Friday, February 16, 2018

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව

ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව
ඊනිව්ස් ටොම් පච - අළුත්ම HOT/හොට් බොරුව ජනාධිපති කාේටි 20 බැගින් අල්ලස් දී අාණ්ඩුවක් සෑදීමට මන්ත්රීවරුන් බිලි බාමින් සිටිනවා යැයි දෙඩවීමය.

පෙර රජයන් කල නායකයින් සොරකම් කිරීමටත් බලය රැක ගැනුමටත් සිදුකල අල්ලස් දී ඔලුගෙඩි මිලට ගෙන අාණ්ඩු කිරීමට නම් වත්මන් ජනපතිට කිසිදු අවශ්යයතාවයක් කිසිසේත් තිබිය නොහැක. පාර්ලිමේන්තු මන්ත්රීධුර 225 අතරින් රටට අාදරය කරනා ජනතා නියෝ‍ජිතයින් යම් ප්රමානයක් හෝ සිටීනම් ඒ අය හා ජනපති අදූෂිත අාණ්ඩුවක් කරාවි. නොඑසේව කිසිවෙකුටත් යහපත් රටක් අවශ්යය නොමැතිනම් එතුමා ගෙදර යන්න මැලිවන එකකුත් නොමැති බව විශ්වාසයි.

ඊනිවස් ජනපති හා පවතිනා වෛරය පිරිමහන්නට කරලියට දමා අැති අලුත්ම මීලඟ බොරුව වන්නේ ජනාධිපති ඉවත් කිරීමට දාේෂාභියෝගයක් ගෙන ඒමට දූෂිත නඩ දෙක දෙපැත්තේ සිට සැලසුම් කරනවා යැයි මුසාවාද දෙඩීමය.

මේ සියළු අභියෝගයන් ඉදිරියේදී අැත්තටම අැති උවත් ඒවාට කලයුතු පිලියම් සියල්ල ජනධිපති සැලසුම් කර අැත්තේ අද ඊයේ නොවේ මීට බොහෝ සති ගනනකට පෙරය.

දශක 5 ට අධික කාලයක් රටේ සිටි සියළු නායකයින් රට කල හැටිත් ඒ ඒ අය ඒවායින් ලැබූ ධන සහ රින ප්රත්ඵලයනුත් පිලිබඳ සුවිශාල අත්දැකීම් සම්භාරයකින් තෙම්පරාදුව සිටිනා වත්මන් බහුශෘත ජනපතිගේ දේශපාලනික පරචිත්ත විඥාණය පිලිබද නිසි තතු දන්නේ සෝභිතාවතාර පමනි. උන්වහන්සේ එතුමානන් 2015 ජනවාරි 8 පාෙදු අපේක්ෂකයා කරලීම ඊට අැති ප්රායෝගිකම පිලිතුරයි.

ඉතින් කොහොමද අල්ලස් දීල අරගත්ත ඊනිව්ස්හි අළුත් මාධ්යය කරුවන් මේ ජනපතියා ගැන ජනතාව තුල බාෙරු හිස් අාකල්ප අැති කරවා ජය ගන්නේ..!

පව් අප්පා ඊනිව්ස් පරම කතුවරයාත් වත්මන් අගමැති තරමටම අවාසනාවන්තයි. ඒ තමයි වසර ගනනාවක් පුරා 29 වතාවක් පැරදිලා ජීවිතයේ වාසනාවන්තම යුගය උදාවේ පාමුල සිටියදී ඒ වාසනාව අවාසනාවන්ත ලෙස කනපිට හැරීමට ඔන්න මෙන්නව පැවතීමයි.

ඊනිව්ස් කතුවරයාද වසර ගනනාවක් මහත් කැපකිරීම් මධ්යයේ පවත්වාගෙන ගිය තම රැඩිකල් අන්තර්ජාල පුවත් මාධ්යයෙහි ජයග්රාහී අභිමානවත් යුගය එලැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ජනතා විශ්වාසය ගිලිහී දූෂිතයෙක් තත්ත්වයටද අැද වැටී නුදුරේදීම බහුතර සබුද්ධික ප්රජාව අතරින් කසල ගොඩට විසිවීම වලක්වා ගැනුමට අවශ්යය නම් තවත් හෝරා කිහිපයක් ඉතිරිව තිබෙනවා ගිය නුවන අාපිට හරවා ගන්නට අවශ්යය නම්...

සෝභිතාවතාර
2018/02/16

=========================================
ඊනිව්ස් අළුත්ම HOT/හොට් බොරුව
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1772379322827225/?type=3

No comments:

Post a Comment