට කරපු හින්සා පීඩා වලට වත්මන් ජනාධිපති තුමාත් පලි ගන්නට සිතුවානම් අද රාජපක්ෂ පරපුරක් නැහැ.. ඕංං 

අන්න ඒ නිසයි මලත් කමක් නෑ කියල සත්පුරවැසියා 2010 ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයා හිටපු යුධ හමුදාපතිවරයාට  රැස්වීමක්වත් පවත්වන්නට රාජපක්ෂ පාලනය ඉඩ අහුරාලද්දී කෘතගුණ සැලසීම උදෙසා තම ඉඩමේ ඒ පහසුකම ලබා දීල ජීවිතය පරදුවට තැබුවේ. අපි කොයි කාගේත් දරුවන්ට සැනසිල්ලේ ඉන්නට යුද්ධය අවසන් කර දීමේ ගෞරවයට.

ඒ නිසයි සත්පුරවැසියා ඉහත සඳහන් කල *(http://sobithawathara.blogspot.com/2016/01/blog-post_31.html) ලින්ක් එකේ අැති සටහනේ සඳහන්ව අැති සන්දේශය තම අත පලල උණු උණු රුධිරයෙන් අත්සන් තබල යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට යැව්වේ....

මේ එකක්වත් නොවේ සෝභිත හාමුදුරුවෝ ජනාධිපති, අගමැති තුමන්ලාටත් රට වැසියනටත් දන්වන්න කියල අාතූරයාගේ අාත්මය තුලට පිවිසිලා පැවසූ සුවිෙශ්ෂි කාරනය වන්නේ. 

කෙටියෙන් කියතොත් ප්රධාන මැතිවරන අවසන් වෙලා ජනතා තීන්දු ප්රකාශනය වෙලා ඒ කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොමැති නිසා තවත් වසරකට අාසන්න කාලයක් විවිධ කඹ අැදීම් සිදුකරමින් සිට අඩු තරමින් මීලඟ මහ මැතිවරනය දක්වා හෝ සම්මුතිවාදී අාණ්ඩුවක් ගොඩනගා ඒ ජනතා අභිලාෂයන් ඉෂ්ඨ කිරීම සඳහා වැඩ කටයුතු අාරම්භ කර අැති මොහොතකි මේ උදාවී අැත්තේ.

සියළුම පක්ෂ සහ ඒ නියෝජිතයින්ද ඒ සියල්ලන් සඳහා තම මතය ප්රකාශ කල කෝටියක් ඉක්මවූ ජන්ද දායකයින් තම පවුල් සාමාජිකයින්ගේ එකතුව ගත් කල්හි දෙකෝටිය ඉක්මවූ ජනමතයක් තමන් සැම වෙනුවෙන් රටක රාජ්යය පාලන තන්ත්රයක් විසින් ඉෂ්ඨ සිද්ධ කල යුතු මෙන්ම දැනටද කල් ඉක්මවී අැති බොහෝ කාරනා සඳහා මහත් අපේක්ෂා අැතිව මුත් නිහඬව බලා සිටිනා බව පාර්ලිමෙන්තුවේ 225 ක් දෙනාගෙන් 215 ක් දෙනාවත් මනා ලෙසද තීවෘර ලෙසද අප්රමාදවද අවබෝධ කර ගත යුතුව අැත.

ශ්රීලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ජන්ද දායකයාට පින් සිදු වන්නට පාර්ලිමෙන්තු පැමිනි ගම්මන්පිල,වීරවංශ,දිනේෂ්, වාසු,බන්ධුල, වැනි දෑතේ අැඟිලිවලින් ගනින්නට හැකි කීප දෙනෙකු පමනක් යුග ගනනාවක් ජීවිත, ශාරීරික අවයව සහ වස්තුව දේපල පවා අහිමි කර ගනිමින් අනේක දුක් විඳි රටක ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරව තම පෞද්ගලික සහ මිතුරු තොමෝලාගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනා දේශද්රෝහීන් කීප දෙනා පිලිබඳ තීරනයකට එලැඹිය යුතුව අැත.

උන්ට බොරු ප්රශ්න හදාගෙන ජීනීවා යන්න පුලුවන්නම් රටක පීඩිත ජනතාවටත් බැරිද ඊට වඩා වැඩි දේවල් කරන්න. ඒකෙන් කිසිවිටකත් අපි අදහස් කරන්නේ නැහැ ඉස්සර අඳුරු යුගවල වගේ මෙයාල ගැන බලා ගන්න එක පැය කාලකට පාෙලිසියට අැස් වහ ගන්න කියන්න කියල යහපාලන රජය මගින් ප්රශ්නවලට විසඳුම් දැකීමක්...

සෝභිත හිමිපානෝ අපූරු යෝජනාවක් කරනවා. එනම්.. සියළුම පක්ෂවලට තම සර්වජන ජන්ද බලය ප්රකාශ කරල තම අභිප්රායයන් ඉෂ්ඨ කර ගන්න ඒ සියලුම පක්ෂ නියෝජිතයින්ට ජනතාව විසින් බලය පවරලා තියෙන්නේ. ඒ නියෝජිතයින් ඒකරාශී වෙලා සම්මුතිවාදී අාණ්ඩුවක් හදල ඉවරයි දැන්. දැන් තියෙන්නේ ජනතාව වෙනුවෙන් පැවති ප්රමාදයන් දුරුවන ලෙස වේගවත් ගමනකට අවතීර්න වීම පමනයි. ඒ මග හරස් කරන්නට උත්සාහ කරනා ඕනම කෙනෙක් දේශද්රෝහියෙක් කියල කිව්වාට කිසිම වරදක් නැහැ. මන්ද යත් ශ්රීලංකානිදහස් පාක්ෂිකයාගේ ජන්දය කියන්නේ ඒක මහින්ද රාජපක්ෂට අයිති ජන්ද කියල අන්ධවිය යුතු නැහැ. සන්ධාන ජන්ද කියන්නේ වීරවංශට හෝ ගම්මන්පිලට හෝ සීය පප්පට හෝ 2500/- කින් මාසේ කන්න කියපු අාර්ථික විසේසඤ්ඥයාට හෝ අයිති ජන්ද නොවේ.

ඒ නිසා ඒ සැවොම පිලිගත යුතුයි පාක්ෂිකයා තමාගේ පක්ෂයට අැති කැමැත්ත නිසා දුන් ජන්දය දීල තියෙන්නේ කිසිදු දූෂිතයෙක්ව නීතියේ රැහැනින් බේරීමටවත්, කිසිදු මිනී මරුවෙක්ව වදකයාගෙන් බේරීමටවත් නොවේ තම සර්වජන ජන්දය පරමාධිපත්යය බලය අනුව තමන්ට සහ තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් සිදුවිය යුතු සේවා හරි හැටි සොයා බලා ඉෂ්ඨ සිද්ධ කිරීමට පමනි. ඒකයි එයාලට කියන්නේ ජනතා සේවකයින් කියල. ඔය සමහරු උතුමන් මෙතුමන් රජුන් අාර්යාවන් වෙලා බලයෙන් මත්වෙලා හිටියට. 

ඒ සේවය හරි හැටි ඉෂ්ඨ කරන්නටයි ඒ ජනතාවගේ මුදල්වලින් එයාලට සියළු සුර සැප විඳින්නට වැටුප් යාන වාහන අාරක්ෂාව කෑම බීම රට සවාරි කොමිස් මේ සේරම දීල තියෙන්නේ.

