Wednesday, February 21, 2018

උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

‘96 දෙනා එක පෙළට තමා සමග සිටගන්නේ නම් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් හදා පෙන්වනවා‘ යි කී සිරිසේන අද නිල වශයෙන්ම බලු වේ..! ‘අපි සම්මුතියෙන් ඉවත් වුනේ නෑ‘ අමරවීර වමාරා ගිලී
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.21, ප.ව‍.10.30)  
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1779201042145053/?type=3
අඩු තරමින් බොරු නමක්වත් නොමැතිව අසංවර ලිපි ලියනා යට කලිසමක් තබා අැඟේ රෙදි නැති නිර්වස්ත්ර ඊනිව්ස් ලියුම් කරුට සබුද්ධික ජනයාගෙන් පිලිතුරු....


උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... 
එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

රටේ ජනාධිපතිවරයාට අාණ්ඩුවක් හදනවා යැයි කීම හෝ සිතීම ඉතා සුළු දෙයක් බවට ඕනෑතරම් සාධක පසුගිය දශක 3 ක පමන කාල පරාසය තුල ඕනෑවටත් වඩා තිබුනු බව පොඩි ලමයින් පවා දන්නා සුලභ කරුනකි.

නමුත් අදූෂිත අාණ්ඩුවක් සෑදීමට අවශ්යය දේශපාලනික නියෝජිතයින් සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු බව රට හමුවේ විද්යාමාන වන්නේ දැන් දැන්ය. මෙම කණගාටුදායක තත්ත්වය මේ රටේ සියළු වැසියන් බේදයකින් තොරව වටහා ගෙන තබාගත යුතු වැදගත් කරුනකි.

පසුගිය යම් යම් වකවානුවලදී ජනතා පරමාධිපත්යය කසල ගොඩට දමමින් කෝටි ප්රකෝටි ගනනින් අල්ලස් ගෙන ජනතා නියෝජිතයින් තම පාක්ෂිකයා මංමුලාකොට අසරන කොට පක්ෂය පාවාදී හිටුපිනුම් ගැසූ සැටි කිසිවෙකුටත් අමතක නැත. තවමත් ඒ ගිනි අළුයට නැතිව නොවේ...! අවශ්යයනම් ඒ අාකාරයෙන්ම උවත් අාණ්ඩු සෑදීමට ජනපති සිරිසේනටත් ඩඩ්ලි මලයාටත් දැනුදු බැරි නැත.

නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ නිර්ව්යාජ අවංක උත්සාහය සහ කැපවීම ඌයේ අදූෂිතයින්ගෙන් යුත් පාරිශුද්ධ අාණ්ඩුවක් සෑදීමය. එවන් අාණ්ඩුවක් හදන්නට ජනපතිගේ ඩඩ්ලි මලයාට කෝටි 25 බැගින් අල්ලස් දී ඔලුගෙඩි මිලට ගන්නට මේ ජනපති අයියාගෙන් නම් කිසිදු ඉඩක් නොලැබෙන්නේම ජනාධිපතිවරයාගේ දැක්මේ මූලික න්යාය වූයේ දූෂනයෙන් තොර වීම බැවිනි. 

ඒ නිසා පසුගිය දිනවල (අදූෂනයෙහි සිටියද මේ වන විට දූෂනය වී අැති) ජනතාවගේ ඊනිව්ස් මාධ්යය ජාලය පැවසූ ඩඩ්ලි ඔලුගෙඩි මිලට ගන්නට සැරසුනු කථා තව තවත් පච වෙමින් හිස් වචන බවට පත්ව තිබේ. මෙසේ තව තව පච කීමට ඊනිව්ස් උත්සාහ කලහොත් සබුද්ධික පාඨක ප්රජාව අෑත්ව යාමෙන් අැති වන හිස් බව අවසන් වන්නේ ඊනිව්ස් වෙත ලැබෙනා වෙළඳ දැන්වීම් පවා අහිමි වීමෙනි.

සන්ධානයක් යනු පක්ෂ ගනනාවක් ඒකරාශීව තනා ගත් බලවේගයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සේ එක්සත් ජාතික පෙරමුනද එවැනිම වූ පක්ෂ ගනනාවක සිටියවුන්ගෙන් සැදුම් ලත් තවත් සන්ධානයකි. පොදුවේ ගත් කල ජනාධිපතිවරයාට මේ සියල්ලම එකම සන්ධානයකි. නමුත් දේශපාලනික වශයෙන් තවමත් ජන විඥාණය දියුනු වී නාෙමැති මේ රටේ දේශපාලනය කිරීමට නම් උපක්රමශීලී විය යුතුය. කිව යුත්ත කිව හැක්කේ ඉතාමත් කල්පනාකාරී ලෙස වන්නේ ගෝත්රික මානසිකත්වයෙන් සපිරි ප්රජාව වැඩි නිසාය.

උපක්රම වශයෙන් ගත් කල පාපකාරී උපක්රම සහ සපින්වත් අවිහිංසක උපක්රම වශයෙන් වර්ග දෙකක් වෙයි. ඒවායින් වත්මන් ජනපති භාවිතා කරන්නේ කෙදිනකවක් කල පව් පල නොදෙනා සපින්වත් අවිහිංසක උපක්රමයන්ය. නමුත් අනෙකුත් බොහෝ දේශපාලනික නායකයින් සහ නියෝජිතයින් දේශපාලනය කිරීමේදී වැඩි වශයෙන් භාවිතා කරනුයේ ජනතාව ඉතා පහසුවෙන් මුලා කර ගත හැකි පාපකාරී වූ කෙදිනක හෝ පව් පල දෙනා උපක්රමයන්ය. ඊට කදිම නිදසුන පසුගිය පොහොට්ටු කාරයින් වෙනත් පක්ෂවල සාමාජිකත්වය දරමින් තම පැවැත්ම කිසිදු අවධානමකට පත්කර නොගෙන ජනතාව රවටා රට ගිනි තබා සිදු කල වින්නැහියෙන් මොනවට පිලිබිඹු වෙමින් පවතී.

එනිසා කිව යුතු වන්නේ අදූෂිතයින් සිටින්නේ කොහිද කොයි පක්ෂයේද ජනපති වරයාට ගැටළුවක් නැත. සමස්ථ පක්ෂ සන්ධානයේ සිටිනා ඕනෑම අදූෂිකයෙක් (පෙර සුලු වැරදි අැතත් මින් මතු නොකරනා හෝ තරමේ අවම සුදුසු කමවත් අැති) ඔලුගෙඩි බහුතරයක් පමනි ජනාධිපතිවරයාට අවශ්යය වන්නේ.

කොන්ත්රාත්තුවක් සහ පුද්ගලානුබද්ධ  වෛරයක් වෙනුවෙන් නිරන්තරව ජනපති අපකීර්තියටත් අපහාසයටත් ලක් කරමින් රටේ ජනතාව මෝඩයින්ට අන්දවමින් දිනපතාම ඉතාමත් අසත්යය වූ කෙස් පැලෙන අතාර්කික බොරු බේගල් අැදබාමින් මූලිකව ඊනිව්ස් අැතුළු අනෙකුත් සියළු මාධ්යයන් වෙත ජනතාව වශයෙන් පෙන්වා දිය යුතු වන්නේ මෙයයි.

රටේ පැවති සියළු පක්ෂයන්හි සිටිනා පාරිශුද්ධ ජනතාවගේ චන්දයෙන් 2015 ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයා වී දූෂනය භීෂනය අසාධාරනය පිටු දැක සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකර දීම උදෙසා දිවි දෙවනි කොට බලයට සපැමිනි වත්මන් නායකයා රටේම ජනතාවගේ සහ පක්ෂයන්හි නායකයාය.

