Wednesday, February 21, 2018

උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

‘96 දෙනා එක පෙළට තමා සමග සිටගන්නේ නම් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් හදා පෙන්වනවා‘ යි කී සිරිසේන අද නිල වශයෙන්ම බලු වේ..! ‘අපි සම්මුතියෙන් ඉවත් වුනේ නෑ‘ අමරවීර වමාරා ගිලී
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.21, ප.ව‍.10.30)  
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1779201042145053/?type=3
අඩු තරමින් බොරු නමක්වත් නොමැතිව අසංවර ලිපි ලියනා යට කලිසමක් තබා අැඟේ රෙදි නැති නිර්වස්ත්ර ඊනිව්ස් ලියුම් කරුට සබුද්ධික ජනයාගෙන් පිලිතුරු....


උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... 
එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

රටේ ජනාධිපතිවරයාට අාණ්ඩුවක් හදනවා යැයි කීම හෝ සිතීම ඉතා සුළු දෙයක් බවට ඕනෑතරම් සාධක පසුගිය දශක 3 ක පමන කාල පරාසය තුල ඕනෑවටත් වඩා තිබුනු බව පොඩි ලමයින් පවා දන්නා සුලභ කරුනකි.

නමුත් අදූෂිත අාණ්ඩුවක් සෑදීමට අවශ්යය දේශපාලනික නියෝජිතයින් සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු බව රට හමුවේ විද්යාමාන වන්නේ දැන් දැන්ය. මෙම කණගාටුදායක තත්ත්වය මේ රටේ සියළු වැසියන් බේදයකින් තොරව වටහා ගෙන තබාගත යුතු වැදගත් කරුනකි.

පසුගිය යම් යම් වකවානුවලදී ජනතා පරමාධිපත්යය කසල ගොඩට දමමින් කෝටි ප්රකෝටි ගනනින් අල්ලස් ගෙන ජනතා නියෝජිතයින් තම පාක්ෂිකයා මංමුලාකොට අසරන කොට පක්ෂය පාවාදී හිටුපිනුම් ගැසූ සැටි කිසිවෙකුටත් අමතක නැත. තවමත් ඒ ගිනි අළුයට නැතිව නොවේ...! අවශ්යයනම් ඒ අාකාරයෙන්ම උවත් අාණ්ඩු සෑදීමට ජනපති සිරිසේනටත් ඩඩ්ලි මලයාටත් දැනුදු බැරි නැත.

නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ නිර්ව්යාජ අවංක උත්සාහය සහ කැපවීම ඌයේ අදූෂිතයින්ගෙන් යුත් පාරිශුද්ධ අාණ්ඩුවක් සෑදීමය. එවන් අාණ්ඩුවක් හදන්නට ජනපතිගේ ඩඩ්ලි මලයාට කෝටි 25 බැගින් අල්ලස් දී ඔලුගෙඩි මිලට ගන්නට මේ ජනපති අයියාගෙන් නම් කිසිදු ඉඩක් නොලැබෙන්නේම ජනාධිපතිවරයාගේ දැක්මේ මූලික න්යාය වූයේ දූෂනයෙන් තොර වීම බැවිනි. 

ඒ නිසා පසුගිය දිනවල (අදූෂනයෙහි සිටියද මේ වන විට දූෂනය වී අැති) ජනතාවගේ ඊනිව්ස් මාධ්යය ජාලය පැවසූ ඩඩ්ලි ඔලුගෙඩි මිලට ගන්නට සැරසුනු කථා තව තවත් පච වෙමින් හිස් වචන බවට පත්ව තිබේ. මෙසේ තව තව පච කීමට ඊනිව්ස් උත්සාහ කලහොත් සබුද්ධික පාඨක ප්රජාව අෑත්ව යාමෙන් අැති වන හිස් බව අවසන් වන්නේ ඊනිව්ස් වෙත ලැබෙනා වෙළඳ දැන්වීම් පවා අහිමි වීමෙනි.

සන්ධානයක් යනු පක්ෂ ගනනාවක් ඒකරාශීව තනා ගත් බලවේගයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සේ එක්සත් ජාතික පෙරමුනද එවැනිම වූ පක්ෂ ගනනාවක සිටියවුන්ගෙන් සැදුම් ලත් තවත් සන්ධානයකි. පොදුවේ ගත් කල ජනාධිපතිවරයාට මේ සියල්ලම එකම සන්ධානයකි. නමුත් දේශපාලනික වශයෙන් තවමත් ජන විඥාණය දියුනු වී නාෙමැති මේ රටේ දේශපාලනය කිරීමට නම් උපක්රමශීලී විය යුතුය. කිව යුත්ත කිව හැක්කේ ඉතාමත් කල්පනාකාරී ලෙස වන්නේ ගෝත්රික මානසිකත්වයෙන් සපිරි ප්රජාව වැඩි නිසාය.

උපක්රම වශයෙන් ගත් කල පාපකාරී උපක්රම සහ සපින්වත් අවිහිංසක උපක්රම වශයෙන් වර්ග දෙකක් වෙයි. ඒවායින් වත්මන් ජනපති භාවිතා කරන්නේ කෙදිනකවක් කල පව් පල නොදෙනා සපින්වත් අවිහිංසක උපක්රමයන්ය. නමුත් අනෙකුත් බොහෝ දේශපාලනික නායකයින් සහ නියෝජිතයින් දේශපාලනය කිරීමේදී වැඩි වශයෙන් භාවිතා කරනුයේ ජනතාව ඉතා පහසුවෙන් මුලා කර ගත හැකි පාපකාරී වූ කෙදිනක හෝ පව් පල දෙනා උපක්රමයන්ය. ඊට කදිම නිදසුන පසුගිය පොහොට්ටු කාරයින් වෙනත් පක්ෂවල සාමාජිකත්වය දරමින් තම පැවැත්ම කිසිදු අවධානමකට පත්කර නොගෙන ජනතාව රවටා රට ගිනි තබා සිදු කල වින්නැහියෙන් මොනවට පිලිබිඹු වෙමින් පවතී.