ඒ නිසා මෙයාල තවදුරටත් තම වගකීම් නිසි ලෙස අවබෝධ කර නොගෙන කටයුතු කරනවානම් සහ යහපාලන රජයට මේ පිලිබඳ නිසි තීන්දුවකට පැමිනිය නොහැකි තත්ත්වයක් පවතීනම් මේ වන විට අපේක්ෂා බංගත්වයට පත්වෙමින් සිටිනා ඒ ලක්ෂ 100 ඉක්මවූ ජන්ද දායකයාගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන් එකතුව ලක්ෂ 200 ක් ඉක්මවන අහිංසක  අපේක්ෂා තව දුරටත් සුන් නොකර ඒ අයගේ  අත්සනින් යුත් යෝධ පෙත්සමක් අත්සන් කරවා ජීනීවා ඔවුන් ගිය ස්ථානයටම යොමු කරවා හෝ මෙම ප්රශ්නයට ස්තිරසාර විසඳුමක් ලබා දී මෙම අනවශ්යය ප්රශ්න නිසා දවසින් දවස කඩා ඉහිරවෙන රටේ සහ ජනයාගේ අාර්ථිකය සහ ජීවිත නගා සිටුවීමට ඉක්මනින් පියවර ගන්නා ලෙස යෝජනා කර සිටිමු.

රටේ පැවති සියළුම දේශපාලන මත බහුතරයක් 100000/99999 ක බලයක් ලෙස ප්රකාශනය වී අැත. ඉතිරි සුළු ප්රතිශතය පමනක් ගෝත්රිකවාදී විය හැක. සීමිත ගෝත්රිකයින් පිරිසක් නිසා බහුතර ජනතාවකට පීඩාවට පත්විය නොහැක. බහුතරයක් ඒකරාශීව ගොඩනැගූ අාණ්ඩුවකට රට කිරීමට නොදී ඉතාමත් සීමිත ගෝත්රිකවාදීන් පිරිසක් බාධා සිදු කරයි නම් බහුතරයකයේ සුභ සිද්ධිය තකා මෙම ගෝත්රිකයින් සුදුසු කොලනියකට පිටුවහල් කිරීම හෝ ප්රජා අයිතිය අහෝසි කිරීම හෝ සිදු කල යුතුව අැත. නොඑසේව මෙම කරුමක්කාර තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඉස්සර කාලේ වගේ යතුරු පැදිවලින් පැමින වෙඩිතබා පලායෑම්, මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නැවත බිහිවීමට ඉඩ අැත. එවැනි තත්ත්වයන් 70 80 90 20 21 යන සියලු දශකයන් තුල අප අත්විඳ අැත. එවැනි අපරාධ නිසා ඉතාමත් වටිනා දේශපාලනක්ඥයින් පවා රටට අහිමිව අැත. එවන් අඳුරු යුග යලි කිසිදා අැති නොවේවා. මෝඩ ගෝත්රිකයින්ගේ නුවන පහල වේවා. යහපාලනයට අතහිත දී තමන්ට යස ඉසුරු ගෙනදෙන රටට ජනතාවට සේවය සලසත්වා.

අවසන් වශයෙන් කිව යුතු වන්නේ ජනාධිපති තුමන් ප්රකාශ කල සේ සංහිඳියාව සහ යහපාලනය යන වචන දෙකෙන් තොර අනාගතයක් අපිට කෙසේ වෙතත් අපි හැමෝගේම දරු මල්ලන් හට නොමැති බවයි.

ඒ නිසා බල තන්හාවෙන් අන්ධවෙලා සිටිනා ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියා ගන්නා අඤ්ඥාණවන්ත පිරිසට අවධාරනය කල යුතු වන්නේ අගමැති තුමන් පැවසූ සේ සාමයෙන් රැස්වී සාමයෙන් සාකච්ඡා වී සාමයෙන් විසිර යාමට පුරුදු පුහුනු වී සන්හිඳියාවට පත් නොවුවහොත් මතු අනාගතයේදී නැවත කිසිදා ඔයාලගෙ දරුමල්ලන් හට මේ රටේ දේශපාලනය කරන්න බැරි වේවි මරන බිය හැක නැතිව. ඒ නිසා අඩු තරමින් තම තමන්ලාගේ දරුවන්ටවත් අාදරයක් තියෙනවානම් එයාල වෙනුවෙන්වත් යහපාලනයට උරදී මේ රට හදන්න. එච්චරයි ඒ ගැන අපි අායි මුකුත් මතක් කරන්නේ නෑ....
කෝපයෙන් උනක් ඒ ටික කියෙව්වාට ඒකාබද්ධ පොදු විපක්ෂයේ ඔයාලට ගොඩාක් ස්තුතියී.
--------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේම ජනතාව වෙනුවෙන් ඉහත පෙත්සම් යෝජනාව ජනපති, අගමැති වෙත යොමුකර සිටිනා වගයි..








Tuesday, March 29, 2016

මෙම ලොතරැයියේ සැබෑ අරමුන ස්මාට් ෆෝන් ගැනීම නොවේ... විස්තර දැනගන්න අඩවියට පිවිසෙන්න...

----------------------------------------------------------------
----------------------------------------------------------------

    මෙම ලොතරැයියේ සැබෑ අරමුන ස්මාට් ෆෝන් ගැනීම නොවේ

රු. ලක්ෂයකින් ස්මාට් ෆෝන් ගන්න නෙමේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ජනාධිපති තුමාට ඔය ලක්ෂයේ උපරිම ත්යාගයක් සහිත වැඩි ජයග්රාහකයින් පිරිසක් බිහි කලයුතු ලොතරැයිය පිලිබඳ යෝජනාව සිදු කර යැව්වේ 2015 පසුගිය වසරේදී. සමහර ලොකු ලොකු මිනිස්සුන්ටත්, ලොකු ලොකු හොරුන්ටත් ලොකු ලොකු ණය දීල අාපසු අය කරගන්න බැරුව අැටි කෙහෙල් කාපු උගුඩුවන් සේ වසනා සමහර රාජ්ය බැංකුවල ලොකු ලොකු අය පොඩි පොඩි මිනිස්සුන්ට පාෙඩි පොඩි ණයක්වත් නොදී කරන අසාධාරනයට විකල්ප යෝජනාවක් විදියටයි සත්පුරවැසියා ඔය ලොතරැයිය පිලිබඳ සංකල්පය ලියා යැව්වේ.

ගමේ ඉන්න ගිනිපොලී මුදලාලිගෙන් ඩේලි කෑලිවලට පොඩි ණයක් අරන් දවසක් හරි ගෙවාගන්න බැරි උනොත් උන්දැ ගේදොරකඩට අැවිල්ල සරම උස්සගෙන අහල පහලටයි, දරුවන්ටයි අැහෙන්න අමු තිත්ත කුණුහබ්බෙන් බැන්නොත් ඉතින් වහ ටිකක් කනව හොඳයි.. එහෙමයි දුප්පත් අහිංසකයා ණය දිහා බලන රාමුව... ඔය අද කාලේ ඉන්න පව්කාර දූෂිත හොර නඩයට ලැජ්ජ නැතිව තවත් උදාරං කථා කිය කිය හිටියට... ඕංං

කෙසේ වෙතත් ඉහත (දුප්පතාගේ) ලොතරැයිය මේ වන විට ඉතාමත්ම සාර්ථක ලෙස ජනප්රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. කවදාවත් හිමි නොවනා ප්රකෝටි ගනන්වල ලොතරැයිවලට වඩා කොච්චර වටිනවාද සීට්ටුවක් ගන්නවා වගේ දුප්පත් මනුස්සයෙකුට ලැබෙන මේ රු. ලක්ෂය. ස්වයං රැකියාවක් පිලිබඳ සිහින දැක දැක... වෑල්ඩින් ට්රාන්ස්ෆෝමරයක් ගන්න, වඩු අායුධ කට්ටලයක් ගන්න, මහන මැසිමක් ගන්න, පොඩි කඩ කෑල්ලක් දාගන්න මේ වගේ අැත්තටම අැදෙන පොඩි මුදලක් උනත් දුප්පතාට කෝටියක් වටිනවා. ඒ නිසා ජනාධිපතිතුමා මෙම යෝජනාව යථාර්තයක් කිරීම පිලිබඳව සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග පුදුම විදියට සතුටු වෙමින් ජාතික ලොතරැයි මණ්ඩලය මගිනුත් අප නම් කර එවූ (සීට්ටුව) නමැති උපරිමය රු. ලක්ෂයක් වන තවත් නව ලොතරැයියක් දුප්පත් ජනී ජනයාගේ සුභ සිද්ධිය තකා හඳුන්වාදෙන ලෙස ඉතාමත් ඕනෑකමින් අයැද සිටිමු.

