Sunday, January 24, 2016

සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!

පුවත්.... (2016/01/24)

--------------------------------------------------------------------------------------------------

ප්‍රගීත් එක්නැලිගොඩ..! ඔබ නැතිව ඔබත් එක්ක අදට වසර 6 යි..!! 26 දින මතක ආවර්ජනයට එන්න..!!!


(ලංකා ඊ නිව්ස් -2016.ජන.24, පෙ.ව.7.45) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අදට පුරා වසර 6 කි. 2010 ජනවාරි 24 වෙනිදා රාත්‍රී 7.30 ටපමණ අවසන් වරට එවක රාජගිරියේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටව ගිය ඔහු අද දක්වා යලි පැමිණියේ නැත. 
ගිරිතලේ හමුදා කඳවුරේ මිනීමරු හමුදා නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව අද වන විට හෙලි වී තිබේ....
----------------------------------------------------------
-----------------------------------------
---------------------
..... මේ අතර ප්‍රගීත් ද පුරෝගාමී වී 2010 දී බිහිකළ ජාතික විද්වත් මණ්ඩලය විසින් ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් වැඩ සටහනක් අනිද්දා එනම් ජනවාරි 26 වෙනිදා සවස 3.00 ට කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක්නැලිගොඩ මතක ආවර්ජනා කිරීමට ප්‍රගීත්ගේ හිතවතුන්ට එදිනට එහි එන්නැයි සංවිධායකයෝ ආරාධනා කරති. 
ප්‍රගීත්.., ඔබ නැතිව ඔබත් එක්ක, ගෙවූ වසර 6 තුල සිටි ලංකා ඊ නිව්ස් පාඨකයන් හිතවතුන් සහ කාර්ය මණ්ඩලය ඔබට වින කළ අවසාන අපරාධ කරුවාටද දඬුවම් දෙන තුරු සටන අත් නොහරින බව දිව්රා කියන්නෙමු..! 
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3397/si

--------------------------------------------------------------------------------------------------
සටහන...
සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!
මෙම කාරනය අැතුළුව මෑත අතීතයේ සිදුවූ විවිධාකාරයේ වූ අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් අවස්ථාවක සිට නිසියාකාරව එක දිගට නීතිය ක්‍රියාත්මක වන බව සෝභිතාවතාරය ඉර්ධියෙන් ඉඟි පල කරනා මුත් ඒ කවදාද කුමන අවස්ථාවේදැයි පැවසීමට දැන්ම කාලය නොවේ යයිද අවධාරනය කර සිටීයී...

අපි බලා සිටිමු සෝභිතාව‍තාරය ඉඟි පලකරන්නේ අැත්තක්ද.. විහිළුවක්ද කියා..!
----------------------------------------------------------------------------

No comments:

Post a Comment