එනිසා ඔහුට සියළුම පක්ෂ සන්ධානය වේ.  පසුගිය මැතිවරනයේදී පැවසූ පරිදි තවමත් ඒ සමස්ත සන්ධානයේ සිටිනා අදූෂිත පරහිතකාමී ඔලුගෙඩි අල්ලසින් තොරව පැමින ජනාධිපති තුමා ලඟ සිට ගැනීමට තවමත් අවස්ථාව නැතිව නොවේ.

නමුත් ගැටළුවක්ව අැත්තේ මේ අයගෙන් සමහරක් බියගුලු බවක් දැක්වීමත් වැඩේ වැරදුනොත් අත්වන පොලව යට ඉරනම කිමෙක්දැයි දන්නා නිසාත් ජනාධිපතිඳුන් තරමටම පරහිතකාමී වන්නට අැති සාධාරන අකමැත්ත නිසාත්ය.

මේ නිසා ජනපතිගේ සිතේ අැති සැලැස්ම ඒ අාකාරයෙන්ම ක්රියාත්මක කිරීමට වර්තමානයේ කිසියම් බාධාවක් අැතත් 2020 වන විට ඉලක්කය අනිවාර්යයෙන්ම ජයගෙන සෝභිත හිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් විප්ලවය ජයගනු නියතය. ඒකාන්තය.

ඉන්පසු සෝභිත හිමියන් නිවන් මගටත්, ජනපති විශ්රාම සුවයටත්, සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා බන්ධනයෙන් නිදහස් වන වගත් දන්වන්නට කැමැත්තෙමු. ජනතා අරමුන ජයගත් පසු තවදුරටත් බලයේ විසුමට ජනපතිඳුන්ටවත්... විශ්වයේ හොල්මන් කිරීමට සෝභිතාවතාරටවත්.... රට හමුවේ ජනප්රිය වන්නට අාතූරයාටවත් කිසිදු අාශාවක් තවත් මිහිබට ඉතිරි නොවනු අැත.

අාතූරයා සත්පුරවැසියා තමන් හට සෝභිත හිමි විශ්වයේ හිඳ පැවරූ වගකීම ඉතා කැමැත්තෙන් බාර ගැනීමට අැති එකම උවමනාව වූයේ මෙම සමාජ අසාධාරනය තුල දශක ගනනාවක් පුරා අකාලයේ ගෙවී ගිය මා මෙන් වැඩිහිටි මාපිය/ඔබ සැමගේ ජීවිතවලට අත්වූ දුක්මුසු ඉරනම ඔබ/අප සැමගේ දුවා/දරුවන් හට උදා නොවීමට කලහැකි උපරිම කැපවීම සිදුකොට සැනසිල්ලේ මියෑදෙන්නට අැවැසි චිත්ත සන්තෘප්තිය අත්කර ගැනීම පමනි.

ඒ මරනය ඕනෑම අැසිල්ලකදී සාෙභාවිකව හෝ දූෂිතයෙකුගේ වෙඩි පහරින් හෝ කර්ම නියාය අනුව නොබියව බාර ගැනුමට මේ සත්පුරවැසියා යථාවබෝධයෙන් සිටියී.

සැමටම ස්තුතියී.
සෝභිත අවතාරයේ අාතූරයා සත්පුරවැසියා ජනතාව අතරම අදෘශ්යමානව හිඳිමින් සපත කරනා වගයි.
සෝභිතාවතාර - 2020/02/22 පෙ.ව. 6.00 ට ජනගත කල වගයි.

අබුද්දස්ස කාලේ මාධ්යය වේදියෝත් ගෝත්රිකයෝ නම් ජනතාවට කාගේ පිහිටක්ද....? ඊනිව්ස්හි විශ්වමිත්ර දේශබන්ධු සහෘදයාගේ ලිපියට ජනතාවගෙන් පිලිතුරක්.. සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන් - 2018/02/22

 කුළු හරකාගේ අං දෙකෙන් අල්ලා නොගැනීම..! 
 විශ්වමිත්‍ර දේශබන්ධුගේ විග්‍රහය 
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.20, පෙ.ව‍.2.15) ආණ්ඩුව
සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිතා මතා ඇති කර තිබෙන අර්බුදය පිළිබඳව කතා කරන කිසිදු විචාරකයකු හෝ දේශපාලකයකු, ජනාධිපතිවරයා ඇති කර තිබෙන මෙම අර්බුදයේ යතාර්ථය ගැන ඍජුව ඇසිය යුතු ප්‍රශ්නය නොඅසන බව පෙනේ. වෙනත් විධියකින් කියන්නේ නම් නොබියව “කුළු හරකාගේ අං දෙකෙන් අල්ලාගන්නා” බවක් නොපෙනේ. 
===============================================================================
               ....යන මැයෙන් ඉහත විශේෂ ලියුම් කරුවෙකුගේ යැයි කියා ගන්නා ලියුම්කාර විශ්වමිත්ර දේශබන්ධු සහෝදරයාගේ ලිපියේ මෙම ප්රතම ඡේදයෙන් උපුටා ගත් කොටසක් (එම ලිපියේ ඉතිරි කොටසට අදාල ලිංක්/Link එක අවසානයේ දක්වා අැති බව සලකන්න) හුවා දක්වමින් මෙම දිගු ලිපියට කිසියම් පිලිතුරක් දීමට සෝභිතාවතාර කල්පනා කලේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ හඞක් ලෙසින් ජනතාවගේ පාර්ශවයේ සිටය.

වෙබ් අඩවි කරුවන් තම අඩවියට වෙළඳ දැන්වීම් ලබාගෙන බිස්නස් කර ගැනීමටත්... යම් යම් අාකාරයේ මාධ්යය කරුවන් විවිධ සිත්සතන් සහ කල්පනා අැතිව දවසේ ගතමනාව සහ ෂොට්  එකක් දැමීමට අවශ්යය අල්ලස ලබා ගැනීම පිනිසත් පාඨක ජනයා මුලා කරනු වස් බොහෝ උප්පරවැට්ටි දමති. කස්තිරම් අල්ලති. නටති/ගයති/වයති/කති/බොති/වැටෙති රටට හෙන ගැහුවත් ජනතාවට හෙන ගැහුවත් අපිට මොකෝ යැයි සිතා තමාගේ සහ තම පන්තියේ පැවැත්ම උදෙසා දිනපතා නිතිපතා මොනවා හෝ කරති...

අනේ ඉතින් මේ ප්රවෘත්ති බලන ජනතාවටත් ඉතින් දෙයියන්ගේම පිහිට පමනි.

නමුත් රටේ වෙසෙනා සබුද්ධික ජනතාවගේ සහ සෝභිත හිමියන්ගේ දේදුනු ප්රජාවගේ සවිඥාණය කෙතරම්දැයි මෙවැනි වැඩ පෙන්වීමට සහ අයෑම්ද මෑන් වීමට තතනනා/උත්සාහ කරනා ලිලිපුට්ටන් හට ඉහත ජනතාවගේ ජන විඥාණය කෙතරම් දියුණුදැයි පෙන්වීමට මෙම ලිපිය සුවිශේෂී සාධකයක් බවට පත් කර ගත්තෙමු.

අනේ අප කලක් බොහෝ අාදරය කල ඊනිව්ස් සහ එහි සිටිනා විශේෂ ලියුම් කරුවානනි ඔබට ලැබී අැති මාත්තෘකාව ඔස්සේ අාණ්ඩුව කරකවාගෙන කරකවාගෙන ගොස් ගොනා තණකොල පඳුර දෙසට සෙමින් සෙමින් යනවා අපි දුටිමු. ඒ ඔබලාගේ ගොදුර දඩයම සහ කොන්ත්රාත්තුවද වන වත්මන් ජනපති තුමන් අසරන කරවීමේ ගොත්රික වූ ම්ලේඡ්ච වෛරයයි. මේ වන විට ඊනිව්ස් අලිමලික්ගේ කොන්ත්රාත් පමනක් නොව දූෂිතයින්ගේ සිහින පරාදීසය වූ පොහොට්ටු රජානෝගේ කොන්ත්රාත්ද බාරගෙන අැති සෙසක් පෙනෙන්නට අැත.