(තාක්ෂනයට පින්සිදු වන්නට අන්තර්ජාල මාධ්යය නොතිබුනානම් අපි මේව කාට කියන්නද... මොකෝ ඔය කැලෑ පත්තර කාරයෝ පාෙඩි මිනිහගේ ලිපියක් කවදාවත් පල කරන එකක්යැ...නැද්ද හිටං... මං කියන්නේ බොරුද... අෑ...)

http://sobithawathara.blogspot.com/2016/01/blog-post.htm

ඉතාමත් ස්තුතියී ජනපති තුමනි.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා

2016/03/29

සෛන්ධව වලිගයේ එල්ලුනද මැක්කාට ගමනක් නැත.

--------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------
සැපයේදී කෙසේ වෙතත් දුකේදී නිරන්තරයෙන්ම අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන් සේම දිවිහිමියෙන් කැපවී ජනතාව සමග සිටි ජන හදගැස්ම හ‍ඳුනන ලංකා ඊනිව්ස් සැමදාම විශිෂ්ඨ නිසා ඊට උපහාර පිනිස සෝභිත හිමිගේ අඩවියේද මෙය පල කරමි     සෝභිතාවතාර
--------------------------------------------------------------------------------------------චන්නලා සහ වහන්තරා+වාසි ගැන වචනයක්..!

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.29, පෙ.ව.7.30) සිද්ධාර්ථයානන් යශෝධරාවන් කරකාර බැඳගත්තේ නිකම්ම නිකං ලිංගාබාධ හිලව්වකට හෝ දෑවැදි හිලව්වකට හෝ නොව, දුණුදියාදී ශිල්ප දක්වා පෞර්ෂශත්වය පෙන්වා යැයි ඉතිහාසයේ සඳහන් වේ. එවන් සටන්කාමී සිද්ධාර්ථයානන් විවාහයෙන් පසුව තමාද ජනතාවද විඳින  සත්‍ය වූ දුක දැක ඒ ගැන මනාවබෝධයෙන් යශෝධරාවන්ද, සහජාත දරුවාද, රාජ්‍යත්වයද ඇතුළු සමස්ථ ‘ගිහිගෙය‘ හැර පියා යාම වනාහී අද කියන්නාවූ ‘රැඩිකල්‘ නමැති වදනට එහා ගිය අද්විතීය නිස්සරණාධ්‍යාශයට මූලික වූ සංසරණාධ්‍යාශයේ සංකීර්ණ වූ ක්‍රියාවකි. 
සිද්ධාර්ථයාණන් එසේ තීරණාත්මක ගමනක් නික්ම යද්දී එය වැළැක්වීම සඳහා සිද්ධාර්ථයාණන්ගේ ඇඟේ එල්ලීමට තරම් පව් කාරයෙක් ලොව නොවීය. අඩුම ගණනේ මාරායවත් ඒ අවස්ථාවේ නොවීය. සිද්ධාර්ථයාණන්ගේ වාහකයා වූ සෛන්ධව අශ්වයා කන්ථකගේ වල්ගේ එල්ලී එම ගමන වලකා ලීමට සට්ටැඹි කෝණයෙන් තැත් කළ  එකම එක මෝලෙක් විය.  හේ නමින් ‘චන්න‘ නම් වේ. නේරංජනාව තරණය කළ සිද්ධාර්ථයාණන් සියල්ල අතහැර දමද්දී තිරිසනෙක් වූ කන්ථකගේ පපුව පැලුනා වුව චන්නයාගේ බිබික්කමක්වත් පැලුනේ නැත. මන්ද ඔහු තිරිසනෙක් තරම් අවංකයෙක් නොවූ නිසාය. අවසානයේදී සිද්ධාර්ථයාණන් අත හැර දැමූ අඩු වැඩිය පියරජුන් කරා ගෙන ගොස් දී දෙපාර්ශවයේ ‘ඩීල් කරුවා‘ වූයේ ද චන්න ය. 
චන්න ලා ගේ ඩීල් දැමීම ගැන පළමු ඉතිහාස කතාව එවැනි ය. 

‘චන්නයාට‘ සිද්ධාර්ථයානන්ගේ ශුද්ධ විගමනය වළකා ලිය නොහැකි වූ අතර සිද්ධාර්ථයාණන් තම විගමනයේ කෙළවර අමා මහ බුද්ධත්වයට පත්වූ පසු ‘චන්නයා‘ ආ ගිය අතක් ගැන බෞද්ධ ඉතිහාසයේ සොයා ගත නොහැකිය. යම් යම් තැන් වල කුඩා සටහන් කීපයක් තිබුනද ඒවා නොගිනිය හැකි තරම්ය. එනම් සිද්ධාර්ථයාණන් බුදු වෙද්දී බාධා කළ චන්නයා අපතයෙක් වූ බවකි.  බුදුන් සතු ශක්තියක් යැයි කියන ‘ඒහි භික්ෂු භාව ශක්තියෙන්‘ හෝ චන්නයාට සත්‍යය යනු කුමක්දැයි කියා දිය නොහැකි වී තිබීමෙන් චන්නයාගේ ගොබ්බත්වය ඉතිහාසය තහවුරු කරයි. චන්න බණ අසා රහත් වූවා යැයි එක් තැනෙක කීවද ඉන්පසුව ඔහු ආගිය අතක් ගැන සඳහන් නොවන නිසා පළමු කතාව ගැටළුකාරීය. 

දෙවැනි චන්න..!

