Sunday, June 17, 2018

2020 ජනාධිපති බිල්ලෙක් මවමින් නීතිය සහ ජනතාව මුලා කරනා ගෝඨා/රා ගැනයි.



ඇමරිකාවේ පදිංචිව සිටිමින් මේ රටේ ගෝත්‍රිකවාදී අබුද්ධික ජනතාවගේ දැන ගැනීම පිණිස ඊනිව්ස් වෙබ් අඩවිය මගින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වූ පැහැදිලි කිරීම සිදුකළ ලියුම්කරුට දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවගේ උත්තමාචාරය ප්‍රථමයෙන් පුදකර සිටිමු.

අඩි 6ක් පොළොව යට වැළලීමට හෝ ගිරිතලේ මුහුදු පතුල බැලීමට අකමැති කිසිවෙකු යළි මේ රටේ කිසිදාකත් කිසිදු මැදමූලන රාජපක්ෂ වරයෙකු රාජ්‍ය පාලනයට පත් වන්නට ඉඩ නොතැබීම නියතය.
ඒ බව ඉතා හොඳින් රාජපක්ෂවරුන් සහ ඒ දූෂිත නඩය නොදන්නවාද නොවේ.
නමුත් රටේ හැඟීම් වලින් තීරණ ගන්නා අබුද්ධික අවිහිංසක බහුතර ජනතාව ඉතා පහසුවෙන් රැවටිය හැකි බව මේ සටකපට පිරිවර ඉතා හොඳින් දන්නා නිසා ඉහත කී සියලු ක්‍රියාකාරකම් වල ඔවුන් දිගින් දිගටම යෙදී සිටිමින් රට අරාජික තත්ත්වයට ඇද දමමින් 2020 ඊළඟ මැතිවරණය සම්බන්ධයෙන් රට හමුවේ ජනාධිපති බිල්ලෙක් මවා පාමින් කල් මරනු ලබයි.

මොවුන් එසේ කරනු ලබන්නේ නැවත රාජපක්ෂවාදී යුගයක ජනාධිපති බිල්ලෙක් බොරුවට මවා පා නීතිය සහ රාජ්‍ය නිලධාරීන් බිය ගන්වමින් උන්ගේ දූෂණ සහ අපරාධ නඩු යටපත් කර ගැනීමේ අභිප්‍රාය ඉටු කර ගැනීමටය.

එම නිසා 2015 ජනවාරි 8 සෝභිත මාහිමිපාණන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ජනතාව මේ රටේ නිර්පාක්ෂික නිර්භීත නීති විශාරදයන් සහ ඉහත ලියුම්කරු ඇතුළු ඊ නිව්ස් වෙතින් ඉල්ලා සිටිනුයේ තම මවුරට දමා පලා ගොස් ඇමරිකාවේ පුරවැසි භාවය ලබා සිට දැන් නැවතත් තමන්ගේ සහ තම පරපුරේ දුෂ්ට යටි අරමුණු ඉටුකර ගැනිම උදෙසා නූල් සූත්තර දමනා මෙම ඇමෙරිකානු පුරවැසියා පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දැනුවත් කොට මේ වන විට කරුමයක්ව ඇති රාජපක්ෂ භීෂණයෙන් රටත් ජනතාවත් අනාගත පරපුරක් බේරා ගන්නා ලෙසය.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

Monday, June 11, 2018

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්.... සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි. නිර්පාක්ෂික සෝභිතාවතාර 2018/06/11

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්....

සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි.
නිර්පාක්ෂික 
සෝභිතාවතාර
2018/06/11


ඊ්නිව්ස්හි මෙම පුවතෙහි දැක්වෙනා පහත සඳහන් ඡේදය සම්බන්ධයෙන් තම ඊනිව්ස් පාඨක ප්රජාව සහ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනයාගේ දැන ගැනීම පිනිස ඒ පැවසූ වදන්හි පවතිනා සත්යය අසත්යය තාවය සම්බන්ධයෙන් සම්පූර්න පැහැදිලි කිරීමක් සිදු කල යුතු වීම ඊනිව්ස්හ කර්තෘ සඳරුවන්ගේ පැහැර නොහැරිය යුතු අත්යාවශ්යය වගකීමකි.
නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා සිටිනා වගයි. ===========================================
බැසිල්ගේ ප්රකාශයේ ඊනිව්ස් වගකීම....