කෙසේ වෙතත් ලියුම් කරුවාගේ ලිපිය අරබයා රටේ සබුද්ධික ජනතාව වශයෙන් සුවහසක් සහෝදර ජනයාට ජනගත කල යුතුව අැත්තේ පහත විග්රහ කරනා යථාර්තයයි.
===========================================

ලියුම් කරු පවසනා සේ ජනපති සිරිසේන කුළු හරකාගේ අං තට්ටුව හිර කොට අල්ලා ගන්නට දෙපක්ෂයේ පමනක් නොව මේ තෙපක්ෂයේම සිටිනා පට්ටහොරු/කම්බහොරු සහ අතීත හොරු බොහෝ දෙනෙක් එහෙට දුව දුව මෙහෙට දුව දුව නොගත් උස්සාහයක් නොමැත. තුන් පැත්තම කමින් තම තමන්ලාගේ ඉදිරි පැවැත්ම සුරක්ෂිතව තහවුරු කර ගැනීමට සුවිශාල වෙහෙසක් ගත්තේ තම තමන්ලාව අද සිටිනා තැනට ඔසවා තැබූ ජනතාව ගැන එක බිඳක්වත් තෙතමනයක් හැඟීමක් නොමැතිවය.

බඩගෙෝස්තරවාදී දේශපාලකයින් සහ මාධ්යය කරුවන්ගේ පරවිඥාණය තම සවිඥාණයෙන් අතික්රමනය කර සිටිනා දශක ගනනාවක දේශපාලනමය සහ මාධ්යය විගඩම් සැනකෙලි දැක බහුශෘත භාවයට පත්ව සිටිනා රටේ සබුද්ධික වූ ජනතාව ලියුම් කරු තම ලිපිය මගින් වත්මන් ජනපති තබන්නට උත්සාහ කරනා පහත් ස්ථානය කිසිසේත් පිලි නොගෙනී.

ලිපියේ දස/10 පොලක පමන එකම ලියමින් තම කොන්ත්රාත්තුව අකුරට ඉටුකර ලියුම් කරු පවසා සිටින්නේ ජනපති ඉල්ලා අස්විය යුතු බවය.

දශක 7 ක නැතහොත් වසර 70 ක් පමන වූ අප රටේ ගෝත්රික දේශපාලනය තුල වත්මන් ජනපති තරම් ශ්රේෂ්ඨයෙකු දැක තිබුනේ නැති බව බොහෝ ඉක්මනින් රටේ සුවහසක් ජනතාව සහ ඔය කවුරු කවුරුත් දැන ගනු නියතය.

අප රටේ සාම්ප්රදායික කාලකන්නි දේශපාලනයේ මේතාක් කල් පැවතියේ මෙම ලියුම් කරු තම ලිපියෙන් ගොඩ නැගීමට උත්සාහ කරනා ගෝත්රිකවාදී දේශපාලනික මූල ධර්මයන්ය.

මෙම යල් පැන අැති මූසල මූලධර්ම තව දුරටත් අප රටේ පමනක් නොව ලෝකයේම හෝ පැවතියොත් මුලු ලෝකයම වේගයෙන් ඉදිරියට යාමක් යථාර්තය අවබෝධ කොට ගන්නා තාක් සිදුනොවනු අැත.

ඒ අතින් බලනා කල වත්මන් ජනපතිඳුන් විශ්වයේ සිට මෙම ලක් දෙරන වෙත පහල වනු ලැබූ ඉෂ්ඨ දේවතාවකු වන්නේය දිනෙක වන්දනා මානයට පත් විය යුතු.

සෝභිතාවතාර එසේ පවසා සිටිනුයේ වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ පවතිනා යහගුණ කෙතරම් භයානක වටපිටාවක් මධ්යයේ උවද එන්න එන්නම ජනතාවාදී ලෙස තීවෘර කරමින් තම දිවි පරදුවට තබා කටයුතු කරගෙන යනු ලබනා බව ඉතා හොඳින් පෙනෙන්නට අැති නිසාය.

ලියුම් කරු සිටින්නේ ජනතාවගේ පැත්තේ නම් මෙවැනි ලිපියක් ලියන්නට හිතන්නේවත් නැත. නමුත් ඔහු ගෝත්රිකවාදී දේශපාලකයාගේ අසූචි බුදිමින් ජනතාවට කියන්නේ මේතාක් කල් මේ රටේ සිදුවුනු ප්රධානතම දේශපාලනික වරද ජනතාවාදී ජනපති මෛත්රීද සිදුකල යුතු බවය.

එනම් ලියුම්කාරයා පවසන්නේ පසුගිය පලාත් පාලන මැතිවරන සමයේදී ජනාධිපති යහපාලන රජයේ වැරදි ප්රසිද්ධ වේදිකාවන්හිදී විවේචනය කිරීම මහා වරදක් බවය.

යකෝ එසේ නොකරනා ජනතා නායකයෙක් ජනපතියෙක් ජනතාවට මොකටද බූරුවෝ.. ජනතාවට අවශ්යය කරන්නේ තම පක්ෂයේ හෝ අාණ්ඩුවේ හෝ වැරදි වසන් කරගෙන තමන් හට යම් කර්තව්යයක් වගකීමක් ඉටු කිරීම සඳහා සියළු සුරසැප සමග මහා බලයක් ලබා දුන් ජනතාව අමතක කොට නාෙසලකා හැර ගජමිතුරන් සුරකින පාදඩ නායකයෙක් නොවේ.

වත්මන් ජනාධිපති තුමා සේ වැරදි නම් තම සහෝදරයා කලත් වරදක් සේ දුටු නිර්ව්යාජ නායකයෙකි සෝභිත මාහිමිපානන්ගේ පූර්න අාශිර්වාදය අැතිව 2015 ජනවාරි 08 වැනිදා පොදු අපේක්ෂකයා ලෙස මේ පවතිනා කාලකන්නි දේශපාලන වටපිටාව උඩුයටිකුරු කරලීම පිනිස රටේ සුවහසක් දුක්විඳිනා ජනතාවගේ එකම ගැලවුම් කරුවා ලෙස අභිෂේක කරලන්නට සමත් වූයේ.

ඉතින් එතුමානන් ඒ ජනතා අභිලාෂයන් වෙනුවෙන් අපක්ෂපාතීව පෙනී සිටිනවාට විරුද්ධ අය කවුරුන්ද. අවස්ථාවාදීන් හැර....

ජනතාව මෙම භයානක තත්ත්වය ඉතා හොඳින් සහ ඉතා ඉක්මනින් අවබෝධ කොට ගත යුතුය. නොඑසේ උවහොත් විශ්ව මාතාවගේ මායාවක්ව අප රටත් ජනතාවත් අඳුරින් මුදවා ගන්නට ලැබුනු එකම ජීවමාන වරම පරලව අහෝසි වී යාමට ඉඩ අැත.

ඒ උදෙසා ජනතාවගේ රැකවරනය සහ අාශිර්වාදය හෝ නොලබා තනිවී මහා සටනක් මෙහෙයුමක් රට සහ ජනතාව වෙනුවෙන් සිදුකරනා ජනපතිඳුන් රැක ගැනුම තමන් හට කෙසේ වෙතත් තම දුවා දරුවන් හට හෝ යහපත් සුරක්ෂිත ස්වයංපෝෂිත අනාගතයක් පතනා මාපිය වැඩිහිටි සැමට බාරය.