අයියා අග්‍ර මන්ත්‍රී වීමට හෝ ජන අග්‍ර පති වීමට ඉතිහාසයේ වසර 20 ක් පුරා තැටැමූ ගමනේ දි ඊට හාංකවිසියක් හෝ උදව්වක් නොදී සතුරා සමග ඩීල් දමමින් අයියාගේ අස්පයාගේ වලිගේ මැක්කෙක් සේ එල්ලී සිටි එවන් සට්ටැඹි ‘වර්ණ චන්නයෙක්‘ ලංකා ඊ නිව්ස් වෙත ඩොලර් මිලියන 100 ක් වන්දි ඉල්ලා එන්තරාවාසියක් එවා තිබේ. ඔහු අගනුවර පොලිසියකටද පැමිණිලි කර තිබේ.
කුමක් අරභයාද ? වෝක්ෂෝල් ඉඩම් ඩීල් එකට චන්න මල්ලියෙක් සම්බන්ධ යැයි ලංකා ඊ නිව්ස් කී නිසාය. කෙසේ වුවත් ඉන් පසු අයියා ඒ ඩීල් එක කැන්සල් කිරීමෙන් සියල්ල යටපත් වීය. අයියා අවංක නම් ලංකා ඊ නිව්ස් කියන තුරු නොසිට වසරකට වැඩි කාලයක් තිස්සේ තිබූ මේ රාජපක්ෂ අකටයුත්ත නිවැරදි කිරීමට කාලය තිබුණු අතර මල්ලී අවංක නම් වලිගය ගිනි ගැනීමට තරම් කාරණයක් එහි නොවිය යුතුය. මන්ද යත් කෙන්යාවේදී ඩීල් ෆික්ස් කළ ආකාරය අප හෙලිදරව් නොකළ නිසාවෙනි. 
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ගෝත්‍රික දූපතක ‘අයියලා‘ රටේ නායකයන් වූ විට වල්ග මැක්කන් සේ සිටි සහෝදර චන්නයන් වර්ණ ගැන්වෙන ආකාරය අපි පසුගිය වසර 70 කට ආසන්න කාලයක් තිස්සේ බලා සිටියෙමු.  
අවසානයේ ලංකාවේ බලයේ සිටියේ ඒකාධිපති බලතල වලින් වර්ණ ගන්වා ගත් සොයුරන් සහ පුතුන් 7 ක ගේ රෙජීමයකි. ඔවුන් ලංකා ඊ නිව්ස් මාධ්‍යකරුවන් අතුරුදහන් කර, හිර ගෙවල ලග්ගවා, ගිනි තබා, තහනම් කර, කර්තෘ ඝාතනයට කොන්ත්‍රාත්කරුවන් 6 වතාවක් එංගලන්තය වෙත එවමින් කරන ලද සියළු මර්දන අපි අත්විඳ ඇත්තෙමු.  රාජපක්ෂ රෙජීමය විසින් අප වෙත එවන ලද ලොරියක් පිරෙන්නට තරම් එන්තරාවාසි අලුත් චන්නයාට කියැවීමට අවශ්‍ය නම් හැරෙන තැපෑලෙන් එවිය හැකිය.
නීතී උපාධිය අතේ ඇති තක්කඩියන් හොරුන් ඩීල් කරුවන් වූ විට එන්තරා වාසියක් පවා දේශපාලනික වාසියක් කරගන්නට හදන බව අපි අත්දැකීමෙන් දනිමු. 
ලංකා ඊ නිව්ස් ආරම්භයේ සිට පදනම් වූයේ සත්‍ය මතය. එය වාසි අවාසි නොවාසි සහවාසි දුර්වාසි අතරේ මහජන වාසි සඳහා වසර 12 ක් තිස්සේ අඛණ්ඩව කටයුතු කර තිබේ. ‘සත්‍යය‘ යනු එන්තරා වාසි, අන්තරා වාසි, බගන්දරා වාසි, වහන්තරා වාසි ආදී කිසිදු සුක්කුරුතන් වාසියකට යටත් නොවන පරමානන්දනීය වින්දනයක් බව ජනතාව අපට කියා දී ඇත. එය ඊටත් වඩා විශාල ජනතාවකට කියා දීමට ලංකා ඊ නිව්ස් වන අප සෑම විටෙකම උත්සාහ කර ඇත. එයින් අපත් ජනතාවත් ජය ලබා ඇත. එසේ කළ හැකි වූයේ අන් කිසිවක් නිසා නොව ලංකා ඊ නිව්ස් යනු අන්තර්ජාල සංස්කෘතික ශ්‍රී ලාංකිකයාගේ හෘද ස්පන්දනය නිසාය.
සෛන්ධව වලිගයේ එල්ලුනද මැක්කාට ගමනක් නැත.
-ලංකා ඊ නිව්ස්- http://www.lankaenews.com/news/3757/si
---------------------------
by     (2016-03-29 02:36:01)

Monday, March 28, 2016

දැන් බැලුවහම අන්තර්ජාල මාධ්‍යය හතරවෙනි ආණ්ඩුව නොවෙයි පළමුවෙනි ආණ්ඩුව වගේ, හැබැයි වැරදියට පාවිච්චි කර තමන්ටම ඇණගෙන විනාශ වෙන්නත් පුළුවන් -කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී කියයි

--------------------------------------------------------------------------------------------

දැන් බැලුවහම අන්තර්ජාල මාධ්‍යය හතරවෙනි ආණ්ඩුව නොවෙයි පළමුවෙනි ආණ්ඩුව වගේ, හැබැයි වැරදියට පාවිච්චි කර තමන්ටම ඇණගෙන විනාශ වෙන්නත් පුළුවන් -

කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී කියයි

තොරතුරු දැනගැනීමේ පනත අප ලැබූ ජයක්
(ලංකා ඊ නිව්ස් -2016.මාර්.28, ප.ව.5.45) 
http://www.lankaenews.com/news/3754/si
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව  ඉතා ඉහලට ඔසවා තැබූ විශ්ෂ්ඨ සංධිස්ථානයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත හැඳින්විය හැකි බවද එය සර්වසාධාරණ, විනිවිද පෙනෙන, යුක්ති ගරුක සමාජයක පදනම බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා මෙම  අදහස් පලකලේ කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  26 දා පැවැති  ශ්‍රීලංකා  බ්ලොග්  අඩවි සංනිවේදකයින්ගේ සම්මාන  උළෙලෙහි ප්‍රධාන ආරාධිත ලෙස එක් වෙමිනි.
තොරතුරු දැන ගැනීමේ පනත මගින් සමාජ විනිවිද භාවය තහවුරු කිරීමට නූතන මාධ්‍ය මගින් විශාල උත්තේජනයක් ලබා දියහැකි බවද කථානායකවරයා පැවසීය. මෙම උළලෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසුරිය මහතා’
ඔබ නියෝජනය කරන තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රය අද ලෝකය පාලනය කරන ප්‍රබලතම මාධ්‍යක් බව කිව යුතුයි.   මීට දශක දෙකකට කලින් අනාවැකි පල වුණේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන කුළුණු තුන තමයි රටක් පාලනය කරන ප්‍රධානම අංග කියලා.  
සන්නිවේදනයේ දියුණුවත් එක්කල ලෝකය පාලනය කරන හතරවෙනි ආණ්ඩුව මාධ්‍යයයි කියලා අදහසක් ඇති වුණා.  හැබැයි අද වෙන කොට සන්නිවේදය නව තාක්ෂණය ඔස්සේ ලබලා තිබෙන දියුණුව වගේම ඒ තුලින් සමාජෙට දේශපාලනයට රටක තීන්දු තීරණවලට කරන බලපෑම දැකපුවහම  රටක් පාලනය කරන හතරවෙනි ආණ්ඩුව නෙවෙයි පළමුවෙනි ආණ්ඩුව මාධ්‍යයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය සමග තොරතුරු සන්නිවේදනයේ දී ඔබ කරන කාර්යය සමාජයේ විනිවිදභාවයට බොහෝ හේතු වෙලා තියෙනවා. 
තවදුරටත් කිසිවෙකුට කිසිවක් සැඟවිය නොහැකි තරමට ලෝකය අවදියෙන් තැබීමට   ඔබ දායක වෙලා තියෙනවා. ගෙවී ගිය කාලය ඇතුලේ සිදුවුණු ලංකාවේ වගේම ලෝකයේ මහා දේශපාලන සමාජ පරිවර්තනවල මූල බීජ ජනිත වුණේ ඔබ වැනි පිරිස් අතින්.
නමුත් මේ මාධ්‍යය පිහියක් වගේ ආයුධයක්.  යහපත් අරමුණු වෙනුවෙන් යොදාගෙන ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්.  ඒ වගේම තව කෙනෙක්ට හානියක් කරන්න ආයුධයක් ලෙස යොදාගන්නත් පුළුවන්. නැත්නම් තමන්ට ඇණගෙන තමාව ම විනාශ කරගන්න අවියක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

