Thursday, March 24, 2016

අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා සෝභිත හිමි සමග! 2016/03/24

--------------------------------------------------------------------------------------------


අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයක්. සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග...

දශක 4 ක පමන දේශපාලනික අත්දැකීම්වලින් බහුශෘත, අව්ය්යාජ, අදූෂිත, පාරදුශ්යය බවින් යුත් වත්මන් අගමැති ගරු රනිල් වික්රමසිංහ මැතිඳුන් හට සුබම සුබ උපන් දිනයකට සුභ පතන්නේ සාේභිතාවතාරයේ අතූරයා සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමිද සමගය.

දේශපාලන පොර පිටියේ විවිධාකාර වූ නිල තල දරා අැති ඔබ තුමානන් හට මා දන්නා තරමින් සිත් සේ නිදහස්වද ස්වාධීනවද අගමැති පදවියක් දැරීමට හැකි වූයේ දේදුනු විප්ලවයේ ප්රථිපලයක් ලෙස ජාතියේ පිනට පහල වුනු වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගෙන් පසුව බව නොරහසකි.

එනිසා ඔබ තුමාගේ සහ ජනපතිඳුන්ගේ සුසංයෝගයෙන් යහපාලනයේ ගුණ සුවඳ දශක ගනනාවක් දුක් විඳි රටේ ජනතාවට අත්විඳීමට හැකි වූද.. යලි කිසිදා වෙනස් නොවනා අනාගතයක් රටට ජනතාවට මතු පරපුරට නිර්මානය කර දෙනු අැතැයි ඉතාමත් අහිංසක බලාපොරොත්තුවකින් යුතුව විශ්වාසය පල කරමි. එමෙන්ම එය අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනය බවද සිහිපත් කරමු.

කෙසේ වෙතත් ඔබ තුමාගේ එක්සත් ජාතික පක්ෂ මැතිඅැමතිවරු බහුතරයක් අගය කල යුතු ලක්ෂන පෙන්නුම් කරයි. ඔවුන් ඔබතුමා අනුගමනය කරමින් යහපාලනවාදී ගමනට නිසි දායකත්වය ලබා දෙන බව පෙනී යයි. එය අගය කල යුතුය. ඒ වෙනුවෙන් සත්පුරවැසියා ඒ සැමට ස්තුතිය පුදයි.

හිටපු ජනපති කකුළුවකු මෙන් ගමන් කල නිසා ඔහුගේ අනුගාමිකයින්ද මහ කකුළුවාගේ අඩිපාරේම ගියේය. ඒවායේ ප්රථිපල ඔවුන් සියල්ල දැන් අත්විඳිමින් සිටියී.

තම අනුගාමිකයින් හා සංහිඳියාවෙන්ද, විනීතවද කටයුතු කර පලපුරුදු ඔබ තුමාට පක්ෂ භේදයෙන් තොරව යහපාලන රජයේ සියළුම මැති අැමති මන්ත්රී තුමන්ලා පූර්න සහයෝගය දක්වනු නිසැකය. ඒ ඔවුන්ට පරුෂ වචන අැසීමට, ගුටි කන්නට, පුත්තුන්ගේ චන්ඩිකම් බලන්නට, ගරුසරු කම් නොලබන්නට ඔබ නිසා කිසිදාකත් සිදු නාෙවනා නිසාය. එසේ කාගේවත් අත පල්ලට වැටෙන්නට අාත්ම ගරුත්වයක් අැති කිසිදු මිනිසකු තබා සතෙකුවත් කැමති නැත. 

දේශපාලනික සටකපටකම් වලින් අනූනව සිටියත් බුද්ධිමත් බවින් අඩු හිටපු ජනපතිඳුන් අන් අයගේ අාත්ම ගරුත්වයන් සම්බන්ධයෙන් දැක්වූ අමඤ්නෝඥයය කම් හේතුවෙන් එතුමන්ගේ විනාශයත් ඉරනමත් එතුමානන් විසින්ම ලියා ගැනිනි....

මේවා සියළුම දේශපාලක්ඥයින් දැඩි සේ සිත්හි දරා ගැනීම ඉතා වටියී..

අගමැතිඳුන්ගේ උපන් දින තෑග්ග මෙසේ අනුගාමිකයන් හට සිදු කරනා අවවාදයෙන් පුදමි...

ස්තුතියී.
සත්පුරවැසියා අපවත් වී වදාල සෝභිත හිමි සමග... 2016/03/24

No comments:

Post a Comment