Saturday, January 30, 2016

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!

පුවතක්..!
-----------------------------------------------------------------
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!
(http://www.hot.gossiplankanews.com/2016/01/udaya-gammanpila.html)
-----------------------------------------------------------------
අමානුශිකවාදී පුවතට සත්පුරවැසියාගෙන් මානුශවාදී අාකල්පයක්.
-----------------------------------------------------------------
ඒක හරි කියමුකෝ දැනට ජානතාවාදී නොවන ලෙස හැදූ ඒ ව්යවස්ථාවේ අානුභාවය නිසා..!

නමුත් සංහිඳියාව අගයනවානම්.. මනුස්සකම තියෙනවානම් අනිකාටත් තමන්ගේ එකාට වගේ අාදරය කරන්න කරුණාව පාන්න පුළුවන්නම්, ඒ මිනිස්සුන්ගේ ලෙයින් දහඩියෙන් හැදූ, වැඩූ, නෙලූ තේ දළු, ලූණු, මිරිස්, බව බෝග අපි කාල, බීල තියෙනවානම් බැයිද.. අපිට හැම දෙයක් දිහාම ටිකක්වත් මානුශවාදීව බලන්න... උසස් මනසක් අැතිව උපන්න පිනටවත්.. මනුශ්‍යයින් වගේ හිතන්න.. ක්රියාකරන්න... මෘගයින් වගේ.. දඩබල්ලන් වගේ.. නොවී ඉන්න..!

මේ වගේ ප්‍රශ්නවලට තියෙන හොඳම උත්තරේ විශේෂ අවස්ථාවලදී ලෝකෙටම තේරෙන්න ජාත්යන්තර භාෂාවකිවන් කිව්වනම් ගම්මන්පිල මොකක් කියයිද දන්නෑ.. 

සත්පුරවැසියා සෝභිතාවතාර වෙනුවෙන්..

Wednesday, January 27, 2016

සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

පුවත්.... (2016/01/26)


සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල

 කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

-----------------------------------------------------------------

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා කළ ආරම්භක උද්ඝෝෂණයේ සේයාරූ


(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය.......
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3413/si
------------------------------------------------------------------------------------------------------------------------------
යහපාලන දරුවාට විශ්වයෙන් පනිවිඩයක්

මේ සම්බන්ධයෙන් සෝභිතාවතාර අඩවිය ඔස්සේ කිනම් අදහසක් ජනගත කල යුතුදැයි විමසා සත්පුරවැසියා විශ්වයට පනිවිඩයක් නිකුත් කරන්නට යෙදුනි..

ඊට පිලිතුරු ලෙස අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවධාරනය කල කාරනා පහත සටහන්ව අැත.

මඳක් කෝප සහගත මුහුනින් යුතුව උන්වහන්සේ පවසා සිටින්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ කාලාන්තරයක් පුරා සිදුවුනු මෙවන් බොහෝ නොවිසඳුනු කරුනු කාරනා නමැති ඝර්භය තුල මෝරා වැඩුනු... පීඩාවට පත් ජනීජනයා නමැති.. පීතෘත්වය විසින් සහජාත කල යහපාලන කලලය මෙලොවට බිහිව අැත්තේ බලකිරීම් බලන්නට නොව ඉෂ්ඨකිරීම් සිදු කිරීමට බවයි..

එනිසා උන්වහන්සේ විශ්වයේ සිට බලා හිඳිනුයේ යහපාලන දරුවාගේ වැඩීමත් සමග අපේක්ෂිත නිස්චිත කාරනා පිලිබඳ ඉල්ලීම් හෝ බලකිරීම් සිදුවන තුරු බලා නොසිට දින පොතකට හෝ කැලැන්ඩරයකට අනුව අදාල කර්තව්‍යයයන් නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගත යුතු බවයි. ඉන් ඔබ්බට විසුරුනු විකල්පයක් යහපාලනයට තිබිය නොහැකි බවනම් ඉතාමත් දරුනු විලාසයකින් යුතුව පවසා සිටියේ සත්පුරවැසියාද බියට පත්කරවමිනි...
----------------------------------------------------------------------
මේවට කවුරුවත් අහිංසක මා සමග විරසක වන්නට නම් එපා උන්වහන්සේගේ ගති ස්වභාවය මට වඩා හොඳට සියල්ලෝම දන්නවානේ...

ස්තුතියී.
සෝභිතාවතාර පනිවිඩය ජනගත කල මා සත්පුරවැසියායි..


Sunday, January 24, 2016

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

පුවත්.... (2016/01/24)


සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

-------------------------------------------------------------------------------------------------------------------------------------------

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්..