ඒ නිසා තමයි මේ ක්ෂේත්‍රයේ යහපත් භාවිතය අගය කරන මෙවැනි සම්මාන උළෙලවල් ඇගයීම් වැදගත් වෙන්නේ.  
විශේෂයෙන් ම පහුගිය කාලේ ඉතාමත් උතුම් මානව හිතවාදී අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්ලොග් අඩවි ක්‍රියාත්මක වුණු අවස්ථාවන් රාශියක් අපි දැක්කා.  යම් සිද්ධියක් වෙලා විනාඩි ගාණක් ඇතුලත අනිත් හැම මාධ්‍යයකට ම වඩා වේගෙන් ඒ පිලිබඳ තොරතුරු ලෝකෙට ගෙනියන්න ඔබට ශක්තියක් තිබෙනවා.  
මේ හැකියාව වඩ වඩාත් නිර්මාණශීලිව යොදා ගැනීම මේ සම්මාන උළෙලෙදී ඇගයීමට ලක්වෙනවා
මා කල්පනා කරන්නේ මේ ක්ෂේත්‍රය තව තවත් ඈත ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන අපේ දරුවන්ට සමීප කරවන්න ඕන කියලා. 
එහිදී මේ ආයුධය නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන මග පෙන්වන්නට ඔබ වැනි ප්‍රවිණයන්ට නායකත්වය ගන්න පුළුවන්. 
මොකද මේ ක්ෂේත්‍රයේ නරක ගැන පමණක් හිතලා ලෝකය ගමන් කරන මාර්ගයෙන් එලියට යන්න අපිට බැහැ.
ඊලග දශකයෙදි බිහි වන්නේ අපේ ගමට, අපේ රටට  සීමා වෙන දරුවො නෙමෙයි.  ඔවුන්ගේ සීමාව ලෝකය.  සමහර විට ඊටත් එහා යන්න පුළුවන්.  ලෝක දරුවෝ, විශ්ව දරුවෝ බිහි කරන යුගයට අපි ඇවිත් ඉවරයි.  
එතෙන්දි අපි සාම්ප්‍රදායිකව විශ්වාස කරපු, බැඳී සිටපු සමහර සමාජ පදනම් බිඳ වැටෙනවා.  අපිට ආගන්තුක පෙර නොවූ විරූ දේ අපේ සමාජෙට ඇතුල් වෙනවා. එතැනදි ඇති වන සමාජ කම්පනය උපේක්ෂාවෙන් විඳ දරා ගන්න මේ සමාජය සූදානම් කිරීමේ ලා විශාල වගකීමක් ඔබට තියෙනවා.  
අද දවසේ සම්මානයට පාත්‍ර වෙන හැම කෙනෙකුට ම සුභ පතනවා වගේම ඉදිරියටත් මෙම ක්ෂේත්‍රය නිවැරදිව භාවිතා කරමින් උතුම් අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් වැරදි දේට නිර්භයව පහර දෙමින් හොද දේ නිර්ලෝභීව අගය කරමින් මේ රටට, ලෝකයට සේවය කරන්නට  ඔබට හැකිවේවායි කියලා ප්‍රාර්ථනය කරනවා.
------------------------------------
by     (2016-03-28 12:43:57)

Thursday, March 24, 2016

මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී....



පුවතක් -

හයිඩ් පිටියේ රැළිය හෙවත් දාම් ලෑල්ලේ කළු ඉත්තන් සේම සුදු ඉත්තන්ද එක විට ඇදීමේ තනි වරය මෛත්‍රී මහින්දට ලබා දීම..! -වියන්ගේ වියමන

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.25, පෙ.ව‍.10.30)
http://www.lankaenews.com/news/3743/si
පුවතට එකතුවක්...
--------------------------------------------------------------------------------------------
මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී...

යුධ ජයග්රහනයටත් වඩා එහා ගිය ජනතා අපේක්ෂාවන් හදවත්  තුල සැඟව තිබුනු බව දේදුනු විප්ලවයේ ජයග්රහනයෙන් තහවුරු විය. එමෙන්ම පැවති දූෂිත පාලනයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගනිමින් සිටිනා ලක්ෂ 48 ක් වූ ඡන්ද පදනම වර්තමාන වන විට දෙදරා යමින් පවතින බවත් ඉතා හොඳින් දක්නට අැත. එසේම දේදුනු විප්ලවයේ ලක්ෂ 62 ඡන්ද පදනම ඉහල යමින් පවතින බවත් පවතින නිහඬතාවය ගම්යය කරයි. 

වත්මන් බුද්ධිමත් ඡන්ද දායකයාට දැන් අවශ්යය කර අැත්තේ පාට පක්ෂ නොව යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජ කරවන්නේ කවුරුන්ද... ඒ කවුරුන් හෝ විශ්වසනීයව එම උපේක්ෂාව තහවුරු කරනා බව පැහැදිලි නම් එපමනය. අන් කිසිවක් හෝ විකල්ප පිලිබඳ කල්පනා යොමු කිරීමට උගත් ජනයාට දැන් කිසිසේත් අවශ්යය නැත. 

ඒනිසා දශක ගනනාවක් තම ජීවිත අායුෂවලින් සහ පීඩාවන්ගෙන් දුක් විඳ හති වැටී සිටිනා ජනතාවගේ අහිංසක සිතුම් පැතුම් පිලිබඳ කිසිදු තැකීමක් නොමැතිව තවදුරටත් ඊනියා විප්ලවකාරීන් කටයුතු කරයි නම්... පවතින ජනතා හැඟීම් (හීට්එක) මනා ලෙස අවබෝධ කරගෙන වියන්ගොඩ සහෘදයා පවසනා  ‘පෙන්නුම් බයකින්‘ එහා ගිය වැඩපිළිවෙලකට යාමට ජනාධිපතිවරයා සමත් විය යුතුව අැති බව රට තුල පසක් වෙමින් පවතී...

සෝභිතාවතාර
2016/03/25

අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා සෝභිත හිමි සමග! 2016/03/24

--------------------------------------------------------------------------------------------


අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග...

දශක 4 ක පමන දේශපාලනික අත්දැකීම්වලින් බහුශෘත, අව්ය්යාජ, අදූෂිත, පාරදුශ්යය බවින් යුත් වත්මන් අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයකට සුභ පතන්නේ සාේභිතාවතාරයේ අතූරයා සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමිද සමගය.

දේශපාලන පොර පිටියේ විවිධාකාර වූ නිල තල දරා අැති ඔබ තුමානන් හට මා දන්නා තරමින් සිත් සේ නිදහස්වද ස්වාධීනවද අගමැති පදවියක් දැරීමට හැකි වූයේ දේදුනු විප්ලවයේ ප්රථිපලයක් ලෙස ජාතියේ පිනට පහල වුනු වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගෙන් පසුව බව නොරහසකි.

එනිසා ඔබ තුමාගේ සහ ජනපතිඳුන්ගේ සුසංයෝගයෙන් යහපාලනයේ ගුණ සුවඳ දශක ගනනාවක් දුක් විඳි රටේ ජනතාවට අත්විඳීමට හැකි වූද.. යලි කිසිදා වෙනස් නොවනා අනාගතයක් රටට ජනතාවට මතු පරපුරට නිර්මානය කර දෙනු අැතැයි ඉතාමත් අහිංසක බලාපොරොත්තුවකින් යුතුව විශ්වාසය පල කරමි. එමෙන්ම එය අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනය බවද සිහිපත් කරමු.

කෙසේ වෙතත් ඔබ තුමාගේ එක්සත් ජාතික පක්ෂ මැතිඅැමතිවරු බහුතරයක් අගය කල යුතු ලක්ෂන පෙන්නුම් කරයි. ඔවුන් ඔබතුමා අනුගමනය කරමින් යහපාලනවාදී ගමනට නිසි දායකත්වය ලබා දෙන බව පෙනී යයි. එය අගය කල යුතුය. ඒ වෙනුවෙන් සත්පුරවැසියා ඒ සැමට ස්තුතිය පුදයි.

හිටපු ජනපති කකුළුවකු මෙන් ගමන් කල නිසා ඔහුගේ අනුගාමිකයින්ද මහ කකුළුවාගේ අඩිපාරේම ගියේය. ඒවායේ ප්රථිපල ඔවුන් සියල්ල දැන් අත්විඳිමින් සිටියී.