මහින්ද සහ රනිල් සහ හිටපු සියළු නායකයින් විසින් සිදුකර වරද්දා ගත් මහා වරද වූ තම ගෝල බාලයින්ගේ වැරදි වසන් කිරීම තමන්ද නොසිදුකොට නියම නායකයෙකුගේ උත්කෘෂ්ඨ චරිතාංග මොනවට විදහා දක්වමින් මරනයට උවද නොබියව තමා ඉදිරිපිට සිටිනා ප්රතිවාදියාත් පිටුපස සිටිනා වාදියාත් එකසේ විවේචනය කල නියම නායකයෙක් මෙසිරිලක පහල වූවානම් ඒ අන් කිසිවෙකු නොව මෛත්රීපාල සිරිසේන වත්මන් ජනපතිඳානෝ හැර....

එසේ වන ජනතාවාදී නායකයෙක් මිස ජනතාව අමතක කරනා නායකයින් ජනතාවට මොකටද...

සුදු රෙද්දේ එක ලේ බිදක්වත් නොතැවරුනු මහින්ද හිටපු ජනපති තනිව යුද්ධය නිමකලා යැයි අන්ධ අවබෝධයෙක සිටිනා හැඟීම් වලින් තීන්දු ගන්නා සවිඥාව දුර්වල මේ රටේ අබුද්ධික ජනතාව නිසා ගෝත්රිකවාදී වහල් පාලකයින් තව බොහෝ කාලයක් මේ රට අගාධයේ හොවා තැබීමට නොයෙකුත් උප්පරවැට්ටි මායම් යොදනු අැත.

ඊට හොඳම සාධකය වූ හොරු එලවන්නට බලය දුන් වත්මන් ජනපති තමන්ව බලයට පත්කර ගත් හොරුන්ගේත් හොරු කම්බ හොරුන්ගෙන්ද සියුම් ලෙස තම අාත්මාරක්ෂාව සලසා ගනිමින් මුත් තම ඒකායන අරමුන සඳහා අව්ශයය කරනා අඩිතාලම සකසා ගනිමින් ඊට සුදුසුම තෝතැන්න වූ පසුගිය පලාත් පාලන මැතිවරන වේදිකාව ඉතා සාර්ථක ලෙස භාවිතා කලද ඒ දැක්මේ ගැඹුර තෝරා බේරාගෙන ජනපතිඳුන් හට අවශ්යය නිසි බලය ලබා දෙන්නට අසමත් වීමේ අවාසනාවන්ත සිදුවීම ගෙනහැර දැක්විය හැක.

අවාසනාවක තරම මෙතරම්දැයි කෙසේ පවසම්සද... අයියෝ මගේ රට සහ ජනතාව පව්.... සෝභිතාවතාර ඉමහත් කනස්සල්ලෙනි....

ජනාධිපති පරාද නැත. ඔහු සදහටම දිනා අවසන්ය. ඔහු ඒ නිත්යය ජය ලැබූයේ 2015 ජනවාරි 08 ය. යලි ඔහු කිසිදාකත් පරාද නැත. විශ්වාස භංග දෝෂාභියෝග ඔය මොන මගුල ගෙන අාවත් ඔහු පරාද වන්නේ නැත්තේ ඔහු දිනා ඉවර නිසාය. 

නමුත් ජනපති මෛත්රී තවමත් උත්සාහ ගන්නේ තම පවුල් පරපුර පිටින් අඩි 6 ක් පොලව යටට යන්නට සූදානම්ව සිටියදී රටේ ජනතාවගේ පරමාධිපත්යයේ බලයෙන් තමා කෙරෙහි මහත් විශ්වාසයක් තබා ඒකාධිපති මහින්ද වියරුව පරයා රටේ නායකයා කරවූ අවිහිංසක ජනතාවට කෘතගුණ සලකන්නටය.

නමුත් තම අරමුන කරා පියමං කරනට තමා සිතූ තරම් වත්මන් ජනපතිට කාර්යය පහසු නූයේ ක්ලීන් යැයි සිතා සිටි මිනිසුනුත් අබුද්ධස්ස කාලයේ නිසාදෝ දශක ගනනාවක් පැරදීමට ලක්ව සිට බංකාෙලොත්ව පැවති තම පක්ෂ භාණ්ඩාගාර පුරවාගනු අටියෙන් තමන්ද සූක්ෂ්ම ලෙස මහමොල සොරකම්වලට පිවිසුනු සහ තම අසාර්ථක නායකත්වය පක්ෂය තුලදීම අභියෝගයට ලක්ව අසරන වූ අවස්ථාවලදී තමන් අාරක්ෂා කල සුමිතුරු සටකපට ගජ මිතුරන් අාරක්ෂා කරනා වැනි අපේක්ෂා නාෙකල පිරිසක් සමග යහපාලන යැයි නාම මාත්රික අාණ්ඩුවක් පවත්වාගෙන යාමට සිදු වූ නිසාවෙනි.

ජනපතිඳුන් හට දෙපාර්ශවයක් සමග කරන්නට සිදු උනු යුද්ධයට අැවැසි යුධ පිටිය පසුගිය පලාත් පාලන මැතිවරන වේදිකාව කරගත්තේ පැවති බාධකවලට කදිම තෝතැන්නක් ලෙසය. නමුත් අභාග්යයේ තරම කෙතෙක්ද යත් අප රටේ ජනයා මෙය අවබෝධ කොට ගත්තේ නැත.

ජනපතිඳුන් හට තම සටන සඳහා මතුව පැවති ඊලඟ මහා බාධකය වූයේ ලොකු හොරු නොව පොඩි හොරුය. වරින් වර අති සුපිරි ලොකු හොරුන් දූෂකයින් පවා අත්අඩංගුවට ගන්නා අාකාරය මාධ්යය මගින් දකිනා විට අපේ ගමේ ගොඩේ නගරයේ පොඩි පොඩි හොරුන්ගේ සිතටද බිය ජනක සිහින පෙනෙන්නටත් සිහිනෙන් බිය වන්නටත් පටන් ගත්තේය.

මේ නිසාම මෙවන් හොරු පොඩි පොඩි අල්ලස් ගන්නා ගමේ සමහර ග්රාමසේවකවරු, සමහර රජයේ කාර්යාල මහත්තුරු, සමහර ප්රාදේශීය සභා නියාේජිතයින්, පොලිසියේ සමහර ට්රැෆික් රාළහාමිලා, මත්කුඩු, මත්පැන්, පාතාල මේ සෑම අාකාරයෙකම අකටයුතුකම් තම ජීවන පැවැත්ම කොටගෙන සිටි සෑම අයෙක්ම මෙම මැතිවරනයේදී පූර්න ශක්තිය යෙදවූයේ යහපාලනය නොව යලිත් යමපාලනය පැවතීම මත තමයි තමන්ගේ පැවැත්ම පවතින්නේ යන අන්ධ මෝඩ කල්පනාවෙහි සිට වලිගය පාගා ගත්තේ තම දුවා දරුවන්ගේ සුරක්ෂිත අනාගතය පිලිබඳ එක තත්ත්පරයක්වත් කල්පනා කොට නොව.

ඉතින් කාට හාේ එක අබමල් රේනුවක් තරම් හෝ මොල කලඳක් අැත්නම් තව දුරටත් කියන්නට පුලුවන්ද එලි වෙන පාන්දර ඡන්ද පොල අැරපු ගමන් දුවගෙන ගිහිල්ල පොහොට්ටුවට කතිරය ගසා පැරදවූයේ.....

.....නිදහසේ හුස්ම ගන්නටවත් මෙසේ ලියන්නට කියන්නටවත් නාෙහැකිව පැවති සුදු වෑන් භීෂනයෙන්ද... ජනතාවගේ සියළුම දේ ගිනි බදු ගෑස් සහ හයිවේ වැනි සැමතින්ම උදුරා ගනිමින් තම පවුල සහ තක්කඩි/මදාවි දූෂිත සහපිරිවර පමනක් සුරසැපෙන් ජීවත් වූ බලලෝභී ඒකාධිපති වියරුවද නැතහොත් තම දූදරුවන්ගේ සුරක්ෂිත අනාගතයද කියා ප්රමාද වැඩි වුවද දැන්වත් සිතා බලන්න..