එනිසා කිව යුතු වන්නේ අදූෂිතයින් සිටින්නේ කොහිද කොයි පක්ෂයේද ජනපති වරයාට ගැටළුවක් නැත. සමස්ථ පක්ෂ සන්ධානයේ සිටිනා ඕනෑම අදූෂිකයෙක් (පෙර සුලු වැරදි අැතත් මින් මතු නොකරනා හෝ තරමේ අවම සුදුසු කමවත් අැති) ඔලුගෙඩි බහුතරයක් පමනි ජනාධිපතිවරයාට අවශ්යය වන්නේ.

කොන්ත්රාත්තුවක් සහ පුද්ගලානුබද්ධ  වෛරයක් වෙනුවෙන් නිරන්තරව ජනපති අපකීර්තියටත් අපහාසයටත් ලක් කරමින් රටේ ජනතාව මෝඩයින්ට අන්දවමින් දිනපතාම ඉතාමත් අසත්යය වූ කෙස් පැලෙන අතාර්කික බොරු බේගල් අැදබාමින් මූලිකව ඊනිව්ස් අැතුළු අනෙකුත් සියළු මාධ්යයන් වෙත ජනතාව වශයෙන් පෙන්වා දිය යුතු වන්නේ මෙයයි.

රටේ පැවති සියළු පක්ෂයන්හි සිටිනා පාරිශුද්ධ ජනතාවගේ චන්දයෙන් 2015 ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයා වී දූෂනය භීෂනය අසාධාරනය පිටු දැක සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකර දීම උදෙසා දිවි දෙවනි කොට බලයට සපැමිනි වත්මන් නායකයා රටේම ජනතාවගේ සහ පක්ෂයන්හි නායකයාය.

එනිසා ඔහුට සියළුම පක්ෂ සන්ධානය වේ.  පසුගිය මැතිවරනයේදී පැවසූ පරිදි තවමත් ඒ සමස්ත සන්ධානයේ සිටිනා අදූෂිත පරහිතකාමී ඔලුගෙඩි අල්ලසින් තොරව පැමින ජනාධිපති තුමා ලඟ සිට ගැනීමට තවමත් අවස්ථාව නැතිව නොවේ.

නමුත් ගැටළුවක්ව අැත්තේ මේ අයගෙන් සමහරක් බියගුලු බවක් දැක්වීමත් වැඩේ වැරදුනොත් අත්වන පොලව යට ඉරනම කිමෙක්දැයි දන්නා නිසාත් ජනාධිපතිඳුන් තරමටම පරහිතකාමී වන්නට අැති සාධාරන අකමැත්ත නිසාත්ය.

මේ නිසා ජනපතිගේ සිතේ අැති සැලැස්ම ඒ අාකාරයෙන්ම ක්රියාත්මක කිරීමට වර්තමානයේ කිසියම් බාධාවක් අැතත් 2020 වන විට ඉලක්කය අනිවාර්යයෙන්ම ජයගෙන සෝභිත හිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් විප්ලවය ජයගනු නියතය. ඒකාන්තය.

ඉන්පසු සෝභිත හිමියන් නිවන් මගටත්, ජනපති විශ්රාම සුවයටත්, සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා බන්ධනයෙන් නිදහස් වන වගත් දන්වන්නට කැමැත්තෙමු. ජනතා අරමුන ජයගත් පසු තවදුරටත් බලයේ විසුමට ජනපතිඳුන්ටවත්... විශ්වයේ හොල්මන් කිරීමට සෝභිතාවතාරටවත්.... රට හමුවේ ජනප්රිය වන්නට අාතූරයාටවත් කිසිදු අාශාවක් තවත් මිහිබට ඉතිරි නොවනු අැත.

අාතූරයා සත්පුරවැසියා තමන් හට සෝභිත හිමි විශ්වයේ හිඳ පැවරූ වගකීම ඉතා කැමැත්තෙන් බාර ගැනීමට අැති එකම උවමනාව වූයේ මෙම සමාජ අසාධාරනය තුල දශක ගනනාවක් පුරා අකාලයේ ගෙවී ගිය මා මෙන් වැඩිහිටි මාපිය/ඔබ සැමගේ ජීවිතවලට අත්වූ දුක්මුසු ඉරනම ඔබ/අප සැමගේ දුවා/දරුවන් හට උදා නොවීමට කලහැකි උපරිම කැපවීම සිදුකොට සැනසිල්ලේ මියෑදෙන්නට අැවැසි චිත්ත සන්තෘප්තිය අත්කර ගැනීම පමනි.

ඒ මරනය ඕනෑම අැසිල්ලකදී සාෙභාවිකව හෝ දූෂිතයෙකුගේ වෙඩි පහරින් හෝ කර්ම නියාය අනුව නොබියව බාර ගැනුමට මේ සත්පුරවැසියා යථාවබෝධයෙන් සිටියී.

සැමටම ස්තුතියී.
සෝභිත අවතාරයේ අාතූරයා සත්පුරවැසියා ජනතාව අතරම අදෘශ්යමානව හිඳිමින් සපත කරනා වගයි.
සෝභිතාවතාර - 2020/02/22 පෙ.ව. 6.00 ට ජනගත කල වගයි.

No comments:

Post a Comment