Saturday, April 2, 2016

සියක් ලක්ෂයක යෝධ මහජන පෙත්සමක් ජිනීවා වෙත..!

--------------------------------------------------------------------------------------------
සියක් ලක්ෂයක යෝධ මහජන පෙත්සමක් ජිනීවා වෙත..!
--------------------------------------------------------------------------------------------

රටට ජනතාවට කිසිදු අාදරයක් නොමැති ඉතාමත් අාත්මාර්ථකාමී ලෙස කටයුතු කරනා ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියාගන්නා පිරිස පිලිබඳ ඉවසාගත නොහැකි දැඩි කනස්සල්ලට පත් අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ නිහඬතාවය බිඳිමින් යලිත් වරක් රටේ නායකයින් වෙත ඉතා වැදගත් කාරනාවක් ඉස්මතු කරන්නට යෙදුනු වගයි..

රට තුල පැවති අඳුරු යුග අවසන් කරමින් ඉතාමත් දූෂිත ජනාධිපතිවරනයකට මුහුන දී දේදුනු විප්ලවය ජයගනිමින්ද... ඉන්පසු වත්මන් ජනපතිඳුන්ගේ යහපාලනය යටතේ ඉතාමත් ප්රජාතන්ත්රවාදීවද... අදූෂිතවද පැවති මහමැතිවරනයෙන්ද ඉහත ජය තව තවත් දැඩිව තහවුරු කරමින්ද රටේ ජනමතය සහ අභිප්රායය කුමක්දැයි තහවුරු කොට දැන් මාස 15 ක් ගතවෙමින් පවතී...

දෙකෝටියකට අධික ජනතාවත් ඒ අතර හිඳිනා එක්කෝටියකට අධික ජන්ද දායකයිනුත් දෙනෙත් දල්වා දසන් දක්වා දැන් බලා සිටිනුයේ විගඩම් හෝ නරිනාටක දෙස නොව. දශක ගනනාවක් පුරා රටේ පැවති විවිධ නාටක හමුවේ භංග වී ගිය තම ජීවිත අපේක්ෂා අවසන් මොහොතේ හෝ සපල වේදෝ යන අහිංසක බලාපොරොත්තුව දෙසය. 

පාට පක්ෂ දේෂපාලනය යටතේ උවත් එක්සත් ජාතික පක්ෂය, ශ්රීලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන මේ අාදී වශයෙන් අනිකුත් පක්ෂද සහභාගීත්වයෙන් ඒකරාශී වුනු සන්ධාන වෙත ජනතා මතය ප්රකාශනය වී සියල්ල අවසානයේ වර්තමානය වන විට ජාතික අාණ්ඩුවක් බිහිව ශ්රීලංකානිදහස් පාක්ෂිකයෙකු ජනාධිපති ලෙසත්, එක්සත් ජාතික පාක්ෂිකයෙකු අගමැති ලෙසත්, යුධ අවසානයෙන් පසුවවත් නොදුටු සාමයේ සහ සංහිඳියාවේ අරුනළු වර්තමාන යහපාලනය යටතේ දකිමින් විපක්ෂය ද්රවිඩ සන්ධානය විසින් හොබවමින්ද, යුග පෙරලියේ ප්රධාන සාධකය වූ (දූෂනය) පිටු දැකීමේ ප්රබල අායතනයක් වන කෝප් කමිටුවේ සභාපති ධුරය ජනතා විමුක්ති පෙරමුනු පාක්ෂිකයෙකු විසින් හොබවමිනුත් අඩුවැඩි වශයෙන් අනෙකුත් සියළු අායතන සහ තනතුරු තානාන්තර ඒ ඒ පක්ෂ නියෝජිතයින් විසින් දරමින්ද මින්පෙර කිසිදු කලෙක නොපැවති ලෝකයේ බොහෝ රටවල පවා දැකීමට උගහට ඉතා ශ්රේෂ්ඨ ජනතාවාදී යහපාලනවාදී අාණ්ඩු ක්රමයක් අප රටේ ක්රියාත්මක වෙමින් පවතී. අතීතයේ ජන්දයක් අවසන් වුනු ගමන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් සිදුකෙරුනු (කටුසු) පාට මාරු කිරීම් දැන් නැත. පොලිසියට නිවාඩු දී කෝන්තර පිරිමසා ගන්නට අවස්ථා සලසා දීම් දැන් නැත. ගල් ගැසීම්, කුඩු කිරීම්, ගිනිතැබීම්, පහරදීම් එකී නොකී හිරිකිත සිදුවීම් කිසිවක් දැන් නැත.