තම අනුගාමිකයින් හා සංහිඳියාවෙන්ද, විනීතවද කටයුතු කර පලපුරුදු ඔබ තුමාට පක්ෂ භේදයෙන් තොරව යහපාලන රජයේ සියළුම මැති අැමති මන්ත්රී තුමන්ලා පූර්න සහයෝගය දක්වනු නිසැකය. ඒ ඔවුන්ට පරුෂ වචන අැසීමට, ගුටි කන්නට, පුත්තුන්ගේ චන්ඩිකම් බලන්නට, ගරුසරු කම් නොලබන්නට ඔබ නිසා කිසිදාකත් සිදු නාෙවනා නිසාය. එසේ කාගේවත් අත පල්ලට වැටෙන්නට අාත්ම ගරුත්වයක් අැති කිසිදු මිනිසකු තබා සතෙකුවත් කැමති නැත. 

දේශපාලනික සටකපටකම් වලින් අනූනව සිටියත් බුද්ධිමත් බවින් අඩු හිටපු ජනපතිඳුන් අන් අයගේ අාත්ම ගරුත්වයන් සම්බන්ධයෙන් දැක්වූ අමඤ්නෝඥයය කම් හේතුවෙන් එතුමන්ගේ විනාශයත් ඉරනමත් එතුමානන් විසින්ම ලියා ගැනිනි....

මේවා සියළුම දේශපාලක්ඥයින් දැඩි සේ සිත්හි දරා ගැනීම ඉතා වටියී..

අගමැතිඳුන්ගේ උපන් දින තෑග්ග මෙසේ අනුගාමිකයන් හට සිදු කරනා අවවාදයෙන් පුදමි...

ස්තුතියී.
සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග... 2016/03/24

Sunday, March 20, 2016

ඉතා පහත්ම ඝනයේ දේශපාලකයෙකුවත් සිදු නොකල සෝභිත හිමි මේ අාණ්ඩුවෙන් ඝාතනය කලා. උඩුවේ ධම්මාලෝක හිමිගේ සිල්පද කැඩූ ඒ අති භයංකර අභූත චෝදනාවට සෝභිත හිමිපානෝ ප්රතිචාර දක්වයි...



බුද්ධ චීවරයට නිගා දුන් උඩුවේ හිමිගේ රට කැළඹූ ද්වේශ සහගත ප්රකාශයට පිලිතුරු දෙන්නට බුද්ධ චීවරයේ ගරුත්වය සුරැකි සෝභිත හිමිගේ අාදෘශ්යමාන අවතාරය තම අාතූරයා හමුවට පැමින උන් වහන්සේගේ උවමනාව මත සත්පුරවැසියා ලවා පවත්වාගෙන යනු ලබනා සෝභිතාවතාර අඩවිය ඔස්සේ රට හමුවේ පිලිගත හැකි අාකාරයේ කරුනු දක්වන්නට අදහස් කල වගයි.
මාධ්යය අමතා උඩුවේ හිමි සිදු කල..
------------------------------------------------
විරුද්ධ වේගන අා නිසා සෝභිත හිමි මේ අාණ්ඩුවෙන් ඝාතනය කලා. උඩුවේ ධම්මාලෝක හිමි මාධ්යයට පවසයි.(2016/03/18)
-----------------------------------------------
...මෙම ප්රකාශය පිලිකුලින් යුතුව තරයේ හෙලා දකිනා බව ප්රතමයෙන් සටහන් කරනා ලෙස සෝභිත හිමි අාතූරයාට පවසා සිටිනවා. 

පැවිදි දිවියක් ගත කරනා උඩුවේ හිමි රාජපක්ෂලා, වීරවංශලා, ගම්මන්පිලලා සහ පිරිවරද සමග මෙතෙක් කල් ඒ වෙනුවෙන් කිසිවක් නොකර හිඳ තමන් වහන්සේගේ වැරදි ක්රියා හමුවේ නීතිය හමුවට පත් වූ විට පමනක් මෙසේ ද්වේශ සහගත ප්රකාශ සිදු කිරීමෙන් රටක විශේෂයෙන් බෞද්ධ ප්රජාව තුල අැති විය හැකි අාන්දෝලනය පිලිබඳ කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කිරීමෙන් උන් වහන්සේගේ පැවිදි කමේ මහිම කාට කාටත් අවබෝධ කර ගත හැක. 

එම නිසා බෞද්ධයින් හට සහ සියළු ලක්වැසියනට තර්කානුකූල පදනමක් මත උන් වහන්සේගේ අචීවර බව ඔප්පු කර මෙවන් සිවුරු හොරුන් නමදිනා බැතිමතුන් අාරක්ෂා කිරීම තම වගකීමක් බව සෝභිතාවතාරයේ අදහසයි. 

යුක්තිය සංහිඳියාව සාධාරනය රජයන ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොර යහපාලනයක් රටතුල ජනිත කිරීමේ නොනිමි සිහින දුටු.. බුදු දහම මැනවින් අවබෝධ කොට ගත් අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ කර්මය අනුවත් තමන් වහන්සේට සංසාරය පුරා පාරමී පුරනට නම් මේ බවය තරනය කල යුතු වූයෙන් අප අතරින් කයින් වෙන්ව ගියද තමන් වහන්සේගේ ඒ උත්කෘෂ්ඨ චේතනාව තවම පහව ගොස් නැත. 

ඒ නිසා උන්වහන්සේගේ ජීවන කල්ක්රියාව බොහෝ අගය කල උන් වහන්සේට මහත් වූ භක්තියක් පැවති සත්පුරවැසියා උන් වහන්සේගේ අාත්මීය ක්රියාකාරකම් මෙහෙයවීම සඳහා අාතූරයා ලෙස තෝරා ගන්නා ලදී.

එබැවින් තමන් වහන්සේගේ ඒ සිහිනය යථාර්තයක් වන තුරු විශ්වය පුරා සැරිසරමින් අවතාරයක් ලෙස අවශ්යය අවස්ථාවන්හිදී තම අාතූරයා සත්පුරවැසියාගේ ජීවමාන අාත්මය තුලට පිවිස තමන් වහන්සේගේ අඩවිය ඔස්සේ අවශ්යය කරනා කරුනු කාරනා සහ අනුශාසනා ජන ගත කරනා බවත් දේදුනු විප්ලවය ජයගෙන වර්තමානය වන විට ජනපති අගමැති සුසංයෝගය සංහිඳියාවෙන් යුතුව යහපාලන රජය පවත්වාගෙන යමින් අවශ්යය කරනා දේශපාලනික ප්රතිසංසකරන සියල්ල ඉෂ්ඨ කරනවාද යන්න පිලිබඳව සැලකිල්ලෙන් පසු වනා බවත් සිහිපත් කරයි.

එමෙන්ම තමන් වහන්සේ විසින් ව්යවස්ථාදායක මණ්ඩලය වෙත සහ ජනපති අගමැති කාර්යාල වෙත ඊමේල් මගින් එවන්නට යෙදුනු යෝජිත ව්යවස්ථාවට අැවැසි ඉතා වැදගත්ම යෝජනාව පිලිබඳ අවධානය යොමුකොට අැත්ද යන්න පිලිබඳවත් විමසිල්ලෙන් පසුවනා බව අවධාරන කරයි.
(එම යෝජනාවන් තම අඩවිය තුල පහත යොමුව යටතේ සඳහන්ව අැත)
http://sobithawathara.blogspot.com/2016/01/blog-post_18.html

කෙසේ වෙතත් අද උන්වහන්සේගේ සපැමිනීමේ මූලික කාරනය වෙත නැවතත් අනුගත වෙමින් උඩුවේ හිමි වෙත පවසා සිටිනුයේ...

ඒකාධිපති රාජපක්ෂ පාලනය සුන්නත් දූලි කර දැමීම වෙනුවෙන් දේදුනු විප්ලවය හමුවේ පොදු අපේක්ෂකයා (වත්මන් ජනපති) බලයට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනු තමන් වහන්සේ සමග බද්ධ වෛරයක් අැත්තේනම් ඒ රාජපක්ෂලා අැතුළු හොරු රැල පමනක් බවය. 

