Thursday, March 24, 2016

මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී....



පුවතක් -

හයිඩ් පිටියේ රැළිය හෙවත් දාම් ලෑල්ලේ කළු ඉත්තන් සේම සුදු ඉත්තන්ද එක විට ඇදීමේ තනි වරය මෛත්‍රී මහින්දට ලබා දීම..! -වියන්ගේ වියමන

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.25, පෙ.ව‍.10.30)
http://www.lankaenews.com/news/3743/si
පුවතට එකතුවක්...
--------------------------------------------------------------------------------------------
මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී...

යුධ ජයග්රහනයටත් වඩා එහා ගිය ජනතා අපේක්ෂාවන් හදවත්  තුල සැඟව තිබුනු බව දේදුනු විප්ලවයේ ජයග්රහනයෙන් තහවුරු විය. එමෙන්ම පැවති දූෂිත පාලනයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගනිමින් සිටිනා ලක්ෂ 48 ක් වූ ඡන්ද පදනම වර්තමාන වන විට දෙදරා යමින් පවතින බවත් ඉතා හොඳින් දක්නට අැත. එසේම දේදුනු විප්ලවයේ ලක්ෂ 62 ඡන්ද පදනම ඉහල යමින් පවතින බවත් පවතින නිහඬතාවය ගම්යය කරයි. 

වත්මන් බුද්ධිමත් ඡන්ද දායකයාට දැන් අවශ්යය කර අැත්තේ පාට පක්ෂ නොව යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජ කරවන්නේ කවුරුන්ද... ඒ කවුරුන් හෝ විශ්වසනීයව එම උපේක්ෂාව තහවුරු කරනා බව පැහැදිලි නම් එපමනය. අන් කිසිවක් හෝ විකල්ප පිලිබඳ කල්පනා යොමු කිරීමට උගත් ජනයාට දැන් කිසිසේත් අවශ්යය නැත. 

ඒනිසා දශක ගනනාවක් තම ජීවිත අායුෂවලින් සහ පීඩාවන්ගෙන් දුක් විඳ හති වැටී සිටිනා ජනතාවගේ අහිංසක සිතුම් පැතුම් පිලිබඳ කිසිදු තැකීමක් නොමැතිව තවදුරටත් ඊනියා විප්ලවකාරීන් කටයුතු කරයි නම්... පවතින ජනතා හැඟීම් (හීට්එක) මනා ලෙස අවබෝධ කරගෙන වියන්ගොඩ සහෘදයා පවසනා  ‘පෙන්නුම් බයකින්‘ එහා ගිය වැඩපිළිවෙලකට යාමට ජනාධිපතිවරයා සමත් විය යුතුව අැති බව රට තුල පසක් වෙමින් පවතී...

සෝභිතාවතාර
2016/03/25

No comments:

Post a Comment