දැන් තිබෙන්නේ ඉන්දියාවේ පවතිනා හෝලි උත්සවයි. කොල නිල් රතු කහ දම් දේදුනු පාට පාට විවිධ පාක්ෂිකයෝ එකට කයි බොයි නටයි රඟයි. 

නමුත් මේ සියළු විපරියාස මේ රටේ සිදු උනේ වෙන කවුරු හරි අහසින් පහල වෙලා නොවේ. මේ ඉන්න නායකකාරකාදීන් සහ පිරිවරම නිසා පමනයි. ඒකයි මෙහි අැති සුවිශේෂීත්වය වන්නේ...

අැත්තටම ප්රථමයෙන් සත්පුරවැසියා සහ අපවත් වී වදාල සාේභිත මාහිමිපානන් රටේ සියළුම ජනතාව වෙනුවෙන් වර්තමාන නායක සහ පිරිවර  එනම් සියළුම දේශපාලකයින් හට ගෞරවය පුද කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. වත්මන් ජනපති සහ අගමැති (විශිෂ්ඨ සුසංයෝගයට) ඔයාලගේ සහයෝගය ලබා දීම වෙනුවෙන්. මන්ද යත් ඔයාල ඔය සිදුකල කැප කිරීම රටේ දුක් විඳින ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සිදු කල කැප කිරීමක් කියල හිතා ගන්න. විශේෂයෙන් ශ්රීලංකා නිදහස් පක්ෂය අැතුළු සන්ධාන නියෝජිතයින් සහ ජනතා විමුක්ති පෙරමුනු සහෝදරයින් පිලිබඳව සඳහන් කර සිටිමු.

රටේ හිටපු සියළුම දේශපාලනික නායකයින් සහ නියෝජිතයින් මැරිලා ඉපදුන නිසා සිදුවුනු විපරියාසයක් නොවේ මෙය. අත්දැකීම් බහුලතාවය මත ලත් දේශපාලනික ප්රාගුන්යය සහ බහුශෘතභාවය නිසා රටේ ජනතාව ලද වාසනාවන්ත යුගයක් ලෙස මෙය ලෝක දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා සිකුරුයි.  ශ්රීලංකාව වැනි උගතුන් බුද්ධිමතුන් බහුල රටක එවැනි විජරාමාන දේ නාෙසිදු උනොත් වැඩකුත් නැහැ

පහුගිය රාජපක්ෂ සමයෙහි අමනුශ්යයින් ලෙස කටයුතු කල සමහර දේශපාලකයින් වර්තමාන යහපාලනයත් සමග කටයුතු කරන අාකාරය ඉතාමත් ප්රශංසනීයයි. අැත්තටම පුළුවන්නම් ගිහිල්ල ඕකගේ කටට වෙඩි තියන්න අැත්නම් කියල හිතුන සමහර දේශපාලකයින් වර්තමානයේ කටයුතු කරන අාකාරය කථාබස් කරන හැසිරෙන අාකාරය දැක්කහම දැන්නම් පිස්තෝලේ පැත්තකට විසික්ක කොරල දුවල ගිහිල්ල බදාගෙන තොත්තුවක් දෙන්න හිතෙනවා... හික්..