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/seya-sandewmis-mother-speaks.html

----------------------------------------------------------------------------------------------------------
(සේයා/සේරා) (Seya/Sara) පොල්කිරි ලාබයි
-----------------------------------------------------------------------------------------------------------
මෙම සෝචනීය කාරනය සම්බන්ධයෙන් මා තුල කැකෑරුනු කාරනය සමාජගත කිරීමට අවස්ථාවක් ලැබීම වෙනුවෙන් අදාල මාධ්‍ය සහෘදයින් වෙනුවෙනුත්, ගොසිප්ලංකා වෙබ් අඩවියටත් පුවත් පතට අදහස් දැක්වූ අගතියට පත් සේයා දැරියගේ මෑණියන් හටත් ඉතාමත් ස්තූති වන්ත වෙමි.

මෙම සංවේදී කාරනය වෙනුවෙන් සමස්ථ සමාජයම ඉදිරියේදී මේ වෙනුවෙන් නැගී සිටින්න කියල මම අායාචනය කරනවා...

අගතියට පත් මෙම පවුල විනාශයෙන් ප්‍රපාතයට අැද වැටෙද්දී විකුනන්ඩ පුළුවන්නම් මීනී මස් හරි විකුනන් කන අපේ සමහර ව්‍යාපාරික ප්‍රජාව අදාල අපරාධය සිදුවූ වකවානුව තුල මෙම දැරියගේ නමට ඉතාමත් අාසන්න නමක් පිලිබඳ මහා ප්‍රචාරනයක් ගෙනගොස් පසුව ඒ නමින් පොල්කිරි පැකට්ටුවක් වෙළඳ පලට පිවිසියේය. මේවාට කියන්නේ තුච්ච වැඩ කියලයි. උනදේ වෙලා ඉවරයි හැබැයි මේ විකුනන සෑම පොල්කිරි පැකට්ටුවකින්ම අඩුම තරමින් රුපියලක්වත් මෙම අායතනය (සේයා/සේරා) දැරිය වෙනුවෙන් වෙන් නොකලහොත්..!
ස්තුතියී.
සෝභිතාවතාර... 

අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...

අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...

හොල්මන් සහ අවතාර...


                           

මේ ලෝකයට ආ කිසිවෙක් සදාකාලික ජීවිතයකට උරුම කම් නොකියති... යම් දවසක ඔහු/ ඇය ආදරය කල සියල්ල හැර දා කිසිවෙකු නොදන්නා ගමනක් යාමට ඔහුට/ ඇයට සිදු වේ.. 



ඒ නමුත්.......
 මේ ලෝකයට බැඳ තබන බැමි සියල්ල ලිහාගැනීමට අසමත් වූ, නොඑසේ නම් මෙලොව කිරීමට තිබුණු රාජකාරි සියල්ල ඉටු කිරීමට අපොහොසත් වූ අය සිය භෞතික කය ඇතිව හෝ නැතිව මෙලොව හැසිරෙන බවට නොයෙක් සාක්ෂි ඉදිරිපත්ව ඇත... සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන් හඳුන්වනුයේ...
                                 ........අවතාර නමිනි....

අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...
http://angaharuwa.blogspot.com/2014/05/blog-post.html
http://www.lankadeepa.lk/index.php/articles/17928
https://www.google.lk/url?http://ruwitha.blogspot.com/2011/12/blog-post_2699.html
http://www.sithmalyaya.com/index.php?page=buddhist&cat=other&id=156
http://holmandisti.blogspot.com/

සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!

පුවත්.... (2016/01/24)

--------------------------------------------------------------------------------------------------

ප්‍රගීත් එක්නැලිගොඩ..! ඔබ නැතිව ඔබත් එක්ක අදට වසර 6 යි..!! 26 දින මතක ආවර්ජනයට එන්න..!!!


(ලංකා ඊ නිව්ස් -2016.ජන.24, පෙ.ව.7.45) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අදට පුරා වසර 6 කි. 2010 ජනවාරි 24 වෙනිදා රාත්‍රී 7.30 ටපමණ අවසන් වරට එවක රාජගිරියේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටව ගිය ඔහු අද දක්වා යලි පැමිණියේ නැත. 
ගිරිතලේ හමුදා කඳවුරේ මිනීමරු හමුදා නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව අද වන විට හෙලි වී තිබේ....
----------------------------------------------------------
-----------------------------------------
---------------------
..... මේ අතර ප්‍රගීත් ද පුරෝගාමී වී 2010 දී බිහිකළ ජාතික විද්වත් මණ්ඩලය විසින් ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් වැඩ සටහනක් අනිද්දා එනම් ජනවාරි 26 වෙනිදා සවස 3.00 ට කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක්නැලිගොඩ මතක ආවර්ජනා කිරීමට ප්‍රගීත්ගේ හිතවතුන්ට එදිනට එහි එන්නැයි සංවිධායකයෝ ආරාධනා කරති. 
ප්‍රගීත්.., ඔබ නැතිව ඔබත් එක්ක, ගෙවූ වසර 6 තුල සිටි ලංකා ඊ නිව්ස් පාඨකයන් හිතවතුන් සහ කාර්ය මණ්ඩලය ඔබට වින කළ අවසාන අපරාධ කරුවාටද දඬුවම් දෙන තුරු සටන අත් නොහරින බව දිව්රා කියන්නෙමු..! 
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3397/si

--------------------------------------------------------------------------------------------------
සටහන...
සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!
මෙම කාරනය අැතුළුව මෑත අතීතයේ සිදුවූ විවිධාකාරයේ වූ අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් අවස්ථාවක සිට නිසියාකාරව එක දිගට නීතිය ක්‍රියාත්මක වන බව සෝභිතාවතාරය ඉර්ධියෙන් ඉඟි පල කරනා මුත් ඒ කවදාද කුමන අවස්ථාවේදැයි පැවසීමට දැන්ම කාලය නොවේ යයිද අවධාරනය කර සිටීයී...

අපි බලා සිටිමු සෝභිතාව‍තාරය ඉඟි පලකරන්නේ අැත්තක්ද.. විහිළුවක්ද කියා..!
----------------------------------------------------------------------------

Saturday, January 23, 2016

වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර., ජනපති පුවතට සත්පුරවැසියාගෙන් පිලිතුරක්..!

පුවත්.... (2016/01/23)


--------------------------------------------------------------------------------------------------

සිරිසේනගෙන් ‘ගං මුගටි‘ කතාවක්..! ‘වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර., මම නං ඕවා බලන්නේ නෑ..!! කැලෑ පත්තර බලනවාට වඩා වෙන වැඩ තියෙනවා..!!!‘ -මුල අමතක ජනාධිපති සිරිසේන බීබීසියට කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.5.45) වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිත කිරීම බවත් වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත. “මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා“ යි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ. 
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.lankaenews.com/news/3394/si
---------------------------------------------------------------------------------------------------------

ඉහත පුවතට පිලිතුරක්...

ජනාධිපතිවරයා බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී.....

ඉහත පුවත සහ ඒ තුල සැඟව අැති විරසකය සම්බන්ධයෙන් පාඨක ප්‍රජාව විදියට අපගේ කිසියම් ප්‍රමානයක මැදිහත් වීමක් සිදු නොකලහොත් එය අරබුදයට පත්ව සිටිනා සියළු පාර්ශවයන් හට කරනා අකෘතඥ කමකි. එනිසා සාධාරන සමාජයක් තුල පැවතිය යුතු සංහිඳියාව උදෙසා අපවත්වී වදාල ගරුතර සෝභිත මාහිමිපානන් වෙනුවෙන් සාම දූතයකු නැතහොත් දුක් ගන්නා රාල වීමට මෙහිදී සත්පුරවැසියා කල්පනා කලෙමි. නොඑසේ උවහොත් සැබවින්ම මැරුවත් අැත්ත කියනා ඊනිව්ස් මෙහිදී කලකිරුනහොත් ඒ සියළු පාඩු සමස්ත තිත්ත අැත්ත සොයනා ජනතාවටමය..  

ප්‍රථමයෙන් ඊනිව්ස් කාර්යය මණ්ඩලය ජනාධිපති තුමන්ගේ ඉහත විවේචනය තම අඩවියම ඉලක්ක කර සිදු කරන ලද්දක් බව නොගත යුතු මනාය. මන්ද යත් ජනාධිපති තුමා සේම ඊනිව්ස්ද...
---------------------------------------------------------
(වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිතා කිරීම බවත් වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.“මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා“ යි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ)
---------------------------------------------------------
.... ඉහත නිදහස භාවිතා කර සිදුකරනා අශීලාචාර වෙබ් අඩවි ප්‍රචාරන බලන්නේද නැත. බලන්නට වෙලාවක්ද නැත. ඊට වඩා වටිනා වැඩ ඊනිව්ස් හටද බොහෝ අැත. එම නිසා මෙම චෝදනාව ඊනිව්ස් භාරගැනීම අවශ්‍ය නැත.

නමුත් අවධාරනය කල යුතු වන්නේ 2015 ජනවාරි 8 ට පෙර සිට ඊනිව්ස් නොසිටියානම් දේදුනු විප්ලවයේදී සමහර නිර්පාක්ෂික ප්‍රජාවගේ නොඅවබෝධය නිසා ඡන්ද ප්‍රකාශනයෙහි යම් රිනාත්මක වෙනස්කම් සිදුවිය හැකිව තිබුනු බවය. එකල ඊනිව්ස් ලංකාව තුල බැලීම වලකා තිබුනු නමුත් යමක් කමක් දත් මෙන්ම තමන් සොයනා සත්‍යය කෙසේ හෝ සොයා ගන්නා සවිඥ්ඥානිකයින් ලංකාව තුල හිඳිමින්ම තාක්ෂනිකව අන්තර්ජාලය ඔස්සේ වෙනත් රටවලට පිවිස රහස් මාර්ග ඔස්සේ ඊනිව්ස් අඩවියට පිවිස නිසි තතු දැන ගන්නට සමත් විනි. ඒ වගේම මව් රට වෙනුවෙන් ඊනිව්ස් ද තම කාර්යය භාරය පිටරටවල හිඳිමින් නොපිරිහෙලා අපගේ සෝභිත හිමිපානන් සේම ජීවිත පූජාවෙන් ඉෂ්ඨ කලේය. සැබවින්ම දේදුනු විප්ලවයේදී නම් ඊනිව්ස් දසමහා යෝධයින්ගේ කාර්යය භාරය ඉටුකල බවනම් නොමඳ ගෞරවයෙන් සිහිපත් කල යුතුමය. එම නිසා අපගේ වැටහීමේ හැටියට අදාල ප්‍රකාශයේ පවතින වචන කීපයක අඩුව හේතුවෙන් එය තමන් ඉලක්ක කොට සිදුකරන ලද්දක් බව ඊනිව්ස් සැලකිල්ලට නොගත යුතු මනාය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ/හෝ එතුමන්ගේ අාසන්නතමිකයින්... ඊනිව්ස් නොබලා නොමැති බව එතුමන් සිදුකල සමහර කතිකාවත් තුලින් පිබිඹිඹුව අැත.

නමුත් මෑතක සිට ජනාධිපති වරයා හෝ එතුමන්ගේ මාධ්‍ය ඒකකය සමග ඊනිව්ස් කිසියම් විරසකයක් හෝ නොඅවබෝධයක් නිසා හෝ මේ අතර අපට නොපෙනෙනා තවත් පාර්ශවයක් විසින් බේදබින්න අැති කරලීමේ අදිටනින් සිදුකරන්නා වූ කුමන්ත්‍රනයක් නිසා හෝ 100% ම නිවැරදි නොවන සමහර පුවත් ඊනිව්ස් තුලින් ප්‍රචාරනය වීම නිසා කිසියම් අරෝඅරාවක් පවතින්නේදැයි නිරන්තරව ඊනිව්ස් බලනා පාඨක අප හට සැකසාංකා අැතිවූ වාර අනන්තය. 

එමෙන්ම සමස්ථ ඊනිව්ස් පාඨක අප හට ඊනිව්ස් පාලනාධිකාරිය වෙත පෙන්වා දිය යුතුව අැති සුවිශේෂී කාරනාවක් අැත. එනම් ඊනිව්ස් යනු නිර්භීත ලෙස පාඨක ප්‍රජාව වෙත උණුසුම් පුවත් ඉතාමත් රැඩිකල් ස්වාභාවයෙන් ඉදිරිපත් කරනා සමාජ මාධ්‍ය  අඩවියකි. ඒ නිසාම ඊනිව්ස් වෙත නාමිකව හෝ නිර්නාමිකව ලිපි සපයන්නා වූ සමහර අය අතින් සිතා මතාම හෝ සිංහයින් වීමට සිතා හෝ දුරදිග නොසිතා නොසොයා සපයන්නා වූ යම් යම් පුවත් නිසා සමහර පාර්ශවයන් හට අගතීන් සිදු උනු අවස්ථාද නැතිව නොවේ...
මේ අතරින් වත්මන් ජනාධිපතිවරයා සුවිශේෂී ඉලක්කයක් විය.

එම අදහස ඊනිව්ස් වෙතින් ප්‍රතික්ෂේප උනත් නොවුවත් පාඨක අපගේ අවබෝධය නම් එයම විනි..!

කෙසේ වතුදු ඊනිව්ස් සේවාව කාලාන්තරයක් පුරා අතිමහත් සමාජ මෙහෙවරක් ඉටු කර අැති අගතියට පත් ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටි ලාභ අලාභ කීර්ති ප්‍රශංසා පිලිබඳ කිසිඳු අපේක්ෂාවක් අැතැයි නොසිතෙන නිර්ව්‍යාජ මාධ්‍ය ජාල අඩවියක් බව අවිවාදයෙන් නැවතත් පසක් කරමු. ඉතිහාසය තුල අප ලබා අැති අත්දැකීම් අනුව නායකයින් සහ පාලකයින් විශ්වාසය පලුදු කල දා අවිහිංසක ජනතාවගේ පිහිටට හිටියේ ඊනිව්ස්ය. එබැවින් යම් ලෙසකින් අනපේක්ෂිත සුනාමියකින් හෝ අපට වත්මන් යහපාලනයද අහිමි උවහොත් නැවතත් පිහිටට සිටිතැයි විශ්වාසය පල කල හැක්කේ අන් කිසිවකුදු නොව ඊනිව්ස්ම පමනකි.

එදිනට අැත්ත වශයෙන්ම මේ අහිංසක දරුපවුල්කාර සත්පුරවැසියා පවා තම ජිවිත අවධානම තකා මුනිවත රැකීමට ඉඩ අැත...!

යමපාලන යුගයේදී සමහර ඊනිව්ස් පාඨක ප්‍රජාව මොන තරම් බයෙන් රහසින් ඊනිව්ස් බැලුවේද යත් (ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.)යන අායාචනය වෙනුවෙන්වත් ඊනිව්ස් වෙත මූල්‍යය දායකත්වයක් අාධාරයක් උපකාරයක් කිරීමට පවා බිය වූයේ අදාල ගෙවීම් තුලින් හෝ තම අන්‍යතාවයන් පිලිඹිඹු වේයයි යන ප්‍රාණ බිය නිසාය. ඒ හුඹස් බිය අදටත් ප්‍රජාව තුලින් නොවියැකීව පවතින්නේ යමපාලනය තවමත් සමාජය තුල හැලහොල්මන් කරනා බැවිනි. 

ඊනිව්ස් ලංකාව තුල මෙහෙයුම් සිදුකල වකවානුවේදී පැවති යමපාලනය තමන් හට සිදු කල විනාශය සහ අලාභ හානි පිලිඹඳ කිසියම් දුක්ගැනවිල්ලක් දේදුනු විප්ලවය ජයගත් මුල් වකවානුව තුල ඔවුන් විසින් තම අඩවිය ඔස්සේද ප්‍රචාරනයක් සිදුකලා යැයි මට කිසියම් මතකයක් අැතුවා/නැතුවා වගේය.

නමුත් අදටත් නිතිපතා නොවරදවා දිනකට වාර කීපයක් දැන් කුමක් සිදුව අැත්දැයි කියා ඊනිව්ස් බලනා සත්පුරවැසියාට නම් යහපාලන රජය මගින් සිදුකල යුග මෙහෙවර උදෙසා ඊනිව්ස් වෙත කල ස්තූතියක් හෝ අඩුතරමින් අදාල සිද්ධිය වෙනුවෙන් පරීක්ෂනයක් සිදුකරනා බව හෝ ප්‍රකාශනය වනු නොදැකීම කණගාටුවට කරුණකි. නමුත් ඒ උණුසුම් කාල පරිජ්චේදය තුල අතපසුව ගියද තම ඉල්ලීම දිගින් දිගටම මතුකලා නම් යහපාලනය තුලින් යම් සාධාරනයක් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට ඉඩ කඩ නොතිබුනා යැයි සිතිය නොහැක්කේ යහපාලනය හිටපු යුධ හමුදාපති  වරයාට කෘතගුණ සැලකූ අාකාරය දුටු නිසාය.

නමුත් මෙහිදීද ඊනිව්ස් ගති සෝභාව පිලිබඳ යම් අවබෝධයක් අැති මා හට සිතුනේ ඊනිව්ස් අඬ අඬ කිසිවකු පසු පස යන්නේ නැහැනේ යන්නයි...

සැමටම ස්තුතියී.

විරසකකම් පහවේවා. සංහිඳියාව රජ වේවා. රටට ජාතියට සාමය, සතුට, සෞභාග්‍ය උදාවේවා, ඊනිව්ස් කාර්යය මණ්ඩලයටත්, ජනපති, අගමැති අැතුළු යහපාලන රජයටත් දීර්ඝායු වේවා. තුණුරුවන්ගේ සරනයි. සියළු දෙවි රැකවරනයි. 

නැවතත් ස්තුතියී. සත්පුරවැසියා මුළු රටම වෙනුවෙන්...