“හලෝ කුඹුරු ගොඩ කිරීම නීති විරෝධී බව තමුසෙ දන්නෙ නැද්ද? නීති විරෝධී දේට මං කවදාකවත් අවසර දීලත් නෑ, දෙන්නෙත් නෑ… තමුසෙ දැන් ඕන කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුවට මට ප්‍රශ්නෙකුත් නෑ. මට ජනාධිපති හීනත් නෑ. තමුසෙට ඔය ෆ්‍රීක්වෙන්සි දුන්නෙ චන්ද්‍රිකා. තමුසෙ චන්ද්‍රිකාටත් ගැහුවා. තමුසෙ ඔය කළු සල්ලි හම්බ කෙළේ කොහොමද කියලා අපි දන්නවා. අපි හොයන්න ගියේ නෑ. මං කරන්නේ දේශපාලනයක්.. මං ඉදිරියේදිත් කිසිම නීති විරෝධී දේකට තමුසෙලාට නොවෙයි කාටවත් උදව් කරන්නෙත් නෑ. මගේ දේශපාලනයට තමුසෙලා ගහන්න එන්නත් එපා.” යි ආදී වශයෙන් කිසිවෙකු නොසිතූ පරිදි බැසිල් රාජපක්ෂ ‘මල්ටි බැසිල් ප්‍රහාර’ එල්ල කරන්නට විය.
එතැනින් කතාව ඇද ගත් බැසිල් රාජපක්ෂ මෝටාර් උණ්ඩ වලින් පටන් ගෙන ‘මල්ටි බැසිල් ප්‍රහාර’ දක්වා සිය වාග් ප්‍රහාරය උත්සන්න කෙළේය.

මේ සම්පූර්ණ සිද්ධිය වෙද්දී එම මේසයේ සිටි මහින්ද රාජපක්ෂ බැසිල් වැළැක්වීමට ගියේ ද නැත.

මෙම FaceBook පිටුවට පිවිසෙන්න... සියල්ල දැනගන්න...
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1902382339826922/?type=3
==========================================


Sunday, June 10, 2018

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...
විදෙස් රටක නම් සුදුස්සාට රැකියාව ලැබෙන්නේ
දුරකතන පනිවිඩයෙකිනි
නමුත් මේ රටේ තරම දැනගන්න ඉහත වීඩියෝව බලන්න...
 අහෝ...
නිදහසේ ඛේදවාචකය...
නිර්පාක්ෂික සෝභිතාවතාර

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

මෙකියනා.. නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල රටේ පාලනය භාර ගත් සිංහල නායක නායිකාවන්ගෙන් ගෙන්   සම/හරක් පාලකයින්    නිසා මේ වන විට යලිත් මේ රට විදේශිකයිනට සින්නක්කරවම හිමිවනා තරම් වූ ණය උගුලකට හසුවී අැත.

රටේ සමස්ත අනාගත පරපුරේත් වර්තමාන ප්රජාවගේ ජීවිතයනුත් සාේදාපාළු කර දැමූ මෙම ණය කන්දරාවෙන් වැඩි ප්රතිශතයක් ලගු වන්නේ සිදුකර අැති නාස්ති,සොරකම් සහ දූෂන අක්රමිකතා  වෙනුවෙන් බව මේ වන විට පසක් වෙමින් පවතී.

තත්ත්වය එසේනම් ලත් නිදහස වෙනුවෙන් රටේ අවිහිංසක, අදූෂිත, සබුද්ධික ජනයාට ඉන් සතුටු විය හැකිද...

සුද්දා පාලනය කලා නම් අඩු තරමින් සුදුස්සාට සුදුසු තැනවත් හිමි වන්නට තිබුනි.