යමු යමු ඔහොම තව යං පස්සේ බැරියැ ඒව හාෙඳේ.. චරිත සහතික දෙන දාට අනිවාර්යයෙන්ම දෙනවා... දැන් ඉතින් රටේ මිනිස්සුත් මෝඩ නෑනේ ඉස්සර වගේ. නිල බලය ඉවර කරල ගෙදර ගිය දාට ඔයාලගේ (PHD) එක හෝ චරිත සහතිකේ ලියල ගෙදරටම එවනවා අනිවාර්යයෙන්ම. ඔයාලට තියෙන්නේ ඒකෙ (Printout) එක දාගෙන රාමු කරල බිත්තියේ එල්ල ගන්න විතරයි. ඔයාල මොන තරම් දැහැමින් හෝ දූෂනයෙන් හෝ හරි හම්බ කලත් අවසන් ගමන් යන දාට ගෙනියන්නේ ඒ සහතිකයේ ලියල තිබෙන කාරනයෙහි අාදීනව පමනයි. ඒ පිලිබඳ යම් කිසි ඉඟියක් අදහසක් දැන ගන්නට අවශ්යය නම් හිටපු ජනාධිපතිට පසුගිය දිනක සත්පුරවැසියා ලියා යැවූ සටහනක්..................................................  *(http://sobithawathara.blogspot.com/2016/01/blog-post_31.html )  ට 
පිවිසීමෙන් දැක බලා ගත හැක.
----------------------------------------------------

ඒ සියල්ල කෙසේ වෙතත් සෝභිත හිමිපානන් අාතූරයාට අද කරන්න කිව්වේ ඕවා නොවේ. ඒක ඉතාමත් සුවිශේෂී කටයුත්තක් රටේ සියළුම ජනතාවගේ යහපත පිනිස.

එනම් අපි කොයි කවුරුත් කාෙයි අාගමකට අදාල උවත් අපේ ඉතිහාසය පුරාම ඕනම යහපත් දේකට අකුල් හෙලූ ද්රෝහීන් හිටියා. සෝභිත හිමිගේ බුදු දහමට අනුව බුදු සමයේ දෙව්දත්තයා වැනි ද්රෝහීන් සිටියා. අද කාලයේ ඊට සමාන කිරීමට දශක ගනනාවක් දුක් විඳි ජනතාවට සැනසිලි හුස්ම බිඳක් ගන්නට දෙන්නේ නැතිව.. ඒ වගේම යුද්ධය අවසන් කරපු හිටපු ජනාධිපතිට සැනසිල්ලේ විශ්රාම සුව විඳින්න කියල උපදෙස් නොදී, මිතුරු තොමෝ දුකයේදීත් සැපයේදීත් අත්නොහැර යමීයී කියල එතුමව ගොනාට අන්දවමින් සිවුරට මුවා වෙලා පාර්ලිමෙන්තුවට අැවිල්ල මේ වන විට යන එන මං නැති වෙලා ඉන්න ගම්මන්පිලගේ කරත්තේ ගාෙනාට බැඳගෙන තෝංලනුව අතට අරන් ඒ අසරන ලෙඩගානේ හිතේ අමාරුවෙන් ඉන්න මනුස්සයගේ මරනය ඉක්මන් කරවනව. ජිනීවා ගිහිල්ල රෙදි අඳින්න ලැජ්ජ හින්ද ඩබලම කථාවෙලා රෙදිමල්ල දාල ගිහිල්ල කලිසම් කොටයක් දාගෙන දැන් කියයි යහපාලනේ තමයි ඒකත් හොරකම් කෙරෙව්වේ කියල.. බොරුද බලන්න මං කියන්නේ...