මන්ද යත් අවබෝධ කර ගතහොත් තවමත් ප්රමාද නැත. 2020 වන තුරු අවස්ථාව තිබේ. රටේ මතු පරපුරේ සහ ඔබ සැමගේ දූදරුවන්ගේ යහපත් අනාගතය උදෙසා බොරු අප්පච්චීට නොව සැබෑ අප්පච්චි රටේ වත්මන් නායකයා මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන්ගේ දෑත් ශක්තිමත් කොට ඔහු විසින් සමස්ත රට වැසියා සහ මතු පරපුර වෙනුවෙන් සැලසුම් කරමින් පවතිනා ප්රබල වැඩ සටහනට පාට පක්ෂ සියළු බේද දුරලා සහාය වන්න.

ඒ වෙන අන් කිසිවක් වෙනුවෙන් නොව ඔබේ දූදරුවන් හට බියක් සැකක් අසීරුතාවක් නාෙමැතිව අනාගතයේදී විසිය හැකි උසස් සමාජයක් සහිත යහපත් රටක් ගොඩ නගා ගැනීම උදෙසා පමනි.

ඒ වෙනුවෙන් වර්තමානයේදී ඔබ සමහරක් දෙනා අදුරදර්ෂී ලෙස අපේක්ෂා කරනා පුංචි පුංචි වාසි සැප අල්ලස් නොතකා හරින්න. ඒවා නොමැති උනොත් ජීවත් වීම අසීරු වේවි යැයි පවතිනා හුඹස් බිය නැති කර ගන්න. මන්ද යත් රට අරාජිකත්වයෙන් ගොඩ ගන්නා කල සැමගේම අාර්ථිකය ඉබේම යහපත් වන නිසාය. එමෙන්ම කවුරුන් හෝ අධාර්මිකව උපයා ගනු ලබනා සෑම ශතයක්ම හෙම්බිරිස්සාවක් සෑදී හෝ දියවී යාම විශ්ව ධර්මතාවයකි. සැක සහිත නම් කල්පනා කාරීව පසුවන්න. අත්දැකීමෙන්ම අවබෝධ කොට ගතහැකි වනු නියත බව සෝභිතාවතාර විශ්වයේ සිට පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම ලිපියට හේතු පාදක උනු ලිපියට අනුව ජනපති පලමුව ගෙදර යා යුතුනම් ජනපති ඊට එක් වරක් නොව දහස් වරක් කැමැත්තේය. මන්ද යත් නොසිතූ විරූ ලෙස තමා රටේ ඉහලම තනතුරට පත්ව අැත.

ඉතින් තමාගේන් අැවැසි සේවය ජනවාරි 8 අපේක්ෂා කල කර්තව්යය නිමාකර දීම අවශ්යය නාෙමැතිනම් ගෙදර ගිහිල්ල කම්මැලි කම යන්නට ගොවිපලක් දාගෙන ඉන්නට අැත්නම් මේ වද කරදරේ වගේද හිතට තියෙන සැපය.


එනිසා ලියුම්කාර විශ්වමිත්ර දේශබන්ධු සහෝදරයාට අවසන් වශයෙන් පෙන්වා දිය යුතුව අැත්තේ ඔබේ ලිපියේ අවසන් ඡේදයේ දැක්වෙනා මෛත්රීපාලට අකල් විපතින් ගැලවීමට ලබා දුන් උපදෙස් පසෙකලා රටේ සහ ඔබ සහ ඔබේ දූදරුමාපියනෑහිතමිත්රාදී සියල්ලන්ගේම යහපත් හෙටක් සාධාරන සමාජයක් උදා කරදීම උදෙසා ඕවාදෙනු පරහට තමා සන්තකයෙහි පිහිටා සිට අන් අය විශ්වාස නොකොට තමා තුල සිටිනා කල්යාන මිත්රයාගෙන් සිහිබුද්ධිකව විමසා බලා වත්මන් ජනපතිඳුන්ගේ අදූෂිත විප්ලවයට ඔබට හැකි සහයෝගය විශ්වීය නාමයෙන් පුදකර සිටින්න.

ස්තුතියී.
සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන් - 2018/02/22

========================================

කුළු හරකාගේ අං දෙකෙන් අල්ලා නොගැනීම..! -විශ්වමිත්‍ර දේශබන්ධුගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.20, පෙ.ව‍.2.15) ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිතා මතා ඇති කර තිබෙන අර්බුදය පිළිබඳව කතා කරන කිසිදු විචාරකයකු හෝ දේශපාලකයකු, ජනාධිපතිවරයා ඇති කර තිබෙන මෙම අර්බුදයේ යතාර්ථය ගැන ඍජුව ඇසිය යුතු ප්‍රශ්නය නොඅසන බව පෙනේ. වෙනත් විධියකින් කියන්නේ නම් නොබියව “කුළු හරකාගේ අං දෙකෙන් අල්ලාගන්නා” බවක් නොපෙනේ. 

යන මැයෙන්.....




Tuesday, February 20, 2018

වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට අැත්තටම අවශ්යයව අැත්තේ කවුරුන් හටද..!

 වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට
අැත්තටම  අවශ්යයව අැත්තේ  කවුරුන් හටද..! 

මේ වන විට සිතා ගත නොහැකි ලෙස (M.ක් සමග ඩීල් දමා) එජාපය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන ලංකාඊනිව්ස් කෙරෙහි රටේ සමස්ථ සබුද්ධික දේදුනු ප්රජාව සමග සෝභිතාවතාරද විස්සෝප වන අතරම මෙහි පහත අැමුනුමේ අැති මෙම විශේෂ ලියුම් කරුගේ ලිපියේ සඳහන් කරුණුවලින් සියයට 25 ක් සත්යයද... ඉතිරි සියයට 75 හ අසත්යයද අඩංගු බව සබුද්ධික ප්රජාවගේ විශ්වාසය සහ අවබෝධයයි.

ලියුම් කරුගේ පලවන සහ දෙවන ඡේද සියයට දාහක් අවංකවම අනුමත කරමු.
(සැයු.-අදාල ලිපියෙහි ලිංක් එක පහල දැක්වේ)

නමුත් ලියුම් කරු දැන හෝ නොදැන ඊනිව්ස් ඩීල් කරුවන්ගේ යෝජනා සහ අදහස් තුලින් ව්යංගාර්ථයෙන් කාලයක සිට වත්මන් ජනපතිඳුන් හා පවතිනා විරසකය වෙනුවෙන් ඒකපාක්ෂික ලෙස තම තෙලිතුඩ භාවිතා කොට අැත.

දෙපක්ෂයේම සිටිනා බහුතරයක් දූෂිතයින්ගේ තර්ජන ඝර්ජන සහ ඉමහත් බාධා මධ්යයේ තනිවී රටේ සුවහසක් ජනතාවගේ යහපත උදෙසා දුෂ්කර කර්තව්යයක නියැලී සිටිනා ජනපති වෙනුවෙන් මෙවැනි බාලදේ ගෙනහැර දැක්වීම නොවිය යුත්තකි.

ඒ වාගේම ඒවා සම්පූර්න අසත්යය වේ. තම අඩවිය කෙරෙහි රටේ බුද්ධිමත් ප්රේක්ෂක දේදුනු ජනතාව කාලයක් පුරා තබා අැති විශ්වාසය සහ බලාපොරොත්තු මෙසේ පාවාදීම අනපේක්ෂිත අභාග්යයකි.

එමෙන්ම කිව යුතු වැදගත් කාරනාවක් වන්නේ ඊනිව්ස් සබුද්ධික ප්රජාව මොන යම් අඩවියක හෝ පලකෙරෙනා පුවත් ප්රවෘත්ති තම මනෝකාය කුලට උකහා ගන්නේ හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා ලෙසින් නිසා ඊනිව්ස් තබා සක්රයා කුමන දේ ප්රකාශ කලද රැවටීමකට මුලාවකට නතුකර තම අවස්ථාවාදී අභිප්රායයන් ඊෂ්ඨ කර ගැනීම නම් තමන්ම මුලාවේ වැටීමක් පමනක් බව දන්වා සිටීමට කැමැත්තෙමු.

එනිසා ඊනිව්ස් කාලයක් පටන් රාජපක්ෂවාදීන් මෙන් කිසිවක් කිරීමට නොදී ඉතා පහත් අාකාරයෙන් වත්මන් ජනපතිට නිගා දෙමින් අහේතුකව සිදු කරනා ගැරහුම් නවතා දමා ජනපතිඳුන් අාරම්භ කිරීමට සූදානම් වන අදූෂිත විප්ලවයට පූර්න සහයෝගය ලබා දී ජනතා නමස්කාරයට පාත්ර වන ලෙස ඉතාමත් කාරුණිකව අයැද සිටිමු.

එමෙන්ම වත්මන් අගමැති ඉවත් කරලීමේ කිසියම් උවමනාවක් කාට හෝ අැත්නම් ඒ අවශ්යයතාව අැත්තේ රාජපක්ෂවාදී පොහොට්ටු නඩයටවත්... මේ රටේ ජනතාවටවත්... අගමැති රනිල්ගේ රෝයල් ටීම් එකටවත්... ජනපති මෛත්රීට හෝ ශ්රීලනිපයටවත්... සන්ධානයටවත්... නොව තමන්ට පක්ෂ නායකයාගෙන් අසාධාරන කම් සිද්ධ වී අැතැයි සිත්තැවුලින් සිටිනා එජාප දෙවන පෙල මන්ත්රීන්ලා සමහරක්ට පමනක් බව අවසාන වශයෙන් අවබෝධ කොට ගතයුතු මනාය.

සෝභිතාවතාර - 2018/02/21
-----------------------------------------------------------------------------------------------
(සැයු.-අදාල ලිපියෙහි ලිංක් එක මෙය වේ)
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1777623705636120/?type=3

යටයයෙය
වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට අැත්තටම  අවශ්යයව අැත්තේ  කවුරුන් හටද..!

Friday, February 16, 2018

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව
ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව ජනාධිපති කාේටි 20 බැගින් අල්ලස් දී අාණ්ඩුවක් සෑදීමට මන්ත්රීවරුන් බිලි බාමින් සිටිනවා යැයි දෙඩවීමය.

පෙර රජයන් කල නායකයින් සොරකම් කිරීමටත් බලය රැක ගැනුමටත් සිදුකල අල්ලස් දී ඔලුගෙඩි මිලට ගෙන අාණ්ඩු කිරීමට නම් වත්මන් ජනපතිට කිසිදු අවශ්යයතාවයක් කිසිසේත් තිබිය නොහැක. පාර්ලිමේන්තු මන්ත්රීධුර 225 අතරින් රටට අාදරය කරනා ජනතා නියෝ‍ජිතයින් යම් ප්රමානයක් හෝ සිටීනම් ඒ අය හා ජනපති අදූෂිත අාණ්ඩුවක් කරාවි. නොඑසේව කිසිවෙකුටත් යහපත් රටක් අවශ්යය නොමැතිනම් එතුමා ගෙදර යන්න මැලිවන එකකුත් නොමැති බව විශ්වාසයි.

ඊනිවස් ජනපති හා පවතිනා වෛරය පිරිමහන්නට කරලියට දමා අැති අලුත්ම මීලඟ බොරුව වන්නේ ජනාධිපති ඉවත් කිරීමට දාේෂාභියෝගයක් ගෙන ඒමට දූෂිත නඩ දෙක දෙපැත්තේ සිට සැලසුම් කරනවා යැයි මුසාවාද දෙඩීමය.

මේ සියළු අභියෝගයන් ඉදිරියේදී අැත්තටම අැති උවත් ඒවාට කලයුතු පිලියම් සියල්ල ජනධිපති සැලසුම් කර අැත්තේ අද ඊයේ නොවේ මීට බොහෝ සති ගනනකට පෙරය.

දශක 5 ට අධික කාලයක් රටේ සිටි සියළු නායකයින් රට කල හැටිත් ඒ ඒ අය ඒවායින් ලැබූ ධන සහ රින ප්රත්ඵලයනුත් පිලිබඳ සුවිශාල අත්දැකීම් සම්භාරයකින් තෙම්පරාදුව සිටිනා වත්මන් බහුශෘත ජනපතිගේ දේශපාලනික පරචිත්ත විඥාණය පිලිබද නිසි තතු දන්නේ සෝභිතාවතාර පමනි. උන්වහන්සේ එතුමානන් 2015 ජනවාරි 8 පාෙදු අපේක්ෂකයා කරලීම ඊට අැති ප්රායෝගිකම පිලිතුරයි.

ඉතින් කොහොමද අල්ලස් දීල අරගත්ත ඊනිව්ස්හි අළුත් මාධ්යය කරුවන් මේ ජනපතියා ගැන ජනතාව තුල බාෙරු හිස් අාකල්ප අැති කරවා ජය ගන්නේ..!

පව් අප්පා ඊනිව්ස් පරම කතුවරයාත් වත්මන් අගමැති තරමටම අවාසනාවන්තයි. ඒ තමයි වසර ගනනාවක් පුරා 29 වතාවක් පැරදිලා ජීවිතයේ වාසනාවන්තම යුගය උදාවේ පාමුල සිටියදී ඒ වාසනාව අවාසනාවන්ත ලෙස කනපිට හැරීමට ඔන්න මෙන්නව පැවතීමයි.

ඊනිව්ස් කතුවරයාද වසර ගනනාවක් මහත් කැපකිරීම් මධ්යයේ පවත්වාගෙන ගිය තම රැඩිකල් අන්තර්ජාල පුවත් මාධ්යයෙහි ජයග්රාහී අභිමානවත් යුගය එලැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ජනතා විශ්වාසය ගිලිහී දූෂිතයෙක් තත්ත්වයටද අැද වැටී නුදුරේදීම බහුතර සබුද්ධික ප්රජාව අතරින් කසල ගොඩට විසිවීම වලක්වා ගැනුමට අවශ්යය නම් තවත් හෝරා කිහිපයක් ඉතිරිව තිබෙනවා ගිය නුවන අාපිට හරවා ගන්නට අවශ්යය නම්...

සෝභිතාවතාර
2018/02/16

=========================================
ඊනිව්ස් අළුත්ම HOT/හොට් බොරුව
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1772379322827225/?type=3

Thursday, February 15, 2018

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

ඔබේ මෙම FB/Post එක හොඳයි මල්ලී....
නමුත් සහෝදරය සතෙකුට උනත් අාත්ම ගරුත්වයක් තියෙනවනේ. ඒ නිසා මහ ජාතිය වන අපි සෑම වේලාවේම සුලු ජාතීන් හට අවමන් කිරීම නොකර ඒ අය සමග යහපත් සංහිඳියාවෙන් ඉන්න බලමු. බලන්න අපේ සමහර සුළු ජාතික මිතුරන් මොන තරම් හොඳ අය ඉන්නවද... ඒ වගේම අපේ මහ සිංහල සිංහ වංශයේ සමහර නරිත් ඉන්නවා නේද..! සටන් පාවාදෙන ද්රෝහී ඊර්ශ්යාකාර උගුල් අටවන්නන්.
එහෙම උන් පිරිසක් නේද 71 කැරැල්ල පාවාදීල, ඔත්තුදීල අපේ සිංහල කොල්ලො කෙල්ලො දසදහස් ගානක් අපේම සිංහල පාලකයින් විසින් පාරවල් ගානේ හන්දි ගානේ මරල පුච්චලා දැම්මේ. මගේ අැස් ඉස්සරහ පිට පස් දෙනෙක් පනපිටින් පිච්චුවා ටයර් දාල. බාගෙම පිච්චුන කොල්ලන්ට අාපහු පාරක් අැවිල්ල පැට්රෝල් දාල පුච්චනවා මම ජනෙල් කවුළුවෙන් බලා සිටියා ලාබාල වයසේදී කරන්න දෙයක් නැතිව. ඒ අාවේ ප්රභාකරන් නෙවේ අපේ සිංහල අළුගෝසුවොයි සහෝදරය. 

