Sunday, June 10, 2018

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

==========================================================
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන්ට චම්පික කියයි
Lankaenews
last Sunday
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.03, ප.ව.11.45) හතරවන කාර්මීකරණය සමග නවෝත්පාදන තරඟ පිටිය ජයගත යුතුම බවත් පැරණි චින්තනයෙන් තොර කුසලතා පූර්ණ නව පරපුරක් අනිවාර්යයෙන්ම බිහි කළ යුතු බවත් ඒ සමගම රටක් ආර්ථික වශයෙන් දියුණු කළ යුතු නම් ඒ රටේ සාපේක්ෂ වාසිය කුමක්දැයි හඳුනාගත යුතුම බවත් ඇමැති චම්පික රණවක පැවසීය. මහනුවර නගරයේ සංවර්ධන සැලැස්ම මූලික කර ගත් සමස්ථ ශ‍්‍රී ලංකාවේ ස්ථාවර සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන විද්වත් කතිකාව ‘මෙගා මයින්ඩ්’ පසුගිය දා මහනුවර ග‍්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැත්වූ අතර මේ සඳහා මහනුවර දිස්ත‍්‍රික්කය ආවරණය කර ගනිමින් සහභාගීව සිටි විද්වතුන් 1,100 ක් හමුවේ ඇමැතිවරයා මේ බව අවධාරණය කෙළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
See Less
https://www.facebook.com/lankaenews/videos/1894042680660888/============================================================
ඉතිහාසය පුරාම සහ පවතිනා දේශපාලනික අධිකාරීන්ගේ බල අරගලය හමුවේ හරි හෝ වැරදි තීරන නිසා මේ වන විට රටතුල පවතිනා ගැලපෙනා කෙසේ වෙතත් නොගැලපෙනා අාර්ථිකයේ සාපේක්ෂ වාසිය මගින් පවතිනා අාර්ථික වටපිටාව කල යුතු වෙන අන් මගක් දැනට නොමැති නිසා සුරක්ෂිතව පවත්වාගෙන යන අතරතුරදීම... කොයි මෙහොතකදී හෝ අභියෝගයට ලක්විය හැකි මෙම අැඟළුම් කර්මාන්තය වෙනුවට හෝ ඊට සමගාමීව සමාන්තරව පවත්වාගෙන යාහැකි අපට සහ රටට අනන්යය වූ අපට අාවේනික ස්වභාවික සම්පත් උපයෝගීත්වයෙන් ගොඩ නගා ගැනීමට උත්සුක විය යුතුමය.


ඒ සඳහා අවශ්යය කරනා මිනිස් ශ්රමයට සරිලන අාර්ථික වටිනාකම ගෙවූවද... ස්වාභාවික සම්පත් සහ බාෙහෝ අපද්ව්යද භාවිතයෙන් ඉතා ඉහල මට්ටමින් රටේ අාර්ථිකයට දායක කරගත හැකි කර්මාන්ත බොහෝ සේ පැවතියත් ඒවා පසෙකලා ඒවා පිලිබඳ තුට්ටුවකට හෝ මායිම් නොකාෙට ජාත්යන්තරය හා සබැඳි කොමිස් ගනුදෙනු සහිත විදික්රම පිටුපස පමනක් අප රටේ දේශපාලකයා හඹා ගියා මිස රට නගා සිටුවීමේ කිසිදු උත්සාහයක නොයෙදීම රටේ ජනතාවගේ අභාග්යයයි.



මෙවන් වූ යෝජනා සිදු කල අවස්ථාවන්හිදී හිටපු ජනපති වූද.. වත්මන් කුරුණෑගල මන්ත්රී වූද... මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පිලිතුර වී අැත්තේ මුන්ට හරියට ලුනු ටිකවත් හදා ගන්න බැරිකොට ඕවා කොහේ කරන්නද යන්නයි.


ඉතින් තවත් මොනවද රටේ අනාගතය ගැන මෙයාල සමග කථා....!


නමුත් දේදුනු විප්ලවයේ සෝභිත මාහිමිපානන්ගේ සබුද්ධික දේදුනු ප්රජාව චම්පික රනවකගේ කියුම් කෙරුම් ගැනත් අවධානයෙනි...

https://www.facebook.com/lankaenews/videos/1894042680660888/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට 

2018/06/10

No comments:

Post a Comment