සෝභිත හාමුදුරුවෝ නම් ඔය අපහාස වලට කැමති නෑ අාතූරයාට බනිනවා ඕංං

ඒ වගේම ක්රිස්තු දහම් ඉතිහාසයේ තියෙනවා මං දන්නා හැටියට යේසුස් පාවාදුන්න ජුදාස් කියල ද්රෝහියෙක් පිලිබඳ, හරියට අද කාලයේ පාවාදුන්වංශ වගේ... එදා වේල හරිහැටි කන්ඩ නැති (මෙයාට අාරක්ෂාව සපයන්න සිද්ද වුනු දවස්වලට ඒ කටයුතු සඳහා යන සාමාජික සහෝදරයින්ට කෑමට දෙන්න බත් පැකට් ගන්න සත්පුරවැසියත් මුදලින් දායක වෙලා තියෙන නිසා මේව ගැනත් හොඳට දන්නවා) දුප්පත් අහිංසක සාමාජිකයින් පිං කැට එකතු කරල ජීවිත කැපවීමෙන් මේ උන්දට අති අාරක්ෂාවක් සපයලා පොලිස් සහ ප්රතිවාදී ප්හාරයන්ට ලක්වෙමින් පෝස්ටර් ගහල තැනකට ඔසවා තබපු මේ මහා පාවාදෙන්නා ඒ සාමාජිකයින්ගේ අැස් පියවෙන්න කලින් මිහිපිටදීම සාපයට ලක්නූනොත් සියළුම අාගම් බොරු වෙනවා. බලන්නකෝ අාතූරයා කියපු අනාවැකි තාම බොරු වෙලා නැහැ. බුදුන් පය ගැසූ මේ දේශයට ප්රභාකරන් හිතන විනාශය සිදු කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ කියල ඒ කාලේ දරපු අාකල්පය අද සත්යය වෙලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ට මත්කුඩු අලෙවිකල කුඩු මුදලාලිලා ඒ වැරදි ලෙස උපයාගත් මුදල් වලින් සුව කල නොහැකි මුඛ පිලිකා වලින් මියැදිලා තියෙනවා. මිනිසුන් අතුරුදහන් කල සමහර ජන නායකයින්ගේ මලකුන කොහේද කියා සොයා ගත නොහැකි ලෙස තම කයත් අතුරුදහන් වෙන විදියට මියැදිලා තියෙනවා. මේ වගේ මේ සම්බුද්ධ දේශයේ බොහෝම හාස්කම් තිබෙනවා. මිනිසුන්ගේත් පවතින බොහෝමයක් පව්කාර කම් නිසා ප්රමාද වෙලා හෝ රටේ ජනතාවට පාලකයින් සිදුකරනා සෑම අගතියකටම පව් පලදෙනවා ඒකාන්තයි. 

ඒ හින්ද සීගිරියවත් දැකල නැති පාවාදෙනවංශ හිටපු ජනපති තුමාව නැවත බලයට ගේන්න මොන තරම් නලලේ දහඩිය පිහදදා යටිගිරියෙන් කෑගැහුවත් පුළුවන් වෙයිද. අනිත් එක ලෝකයේ පැවති භයානක ත්රස්තවාදයක් සහමුලින්ම පරාජය කිරීමට දේශපාලනික නායකත්වයක් දුන්න හිටපු ජනාධිපතිතුමාටත් ලැජ්ජ නැද්ද මන්ද මේ වගේ පිංගුත්තරයින්ගේ පිහිට පතන්න. අැත්තමයි එතුමට අදටත් වත්මන් ජනපති සහ අගමැති ගොඩක් සලකනවා ඒ මෝඩ මනුස්සයාටත් බලය අහිමිවීමේ අාතතිය නිසා නොපෙනුනාට. නැත්තම් මෙලහටත් එයාගේ ප්රජා අයිතිය පවා අහිමි කරල. එතුමගේ සෙනසුරු ඒරාශ්ඨකයක්වත් පවතිනවද මන්ද හතුරා සහ සැබෑ මිතුරා හරිහැටි හඳුනා ගන්න බැරිව මංමුලා වෙලා ඉන්නේ... 

සත්පුරවැසියා කිසිදු ලාබ ප්රයෝජනයක් අපේක්ෂා නොකර අපිට අහිමි වුනු මුත් රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් හෙට දවසක් බිහිකිරීම උදෙසා ජනාධිපති තුමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රට ගාෙඩ නැගීම සඳහා අප මේ සිදු කරනා කටයුත්ත දෙස අඤ්ඥාණවන්ත කෝණවලින් බලා අඤ්ඥාණවන්ත කමට අඤ්ඥාණවන්ත තීරන ගෙන සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා නසන්නට (කුඩු පැකට්ටුවටත් මිනී මරන) කොන්ත්රාත්කරුවකු කොයි මොහොතක හෝ එවන්නට ඉඩ අැති බව අාතූරයා කල්පනා නොකර සිටිනවා නොවේ. නමුත් සෝභිත හිමිපානන් වගේම ජීවිතය කියන්නේ කුමක්ද යන්න අවබෝධ කරගෙන හමාරයි අපි පීඑච්ඩී නැති වුනත්. (ඔය අපේ මහාචාර්යය ජීඑල්ට තාම නොවැටහුනාට)

මෙලොව එලිය දකිත්දී ගෙනඅාපු අායුෂ වලට වඩා වැඩිපුර එක තත්ත්පරයක්වත් ජීවිතය අවබෝධ කරගත්තෙකුට නොවටී. නමුත් ඕනම සතුරු සිත් අැත්තෙකුට යම් අවවාදයක් දෙන්නට කැමතියී. යමෙක් අනෙකෙකු නසන්නට සිතනා විට තමන්ට වාහනයකට යටවෙන්නට, සර්පයෙකු දෂ්ඨ කරන්නට හෝ අනුන් නසන්නට සිතනා තම ලේ ධාතුව තමාටම විෂවී ක්ෂනයකින් තමාම මිය යන්නටද ඉඩ අැත..