නමුත් නිදහසින් පසු මේ රට පාලනය කරන්නන්ගෙන් බහුතරයක් නිසි අධ්යාපන සුදුසු කමක්වත් සපුරා නොමැති රස්තියාදුකාර වනචරයින් හට දොරටු විවර වනා පරිසරයක් නිර්මානය කල  නායකයින් හට නම් ශාප විය යුතුමය.
https://www.facebook.com/sunimal.return/videos/768202880049208/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමගින්...
2018/06/10
==============================================
උපුටා ගැනීම....
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 69ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.
https://t.co/kvXFxr1QSp

ජාතික නිදහසේ ඉතිහාසය 1948

        අසංක බණ්ඩාර
දිනමින පුවත්

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

==========================================================
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන්ට චම්පික කියයි
Lankaenews
last Sunday
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.03, ප.ව.11.45) හතරවන කාර්මීකරණය සමග නවෝත්පාදන තරඟ පිටිය ජයගත යුතුම බවත් පැරණි චින්තනයෙන් තොර කුසලතා පූර්ණ නව පරපුරක් අනිවාර්යයෙන්ම බිහි කළ යුතු බවත් ඒ සමගම රටක් ආර්ථික වශයෙන් දියුණු කළ යුතු නම් ඒ රටේ සාපේක්ෂ වාසිය කුමක්දැයි හඳුනාගත යුතුම බවත් ඇමැති චම්පික රණවක පැවසීය. මහනුවර නගරයේ සංවර්ධන සැලැස්ම මූලික කර ගත් සමස්ථ ශ‍්‍රී ලංකාවේ ස්ථාවර සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන විද්වත් කතිකාව ‘මෙගා මයින්ඩ්’ පසුගිය දා මහනුවර ග‍්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැත්වූ අතර මේ සඳහා මහනුවර දිස්ත‍්‍රික්කය ආවරණය කර ගනිමින් සහභාගීව සිටි විද්වතුන් 1,100 ක් හමුවේ ඇමැතිවරයා මේ බව අවධාරණය කෙළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
See Less
https://www.facebook.com/lankaenews/videos/1894042680660888/============================================================
ඉතිහාසය පුරාම සහ පවතිනා දේශපාලනික අධිකාරීන්ගේ බල අරගලය හමුවේ හරි හෝ වැරදි තීරන නිසා මේ වන විට රටතුල පවතිනා ගැලපෙනා කෙසේ වෙතත් නොගැලපෙනා අාර්ථිකයේ සාපේක්ෂ වාසිය මගින් පවතිනා අාර්ථික වටපිටාව කල යුතු වෙන අන් මගක් දැනට නොමැති නිසා සුරක්ෂිතව පවත්වාගෙන යන අතරතුරදීම... කොයි මෙහොතකදී හෝ අභියෝගයට ලක්විය හැකි මෙම අැඟළුම් කර්මාන්තය වෙනුවට හෝ ඊට සමගාමීව සමාන්තරව පවත්වාගෙන යාහැකි අපට සහ රටට අනන්යය වූ අපට අාවේනික ස්වභාවික සම්පත් උපයෝගීත්වයෙන් ගොඩ නගා ගැනීමට උත්සුක විය යුතුමය.


ඒ සඳහා අවශ්යය කරනා මිනිස් ශ්රමයට සරිලන අාර්ථික වටිනාකම ගෙවූවද... ස්වාභාවික සම්පත් සහ බාෙහෝ අපද්ව්යද භාවිතයෙන් ඉතා ඉහල මට්ටමින් රටේ අාර්ථිකයට දායක කරගත හැකි කර්මාන්ත බොහෝ සේ පැවතියත් ඒවා පසෙකලා ඒවා පිලිබඳ තුට්ටුවකට හෝ මායිම් නොකාෙට ජාත්යන්තරය හා සබැඳි කොමිස් ගනුදෙනු සහිත විදික්රම පිටුපස පමනක් අප රටේ දේශපාලකයා හඹා ගියා මිස රට නගා සිටුවීමේ කිසිදු උත්සාහයක නොයෙදීම රටේ ජනතාවගේ අභාග්යයයි.



මෙවන් වූ යෝජනා සිදු කල අවස්ථාවන්හිදී හිටපු ජනපති වූද.. වත්මන් කුරුණෑගල මන්ත්රී වූද... මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පිලිතුර වී අැත්තේ මුන්ට හරියට ලුනු ටිකවත් හදා ගන්න බැරිකොට ඕවා කොහේ කරන්නද යන්නයි.


ඉතින් තවත් මොනවද රටේ අනාගතය ගැන මෙයාල සමග කථා....!