ඒ නිසා අවිහිංසක සුළු ජාතීන්ට පමනක් දොස් කියන්න එපා. අපිටත් වඩා අසරන ඒ මිනිසුන්ට අපේ සිංහල නායකයින්ගෙන් සිදුවෙලා තිබෙන අසාධාරන අකටයුතුකම් ගැන හිතල උසස් මනසක් අැති සිංහල බෞද්ධයින් වශයෙන් අප මහා සම්බුදු පියානන් දේශනා කර අැති පරිදි සියළු සත්වයෝ නිදුක් වෙත්වායි යන උතුම් චේතනාව පෙරදැරි කරගෙන අවිහිංසාවාදීව විප්ලව කරමු. (*බැරිම උනොත් ඒක එතකොට... බලා ගමු)

සෑම ජාතියක් තුලම පජාතියෝ ඉන්නවා. බලන්න අපේ සිංහල දේශපාලනික නායකයින්ගෙන් අපේ අාත මුත්ත කාලේ ඉඳන්වත් හරි හමන් දෙයක් රටට ජාතියට සිද්ධ වෙලා තියෙනවද කීප දෙනෙකුගෙන් හැර....

ඉතින් අපේම ජාතිය අපිටම ගොඩක් අසාධාරන කම් සිද්ධ කරල තියෙනවානම් අපටත් වඩා අසරන අන්යය ජාතීන්ගෙන් මාෙනවානම් බලාපොරොත්තු වෙන්නද අපි....

අනිත් වැදගත් කාරනය වන්නේ ඔබට අපිට මේසා විශාල අසාධාරන කම් කරලා තියෙන අපේ සිංහල මහඋන් ඒ අහිංසක මිනිසුන් හට මොන තරම් නම් අසාධාරන කම් කරලා අැත්ද....

ඒ නිසා නොවේද ප්රභාකරන් කෙනෙක් උතුරෙනුත්... විජේවීර කෙනෙක් දකුණෙනුත් බිහි උනේ...!

කෙසේ හෝ සේරමල්ලා අතින්ම අඩුවැඩි වශයෙන් ඉතිහාසය පුරාම සමස්ථ ජාතීන්ටම වැරදි සිද්ධ වෙලා තියෙනවා. කමක් නැහැ දැන් ඒ සියල්ලම අතීත කටුක අමිහිරි අත්දැකීම් පමනයි. 

ඔබ/අපි කාෙයි කාගේත් ජීවිතවල වටිනාම යුගය ගෙවී අවසන් වන්නත් ලඟයි. අපි දැන් මහළු වියට පා තබමින් සිටින්නේ...

නමුත් අපේ/ඔබේ සහ රටේ සමස්ත දරුවන්ගේ අනාගතයටත් අපට අත්වූ ඉරනමම අත්වන්නට ඉඩ දෙන්න පුළුවන්ද. බැහැ නේද... සහෝදරයා කිසිසේත්ම බැහැ. අපිට දැන් හිටියත් එකයි. දූෂිතයින්ගේ වෙඩි පහරකින් මැරෙන්නට සිදු උනත් එකයි. මන්ද යත් අපි දැනටමත් ජීවත් වන්නේ මැරිල වගේනේ නේද සහෝ...

කවදාවත්ම මැරෙන්නෙ නැහැ කියල හිතන් ඉන්න අපේම සමහර උන්ම නේද... මේසා විශාල ලෙස රටේ ජනතාවගේ ධනය සොරා කන්නේ කිසිදු බයක් හැකක් සීමාවක් නාෙමැතිව... බලන්න බයිසිකල් කටුවක් පමනක් තිබුන බියගම පැත්තේ හිටපු පාදඩයෙක්... විල්ස් ජීප් කබලක් තිබුන දකුණේ පරපුරක්... කාෙළඹ කුරුඳු වත්තේ ගරා වැටුනු වලව්වල හිටපු සමහර බංකාෙලොත් වලව් කාරයින් සහ තව බොහෝ වත්මන්  දේශකාපාලුවන්  අද සිටිනා තැන කොතැනද කියා... ජනතාවගේ ලේ/දහදිය (රුහිරු) සොරාගෙන. අනේ කාලේ වනේ වාසේ. අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත ඌයේ.... මුන්ට කවදා හරි මේ පව් ගෙවන්න සිද්ධ වෙන්න ඕනා නේද...! 

ඉතින් ඒ නිසා අපි (අදූෂිත) සැවොම ඒකරාශීව බැඳලමු රට පුරාම ජාති අාගම් කුලමල බේදයන්ගෙන් තොරව මහා මිනිස් පවුරක්. සැරසෙමු සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා මෙහෙයුමට. (සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම)  2020 - FINAL MISSION

එතෙක් අපි සෝභිත හිමියන්ගේ නිසල දේහය අබියස දිව්රුමෙන් සපත කර අැති වත්මන් ජනපති කෙරෙහි විශ්වාසය තබා බලමු. දශක ගනනාවකට පසු මෙරට පහල වූ කියනා දේ කරනා... කරනා දේ කියනා අභිත ජනපතිවරයෙක්ද කියා මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා.

පසුගිය යමපාලන සහ යහපාලන කාලය තුල ඔහු යම් යම් බැඳීම් සහ කොටුවීම් තුල සිරව සිට අැති බව අපි කොයි කාටත් දැන් දැන් පෙනෙන්නට අැති නිසා සහ මේ වන විට ඒ සියළු බැඳීම් වලින් නිදහස්ව තම බලය නිසි ලෙස ශක්තිමත් කොටගෙන සිතැතිව පැවති අභිප්රායයන් ලත් අවසරය ප්රයෝජනයට ගෙන රට හමුවේ නිර්භයව ප්රකාශයට පත් කරමින් සිටිනා නිසා ඒ සඳහා සාධාරන කාල පරාසයක් ඔහුට ලබා දීමට තරම් අපිත් සාධාරන සහ බුද්ධිමත් වෙමු.

නමුත් කිසියම් විදියෙකින් මේ අවසන් අවස්ථාවේදීත් ජනතාව රවටනු ලැබුවහොත් 2020 දී කල යුතු දේ පිලිබඳව අපි සැම ඉස්සර වගේ පාලනය කල නොහැකි දියුනු අපේ නිදහස් මාධ්යය ඔස්සේ කතිකා කර සංවිධානය වෙමු. ඒවා රහස් නේද සහෝ...

ඔබ සැමට ස්තුතියී. තෙරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව
2018/02/15
===================================
රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි...

Wednesday, February 14, 2018

මීලඟ සාමකාමී හෝ රැඩිකල් අාණ්ඩුවේ නව අගමැති කවුද...?

මීලඟ සාමකාමී හෝ රැඩිකල් අාණ්ඩුවේ නව අගමැති කවුද...?
සාමකාමී අාණ්ඩුවක් පිහිටුවීමට නම් අගමැති තනතුර සඳහා වත්මන් කථානායක ධුරය මධ්යස්ථ මතධාරී වෙනත් සුදුස්සෙකුට පවරා ගරු කරූ ජයසූරිය මහතාගේ නම පමනක්ද.....

පොහොට්ටුවේ බහුතර සොර නඩය බලහත්කාර අාණ්ඩු සෑදීමට උත්සාහ දරයි නම් ඊට මුහුන දීමට සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාද ලෙස සෝභිතාවතාර යෝජනා කර මත පල කරයි...