කකුලක් තරම් මහත නයි, අතක් තරම් මහත පොලඟුන් වටකරගත් පරිසරයක වසර 50 ට අධික කාලයක් වෙසෙනා මනුස්සයෙකුට හෝ කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් ඊර්ෂ්යාවක් නොකර පාඩුවේ වසනා සත්පුරවැසියාට මේ වන තුරු බැරිවීමෙන් පෑගීම නිසා තෙල් කුහුඹියන් හත්අටදෙනෙක්, කඩි තුන් හතර දෙනෙක්, පමනක් ප්රහාර එල්ල කර අැතිවා මිස... නයින්, පොලඟුන්, පත්තායින්, හරකුක්කන්, ගෝනුස්සන් එකී නොකී ප්රහාර බින්දුවයි.

එවන් සර්පයින් සත්පුරවැසියාගේ හිස ලඟින් පාද උඩින් ගියත් දෂ්ඨ කරල නෑ. ඒ අපි උන්ට හිංසා නොකල නිසයි. කලක් තිස්සේ අපත් සමග එකට වසන උන් අපේ සුවඳ හඳුනනවා සේ අපද උන්ගේ සුවඳ හඳුනා ගත යුතුය. එවිට සර්පයෙකුගෙන්වත් කාටවත් හිංසාවක් පීඩාවක් නෑ.

තමුන්ගෙන් කාටවත් හින්සාවක් නැත්තම් කාටවත් බය වෙලා ඉන්න අවශ්යය නැහැ. ගම්මන්පිල වීරවංශ වැනි අයට උනත් ඉහත දැක්වූ බාල විදියට අාමන්ත්රනය කරන්නවත් සත්පුරවැසියන් වශයෙන් අපි කිසිවිටකත් කැමති නැහැ. අපි මෙහෙම ටිකක් හරි අාවේගශීලී වන්නේ හිතේ අමාරුව උහුල ගන්න තියෙන අමාරුවටයි. අපි හැමෝම කෙදිනක හෝ කොතැනකදී හෝ එකිනෙකාගේ ගුණ සුවඳ හඳුනාගෙන සන්හිඳියාවට පත්වන්නට ඕනා. 

වත්මන් ජනාධිපති තුමාට වෙලා තියෙන්නේත් ඔය අානිසන්සේමයි. දැහැමි ප්රතිපත්ති නිසා හතුරාටවත් හින්සනයක් කරන්න හිත් දෙන්නේ නැහැ. ඕකව නම් මරන්නමයි වටින්නේ කියල පෘතග්ජන සිතට අාවේගයට පත්වුන අවස්ථාවලදී හිතුනත් ඒ එක්කම මැවිල පේන්න ගන්නවා. අපේ හතුරා උනත් ඒ හතුරාගේ භාර්යාවන් දරුවන් එවන් අවස්ථාවලදී මොන තරම් දුකකට පත්වෙනවද කියල. මේව මේ විදියට හිතුවනම් හිටපු ජනපති තුමා කවමදාකවත් බෝම්බ ප්රහාරයකට ලක්වෙලා බඩවැල් දෝතින් ගෙන යුද්ධය අවසන් කර දුන් සෙන්පතියා අැදගෙන ගිහිල්ලා ජම්පරයක් අන්දා හිරේ දමා ඒ මනුස්සයාගේ භාර්යාවන් දරුවන් ඒ වගේ දුකකට පත්කරන එකක් නැහැ කවදාවත්.

ඒ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා හිටපු ජනපති වසර 10 ක් පුරා සෑම පෝයකටම අරලියගහ මන්දිරයේ අර කවදාවත් මූනේ හිනාවක් නැති උඬඟු බිරින්දැ සමග ලෝකෙටම පෙන්න අහපු බණ බොරු බව. නමුත් පහුගිය ජනාධිපතිවරන සමයේදී තමන්ට කරපු හින්සා පීඩා වලට වත්මන් ජනාධිපති තුමාත් පලි ගන්නට සිතුවානම් අද රාජපක්ෂ පරපුරක් නැහැ.. ඕංං 

අන්න ඒ නිසයි මලත් කමක් නෑ කියල සත්පුරවැසියා 2010 ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයා හිටපු යුධ හමුදාපතිවරයාට  රැස්වීමක්වත් පවත්වන්නට රාජපක්ෂ පාලනය ඉඩ අහුරාලද්දී කෘතගුණ සැලසීම උදෙසා තම ඉඩමේ ඒ පහසුකම ලබා දීල ජීවිතය පරදුවට තැබුවේ. අපි කොයි කාගේත් දරුවන්ට සැනසිල්ලේ ඉන්නට යුද්ධය අවසන් කර දීමේ ගෞරවයට.

ඒ නිසයි සත්පුරවැසියා ඉහත සඳහන් කල *(http://sobithawathara.blogspot.com/2016/01/blog-post_31.html) ලින්ක් එකේ අැති සටහනේ සඳහන්ව අැති සන්දේශය තම අත පලල උණු උණු රුධිරයෙන් අත්සන් තබල යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට යැව්වේ....

මේ එකක්වත් නොවේ සෝභිත හාමුදුරුවෝ ජනාධිපති, අගමැති තුමන්ලාටත් රට වැසියනටත් දන්වන්න කියල අාතූරයාගේ අාත්මය තුලට පිවිසිලා පැවසූ සුවිෙශ්ෂි කාරනය වන්නේ. 

කෙටියෙන් කියතොත් ප්රධාන මැතිවරන අවසන් වෙලා ජනතා තීන්දු ප්රකාශනය වෙලා ඒ කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොමැති නිසා තවත් වසරකට අාසන්න කාලයක් විවිධ කඹ අැදීම් සිදුකරමින් සිට අඩු තරමින් මීලඟ මහ මැතිවරනය දක්වා හෝ සම්මුතිවාදී අාණ්ඩුවක් ගොඩනගා ඒ ජනතා අභිලාෂයන් ඉෂ්ඨ කිරීම සඳහා වැඩ කටයුතු අාරම්භ කර අැති මොහොතකි මේ උදාවී අැත්තේ.

සියළුම පක්ෂ සහ ඒ නියෝජිතයින්ද ඒ සියල්ලන් සඳහා තම මතය ප්රකාශ කල කෝටියක් ඉක්මවූ ජන්ද දායකයින් තම පවුල් සාමාජිකයින්ගේ එකතුව ගත් කල්හි දෙකෝටිය ඉක්මවූ ජනමතයක් තමන් සැම වෙනුවෙන් රටක රාජ්යය පාලන තන්ත්රයක් විසින් ඉෂ්ඨ සිද්ධ කල යුතු මෙන්ම දැනටද කල් ඉක්මවී අැති බොහෝ කාරනා සඳහා මහත් අපේක්ෂා අැතිව මුත් නිහඬව බලා සිටිනා බව පාර්ලිමෙන්තුවේ 225 ක් දෙනාගෙන් 215 ක් දෙනාවත් මනා ලෙසද තීවෘර ලෙසද අප්රමාදවද අවබෝධ කර ගත යුතුව අැත.

ශ්රීලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ජන්ද දායකයාට පින් සිදු වන්නට පාර්ලිමෙන්තු පැමිනි ගම්මන්පිල,වීරවංශ,දිනේෂ්, වාසු,බන්ධුල, වැනි දෑතේ අැඟිලිවලින් ගනින්නට හැකි කීප දෙනෙකු පමනක් යුග ගනනාවක් ජීවිත, ශාරීරික අවයව සහ වස්තුව දේපල පවා අහිමි කර ගනිමින් අනේක දුක් විඳි රටක ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරව තම පෞද්ගලික සහ මිතුරු තොමෝලාගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනා දේශද්රෝහීන් කීප දෙනා පිලිබඳ තීරනයකට එලැඹිය යුතුව අැත.

උන්ට බොරු ප්රශ්න හදාගෙන ජීනීවා යන්න පුලුවන්නම් රටක පීඩිත ජනතාවටත් බැරිද ඊට වඩා වැඩි දේවල් කරන්න. ඒකෙන් කිසිවිටකත් අපි අදහස් කරන්නේ නැහැ ඉස්සර අඳුරු යුගවල වගේ මෙයාල ගැන බලා ගන්න එක පැය කාලකට පාෙලිසියට අැස් වහ ගන්න කියන්න කියල යහපාලන රජය මගින් ප්රශ්නවලට විසඳුම් දැකීමක්...

සෝභිත හිමිපානෝ අපූරු යෝජනාවක් කරනවා. එනම්.. සියළුම පක්ෂවලට තම සර්වජන ජන්ද බලය ප්රකාශ කරල තම අභිප්රායයන් ඉෂ්ඨ කර ගන්න ඒ සියලුම පක්ෂ නියෝජිතයින්ට ජනතාව විසින් බලය පවරලා තියෙන්නේ. ඒ නියෝජිතයින් ඒකරාශී වෙලා සම්මුතිවාදී අාණ්ඩුවක් හදල ඉවරයි දැන්. දැන් තියෙන්නේ ජනතාව වෙනුවෙන් පැවති ප්රමාදයන් දුරුවන ලෙස වේගවත් ගමනකට අවතීර්න වීම පමනයි. ඒ මග හරස් කරන්නට උත්සාහ කරනා ඕනම කෙනෙක් දේශද්රෝහියෙක් කියල කිව්වාට කිසිම වරදක් නැහැ. මන්ද යත් ශ්රීලංකානිදහස් පාක්ෂිකයාගේ ජන්දය කියන්නේ ඒක මහින්ද රාජපක්ෂට අයිති ජන්ද කියල අන්ධවිය යුතු නැහැ. සන්ධාන ජන්ද කියන්නේ වීරවංශට හෝ ගම්මන්පිලට හෝ සීය පප්පට හෝ 2500/- කින් මාසේ කන්න කියපු අාර්ථික විසේසඤ්ඥයාට හෝ අයිති ජන්ද නොවේ.

ඒ නිසා ඒ සැවොම පිලිගත යුතුයි පාක්ෂිකයා තමාගේ පක්ෂයට අැති කැමැත්ත නිසා දුන් ජන්දය දීල තියෙන්නේ කිසිදු දූෂිතයෙක්ව නීතියේ රැහැනින් බේරීමටවත්, කිසිදු මිනී මරුවෙක්ව වදකයාගෙන් බේරීමටවත් නොවේ තම සර්වජන ජන්දය පරමාධිපත්යය බලය අනුව තමන්ට සහ තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් සිදුවිය යුතු සේවා හරි හැටි සොයා බලා ඉෂ්ඨ සිද්ධ කිරීමට පමනි. ඒකයි එයාලට කියන්නේ ජනතා සේවකයින් කියල. ඔය සමහරු උතුමන් මෙතුමන් රජුන් අාර්යාවන් වෙලා බලයෙන් මත්වෙලා හිටියට. 

ඒ සේවය හරි හැටි ඉෂ්ඨ කරන්නටයි ඒ ජනතාවගේ මුදල්වලින් එයාලට සියළු සුර සැප විඳින්නට වැටුප් යාන වාහන අාරක්ෂාව කෑම බීම රට සවාරි කොමිස් මේ සේරම දීල තියෙන්නේ.

ඒ නිසා මෙයාල තවදුරටත් තම වගකීම් නිසි ලෙස අවබෝධ කර නොගෙන කටයුතු කරනවානම් සහ යහපාලන රජයට මේ පිලිබඳ නිසි තීන්දුවකට පැමිනිය නොහැකි තත්ත්වයක් පවතීනම් මේ වන විට අපේක්ෂා බංගත්වයට පත්වෙමින් සිටිනා ඒ ලක්ෂ 100 ඉක්මවූ ජන්ද දායකයාගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන් එකතුව ලක්ෂ 200 ක් ඉක්මවන අහිංසක  අපේක්ෂා තව දුරටත් සුන් නොකර ඒ අයගේ  අත්සනින් යුත් යෝධ පෙත්සමක් අත්සන් කරවා ජීනීවා ඔවුන් ගිය ස්ථානයටම යොමු කරවා හෝ මෙම ප්රශ්නයට ස්තිරසාර විසඳුමක් ලබා දී මෙම අනවශ්යය ප්රශ්න නිසා දවසින් දවස කඩා ඉහිරවෙන රටේ සහ ජනයාගේ අාර්ථිකය සහ ජීවිත නගා සිටුවීමට ඉක්මනින් පියවර ගන්නා ලෙස යෝජනා කර සිටිමු.

රටේ පැවති සියළුම දේශපාලන මත බහුතරයක් 100000/99999 ක බලයක් ලෙස ප්රකාශනය වී අැත. ඉතිරි සුළු ප්රතිශතය පමනක් ගෝත්රිකවාදී විය හැක. සීමිත ගෝත්රිකයින් පිරිසක් නිසා බහුතර ජනතාවකට පීඩාවට පත්විය නොහැක. බහුතරයක් ඒකරාශීව ගොඩනැගූ අාණ්ඩුවකට රට කිරීමට නොදී ඉතාමත් සීමිත ගෝත්රිකවාදීන් පිරිසක් බාධා සිදු කරයි නම් බහුතරයකයේ සුභ සිද්ධිය තකා මෙම ගෝත්රිකයින් සුදුසු කොලනියකට පිටුවහල් කිරීම හෝ ප්රජා අයිතිය අහෝසි කිරීම හෝ සිදු කල යුතුව අැත. නොඑසේව මෙම කරුමක්කාර තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඉස්සර කාලේ වගේ යතුරු පැදිවලින් පැමින වෙඩිතබා පලායෑම්, මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නැවත බිහිවීමට ඉඩ අැත. එවැනි තත්ත්වයන් 70 80 90 20 21 යන සියලු දශකයන් තුල අප අත්විඳ අැත. එවැනි අපරාධ නිසා ඉතාමත් වටිනා දේශපාලනක්ඥයින් පවා රටට අහිමිව අැත. එවන් අඳුරු යුග යලි කිසිදා අැති නොවේවා. මෝඩ ගෝත්රිකයින්ගේ නුවන පහල වේවා. යහපාලනයට අතහිත දී තමන්ට යස ඉසුරු ගෙනදෙන රටට ජනතාවට සේවය සලසත්වා.

අවසන් වශයෙන් කිව යුතු වන්නේ ජනාධිපති තුමන් ප්රකාශ කල සේ සංහිඳියාව සහ යහපාලනය යන වචන දෙකෙන් තොර අනාගතයක් අපිට කෙසේ වෙතත් අපි හැමෝගේම දරු මල්ලන් හට නොමැති බවයි.

ඒ නිසා බල තන්හාවෙන් අන්ධවෙලා සිටිනා ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියා ගන්නා අඤ්ඥාණවන්ත පිරිසට අවධාරනය කල යුතු වන්නේ අගමැති තුමන් පැවසූ සේ සාමයෙන් රැස්වී සාමයෙන් සාකච්ඡා වී සාමයෙන් විසිර යාමට පුරුදු පුහුනු වී සන්හිඳියාවට පත් නොවුවහොත් මතු අනාගතයේදී නැවත කිසිදා ඔයාලගෙ දරුමල්ලන් හට මේ රටේ දේශපාලනය කරන්න බැරි වේවි මරන බිය හැක නැතිව. ඒ නිසා අඩු තරමින් තම තමන්ලාගේ දරුවන්ටවත් අාදරයක් තියෙනවානම් එයාල වෙනුවෙන්වත් යහපාලනයට උරදී මේ රට හදන්න. එච්චරයි ඒ ගැන අපි අායි මුකුත් මතක් කරන්නේ නෑ....
කෝපයෙන් උනක් ඒ ටික කියෙව්වාට ඒකාබද්ධ පොදු විපක්ෂයේ ඔයාලට ගොඩාක් ස්තුතියී.
--------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේම ජනතාව වෙනුවෙන් ඉහත පෙත්සම් යෝජනාව ජනපති, අගමැති වෙත යොමුකර සිටිනා වගයි..








No comments:

Post a Comment