ඒ තරම් වෛරයක් තිබියදී තමන් වහන්සේ නෙවිල් සමරකෝන් රෝහලේ සිටි අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා තමා බැලීමට පැමිනි බවත්. අවශ්යය නම් තමා ඝාතනය කිරීමට රහස් සැලැස්මක් ක්රියාත්මක කිරීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබූ බවත්. එය එසේ බවට විවිධ කට කථා රට තුල අැති වුවත් වගකිවයුතු කිසිවකු හෝ යහපාලන රජය හෝ උඩුවේ හිමි වැනි පැවිදි නමක් සිදු කල මෙවැනි අසික්කිත ක්රියාවක් සිදු කරන්නට හිතුවේවත් නැති බවත් පවසයි.

යහපාලන රජය විසින් තමන් වහන්සේ කුමන්ත්රනකාරී ලෙස ඝාතනය කලා නම් ඉහත සිද්ධිය දඩමීමා කරගෙන මෙම ඝාතනය මහින්ද රාජපක්ෂගේ කරපිට පැටවීමට ඕනෑතරම් හැකියාව පැවති බවත් සඳහන් කරයි.

එම නිසා උඩුවේ හිමිට සෝභිත හිමිපානෝ අවධාරනය කොට සිටිනවා කටක් ලැබුනු පලියට බව සංසාරේ කෙදිනක හෝ සිදු කල මහා පිනක් හේතුවෙන් ලද ඔය උතුම් මනුස්ස අාත්මය නැවත විඥ්ඥාණයවත් පහල නොවනා පරපනු අාත්මයක් කරා ගෙන යන අකුසල කර්ම නොකරනා ලෙස.

වර්තමාන ලාංකේය දේශපාලන කරලියේ පවතින නොයෙකුත් විගඩම් හමුවේ උවත් රාජපක්ෂලා, වීරවංශ, ගම්මන්පිල, වාසු, දිනේෂ්, බන්ධුල, වැනි යම් යම් අවස්ථාවන්වලදී වාචාල කථා දොඩනා අය හෝ අඩු තරමින් වත්මන් ජනපතිගේ අංක එකේ දේශපාලනික වෛරක්කාරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ සිදු නොකල ඒ පහත් ප්රකාශය පැවිදි උත්තමයෙකු යයි රට වැසියන් සිතා සිටි උඩුවේ හිමි විසින් සිදු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුනකි. මෙවැනි මහන දම් පුරනා කම්බා හොරුන් දකිනා කල පෘතග්ජන ගති අැති ඒකාබද්ධ පොදු විපක්ෂයේ පචයින්ගේ දෙඩවිලි මොන තරම් අහිංසකදැයි සිතේ.

උඩුවේ හිමිට බුදු දහම ගැන සුළු හෝ අවබෝධ කර ගැනීමේ හැකියාවක් අැත්නම් ඉතාමත් සරල අවබෝධයක් ලබා දෙන්නට සෝභිත හිමිපානෝ සූදානම් වෙයි...
---------------------------------------------
නමුත් ඊට පෙර පන්සල් යැයි මාලිගාවල වසමින් සුරසැප විඳි උඩුවේ හිමිට පොලවේ පය ගසා නියම බුද්ධ පුත්රයෙකුගේ දිවිපෙවතක් ගත කල සෝභිත හිමි වැනි අහස් ගව්ව තරම් පරතරයක සිටිනා උත්තමයෙකු ගත කල දිවියෙන් බිඳුවක් පෙන්වා දීමට අාතූරයා සත්පුරවැසියාට අදහසක් අැති විනි.

සාේභිත හිමිගේ අවසන් දේහය නැරඹීමට හෝ එක් වරක්වත් කෝට්ටේ ශ්රීනාග විහාරයට ගිය ඕනෑම අයෙකුට දැක ගත හැකි වූ දේවල් මොනවාද... උඩුවේ හිමිගේ වැනි පන්සල් මාලිගාවක් දුටුවාද.. නැහැ නේද... උන්වහන්සේ ඔබ වහන්සේලා වගේ තම දායකයින් අපහසුතාවයට පත්වන දේ යෝජනා කලේවත් බලාපොරොත්තු උනේවත් නැත. පන්සලේ තත්ත්වය කවුරුත් දකින්නට අැති. එහි කිසිදු නවීකරනයක් නැහැ. එදා සිට තිබෙන දුප්පත් අාවාස ගෙය, දන් වලඳනා කබල් බංකු සහිත කුඩා කොටස, බණ මඩුව, දහම් පාසල, වැඩිහිටි නිවාසය, බෝසෙවන, දුප්පත් තාප්පය මේවා පමනයි දකින්නට අැත්තේ. 

ඒකටත් හරියන්න ඉතාමත් කෙටි ඉතිහාසයක් අැති උඩුවේ හිමිගේ පන්සල් මාලිගාවේ තරම කොයි කවුරුත් දැක අැතිනේ. පව් අපේ අහිංසක සෝභිත හාමුදුරුවෝ මිනිසුන් වෙනුවෙන් දුක් විඳලා ජීවිතේ හැර ගිහිල්ලත් තාමත් මිනිසුන් වෙනුවෙන් අවතාරයක් වෙලා අැවිල්ල මේ බලන්න...අාතූරයාගේ අැඟේ රෝමකූප කෙලින් වන හැටි අාත්මය සත්පුරවැසියාගේ ගතට අැතුල් වෙලයි දැන් ඉන්නේ...හා..හා...හ්...

උන් වහන්සේගේ පන්සල නාග විහාරය වටේ ඉන්න ඕනම් ගෙදරකින් අහල බලන්න. බණක්, දානයක්, පාන්සකූලයක් මේ මොන දේට අාරාධනා කලත් වෙනත් ස්වාමීන් වහන්සේලා යවල අැඟ බේර ගන්නේ නැහැ. උන්වහන්සේ කොහොම හරි වඩින්න තමයි බලන්නේ. අසනීප තියෙද්දී උනත් බෙහෙත් ටික බොන්න අතපසු කරල හරි උන්වහන්සේ හැමදාම කලේ අන් අය වෙනුනෙන් සත්යවාදීවම කැප උනු එකයි. ඒ වගේම උන්වහන්සේ ඔය සමහර හිමිවරු වගේ ගාස්තු අය කරල නෙවේ බණට වඩින්නේත්..

උඩුවේ හිමියන්ල වගේ අය මතුවටත් තව අාත්ම ගනනාවක් මිනිසත් බව ලැබුවත් සෝභිත හිමියන්ගේ පයේ දැවටුනු දුහුවිලි පොදක වටිනාකමවත් අැති කර ගන්න පුළුවන් වන්නේ නැත..

එකල උන් වහන්සේ අවට ගෙවල්වලට වඩිනා විට දෙපයේ මිරිවැඩිවත් පලඳන්නේ නැත. තමන් වහන්සේට ලැබෙනා පිරිකර වෙනත් බොහෝ ස්වාමීන් වහන්සේලා දෙකෙන් පංගුවේ මිලට පස්සා දොරින් පැමිනෙන වෙලෙන්දන්ට අලෙවි කර මුදල් කලද.. සෝභිත හිමියන් කලේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. 

එනම් අෑත දුෂ්කර පෙදෙස්වල ඉතාමත් අසරනව කල් ගෙවනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒ පිරිවර උන් වහන්සේලාට බෙදා දීමට කටයුතු සිදු කිරීමයි. 