නමුත් දේදුනු විප්ලවයේ සෝභිත මාහිමිපානන්ගේ සබුද්ධික දේදුනු ප්රජාව චම්පික රනවකගේ කියුම් කෙරුම් ගැනත් අවධානයෙනි...

https://www.facebook.com/lankaenews/videos/1894042680660888/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට 

2018/06/10

Wednesday, June 6, 2018

නීතිය සාධාරනවද... විධිමත්වද, කාටත් එකසේ පොදුවේද සිදු නොවනා වර්තමාන ශ්රීලංකාවේ ඉපදීමත්... ජීවත්වීමත්... කරුමයක් පලදීමක් යැයි සිතීමට කාලය යමපාලුවන් සේම යහපාලුවන්ද උදාකරමින් පවතී. නිර්පාක්ෂික සෝභිතාවතාර මෙම ක්රමය වෙනස් කිරීමට ජනතාවට අාරාධනය කර සිටීයී. www.sobithawathara.blogspot.com පිවිසෙන්න අඩවියට... වෙනසකට මුල පුරන්න.

නීතිය සාධාරනවද... විධිමත්වද, කාටත් එකසේ පොදුවේද සිදු නොවනා වර්තමාන ශ්රීලංකාවේ ඉපදීමත්... ජීවත්වීමත්... කරුමයක් පලදීමක් යැයි සිතීමට කාලය යමපාලුවන් සේම යහපාලුවන්ද උදාකරමින් පවතී.

නිර්පාක්ෂික සෝභිතාවතාර මෙම ක්රමය වෙනස් කිරීමට ජනතාවට අාරාධනය කර සිටීයී.
www.sobithawathara.blogspot.com
පිවිසෙන්න අඩවියට... වෙනසකට මුල පුරන්න.
========================================================================

100% සත්‍ය සිදුවීමකි
👌      සිතා බලන්න
එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....


මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ...?“

සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
ආ... ඇත්තද...?
කොහොම උනේ......
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
මොකද මේ....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......
මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
16 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
මොකද උනේ.....ෙ
බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී ....
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)

එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....
මොකද උනේ..
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....
මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...
මොකද උනේ....?
(දැරිය නිහඬය...)
නැවතත්....
මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....
රජයේ නිතීඥ...
මොකද ළමයා වෙලා තියෙන්නේ...
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

https://www.facebook.com/175219469283492/photos/a.718739958264771.1073741828.175219469283492/1083275755144521/?type=3
👌 සිතීමට යමක් තිබුනාද...👧

උපුටාගැනීම - ඉසුරු ගයාන්ගේ බිත්තියෙන්!
========================================================================

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. (පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)
============================================
තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි කතාවට..
අභියෝගයක් නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්....
 ==============================================
යම් ලෙසකින් මේරටෙහි යලි ජනාධිපතිවරනයක් පැවැත්වී ඔබද එහි ජනපති අපේක්ෂකයෙකු උවහොත් ඔබට අැති දූෂන චෝදනා කෙසේ වෙතත් හිටපු ජනපති තම අයියාගේ ධුර කාලයේදී සිදුඋනු ඔවුන්ගේ සහ ඔහුගේ ගජ මිතුරන්ගේ දූෂන, අක්රමිකතා, අපරාධ සහ වත්මන් අාණ්ඩුවේ මහබැංකු බැඳුම්කර වංචාව අැතුළු සියලු අාකාරයේ අක්රමිකතා වෙනුවෙන් ඔබගේ ප්රථිපත්තිය කවරේදැයි රටට හෙලි කරන්න...
(මෙම ඡායාරූපය (edit) සකස් කරන ලද එකක් බව දන්නා මුත් මෙම අභියෝගය හමුවේ ඊට ගෞරව පිනිස පල කරන ලදී)

එමෙන්ම එය වාචිකව නොව ලිඛිත නීතිමය වශයෙන් වලංගු භාවයක් අැති ලියවිල්ලක් ලෙස ජනතාව හමුවේ නිරාවරනය කරන්න.

මෙම අභියෝගය සෝභිතාවතාරයේ අාතූරයා සත්පුරවැසියා හැර වෙන අන් කිසිදු අපේක්ෂකයෙකු භාර නොගන්නා බවට මෙන්න කැට....

නිර්පාක්ෂික සෝභිතාවතාර තම අරමුන ජයග්රහනය කරවන තුරා...

=============================================

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
https://www.facebook.com/permalink.php?story_fbid=1963733060607977&id=100009139059449
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)