නොඑසේව පවතිනා දේශපාලනික ප්රශ්න තව තවත් අවුලෙන් අවුලට අැද වැටෙනා තත්ත්වයක් නිමල්
සිරිපාලද සිල්වා මැතිතුමා (පල කර අැති ඡායාරෑප අපහාසයට නොව හාස්යයටයි) හෝ වෙන අන් අයෙකු අගමැති තනතුරට පත් කිරීමෙන් සිදු විය හැකි බව සෝභිතාවතාර අනතුරු අඟවයි.

සෝභිතාවතාර
2018/02/14 - ප.ව. 11.00


http://www.karujayasuriya.lk/Contact-me/







Tuesday, February 13, 2018

Lanka E/news + UNP - සමග ඩීල්ද..?

 Lanka E/news + UNP - සමග ඩීල්ද..? 

කාලාන්තරයක් පුරා තම ජීවිත අාශාව අතහැර මහත් කැපවීමෙන්
ජනතාවාදී මෙහෙවරක් ඉටු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මණ්ඩලයත්... ඊට පරිභාහිරව සිටිමින් අභිත ලෙස ගිනියම් වූ ප්රවෘත්ති ලබා දෙමින් සියලු ශ්රව්ය/දෘශ්යය/මුද්රිත මාධ්ය අභිබවා දේශපාලනික සහ අනෙකුත් සමාජීය අකටයුතුකම් වෙනුවෙන් ඉතාමත් අනගි අමිල සේවාවක් ඉටු කල ඊනිව්ස් අන්තර්ජාල (Enews Web Media) මාධ්යය ජාලයට ප්රතමයෙන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය ජයග්රහනය කරවා රාජපක්ෂවාදී ඒකාධිපති වියරුවෙන් රට සහ ජනතාව ගලවා දීමට සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් සමස්ථ ලාංකේය ජනතාවගේ ගෞරවය පුද කොට සිටිමු.


නමුත් ඊනිවස් සැමදාම තම මාධ්යය ජාලය පවත්වාගෙන යනු ලැබුවේ ඉමහත් අාර්ථික අපහසුතා මධ්යයේ බව කාටත් අරුමයක් නොවන්නේ එකී මාධ්යයේ පලවනා සෑම පුවතකම පතුලෙහි ඔබගේ සහයෝගයෙන් තොරව ඊනිව්ස් පවත්වාගෙන යානොහැක යන දැක්වීම ප්රදර්ශනය කර තිබුනු බැවිනි.

නමුත් සැවොම ඊනිව්ස්හි පලවූ ලිපි පුවත් බලා රටේ පව‍තිනා උනුසුම් තත්ත්වයන් දැන ගත්තා පමනක් මිස කල හැකි අවම උපකාරයක්වත් ඊනිව්ස් වෙනුවෙන් ඉටු කලාදැයි සිතා ගත නොහැක.

කොටින්ම පසුගිය යම පාලන සමයේදී ඊනිව්ස් ගිනි තබා විනාශ කිරීම වෙනුවෙන් කිසියම් සාධාරනයක් ඉටු කොට දෙන මෙන් යහපාලන රජයට පවා කොතෙකුත් ඉඟිබිඟි කලද සිදුවූ සෙතක් නොමැති බවය සිතා ගැනීමට අැත්තේ....

සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ මෑතක සිට ඊිනිව්ස් තුලින් පෙනෙන්නට පවතිනා නිර්පාක්ෂික නොමැති ඒකපාක්ෂික ප්රවෘත්ති නිසාය. කාලයක් පුරා පැවති මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව බලාගෙන යාමේදී මොවුන්ගේ ගොදුර සහ වෛරය වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් පමනක් බව පෙනී යයි.

වෛරයට හේතුව ජනාධිපති තුමා තම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සිදු කර අැති අන්තර්ජාල බාධාව යැයි පිලිගන්නට සබුද්ධික ඊනිව්ස් පේක්ෂක ජනතාව සූදානම් නැත.

මන්ද යත් වත්මන් ජනාධිපති තුමා ඔවැනි ඔල මොට්ටල ලද බොළඳ කම් සිදුකරනා මන්ද බුද්ධිකයෙක් නොවනා බව ජනතාව ඉතා හොඳින් දන්නා බැවිනි.

ඊනිව්ස් (Enews) බොරු වාරනයක් මවා පාමින් තම ඒකපාක්ෂික පුවත් කෙරෙහි කෙලින්ම සපැමිනෙනා ප්රතිවිරෝදාත්මක විවේචන මග හරවා ගනු පිනිස ෆේස්බුක් (FaceBook) මගින් පමනක් වැඩේ ගෙන යනු ලබන්නේ සට කටකපටකමට විය හැක.

මෙවැන්නක් සිදු උවත් ඊට ජනාධිපතිවරයා සම්බන්ධ යැයි ප්රජාව විශ්වාස නොකරයි. මන්ද යත් මේ වන විට වත්මන් ජනාධිපති තුමාගේ විනිවිද භාවය සම්බන්ධයෙන් ඉමහත් මහජන ප්රසාධයක් සහ විශ්වාසයක් රටේ සමස්ත ජාතිය තුලම ගොඩනැගෙමින් පවතිනා බැවිනි.

එනිසා මේ වන විට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් රටේ ජනතාවගේ සිත්සතන් තුල බොරු මතවාද සහ අාකල්ප අැති කරලීම ඊනිව්ස් සහ/හෝ වෙන අන් කවර මාධ්යයකට උවත් කිසිසේත් සිදු කිරීම නොකල හැකි වන්නේ මේ වන විට එතුමානන් ජනතාවගේ හදවත් තුලට කිඳා බැස අවසන්ව අැති බැවිනි.

කෙසේ නමුත් ඊනිව්ස්හි පෙර සිටි කිසිදු මාධ්යය කරුවෙකු මේ වන විට ඊනිව්ස් මාධ්යය ජාලයේ සිටීයී යැයි සිතිය නාෙහැක. මන්ද යත් ඊනිව්ස් තුල එදා සිටියේ මැරුවත් අාත්මය පාවා නොදෙනා අභීත මාධ්යය කරුවන් පිරිසක් නිසාය.

එම නිසා මෙහිදී සෝභිතාවතාර හට හැඟී යනුයේ අාර්ථික අසරන කමින් බරිතව සිටි ඊනිව්ස් හිමිකාර S...න් මහතා කරන්නම දෙයක් නොමැති වූ කල්හි තමන් හට කොලපාටින් යුත් දේශපාලන පක්ෂයක සිටිනා ප්රකට ඩීල් කරුවකු වන M.ක් ගේ අධිතක්සේරු ගත ලන්සුවට තම මාධ්යය අඩවිය විකුණා අැති බවකි.

නාෙඑසේව එදා සිටි ඊනිව්ස් කාරයන් මෙවැනි බාල වැඩ කිසිදා සිදු කර නැත. කරන්නේද නැත...

එනිසා මේ වන විට පවතිනා ඊනිව්ස් ප්රවෘත්ති කිරා මැන බලා තෝරා බේරා ගත යුත්තේ සම්බුදු පියානන් කාලාම සූත්රයේ දේශනා කර අැති පහත පරිදිය....

මා අනුස්සවේන... මා පරම්පරාය...මා ඉතිකිරාය....
මා පිඨක සම්පදානේන... මා තක්ක හේතු... මා නාය හේතු... මා බබ්බ රූප කාය... මා දිට්ඨි විජ්ජා....
නක්කත්තියා... මා සුමනා ගරෝතීතී....

යන පාලී පාඨයේ සිංහල අර්ථය වන...

මා කියූ පමනින්වත්... පරම්පරාවෙන් පැවත එන පමනින්වත් මෙය නිවැරදි යැයි පිළි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද... තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළිගන්න.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපති අැතුළු ජනතාව දෙස අවධානයෙන්....
2018/02/13 - මධ්යම රාත්රියේදී