සෝභිත හිමි ගැන කියන්න ගියොත් අද උන්වහන්සේගේ අරමුනු කාරනය කල් ඉක්මවෙනවා..
---------------------------------------------
යමෙකු මිහිමත උපදින්නේ කිසියම් කාරනයක් අරබයායි. ඒ වගේම යමෙකු මිහිමත උපදිනකොටම තම ඉරනම සහ දෛවය ලියා දෝතින් ගෙන පැමිනෙන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂටවත්, වත්මන් රජයටවත්, අන් කිසිවෙකුටවත් කාගේවත් ඉරනම හෝ දෛවය ලිවිය නොහැක. එය තව දුරටත් ලියවෙන්නේ තමන් සහ තමන්ගේ ජීවන පැවැත්මේ ගුණ නුගුන අනුවයි. ඒ නුගුන නිසයි උඩුවේ හිමියන් සිරගත වන්නේ. මෙම බවයේ පරම අායුෂ අවසන් නිසයි ගුණ සුවඳින් යුත් උත්කෘෂ්ඨ වූ චාම් දිවි පෙවතක් ගත කල සෝභිත හිමියන් රාජ්යය ගෞරව අැතිව රටක් හඬවමින් බව තරණයෙහි පාරමී පුරන්නේ.

ඉතින් සෝභිත හිමියන්ගේ අාත්මයවත් ප්රකාශ නොකරනා මුසාවාද දෙසනා උඩුවේ හිමියන් හට මින් මතු කිසිදාකත් තම හෘද සාක්ෂියට එකඟව තම බැතිමතුන් හට (මුසාවාදා වේරමනී සිඛ්ඛාපදං සමාදියාමී) යන සික්ෂා පදය සමාදන් කරවන්නට හැකිද..!

ඊයේත් සත්පුරවැසියා අදාල ෆේස්බුක් පිටුවෙහි කල අභියෝගයටවත් තවම උඩුවේ හිමිගෙන් කිසිම ප්රතිචාරයක් නැහැ. හැකිනම් ඔය සිදුකල අභූත චෝදනාව අනුරාධපුරයේ ශ්රීමහා බෝසමිඳුන් අභියසට ගොස් සිදු කරන්න කියල සත්පුරවැසියා නැවතත් අභියෝග කරනවා.

චීවරයක් ගත දරාගත් උඩුවේ හිමියන් වැනි කම්බා හොරුන් පිලිබඳ මින් මතු හෝ රටේ ජනතාව අවධියෙන් සිටිය යුතුය. සිවුරු දරා සිටි පලියට ඒ සැවොම බුද්ධ පුත්රයින් වන්නේ නැත. එවැන්නන් සමාන කල හැක්කේ බැටළු හම් පාෙරවා ගත් අති භයානක වෘර්කයින් ලෙසය.

ඉතා පහත්ම ඝනයේ දේශපාලකයෙකුවත් සිදු නොකල චීවරධාරී උඩුවේ හිමි කල ඒ අතිභයංකර චෝදනාව උන් වහන්සේගේ දෘශ්ඨියෙන් බලනා කල සත්පුරවැසියා වැනි පෘතග්ජනයෙකුට මෙසේ දැකිය හැක..

දේදුනු විප්ලවයට නායකත්වය දී පොදු අපේක්ෂකයා ඉදිරිපත් කොට ඒකාධිපති මහින්ද වියරුව පලවා හැර යහපාලන රජය බලයට ගෙන ඒමේ නියමුවානන් වූ සෝභිත හිමිපානන් හට රට  තුල අැති ප්රසාදය පිලිබඳ ඉහවහා ගිය ඊර්ෂ්යාව නිසා උන් වහන්සේ විනාශ කර නැවත යම් ඉක්මන් දිනයක මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කර ඒ කීර්තිය තමන් වහන්සේ ලබා ගන්නවායි උඩුවේ හිමි සිතුවා විය හැක.

එසේ සිතා රෝහල් සේවකයෙකුට අල්ලස් ලබා දී හෝ සෝභිත හිමියන් ඝාතනය කොට එය තමන් හට අවශ්යය අවස්ථාව උදාවන තුරු රහසක් වශයෙන් තබාගෙන සිට යහපාලන රජය සෝභිත හිමිගේ අරමුනු එකින් එක පිලිවෙලට ඉෂ්ඨ කරමින් සාර්ථකව ඉදිරියට යමින් සිටියදී දූෂිත තමන් වහන්සේ වෙතද නීතියේ අවධානය යොමු වන විට සඟවාගෙන සිටි ඒ රහස යහපාලනය විනාශ කිරීමේ අායුධයක් කර ගැනීමට මාන බැලූ අවස්ථාවක් ලෙසද විග්රහ කල හැක.

නමුත් පෘතග්ජන සත්පුරවැසියා අස්වසාලන සෝභිත හිමියන් ඒ කිසිවක් පිලි නොගනී. උන් වහන්සේගේ ජීවිතය කිසිවකු විසින් ඝාතනය නොකල බවත්. තමන් වහන්සේගේම අවිදිමත් ක්රියා කලාපයන් නිසා තමන්ගේ අායුෂ කෙටි උණු බවත්. එය තමන් වහන්සේ ලබා උපන් හැටි බවත්.. නමුත් තමන් වහන්සේ දේදුනු විප්ලවය ජයගත් (සිහින සැබෑ වූ) සතුටින් අපවත් වූ බවත්.

බුදුන් වහන්සේට සූකරයින් මලපහ කල බිමක වැවූ බටු මාළුවක් පින්ඩපාත වැඩීමේදී දානය පිනිස ලැබී ඒ වැලඳීම නිසා හට ගත් උදරාබාදයෙන් තව තෙමසකින් තමන් වහන්සේ අපවත් වන බව දැන සිටියා සේ වර්තමාන යුගයේ පවතිනා වස විස අැති අාහාර පාන දානය වශයෙන් වැළඳීමට සිදුවීම වැලැක්විය නොහැකි නිසා විවිධ බෝනොවනා රෝගවලින් පීඩා විඳිමින් සිටි උන් වහන්සේ ඒ සඳහා නියමිත බෙහෙත් ඖෙෂධ නිසි කලට නිසි ලෙස පාවිච්චි නොකල නිසා කාෙයි අවස්ථාවකදී හෝ තමන් කරාද මරනය ලඟා වන බව දැන නොසිටියා නොව.

තමන් වහන්සේගේ කුමන අවශ්යයතාවයටත් වඩා ජනතාවගේ ප්රශ්න, රටේ ප්රශ්න, දායකයින්ගේ ප්රශ්න අංක එක යන නියාය ධර්මයේ පිහිටා කටයුතු කල නිසා මිස උඩුවේ හිමියන් ප්රකාශ කරනා ලෙස යහපාලන රජය හෝ රාජපක්ෂලා හෝ උඩුවේ හෝ කිසිවකු නොව තමන් වහන්සේ මෙලොව ජනිත වෙද්දී ගෙන අා අායුෂ අවසන් වූ නිසා කයින් වෙන්ව ගියද තම අභිප්රායයන් ඉෂ්ඨ වන තුරු තම අාත්මය නිවන් මග කොහේද කියාවත් නොසොයනා බව අවසන් වශයෙන් අවධාරනය කරමින්.. නූගත් උඩුවේ හිමිට යලිත් වතාවක් බුදු දහමේ හෝඩි පොත පන්සිල් පදවලින් අාරම්භ කර යහගුණ වඩා රටේ දහසක් දුක් කම්කටොලු විඳිනා ජනතාවට සෙත සැලසීමට කටයුතු කරනා යහපාලන රජයේ ගමන් මග දූෂිතයින් සමග ඒකරාෂීව කඩා කප්පල් කර අානන්තරීය පාප කර්මය සිදුකර ගැනීමෙන් අත්විය හැකි පලවිපාක වලින් මිදෙන ලෙස අවවාද කර ඔබ වහන්සේගේ නුවන වැඩීමට පිරිත් සජ්ජායනාවකට සම වැදුනු වගයි..

සටහන තැබූවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා