Tuesday, February 20, 2018

වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට අැත්තටම අවශ්යයව අැත්තේ කවුරුන් හටද..!

 වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට
අැත්තටම  අවශ්යයව අැත්තේ  කවුරුන් හටද..! 

මේ වන විට සිතා ගත නොහැකි ලෙස (M.ක් සමග ඩීල් දමා) එජාපය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන ලංකාඊනිව්ස් කෙරෙහි රටේ සමස්ථ සබුද්ධික දේදුනු ප්රජාව සමග සෝභිතාවතාරද විස්සෝප වන අතරම මෙහි පහත අැමුනුමේ අැති මෙම විශේෂ ලියුම් කරුගේ ලිපියේ සඳහන් කරුණුවලින් සියයට 25 ක් සත්යයද... ඉතිරි සියයට 75 හ අසත්යයද අඩංගු බව සබුද්ධික ප්රජාවගේ විශ්වාසය සහ අවබෝධයයි.

ලියුම් කරුගේ පලවන සහ දෙවන ඡේද සියයට දාහක් අවංකවම අනුමත කරමු.
(සැයු.-අදාල ලිපියෙහි ලිංක් එක පහල දැක්වේ)

නමුත් ලියුම් කරු දැන හෝ නොදැන ඊනිව්ස් ඩීල් කරුවන්ගේ යෝජනා සහ අදහස් තුලින් ව්යංගාර්ථයෙන් කාලයක සිට වත්මන් ජනපතිඳුන් හා පවතිනා විරසකය වෙනුවෙන් ඒකපාක්ෂික ලෙස තම තෙලිතුඩ භාවිතා කොට අැත.

දෙපක්ෂයේම සිටිනා බහුතරයක් දූෂිතයින්ගේ තර්ජන ඝර්ජන සහ ඉමහත් බාධා මධ්යයේ තනිවී රටේ සුවහසක් ජනතාවගේ යහපත උදෙසා දුෂ්කර කර්තව්යයක නියැලී සිටිනා ජනපති වෙනුවෙන් මෙවැනි බාලදේ ගෙනහැර දැක්වීම නොවිය යුත්තකි.

ඒ වාගේම ඒවා සම්පූර්න අසත්යය වේ. තම අඩවිය කෙරෙහි රටේ බුද්ධිමත් ප්රේක්ෂක දේදුනු ජනතාව කාලයක් පුරා තබා අැති විශ්වාසය සහ බලාපොරොත්තු මෙසේ පාවාදීම අනපේක්ෂිත අභාග්යයකි.

එමෙන්ම කිව යුතු වැදගත් කාරනාවක් වන්නේ ඊනිව්ස් සබුද්ධික ප්රජාව මොන යම් අඩවියක හෝ පලකෙරෙනා පුවත් ප්රවෘත්ති තම මනෝකාය කුලට උකහා ගන්නේ හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා ලෙසින් නිසා ඊනිව්ස් තබා සක්රයා කුමන දේ ප්රකාශ කලද රැවටීමකට මුලාවකට නතුකර තම අවස්ථාවාදී අභිප්රායයන් ඊෂ්ඨ කර ගැනීම නම් තමන්ම මුලාවේ වැටීමක් පමනක් බව දන්වා සිටීමට කැමැත්තෙමු.

එනිසා ඊනිව්ස් කාලයක් පටන් රාජපක්ෂවාදීන් මෙන් කිසිවක් කිරීමට නොදී ඉතා පහත් අාකාරයෙන් වත්මන් ජනපතිට නිගා දෙමින් අහේතුකව සිදු කරනා ගැරහුම් නවතා දමා ජනපතිඳුන් අාරම්භ කිරීමට සූදානම් වන අදූෂිත විප්ලවයට පූර්න සහයෝගය ලබා දී ජනතා නමස්කාරයට පාත්ර වන ලෙස ඉතාමත් කාරුණිකව අයැද සිටිමු.

එමෙන්ම වත්මන් අගමැති ඉවත් කරලීමේ කිසියම් උවමනාවක් කාට හෝ අැත්නම් ඒ අවශ්යයතාව අැත්තේ රාජපක්ෂවාදී පොහොට්ටු නඩයටවත්... මේ රටේ ජනතාවටවත්... අගමැති රනිල්ගේ රෝයල් ටීම් එකටවත්... ජනපති මෛත්රීට හෝ ශ්රීලනිපයටවත්... සන්ධානයටවත්... නොව තමන්ට පක්ෂ නායකයාගෙන් අසාධාරන කම් සිද්ධ වී අැතැයි සිත්තැවුලින් සිටිනා එජාප දෙවන පෙල මන්ත්රීන්ලා සමහරක්ට පමනක් බව අවසාන වශයෙන් අවබෝධ කොට ගතයුතු මනාය.

සෝභිතාවතාර - 2018/02/21
-----------------------------------------------------------------------------------------------
(සැයු.-අදාල ලිපියෙහි ලිංක් එක මෙය වේ)
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1777623705636120/?type=3

යටයයෙය
වත්මන් අගමැති රනිල් ඉවත් කරන්නට අැත්තටම  අවශ්යයව අැත්තේ  කවුරුන් හටද..!

No comments:

Post a Comment